ෆෙඩරල් වලිප්පුව

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ෆෙඩරල් වලිප්පුව

    කුර - කුලයේ අයගේ ෆෙඩරල් වලිප්පුව

    මැතිවරණය ළඟ ළඟම එන විට 'බළලා මල්ලෙන් එළියට පනින' මට්‌ටමේ කතා වැඩිපුර ඇසුනේ උතුරෙනි. උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ටී. කුරකුලරාජා තවත් අලුත් කතාවක්‌ කර තිබිණි. කුරකුලරාජා කියා තිබුණේ දෙමළ ජනතාව වෙනුවෙන් උතුරේ වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීම යුගයේ අත්‍යවශ්‍ය කරුණක්‌ වී ඇති බව ය. ඉදිරි පරම්පරාව වෙනුවෙන් උතුර ආරක්‍ෂා කළ යුතු බවත්, එය කළ හැක්‌කේ වෙනම රාජ්‍යයක්‌ බිහිකරමින් බවත් කුරකුලරාජා කියා තිබිණි.

    මෑතකදී දෙමළ සන්ධානයේ සුමන්තිරන් කියා තිබුණේ 'රට දෙකඩ' කිරීමේ අවශ්‍යතාවක්‌ නැති බවය. කට බොරු කීවද දිව බොරු කියන්නේ නැතැයි 'සිංහල' කියමනක්‌ ඇත්තේ මෙවැනි දෙබඩි කතා වලටය. කොහොමත් දෙමළ සන්ධානය රටට කියන දේට වඩා වෙනස්‌ කතාවක්‌ තමන්ගේ කුලකය තුළ සමාජගත කරන බව රහසක්‌ නොවේ. වෙනසකට වූයේ එය පසුගිය මාස කිහිපය තුළ එළිපිට නටන නාඩගමක්‌ බවට පත්වීම පමණකි. ටී.එන්.ඒ. කට්‌ටියගේ හංගා ගහන උපක්‍රමශීලී කතා කුරකුලරාජාට වැරදී ගියා වන්නට පිළිවන. එසේ වූ පමණින් අප ඔහු කුර - කුලයේ රාජා කෙනෙකු හැටියට හඳුන්වන්නේ නැත.

    රාජා පමණක්‌ නොව, ටී.එන්.ඒ. හිටපු මන්ත්‍රී ශ්‍රීධරන් ද අමුතු කතාවක්‌ කියා තිබිණි. මේ අමුතු හාදයා කියන හැටියට අගෝස්‌තු 17 වැනිදායින් පසු යුද අපරාධ කළ නායකයන් හා ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගෙන් 'පළිගැනීමට' නියමිතය. ශ්‍රීධරන් කියන හැටියට දෙමළ ජනතාව වෙනුවෙන් දිවි පිදූ කොටි සාමාජිකයන්ට සාධාරණය ඉටු කිරීම පිණිස හිටපු ජනාධිපතිවරයා හා ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක්‌ කර දඬුවම් පැමිණවීමට කටයුතු කළ යුතුය. රාජාට සමාන කතාවක්‌ ශ්‍රීධරන් ද කියන්නේය. ඒ, 2016 වසරේදී උතුරු - නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කොට සියලු බලතල විමධ්‍යගත කරමින් ෆෙඩරල් පාලනයක්‌ ගෙන එන බවය.

    ශ්‍රී ධරන් 'පලිගැනීමට' හිතන කාරණයට සාපේක්‍ෂව ගතහොත්, ප්‍රභාකරන් හා ඔහුගේ මිනීමරු හමුදාව දකුණේ කළ ම්ලේච්ඡ ඝාතනවලට දකුණේ ජනතාව ද පළිගැනීමට සිතුවේ නම් තත්ත්වය කවර අතට හැරේවි ද? අද ටී.එන්.ඒ. දේශපාලනය කරන්නෙත්, හිටපු කොටි සාමාජිකයන් (ප්‍රභාකරන්ගේ රියෑදුරා පවා) ඡන්දය ඉල්ලන්නෙත්, ආරක්‍ෂක අංශවලට බැඳී කටයුතු කරන්නෙත්, සංහිඳියාව වෙනුවෙන් බොහෝ පරිත්‍යාගයන් කරන දකුණේ ජනතාව නිසා ය. යුද්ධය අවසන් වූ සැනින් දකුණේ ජන ජීවිතය ගොඩනඟන්නට කැප වූයේ හිටපු කොටි සාමාජිකයන් නොව ආරක්‍ෂක හමුදාවය. ටී.එන්.ඒ. එදත් අදත් කවදත් කරන්නේ අවස්‌ථාවාදී දේශපාලනය පමණි.

    මෙය ටී.එන්.ඒ. පෙරමුණට පමණක්‌ පොදු කාරණයක්‌ නොවේ. 1949 සිට දලු ලා වැඩුණු දෙමළ ජාතිවාදී දේශපාලන පක්‍ෂ වලත් ඒවායේ නායකයන්ටත් පොදු ධර්මතාවකි. දෙමළ ජනතාවට ඊනියා විමුක්‌තියක්‌ පෙන්වමින් අන්තවාදයත්, අවස්‌ථාවාදයත් වැපිරීම හැර අන් මඟක්‌ මේ නායකයන්ටත් දේශපාලන පක්‍ෂ වලටත් නැත.
    ෆෙඩරල් කතාව මෑත කාලයේ මුලින්ම කරළියට ගෙන ඇති ප්‍රභාකරන්ගේ මස්‌සිනා වර්ගයේ නෑයකු වන 'ශිවාජිලිංගම්' ය. දැන් මේ කතාව බෝවන රෝගයක්‌ ගානට පැතිර යමින් පවතින බව පෙනේ. තවත් ටික දිනකින් උතුරේ තෝරාගත් තරුණ පිරිසකටත් මොළය සෝදන්නට ද මේ කතාව යොදා ගන්නට හැකිය. මේ ෆෙඩරල් කතා නිකං කට කතාවට කියන කතා ද නොවේ. මැතිවරණය ඉලක්‌ක කරගෙන තමන්ගේ ඡන්ද වැඩිකර ගැනීමේ අරමුණින් කියන කතාවක්‌ ද නොවේ. මේ සමඟ නැවත ජාත්‍යන්තර වශයෙන් එන කුමන්ත්‍රණ, අතපෙවීම්වල මුට්‌ටිය දමා බැලීමේ සෙල්ලම් ද තිබේ. ජාත්‍යන්තර කුමන්ත්‍රණ කී පමණින් අවඥාවෙන් සිනාසෙන උන්නාන්සේලාට කතාවේ අන්තිම හරියත් හොඳම හරියත් තේරෙනවිට පෙරහැර ගොස්‌ අලි බෙටි ද ඉවත් කර අවසන් බව පමණක්‌ සිහිපත් කර සිටින්නට කැමැත්තෙමු.

    උතුරට වෙනම රාජ්‍යයක්‌ ඉල්ලන විටත්, ෆෙඩරල් අවශ්‍ය බව, දිගින් දිගටම කියනවිට ඒවා 'ජෝක්‌' හැටියට බාරගන්නා 'දැන උගත්' මහත්වරුන් ගේ න්‍යාය පත්‍රය කුමක්‌ දැයි අප අහන්නේ නැත.

    එහෙත් මේ වන විට කාට කාටත් වරක්‌ දෙවරක්‌ නොව සිය දහස්‌ වාරයක්‌ සිතන්නට සහ ක්‍රියාත්මක වන්නට තරම් සංඥා නිකුත් වී අවසන්ය. 'ශ්‍රීධරන් අගෝස්‌තු 17 වැනිදායින් පසු' යනුවෙන් කැට තබා කියන්නේ ආවාට ගියාට නොවේ. කුර - කුල රාජා, උතුර ආරක්‍ෂා කළ යුතු යෑයි කියන්නේ නිකම්ම නොවේ.


    දිවයින කතුවැකිය

    මුන්ට නම් මොකක් කරන්නද කියල තේරෙන්නේ නෑ


    නැගෙනහිරට වෙරළබඩ පරිපාලන ඒකකයක්‌ පිහිටුවිය යුතුයි
    - ඇමැති රිෂාඩ් කියයි

    දයා ලංකාපුර

    නැගෙනහිර පළාත සඳහා අලුතින් වෙරළබඩ පරිපාලන ඒකකයක්‌ පිහිටුවිය යුතුබවත් ඒ වෙනුවෙන් තමා මෙවර මැතිවරණයෙන් බලයට පත්වන නව රජයට සහ නව අගමැතිවරයාට බලපෑම් කරන බවත් සමස්‌ත ලංකා මහජන කොංග්‍රස්‌ නායක හා කර්මාන්ත සහ වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    නැගෙනහිර වෙරළබඩ පරිපාලන ඒකකයක්‌ අලුතින් ආරම්භ කිරීමෙන් නැගෙනහිර පළාතේ මුස්‌ලිම් ජනතාවට විශාල සහනයක්‌ ලැබෙන බවත් ඔවුන්ගේ අපේක්‍ෂාවන්ට තම පක්‍ෂය නිරතුරුවම ගරුකරන බවත් ඒ මහතා පැවසුවේ සම්මන්තුරේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

    ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නායකයාව සිටි අභාවප්‍රාප්ත ඒ. එච්. එම්. අෂ්රෝෆ් මහතාද මීට පෙර නැගෙනහිර පළාතේ දෙමළ කතාකරන ජනතාව සඳහා වෙනම පරිපාලන කලාපයක්‌ ඉල්ලා තිබුණා. එහෙත් මුස්‌ලිම් කොංග්‍රසයේ වර්තමාන නායකයන් එම ඉල්ලීම යටපත් කරමින් මුස්‌ලිම් ජනතාව රවටනවා යෑයි ද රීෂාඩ් බදියුදීන් මහතා මෙහිදී සඳහන් කළේය.

    නැගෙනහිර මුස්‌ලිම් ජනතාවට තමන්ගේ අවශ්‍යතා සඳහා බොහෝදුරක්‌ ගෙවා දැන් අම්පාර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය වෙත යැමට සිදුවී ඇති බවත් ඔවුන්ගේ කටයුතු පහසුකර ගැනීම සඳහා නැගෙනහිර වෙනම පරිපාලන ඒකකයක්‌ පිහිටුවීම අත්‍යවශ්‍ය බවත් පැවැසූ ඒ මහතා මේ ගැන තමා ඉදිරියේදී බලයට පත්වන ආණ්‌ඩුවට සහ ඇමැතිවරයාට දිගින් දිගටම බලපෑම් කිරීමට බලාපොරොත්තු වන බවත් කීය.

    මෙවර මැතිවරණය සඳහා තම පක්‍ෂය අපේක්‍ෂකයන් 10 දෙනකු එක්‌සත් ජාතික පෙරමුණ යටතේ ඉදිරිපත් කොට ඇති අතර අම්පාර දිස්‌ත්‍රික්‌කයට තනිවම තරග කරන බවද බදියුදීන් මහතා ප්‍රකාශ කළේය.

    දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌ සමස්‌ත ලංකා මහජන කොංග්‍රස්‌ අපේක්‍ෂක එස්‌. එම්. එම්. ඉස්‌මයිල් මහතාද මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි විය.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රට ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි.
    කන්නට කටක් තිබුනට මදි... ඉන්නට රටකුත් තිබිය යුතුයි.....
    2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අරුම පුදුම කතාවක් කියවෙනව මේ දවස් වල වේදිකාවලින්.....
    ඒකීය රාජ්‍යයක් උපරිම බලය බෙදීමක්.........මෑණියන් ගේ වස්ත්‍රය තමා.....
    උපරිම බලය බෙදන්න පුළුවන් ෆෙඩරලි-ඒ කියන්නේ සන්ධීය රාජ්‍ය ක්‍රමයක් දී විතරයි.......

    අපි මොක්කු කියල හිතල ද දන්නේ නෑ මේ හරක් කතා දෙසා බාන්නේ.......
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ප්‍රශ්නයක් අහපුවහම මහින්දව මරන්න යනවනේ බන් මේකේ ඉන්න එවුන්

    J2s7N.jpg
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    අරුම පුදුම කතාවක් කියවෙනව මේ දවස් වල වේදිකාවලින්.....
    ඒකීය රාජ්‍යයක් උපරිම බලය බෙදීමක්.........මෑණියන් ගේ වස්ත්‍රය තමා.....
    උපරිම බලය බෙදන්න පුළුවන් ෆෙඩරලි-ඒ කියන්නේ සන්ධීය රාජ්‍ය ක්‍රමයක් දී විතරයි.......

    අපි මොක්කු කියල හිතල ද දන්නේ නෑ මේ හරක් කතා දෙසා බාන්නේ.......

    අයියෝ බං උඹ හෙන මෝඩයිනේ :lol:
    ඒකීය රාජ්‍යක් තුල උපරිම බලය බෙදීමක් කියලනේ කියන්නේ........ඒකෙ තේරුම ඒකීය රාජ්‍ය සීමාව තුල සිටිමින් බෙදන්න පුළුවන් උපරීම බලය බෙදීම කියන එක :lol:

    නැතුව උපරිම බලය බෙදීම කියල ගත්තොත් ෆෙඩරල් නෙවෙයි එහෙනම් අන්තය වෙනම රටක් කියන තැන තමයි නවතින්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,623
    113
    අරුම පුදුම කතාවක් කියවෙනව මේ දවස් වල වේදිකාවලින්.....
    ඒකීය රාජ්‍යයක් උපරිම බලය බෙදීමක්.........මෑණියන් ගේ වස්ත්‍රය තමා.....
    උපරිම බලය බෙදන්න පුළුවන් ෆෙඩරලි-ඒ කියන්නේ සන්ධීය රාජ්‍ය ක්‍රමයක් දී විතරයි.......

    අපි මොක්කු කියල හිතල ද දන්නේ නෑ මේ හරක් කතා දෙසා බාන්නේ.......

    දැන් සුළුතර ආණ්ඩුවක් යටතේ ඕක කරගන්න බැරිවෙයි නේද?

    BcYLmzM.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් සුළුතර ආණ්ඩුවක් යටතේ ඕක කරගන්න බැරිවෙයි නේද?

    BcYLmzM.jpg
    danne na ban mama hena modayi neh..............
    menna me inna ugath, budhdhimath, deshapaalana wisaarada thuma gena ahala balafanz.:baffled:
    අයියෝ බං උඹ හෙන මෝඩයිනේ :lol:
    ඒකීය රාජ්‍යක් තුල උපරිම බලය බෙදීමක් කියලනේ කියන්නේ........ඒකෙ තේරුම ඒකීය රාජ්‍ය සීමාව තුල සිටිමින් බෙදන්න පුළුවන් උපරීම බලය බෙදීම කියන එක :lol:

    නැතුව උපරිම බලය බෙදීම කියල ගත්තොත් ෆෙඩරල් නෙවෙයි එහෙනම් අන්තය වෙනම රටක් කියන තැන තමයි නවතින්නේ