සමාජ_ජාල....

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇතුලට
    ඇවිත්
    බලපන්..
    .
    .


    ..


    BBC
    මහ මැතිවරණය සහ සමාජ මාධ්‍ය: 'ජවිපෙට නැඹුරුවක්'?



    මෙවර මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ජාලවල හැසිරීම සලකා බැලීමේදී ජනතා විමුක්ති පෙරමුණට ප්‍රබල ප්‍රසාදයක් තිබෙන හැඩක්‌ පෙනී යන බව සමාජ ක්‍රියාධරයෝ පවසති.
    ජනවාරි අට වැනි දින පැවැත්වුණු ජනපතිවරණයේදී ෆේස්බුක් සහ ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල ක්‍රියාකාරිත්වයද සිය ජයග්‍රහණයට රුකුලක් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්ද ප්‍රසිද්ධියේ පිළිගෙන තිබේ.
    එහෙත් ජනපතිවරණයේදී ක්‍රියාකාරීව සිටි තරුණ කොටස් ඇතුළු සමාජ ක්‍රියාධරයන් මෙවර එක්තරා අන්දමක කලකිරීමකින් සහ 'වික්ෂිප්තභාවයකින්' පෙළෙමින් සිටින බව සීපා හෙවත් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය උදාන් ප්‍රනාන්දු බීබීසී සංදේශයට පැවසීය.


    'බලවතා සහ දුබලයා'

    ජනපතිවරණයේදී 'underdog' හෙවත් අඩු වරප්‍රසාද ලාභී අපේක්ෂකයා වූ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන කෙරෙහි සමාජ මාධ්‍ය ජාලවල සානුකම්පිත ආකල්පයක් පල වූ බවක් දක්නට ලැබුණු බව ඒ පිළිබඳ විශ්ලේෂණයක යෙදුන නාලක ගුණවර්ධන මීට ඉහතදී සංදේශයට පැවසීය.
    මහ මැතිවරණයේදී ඒ තත්වයත් වෙනස් වී තිබෙන බව ආචාර්ය උදාන් ප්‍රනාන්දු ගේ විග්‍රහයයි.
    "එදා බලවතා සහ දුබලයා කියන දේ වගේම, දුබලයා එදා අලුත් මුහුණක්. නමුත් දැනට ප්‍රධාන පක්ෂ දෙක ගත්තොත් එදා වගේ දෙපැත්තකට දාගෙන ද්‍රවීකරණය කරන්න අමාරුයි. නමුත් තුන්වෙනි සාධකයක් එනවා කියල මට හිතෙනවා."
    එම තුන්වෙනි සාධකය වන ජවිපෙ මහ මැතිවරණයේදී බහුවිධ උපාය මාර්ග අනුගමනය කරමින් සිටින අතරවාරයේ, ප්‍රධාන පක්ෂ දෙක සමාජ මාධ්‍ය ජාල සිතමතාම 'පාලනය කිරීමේ ක්‍රමවේදයක්' අනුගමනය කරන බවත් ආචාර්ය උදාන් ප්‍රනාන්දු පෙන්වා දෙයි

    "මෙවර සියලුම පක්ෂ බලනවා කොහොමද සමාජ මාධ්‍ය භාවිත කරන්නේ කියල. ඉතින් එතකොට සමාජ මාධ්‍යවල අර දෙසැම්බර්වල තිබුණු නැවුම්, 'spontaneous' ඕපපාතික ගතිය මෙවර නෑ," ඔහු පැවසීය.
    'කෘත්‍රිම බවක්'

    "මෙවර ඒක කෙරෙන්නේ එක පක්ෂෙකින් කෙරෙන කැම්පේන් එකට ප්‍රතිචාරය පළ කරන්න තවත් පක්ෂයක් 'orchestrated' සංවිධිත ලෙස ඒක කරනවා."
    මේ ක්‍රියාදාමය වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සිය ගණනක් තරුණ ක්‍රියාධරයන් යොදවා තිබේ.



    http://www.bbc.com/sinhala/sri_lanka/2015/08/150803_sp_election_facebook_twitter
     
    Last edited: