අමෙරිකානු හමුදාවලට නිමැවෙන නවතම අධිවේගී

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
අමෙරිකානු හමුදාවලට නිමැවෙන නවතම අධිවේගී

අමෙරිකානු හමුදාවලට නිමැවෙන නවතම අධිවේගී ප්‍රහාරක හෙලිකොප්ටරය.Sikorsky S-97 Raider








Sikorsky S-97 Raider අමෙරිකාවේ සිකෝර්ස්කි හෙලිකොප්ටර් සමාගම නිර්මාණය කරමින් පවතින අධිවේගී හෙලිකොප්ටරයකි. ඔත්තුබැලීමේ හා පහරදීමේ හෙලිකොප්ටරයක් (Scout & Attack Helicopter) ලෙස මෙය අමෙරිකානු හමුදා වෙනුවෙන් නිර්මාණය කෙරේ.

සංයුක්ත හෙලිකොප්ටර් (compound helicopter) ගණයට අයත්වන මෙහි පසුපස අවරපෙත්තෙ pusher propeller ආකාරයට නිර්මාණය කොට ඇත. යානයේ ඇති ප්‍රධාන අවරපෙති දෙක මගින් එහි ස්ථාවරභාවය රඳවා ගන්න අතර පිටුපස අවරපෙත්ත යානය ඉදිරියට පියාසර කිරීමට අවශ්‍ය ජවය ලබාදේ.


2015 මැයි 22දා සිය මංගල පියාසැරිය සිදුකල රෙයිඩර් යානය දැනට පරික්ශණ මට්ටමේ පවතින යානයකි. මෙම යානයේ පරීක්ශණ කටයුතු අවසන් කිරීමට ඩොලර් මිලියන 200ක් ඇස්තමේන්තුකොට ඇති අතර එක් හෙලිකොප්ටරයක මිල ඩොලර් මිලියන 15ක් වනු ඇත.

මෙම යානයේ ආධාරයෙන් නිර්මාණය කෙරෙන නව තාක්ශණය ආධාරයෙන් දැනට අමෙරිකානු හමුදා භාවිතා කරන බ්ලැක්-හෝක් ප්‍රවාහන හෙලිකොප්ටර් යානයට හා ඇපෑචී ප්‍රහාරක හෙලිකොප්ටර් යානයට අධිතාක්ශණික ආදේශක යානයක් නිර්මාණය කරගැනීමට බලාපොරොත්තුවේ. අනාගතයේදී අමෙරිකානු හමුදා භාවිතා කරන සියලුම හෙලිකොප්ටර් යානා වෙනුවට නව තාක්ශණයේ යානා නිර්මාණය කරගැනීම සඳහා අමෙරිකානු ආරක්ශක දෙපාර්ථමේන්තුව "Future Vertical Lift (FVL) programme" යනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භකොට ඇති අතර එහි අයවැය ඇස්තමේන්තුව ඩොලර් බිලියන 100ක් ලෙස දැක්වේ. රෙයිඩර් යානයෙන් නිර්මාණය කෙරෙන තාක්ශණය ආදාරයෙන් මෙම නව අධිවේගී හෙලිකොප්ටර් යානා නිමැවෙනු අත.

සන්නද්ධ භටයින් 6දෙනෙකු ගෙනයමින් හා නියමුවන් දෙදෙනෙකු පියාසර කරවන Sikorsky S-97 Raider යානය නවීන තාක්ශණය යොදාගෙන ඇති අතර සාම්ප්‍රදායික හෙලිකොප්ටර්වල ඇති දැඩි දෙදරුම්කෑම අවමකරගැනීම සඳහා anti-vibration actuator තාක්ශණය යොදාගනු ඇත. නියමුවන් දෙදෙනෙකුට නියමු කුටියේ ඉඩ ඇතත් එක් නියමුවෙකුට වුවද පහසුවෙන් පියාසරකල හැකි මෙම යානයට නියමුවන් රහිතව වුවද පියාසරකල හැකි පරිද්දෙන් අති නවීන ඔටෝ-පයිලට් තාක්ශණය යොදාගැනීමටද සැළසුම් කොට ඇත.

පැයට කිලෝමීටර් 400ක්, එනම් සාමාන්‍ය හෙලිකොප්ටර් යානාවල වේගය මෙන් දෙගුණයක වේගයෙන් පියාසරකල හැකි මෙයට ටොන් භාගයක බරක් (pay-load) රැගෙන කිලෝමීටර් 350ක දුරක් පියාසරකල හැකි අතර පොලවට කිලෝමීටර් 3ක් ඉහල අහසේ පියාසර කල හැකිය.

0.50 Caliber මැශින් තුවක්කුව මෙහි ප්‍රධාන ආයුධය වන අතර ඊට අමතරව රොකට් හෝ මිසයිල 7ක්ද ගෙනයා හැකිය.








Source
Code:
http://vidya-gaweshana.blogspot.com/2015/06/sikorsky-s-97-raider.html

මේ රෂියන් වර්ෂන් එක. මටනම් රුසියානු බඩු සුපිරි. මේක දැනට හදලා ඉවරයි


 
Last edited:

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    ඔය rotor එක හදල තියෙන්නේ රුසියන් එක copy කරලා.මමත් කැමති රුසියන් weapon වලට. ඉස්සර සමුදුර පත්තරේ රුසියන් weapon ගැන විස්තර ගියා.
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඔය rotor එක හදල තියෙන්නේ රුසියන් එක copy කරලා.මමත් කැමති රුසියන් weapon වලට. ඉස්සර සමුදුර පත්තරේ රුසියන් weapon ගැන විස්තර ගියා.
    ඔව් බං රුසියන් එවුන් බේබද්දගේ ඉඳන් ලොක්කා වෙනකම්ම ෆුල් ගේම් කාරයෝ ඇමරිකන් කාරයා බැංකු උඩ යන රටක් සහ පඹයෝ ටිකක් විතරයි



     
    Last edited:

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka


    මේක බලද්දී නම් මට මගේ ට්‍රේනින් එක මතක් උනා. ෆට්ට සැප:lol:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    ඔව් බං රුසියන් එවුන් බේබද්දගේ ඉඳන් ලොක්කා වෙනකම්ම ෆුල් ගේම් කාරයෝ ඇමරිකන් කාරයා බැංකු උඩ යන රටක් සහ පඹයෝ ටිකක් විතරයි




    :yes:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මගේ ගාව ඕව එකක් තියනව.. වැඩක් නැහැ බන් ඊයේ පරණ යකඩ වලට විකුණුව..
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අමෙරිකානු හමුදාවලට නිමැවෙන නවතම අධිවේගී ප්‍රහාරක හෙලිකොප්ටරය.Sikorsky S-97 Raider


    Ela Ela - TFS!
    Thaw South African ekak thiyenawa nikan beast kenek wage nama mathaka ne google kaloth hamba weyi - ekath ela
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ පල අනාතයො සෙට් එක..ඇමරිකන් ඒව තමා හොදම...ඇමෙරිකා රොක්ස්...
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    සුපිරි මචං (හැබැයි ඉතින් රෝහිත බේබිගෙ ප්ලේන් එක තරම්මනම් සුපිරි නෑ ඉතිං ඒවනේ ප්ලේන්)