ජපානෙන් Vehicle accessories ගෙන්නගන්නේ මෙහෙමයි

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ජපානෙන් Vehicle accessories ගෙන්නගන්නේ මෙහෙමයි

    ලංකාවේ ගන්න නැති, Ebay, Aliexpress වල නැති ජපානේ තියන Vehicle accessories (විතරක් නෙවෙයි ඕනේ දෙයක්) ගෙන්නගන්න පුළුවන් http://www.fromjapan.co.jp සයිට් එක හරහා :D:D

    ගෙවීම් කරන්න තියෙන්නේ Paypal වලින් නිසා වැඩේ පහසුයි. :rofl::rofl:

    bODiw0R.jpg


    http://www.amazon.co.jp
    http://www.rakuten.co.jp
    http://shopping.yahoo.co.jp
    http://kakaku.com
    http://zozo.jp
    https://calamel.jp
    http://www.7netshopping.jp වගේ සයිට් ගොඩක තියන අපිට කෙලින්ම ගන්න බැරි දේවල් මේ සයිට් එකේ සර්ච් කලාම අපිට පෙන්නනවා. :nerd:

    එතකොට අපි ඒ සයිට් වල තියන බඩු ගන්න Pay කරන්නේ fromjapan.co.jp සයිට් එකටයි. ඒ වෙනුවට එයාලා අපෙන් 5%ක කමිෂන් එකක් ගන්නවා. හැබැයි Free shipping නෑ. :angry::angry:

    English වලින් සර්ච් කලත් එනවා. ඒත් ගූගල් ට්‍රාන්ස්ලේටර් එකේ තමන්ට අවශ්‍ය දේ ජපන් වලට හරවලා සර්ච් කලාම පෙන්නන item ගණන වැඩියි. (මේ සයිට් එක හරහා පෙන්නන අනිත් සයිට් වල තියන අයිටම් ගොඩක ඩිස්ක්‍රිප්ෂන් තියෙන්නේ ජපන් වලින් නිසා.)

    උදාහරනයක් විදිහට LED welcome lamp for Aqua කියන එක ජැපනීස් වලට හරවලා アクア用LEDウェルカムランプ කියලා සර්ච් කලාම අයිටම් ගොඩක් එනවා මෙහෙම :P:P

    http://www.fromjapan.co.jp/s/search...ort_order=price_asc&in_stock_shopping_yahoo=1

    ඔතන පෙන්නනවා amazon.co.jp, rakuten.co.jp, shopping.yahoo.co.jp වගේ සයිට් කිහිපයක තියන අයිටම්

    කැමති සයිට් එකකින් අයිටම් එක සිලෙක්ට් කරලා ඕඩර් එක දාන්න තියෙන්නේ. එතකොට අපි ගෙවන්නේ මේ අයිටම් එක ඒ සයිට් එකෙන් fromjapan.co.jp වල warehouse එකට ගෙන්නගන්න ඒ අයිටම් එකට ගෙවන්න ඕනේ ගානයි. (ඒක Payment -1)

    ඒ ගෙවලා ඉවර වෙලා අපිට තෝරගන්න පුළුවන් මේක shipping කරන්න ඕනේ කොහොමද කියන එක.

    ඔය ටික කරලා සතියක් බලාගන ඉන්න ඕනේ ඔය අයිටම් එක එයාලගේ warehouse එකට එනකම්. එතකම් පෙන්නන්නේ Order in transit to FJ කියලා මෙහෙමයි. :frown::frown:

    Yxlz145.jpg

    80pKKHa.jpg


    සතියකින් විතර පස්සේ අපිට මේල් එකක් එවනවා අයිටම් එක ආවා, ඒකට යන shipping charges මෙහෙමයි කැමති විදිහක් තෝරගන්න කියලා. මේ වගේ. ::rolleyes:

    W9jDCyR.jpg


    එතනින් අපි තෝරගන්න විදිහ අනුව shipping වලට යන මුළු මුදල පෙන්නනවා මෙහෙම. ඊට පස්සේ ඒ ගාන Paypal වලින් ගෙවන්න තියෙන්නේ. (ඒක Payment -2)

    DV0hbjz.jpg


    ඔතනදී මුලින් එයාලා ගෙන්නගන්න අයිටම් එක එහෙම්මම එවනවද?, එහෙම නැත්නම් කවර් එක ගලවලා වෙනම බොක්ස් එකක දාලා එවනවද කියලා තෝරගන්න තියනවා.
    වෙනම බොක්ස් එකක දානවා නම් ඒකට ¥500ක් ගන්නවා.
    තව ඔප්ෂන් එකක් තියනවා අපි තෝරගත්ත අයිටම් එකමද කියලා චෙක් කරලා අපිට එවන සීන් එකක්.
    එහෙම චෙක් කරන්න දැම්මොත් තවත් ¥150ක් ද කොහෙද ගන්නවා. මේ වගේ.:angry::angry:

    6RMdCBX.jpg


    (ඔතනදී Shipping Invoice එකේ පෙන්නන්න ඕනේ ගාන අපිට වෙනස් කරන්න පුළුවන්. කස්ටම් එකෙන් ටැක්ස් ගහනවා නම් ඒක අඩුකරගන්න. මේ වගේ) :rofl::rofl:

    w50VbkV.jpg


    ඊට පස්සේ පෙන්නනවා Queued for shipping කියලා මෙහෙම :love:

    tLAqnLM.jpg


    පහුවදාම උදේම අයිටම් එක එයාලා ෂිප් කලාට පස්සේ ට්‍රැකින් නම්බර් එකක් එනවා මේල් එකකින්. ඒක ට්‍රැක් කරන්න තියෙන්නේ එනකම් :D:D:D
    http://www.post.japanpost.jp/int/ems/index_en.html
     
    Last edited: