පසුම්බියට හා පරිසරයට දෙකටම හිතකාමී නිවාස

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    පසුම්බියට හා පරිසරයට දෙකටම හිතකාමී නිවාස

    මෙන්න මගේ පෞද්ගලික අත්දැකීම
    For a nature friendly shelter - පරිසර හිතකාමී නිවහනක් උදෙසා...

    Home1.jpg
    'සොබාරූ' අද වෙනදාට වඩා ටිකක් වෙනස් මානයකට ඔබ කැන්දා ගෙන යන්නටයි සූදානම. පහුගිය ටිකේ එක දිගටම චාරිකා සටහන්ම ලියැවුණු නිසා මෙය චාරිකා සටහන් පමණක් ලියැවෙන බ්ලොග් අඩවියක් ලෙස ඔබ සිතුවා නම් එය වැරදියි. මගේ පරණ ලිපි කියවා බැලුවොත් ස්වභාව ධර්මය හා බැඳුණු බොහෝ කාරණා සාකච්ඡා කොට තිබෙන බව ඔබට පෙනෙයි. අද අපි හැමෝටම වැදගත් අලුත්ම කරුණක් සාකච්ඡාවට ගනිමු.
    හිසට සෙවණක් ගොඩනගා ගැනීම අපි හැමෝටම තියෙන හීනයක්. නමුත් පවතින ආර්ථික තත්ත්වයන් මැද්දේ එය හැබෑ කරගැනීම තරමක් අසීරු කාරණයක්. මා අද සාකච්ඡා කරන්නේ පසුම්බියට වගේම පරිසරයටත් ඉත‍ා හිතකර විසඳුමක් පිළිබඳවයි.
    නිවාස ඉදිකිරීම් ද්‍රව්‍ය පිළිබඳ කරන ලද අනේක විධ සොයාබැලීම් වලින් අනතුරුව පරිසර ලෝලියෙක් හැටියටත්, මගේ ආර්ථික තත්ත්වයට ගැළපෙන ලෙසත් හොඳම විසඳුම හැටියට මා දුටුවේ සම්පීඩිත පස් ගල් භාවිත කරමින් නිවස ඉදි කිරීමටයි. මෙහිලා මා දුටු ආර්ථික හා පාරිසරික වාසි මෙසේ ගොනු කළ හැකියි.

    1. ග‍ඩොල ඉතා ශක්තිමත් වීම - සිමෙන්ති බ්ලොක් ගල් හා පිළිස්සූ මැටි ගඩොලට සාපේක්ෂව මෙම ගඩොල ඉතා ශක්තිමත්ය.
    IMG_4279.jpg

    අගුළු යතුරු යාන්ත්‍රණය සහිත ගඩොල්...​
    2. ගඩොල් එකිනෙක අගුළු වැටීම නිසා බිත්ති බැඳීමට වැයවන සිමෙන්ති ප්‍රමාණය ඉතා අවම වීම - මෙය ආර්ථික හා පාරිසරික දෙඅංශයෙන්ම වැදගත් වේ.

    3. කපරාරු කිරීම අනවශ්‍ය වීම නිසා විශාල ආර්ථික වාසියක් හිමිවීම. - ගංගා වැලි පරිභෝජනය අවම වීම නිසා පාරිසරිකව ඉතා යහපත් වීම.

    4. මනා තාප පරිවාරක ගුණාංග හා සවිවර වීම නිසා නිවස අභ්‍යන්තරය ඉතා සිසිල් වීම. මෙය බලශක්ති සංරක්ෂණයේ ලා මහත් පිටුවහලක් වේ.

    මේ අදාළ ගඩොල නිර්මාණය කරගත්තේ මා විසින්මයි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් මෙන්ම ගඩොල් නිෂ්පාදන යන්ත්‍රයත් මා වෙත ලබා දුන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගාල්ල ශාඛාව විසින්. එහිදී ඉංජිනේරු සේනානායක මහතා පෞද්ගලිකව මැදිහත් වෙමින් දෙතුන්වතාවක්ම ම‍ාගේ නිවසට පැමිණ අඩුපාඩු පෙන්වා දෙමින් දැක්වූ සහයෝගය කෘතවේදීව සිහිපත් කළ යුතුයි.
    නමුත් අවාසනාවකට ඔවුන් සතුව තිබූ යන්ත්‍රය ඉතා පැරණි එකක්. බොහෝ වතාවක් භාවිත කර තිබීම නිසා ගෙවී තිබුණු එය මගින් නිර්මාණය කරන ලද ග‍ඩොල් වල අගුළු යතුරු යාන්ත්‍රණය මනාව ක්‍රියාත්මක වුණේ නෑ. ඒ නිසා මට මේ ගඩොල් බැඳීමේදී ගඩොල් පේළි දෙක මැද කුස්තූරයට සිමෙන්ති දමන්නට සිදු වුණා.
    IMG_4257.jpg

    බිත්ති බඳිමින්...​
    මේ ගඩොල් නිෂ්පාදනය සඳහා යෝග්‍ය වන්නේ ඇලෙන සුළු බව අඩු රතුපසයි. ඊට සිමෙන්ති 15:1 අනුපාතයට මිශ්‍ර කොට යන්ත්‍රය හරහා ගඩොල් නිෂ්පාදනය කරගත හැකියි.
    IMG_4246.jpg

    ගඩොල් නිෂ්පාදනය...​
    මේ ගඩොල් භාවිතයෙන් බිත්ති බැඳීම සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍යයැයි කීම මිත්‍යාවක් බවයි මගේ අත්දැකීම. බාස් උන්නැහේට යමක් තේරුම් ගත හැකි බුද්ධියක් තිබේ නම් මෙය භාවිතයෙන් බිත්ති ගොඩනැගීම ඉතා පහසුයි. ගතවන කාලයත් අවම නිසා ආර්ථිකයටත් වාසියි.
    මගේ ආර්ථික තත්ත්වය අනුව මට තාම ගොඩනගා ගත හැකි වුණේ යන්තම් කාමර දෙකක් පමණයි. නිවසේ වැඩකටයුතු සම්පූර්ණ වූ විට නැවත පින්තූර සමග ලිපියක් ලියන්නම්. මේ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට උදව් කරන්නට මා සූදානම්. ඒවගේම පරිසර හිතකාමීව ‍නිවස ගොඩනංවා ගැනීමට ඔබේ යෝජනා තිබේ නම් මහත් සේ අගය කරනවා. විශේෂයෙන්ම ලී භාවිතය අවම කිරීමට සාධනීය යෝජනා අවශ්‍යයි. (කොන්ක්‍රීට් ජනේල උළුවහු උත්සාහ කර බැලුවා. නිසි ප්‍රමිතිය නොතිබූ නිසා අත්හැර දමන්නට සිදුවුණා) ඒ වගේම වහලය සඳහා ලී වෙනුවට යොදා ගත හැකි විකල්ප ගැන දන්නා උදවිය අදහස් පළ කරාවියැයි මා උදක්ම බලාපොරොත්තු වෙනවා.
    මගේ බ්ලොග් අඩවියෙනි. http://sobaroo.blogspot.com/
     

    Advice

    Member
    Jul 23, 2015
    29
    1
    0
    ඒ කියන්නේ මේවා පුච්චන්නේ නැත්ද?
    අච්චුවේ පැහදිලි පොටෝස් පුලුවන් නම් දාන්න.
    කාලය ගත වීම කොහොමද ඒ කියන්නේ පැයකට එක අච්චුවකින් කීයක් කපන්න පුලුවන්ද?
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔය දාල තියෙන්නෙ උඹ හදපු ගේද?
    ඕකට වියදම කීයක් දැනට ගිහින් තියෙද බන්?
    ගේ ඇතුල් පැත්ත කපරාරු කරනව නේද
     
    Last edited:

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    ඒ කියන්නේ මේවා පුච්චන්නේ නැත්ද?
    අච්චුවේ පැහදිලි පොටෝස් පුලුවන් නම් දාන්න.
    කාලය ගත වීම කොහොමද ඒ කියන්නේ පැයකට එක අච්චුවකින් කීයක් කපන්න පුලුවන්ද?

    පුච්චන්නේ නෑ මචං. අච්චුවෙ ෆොටෝ ටිකක් දාන්නම්. මේ මැෂින් එක නම් ටිකක් පරණයි බං. සෑහෙන වෙලා යනවා ගඩොලක් කපා ගන්න. දවසකට ගල් 180 තමයි උපරිම හැදුවේ.
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    රඹා;18724093 said:
    ඔය දාල තියෙන්නෙ උඹ හදපු ගේද?
    ඕකට වියදම කීයක් දැනට ගිහින් තියෙද බන්?
    ගේ ඇතුල් පැත්ත කපරාරු කරනව නේද

    මේ තියෙන්නෙ මගේ ගෙදර රියල් පික්ස්. තාම කාමර දෙකයි බං හැදුවෙ. දැනට ලක්ෂ 14ක් විතර ගියා.
    කාමරවල ඇතුළ කපරාරු කලා මචං. නැත්නම් ගේ ඇතුළ අදුරු වෙනවා. මගේ ගල් හදපු අච්චුව පරණයි. හොද එකක් සෙට් වෙනව නම් ගඩොල හොදට ෆිනිෂ්. එතකොට කපරාරු නොකර කෙළින්ම පොටි අදින්න පුළුවන්.
     
    • Like
    Reactions: රඹා

    neha_lol

    Member
    Nov 24, 2014
    47
    4
    0
    මේ තියෙන්නෙ මගේ ගෙදර රියල් පික්ස්. තාම කාමර දෙකයි බං හැදුවෙ. දැනට ලක්ෂ 14ක් විතර ගියා.
    කාමරවල ඇතුළ කපරාරු කලා මචං. නැත්නම් ගේ ඇතුළ අදුරු වෙනවා. මගේ ගල් හදපු අච්චුව පරණයි. හොද එකක් සෙට් වෙනව නම් ගඩොල හොදට ෆිනිෂ්. එතකොට කපරාරු නොකර කෙළින්ම පොටි අදින්න පුළුවන්.



    ලක්ෂ 14ට උබ කුස්සියයි , කාමර 2යි , සාලෙයි , බාත් රූම් එකඉඩ හැදුවෙ????
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    ලක්ෂ 14ට උබ කුස්සියයි , කාමර 2යි , සාලෙයි , බාත් රූම් එකඉඩ හැදුවෙ????

    කාමර දෙකයි බාත්රූම් එකයි විතරයි බං තාම හැදුවෙ
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    මමත් පහල තට්ටුව හැදුවෙ ඔය ගල් වලින්.
    බාස්ල ගෙ කෑව. ඊට පස්සෙ කපරාරු කලා.

    ගුඩ් ජොබ්.
    රෙප් +
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    ȜMA X;18724353 said:
    bolkgal gadol ekka meke durability eka kohomda ban?

    සිමෙන්ති බ්ලොක් ගලට වඩා මේක සෑහෙන ශක්තිමත්. සිමෙන්ති ගලක් නිකං බිමදාල බලන්නකො. කෑලිවලට කැඩෙනවා. ඒත් මේක කෑලිවලට කඩා ගන්න ඕන වුණාම එක්කො ග්‍රයින්ඩරෙන් කපන්න වෙනවා. නැත්නම් පිහියකින් ගහල කපා ගන්න වෙනවා.
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මමත් පහල තට්ටුව හැදුවෙ ඔය ගල් වලින්.
    බාස්ල ගෙ කෑව. ඊට පස්සෙ කපරාරු කලා.

    ගුඩ් ජොබ්.
    රෙප් +

    මේ ගලින් බැදලා කපරාරු කරත් පාඩු නෑ මචං. ඇතුළෙ කූල් එකයි ශක්තියයි එක්ක බලපුවාම
     
    • Like
    Reactions: BlueBat