Intel සමාගම ලෝකයේ ජීවත්ව සිටින විශිෂ්ටතම භෞති&
නොදැක්ක වගේ යන්න එපා බුම්ප් එකක්වට් ගෙන යන්න
1942 වර්ෂයේ ජනවාරි 8වන දින එංගලන්තයේ Oxford හි උපත ලද Stephen William Hawking මහතා තරුණ වියේදීම විද්‍යාව සහ අහස පිළිබඳව සෙවීමට වැඩි උනන්දුවක් දැක්විය. වයස අවුරුදු 21දී පමණ ඔහුට වූ යම් රෝගිතත්ත්වයක් පරික්ෂා කල වෛද්‍යවරුන්ගේ නිගමනය වුයේ මොහුට ALS ( Amytrophic Lateral Sclerosis) නම් දුර්ලබ රෝගයක් වැළඳී ඇති බවයි. මොලයේ ඇති ස්නායු ක්‍රමයෙන් දුර්වල වී මාංශ පේශි ක්‍රියාකාරිත්වය අඩාල වීම මෙම රෝගයේ ස්වභාවයයි. 1985 දී මෙතුමා ජිනීවා වලට ගමන් කරන අතරතුර වැළඳුනු නියුමොනියාව හේතුවෙන් ඉතා අසාද්‍ය තත්ත්වයෙන් පසුවන්නට විය.පසුව Cambridge හි Addenbrooke රෝහලට ඇතුලත් කෙරුණු මෙතුමාගේ රෝගය පාලනය කිරීමට එහි සිටි වෛද්‍යවරුන්ට හැකි විය. තවද මොහුගේ ස්වසනය පහසු කර දීම සඳහා ගෙලෙහි සිදුරක් සාදා ඔහුගේ ස්වාසනාලය තෙක් නලයක් ඇතුළු කළේය. මෙහි අවසන් ප්‍රතිපලය වුයේ මෙතුමාගේ කතා කිරීමේ හැකියාව අහිමි වී යාමයි. එබැවින් මුල් කාලයේ වචන කාඩ්පත් මඟින් අදහස් හුවමාරු කරගැනීමට මෙතුමාට සිදුවිය.
Hawking මහතා සමඟ නව සන්නිවේදන පද්ධතියක් සැදීමට එක් වී සිටි Martin King නම් භෞතික විද්‍යාඥයා කැලිෆොර්නියා සමාගමක් වන Wordplus සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිතුමා වන Walter Waltosz මහතා සමඟ සාකච්චා කොට ALS රෝගයෙන් පෙලෙන මහාචාර්යවරයෙකුට මෘදුකාංගයක් සහිත උපකරණයක් අවශ්‍ය බව දන්වා සිටියේය. ඒ වන විටත් මෙවැනි උපකරණයක් කලින් අවස්ථාවක ද සාදා තිබු බැවින් Walter මහතා එම කාර්ය සතුටින් බාරගත්තේය. මෙය ක්ලික් කල හැකි උපකරණයක් විය.
මෙම පද්ධතිය මඟින් පරිගණකයට ඇතුලත් කරන වචන , වචන ශබ්දයට හැරවීමේ යන්ත්‍රයක් (speech synthesizer) මගින් ඇසෙන්නට විය. පසුව මෙම Clicker උපකරණය සහ ශබ්ද උපකරණය මෙතුමාගේ රෝද පුටුවට සවි කර දෙන ලදී. නමුත් කාලයත් සමඟ මෙතුමාගේ රෝග ස්වභාවයට අනුව ඇඟිලි හසුරුවන ස්නායු පවා දුර්වල වන්නට විය. එම අවස්ථාවේදී මෙතුමන්ට නව ස්විචයක් සාදා දෙනලදී. එය එතුමාගේ උපැස් යුවලට ඈදා තිබේ. සිහින් අධෝරක්ත කිරණයක් මගින් එතුමාගේ කම්මුලේ මාංශ පෙහි වල චලනයට අනුව මෙය හැසිරවේ. මෙමගින් එතුමාට e-mail යැවීමට, අන්තර්ජාලය භාවිත කිරීමට, පොත් ලිවීමට මෙන්ම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නත් තනි මාංශ පෙශියකින් ඉඩ සැලසුනා.
නමුත් දිනෙන් දිනම මෙතුමාගේ සන්නිවේදන හැකියාව අඩුවෙමින් පැවතුනා. මුල්කාලයේ විනාඩියකට වචන 15ක් පමණ ප්‍රකාශ කළ එතුමා 2011 වන විට ප්‍රකාශ කල වචන ගණන විනාඩියට 1-2ත් අතර ප්‍රමාණයට අඩුවිය. එතුමා ලිපියක් මගින් Intel සමාගමට මේ පිළිබඳව දන්වා සිටියේ තමාගේ කතා කිරීමේ හැකියාව ඉතාමත් පහත මට්ටමක පවතින බැවින් මේ පිළිබඳව ඔවුනට කල හැකි යමක් වේද යන්නයි. 1997 වසරේ සිට සෑම වසර 2ක් පාසාම Intel සමාගම Hawking මහතාටම සැකසුනු විශේෂිත පරිගණකයක් සපයනු ලබයි. Intel සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා එම සමාගමේ මානව පරිගණක අන්තර්සම්බන්ධතා (human-computer interaction) පිලිබඳ විද්වතුන් පිරිසකගෙන් යුතු කණ්ඩායමක් සකසාගෙන Hawking මහතාගේ 70වන උපන්දිනය වෙනුවෙන් සංවිධානය කල සම්මන්ත්‍රණයේදී පැවසුවේ ” මා මේ විශේෂඥයන් පිරිස සමග තාක්ෂණික ලෝකයේ නව සොයාගැනීමක් කරමින් එතුමාගේ කතා කිරීමේ හැකියාව වසර කිහිපයකට පෙර තිබු තත්ත්වයට ගැනීමට උත්සාහ ගන්නා බවයි.
ඒ වන විටත් තරමක් අසනීප තත්ත්වයේ පසු වූ එතුමාව හමු වීමට මේ පිරිස සති කිහිපයකට පසු Cambridge විශ්වවිද්‍යාලයට ගියා.5 දෙනෙකුගෙන් සමන්විත වූ මේ කණ්ඩායමේ එක් අයෙක් මහාචාර්යවරයාට කරුණු පැහැදිලි කරන්නට විය. විනාඩි 20කට පමණ පසු මහාචාර්යවරයා ඔවුන් සැම සාදරයෙන් පිළිගන්නට විය. ඔවුන්හට නොදැනුනු නමුත් එම විනාඩි 20ක කාලය ඇතුලතම මහාචාර්යවරයා එම වචන 30ක පමණ පිළිගැනීමේ කතාව ලියා ඇත. පැමිණ සිටි පිරිසට තත්ත්වයේ සැබෑ මුහුණුවර වැටහුනේ එවිටයි.
එම අවස්ථාව වන විට Hawking මහතාගේ පරිගණකය තුල වුයේ EZ keys නම් වැඩසටහනයි. තිරය මත දිස්වන යතුරු පුවරුවකින් හා සරල වචන යෝජනා කරන පද්ධතියකින් එය සමන්විත විය. මෙමගින් Windows පාලන පද්ධතියේ application run කිරීමට මෙන්ම Firefox , Notepad ආදිය ද හැසිරවිය හැකි විය.
Intel සමාගමේ කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වුයේ මෙම පැරණි පද්ධතියට නව මුහුණුවරක් ලබාදීම යි. මුහුණේ චලන රටා , ඇස හසුරුවන ආකාරය, මොලය හා සම්බන්ධ (Brain Computer Interface) ආදී වූ විවිධ ක්‍රම යෝජනා වුවත් ඉන් කිසිවක් එතරම් සාර්ථක ප්‍රතිපල පෙන්වුයේ නැත. අනතුරුව Intel කණ්ඩායම මහාචාර්යවරයාව හොඳින් අධ්‍යනය කරන්නට විය. තවද ඔහුගේ අවශ්‍යතාවයන්ටද සවන් දීමේදී ඔවුනට පෙනීගියේ සන්නිවේදන වේගයට අමතරව නව පහසුකම් වලින්ද සමන්විත පද්ධතියක් එතුමා අපේක්ෂා කරන බවයි. මාස ගණනාවක පර්යේෂණ වලින් අනතුරුව Intel සමාගම විසින් මහාචාර්යවරයා වෙත මි.10ක වීඩියෝවක් එවන ලදී. එහිදී නව මෘදුකාංගයේ අතුරු මුහුණත් (interface) පිළිබඳව විස්තර ඇතුලත් විය.
ඔහුට වූ විශාල ප්‍රශ්නයක් වුයේ තමාට අවශ්‍ය අකුරට යාබද අකුරු නිතරම එබීමයි. එයට විසඳුමක් ලෙස නව මෘදුකාංගයේ ස්වයංක්‍රියව අවශ්‍ය වචන යෝජනා වන පද්ධතියක් විය. 2012, ජුනි මාසයේදී ASTER ( ASsistive Text EditoR) යන නව මෘදුකාංගය හඳුන්වා දෙනු ලැබිණ. සැප්තැම්බර් මාසය වන විට ගැටළු පැන නගින්නට විය. මෙම නව පද්ධතිය Hawking මහතාට පැටලිලි සහගත මෙන්ම හැඩගැසීමට අපහසු බවක්ද පෙන්වන්නට විය. 2012 අවසානයේ යලිත් වරක් මෙම කණ්ඩායම මහාචාර්යවරයා පරිගණකය හසුරුවන ආකාරය පිළිබඳව පැය ගණන් පටිගතකොටගෙන අධ්‍යනය කරන්නට විය. මාස ගණනකට පසු මොවුන් නැවතත් නව පද්ධතියක් හදුන්වා දුන්හ. Intel සමාගම Swiftkey සමගම සමග එක්ව මෙය නිර්මාණය කර තිබේ. මෙම නව පද්ධතියේ ඇති විශේෂත්වය වන්නේ මහාචාර්යවරයාගේ ලිපිගොනු පිරික්සා ඔහු නිතරම භාවිත කරන වචන යෝජනා වන ආකාරයට මෙය සාදා තිබීමයි.එම නිසා ඔහු යමක් type කරන විට ඉතා පහසුවෙන් තමාට අවශ්‍ය වචන ලබාගත හැක. මෙම නව අතුරුමුහුණත ACAT (Assistive Contextually Aware Toolkit) නමින් හැඳින්වේ.
Intel සමාගමේ ඊළඟ අරමුණ වී ඇත්තේ ඔහුගේ රෝද පුටුව joystick එකක් ආදාරයෙන් පාලනය කල හැකි ලෙස සකස් කර දීමයි. තවද ඔවුන්ගේ අනෙක් අපේක්ෂාව වන්නේ මහාචාර්යවරයාට මෘදුකාංග ආශ්‍රයෙන් හඩක් ලබාදීමයි. ඒ මොකද කියනවනං ඔහු තවමත් භාවිත කරන්නේ 1988 දී Speechplus ආයතනය විසින් ලබා දුන් Text to speech උපකරණය නිසායි.

Last edited:

+10