පිටසක්වල යානයක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    පිටසක්වල යානයක්

    සුර්යයා අසළ විශාල පිටසක්වල යානයක් – නාසා දෙලොවක් අතර හිරවෙයි

    සූර්යයා දැක්වෙන නාසා ආයතනයේ ඡායාරූපයක අතිවිශාල පිටසක්වළ යානයක් දක්නට ලැබෙන බව පිටසක්වළ යානා ගවේෂකයින් පවසයි.
    නාසා ආයතනයේ සෝහෝ නිරීක්‍ෂණාගාරය විසින් ජුලි 15 වනදා නිකුත් කරනු ලැබූ ඡායාරූපයක මෙය දක්නට ලැබෙන බව පැවසේ.
    UFO Sightings Daily වෙබ් අඩවිය පවසා ඇත්තේ නාසා ආයතනයෙන් මේ පිළිබඳ විමසුවද ඔවුන් කිසිවක් නොපවසන බවයි.
    සූර්යයා අසල ඇති යානයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 216000 ක් පමණ වෙතැයි ඔවුන් පවසා ඇති අතර එය ඇමරිකාවේ ඉඩාහෝ ප‍‍්‍රාන්තයට සමාන ප‍‍්‍රමාණයකි.
    මෙම වස්තුව අභ්‍යවකාශ අපද‍්‍රව්‍යයක් හෝ ගලක් වීමට නොහැකි බවත් එහි ව්‍යූහයක් දක්නට ලැබෙන බවත් පිටසක්වළ යානා දඩයමේ යෙදී සිටින වෙබ් අඩවියේ අදහසයි.
    එය කිසිවක් නොවන බවට නාසා ආයතනය විසින් නොතකා හැරීම මහජන බුද්ධි ක‍්‍රියාකාරීත්වයට නිගරු කිරීමක් බවද ඔවුන් පවසා තිබේ.
    1995දී ආරම්භ කරන ලද සෝහෝ ව්‍යාපෘතිය නාසා හා යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන අතර සූර්යයාගේ අභ්‍යන්තර ව්‍යූහය, එහි බාහිර වායුගෝලය හා සූර්ය සුළංවල ප‍‍්‍රභවය පිළිබඳ හැදෑරීම එහි ප‍‍්‍රමුඛ අරමුණු වේ.
    මේ අතරම එය අංක එකේ ධුමකේතු සොයාගන්නාද වී ඇති අතර නිරීක්‍ෂණ කටයුතු ඇරඹීම සමග එය විසින් ධුම කේතු 2700ක් සොයාගෙන ඇතැයි වාර්තා වේ.

    230.jpg

    මුනුත් ජන්දේ ඉල්ලන්න එයිද දැන් නැ මෙහෙ :lol::lol:

    උපුටා ගත්තේ
    http://sinhala.adaderana.lk/webgossip/space-new-investigation/#
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    බොරු කතා බන්..2012ද කොහෙද අපිට වැඩක් දෙන්න පිටසක්-වලයො මග එනව කිව්ව කෝ ආවද ආවද?

    ඔව් ඔව් එහෙම එකක් අවා මගදී උන් වැඩේ අල්ලලා දැම්ම පැට්‍රල් ගණන් කියලා :lol::lol:
     
    121518

    Member
    Jan 7, 2015
    146
    12
    0
    උන් එක්කෝ වී වේලනවා ඇති.නැත්තම් ස්කින් එක ටෑන් කර ගන්නවා ඇති.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේකෙ උන්ට උඹ පිටසක්වල ජීවියෙක් හොයාගත්තත් කියන්න එපා මහ වේශ පුරවැසියො ටිකක් ඉන්නෙ :growl: :growl:
    හොයාගත්තනං ශේප් එකේ ඇමරිකාව වගේ රටකට දීපං උන් ඒරියා පනස් එකටවත් අරං ගිහිං පරීක්ෂණ කරයි :dull: :dull:
    මේකෙ උන්ට පියාඹන පීරිසක් දැක්කත් බොරු, පිටසක්වල ජීවියෙක් දැක්කත් බොරු.. :growl: :growl:
    මං නං හිතාගත්ත ලෝක විනාශෙ වෙන දවස දැනගත්තත් මේකෙ ඉන්න උන්ටනං කියන්නෑ :angry: :angry:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මේකෙ උන්ට උඹ පිටසක්වල ජීවියෙක් හොයාගත්තත් කියන්න එපා මහ වේශ පුරවැසියො ටිකක් ඉන්නෙ :growl: :growl:
    හොයාගත්තනං ශේප් එකේ ඇමරිකාව වගේ රටකට දීපං උන් ඒරියා පනස් එකටවත් අරං ගිහිං පරීක්ෂණ කරයි :dull: :dull:
    මේකෙ උන්ට පියාඹන පීරිසක් දැක්කත් බොරු, පිටසක්වල ජීවියෙක් දැක්කත් බොරු.. :growl: :growl:
    මං නං හිතාගත්ත ලෝක විනාශෙ වෙන දවස දැනගත්තත් මේකෙ ඉන්න උන්ටනං කියන්නෑ :angry: :angry:
    තෝ කිවුවොත්නම් කොහොමත් පිලිගන්නේ නෑ..:lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,780
    6,357
    113
    ගග අද්දර
    මේකෙ උන්ට උඹ පිටසක්වල ජීවියෙක් හොයාගත්තත් කියන්න එපා මහ වේශ පුරවැසියො ටිකක් ඉන්නෙ :growl: :growl:
    හොයාගත්තනං ශේප් එකේ ඇමරිකාව වගේ රටකට දීපං උන් ඒරියා පනස් එකටවත් අරං ගිහිං පරීක්ෂණ කරයි :dull: :dull:
    මේකෙ උන්ට පියාඹන පීරිසක් දැක්කත් බොරු, පිටසක්වල ජීවියෙක් දැක්කත් බොරු.. :growl: :growl:
    මං නං හිතාගත්ත ලෝක විනාශෙ වෙන දවස දැනගත්තත් මේකෙ ඉන්න උන්ටනං කියන්නෑ :angry: :angry:

    මට කියහන් හොදේ. ;)