සුපිරියට පැටීස්..!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සුපිරියට පැටීස්..!!!

    Picture%20022_zpssfx7gpzh.jpg

    Short-eats කෑමට ප්‍රිය අයට පැටීස් නැතිවම බැරිය. සරළ කෑමක් වුවත් පිට කවරය සාදා ගැනීමේදී
    බොහෝ අය අමාරුවේ වැටෙත්. හේතුව කවරය බුබුලු දැමීම, හංකඩයක් වීම හෝ ගල්ටික් වීමය.

    නමුත් පහත සදහන් ආකාරයට සුපිරියට පැටීස් සාදා ගැනීමට පුලුවන්. තෙලෙන් බැද්දත් බේක් කර ගත්තත්
    එකසේ සුපිරිය.

    අවශ්‍යදේ-

    1.පාන්පිටි 250gක්.
    2.මාජරීන් 125gක්.
    3.ලුණු තේහැදි 1/4ක්.
    4.අයිස් වතුර මෙස හැන්දක්.

    සාදන ආකාරය-
    Ingredients_zps5tvfcfh7.jpg

    පිටි, මාජරීන්(ශීතකරණයෙන් ගත් විගස ඒවා) සහ ලුණු එක්කර ග්‍රයින්ඩරයට දමා මිශ්‍ර කර ගන්න.(අතින් වුවද කළ හැකිය)
    පසුව එයට අයිස් වතුර මේස හැන්දක් දමා හොදින් අනා මොලිය (Short Crust Pastryය) සාදා ගන්න.

    Dough_zpsougxdmal.jpg

    ඉන්පසු එය පොලිතීන් බෑගයක දමා පැයක් පමණ ශීතකරණයේ තබන්න.
    ඉන්පසු පිටි දැවටූ ලෑල්ලක තුනීකර (3mm පමණ ඝණකමට) අගල් 2 1/2 පමණ විශ්කම්බය සහිත රවුම් කපා ගන්න.

    Filling_zpslin1vtgt.jpg

    සුදුසු පිරවුමක් සාදා ගන්න. රවුම් වල දාරයේ බිත්තර සාරු අලේප කර පිරවුම තබා අලවා ගන්න. පැටිස් කටරයක් වුවද භාවිතා කල හැකිය.

    Saving_zpspuvvvabg.jpg

    ගෑරොප්පුවකින් සළකුනු කර ගන්න.
    පැටීස් හෝ Mini Pies ආකාරයට සාදාගෙන සෙන්ට්‍රිග්‍රෙඩ් 200ක උෂ්ණත්වයේ විනාඩි 25 -30ක් උදුනක පුලුස්සා ගන්න. නැතහොත් අඩු ගින්දරේ රත්වූ ගැඹුරු තෙලේ බැද ගන්න.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;18735310 said:
    අඩේ කෑම හදන බයියා දැක්ක කල් :D
    බයියො එහෙම හරි කොරනවා...
    ටොයියො එහෙමවත් කොරනව ද කියහං කෝ ඉතිං!:dull: