Google සමාගමේ නව ප්‍රධානියාගේ ජීවිත කතාව

shalinds

Active member
  • Dec 10, 2014
    372
    124
    43
    Google සමාගමේ නව ප්‍රධානියාගේ ජීවිත කතාව

    150811052858_sundar_pichai_afp_624x351_afp.jpg



    ඇමරිකානු තාක්ෂණික ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමේ පත්වීම් ලද ඉන්දියානුවන් අතරට එක් වෙමින් සුන්දර් පිච්චයි ගූගල් සමාගමේ ප්‍රධානියා බවට පත් වී තිබේ. හතළිස් තුන් හැවිරිදි පිච්චයි උපත ලබා තිබෙන්නේ ඉන්දියාවේ චෙන්නායි නගරයේදී. තමා ඉගනුම ලත් චෙන්නායිහි පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරා ඇති පිච්චයි කලාපීය මට්ටමේ ක්‍රිකට් ජයග්‍රහණ රැසක් කරා තම කණ්ඩායම මෙහෙයවා තිබේ. කරාග්පුර්හි ඉන්දීය තාක්ෂණික ආයතනයේ ඉංජිනේරු විෂය හදාරා ඇති පිච්චයි කණ්ඩායමේ සිටි දීප්තිමත්ම සිසුවා ලෙස ඔහුගේ ගුරුවරු හඳුන්වති. ඔහු ගූගල් සමාගම හා එක් වී ඇත්තේ දෙදහස් හතර වසරේදීයි.ගූගල් වෙබ් බ්‍රව්සරය, ගූගල් ක්‍රෝම් සහ ජංගම දුරකථන හා සම්බන්ධ ඇන්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය යන අංශ ඔහුගේ අධීක්ෂණය යටතේ පැවතිණි. ඇන්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ලෝකයේ ජනප්‍රියම ජංගම දුරකථන පද්ධතිය ලෙස හැඳින්වෙන අතර දොළොස් වන විය එළඹෙන තෙක් පිච්චයිගේ නිවසේ දුරකථන පහසුකම් නොවුණි. ‘බ්ලූම්බර්ග්’ සඟරාවට අනුව පිච්චයි සිය දෙමව්පියන් සහ සහෝදරයා සමග ජීවත් වී ඇත්තේ නිදන කාමර දෙකකින් සමන්විත තට්ටු නිවසකයි.

    එහි තමාටම වෙන් වූ කාමරයක් නොමැති වූ හෙයින් පිච්චයි තම නිදන කාමරය ලෙස යොදා ගෙන ඇත්තේ විසිත්ත කාමරයයි.පිච්චයිගේ නිවසේ රූපවාහිනියක් හෝ ගමන් පහසුව සඳහා කාරයක් නොවුණි. පිච්චයිගේ ළමා මනස තුළ තාක්ෂණය නමැති බීජය රෝපණය කොට ඇත්තේ ප්‍රමුඛ පෙළ විද්‍යුත් උපාංග නිෂ්පාදන සමාගමක එවකට සේවය කළ ඔහුගේ පියායි.’මම ගෙදර ඇවිත් දවසේ සිදු වූ දේවල් ගැන සහ මුහුණ දෙන්න වුණු අභියෝග ගැන ඔහු සමග කතා කරනවා’ පිච්චයිගේ පියා ‘බ්ලූම්බර්ග්’ සඟරාවට පවසා තිබේ. දුරකථන අංක මතකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කුඩා පිච්චයිට විශිෂ්ට හැකියාවක් තිබුණු බවත් ඔහුගේ පියා සඳහන් කරයි. කරාග්පුර්හි ඉන්දීය තාක්ෂණික ආයතනයෙන් උපාධිය ලබා ගත් පිච්චයිට ස්ටැන්ෆර්ඩ් සරසවියේ ශිෂ්‍යත්වයක් හිමි වී තිබේ. ඇමරිකාව බලා යෑම සඳහා අවශ්‍ය ගුවන් ටිකට් පතෙහි මිල පිච්චයිගේ පියාගේ වාර්ෂික අදායමට වඩා වැඩි අගයක්.

    මේ දවස්වල පොඩි වලියකුත් යන්ව Wikipedia එකේ

    පිච්චයි ඉගෙන ගත්තේ කොහෙද කියල ,

    මෙ තියෙන්නෙ විස්තරෙ :
    http://thenextweb.com/shareables/2015/08/12/pichai-is-from-chennai-everyone-chill/


    Pichai-3.png


    --

    Pichai-Wiki-2.png



    සලකල යන්න :)

    Source : http://techguru.lk/2015/08/11/google-new-ceo-life-story/

     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගෙදර ටීවි එකක් තිබිල නෑ අන්න පොයින්ට් එක :D :D :D
    තිබ්බ නම් මූත් මහගෙදරයි ප්‍රවීණයි චිත්තියි සුවප්නයි මේහ් ආදරයයිහ් බලල කාලකන්නි වෙනව :yes: :yes:
    ගන්න එපා සිඞ්හලු ගෙවල් වලට ටීවී නම් :sorry: :sorry:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,830
    9,561
    113
    මම දැක්ක අපේ උන් මූට කැ* දෙමල කියල බැණල තියෙනවා..
     

    shalinds

    Active member
  • Dec 10, 2014
    372
    124
    43
    ගෙදර ටීවි එකක් තිබිල නෑ අන්න පොයින්ට් එක :D :D :D
    තිබ්බ නම් මූත් මහගෙදරයි ප්‍රවීණයි චිත්තියි සුවප්නයි මේහ් ආදරයයිහ් බලල කාලකන්නි වෙනව :yes: :yes:
    ගන්න එපා සිඞ්හලු ගෙවල් වලට ටීවී නම් :sorry: :sorry:


    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    Thanks for +Rep bro :)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගෙදර ටීවි එකක් තිබිල නෑ අන්න පොයින්ට් එක :D :D :D
    තිබ්බ නම් මූත් මහගෙදරයි ප්‍රවීණයි චිත්තියි සුවප්නයි මේහ් ආදරයයිහ් බලල කාලකන්නි වෙනව :yes: :yes:
    ගන්න එපා සිඞ්හලු ගෙවල් වලට ටීවී නම් :sorry: :sorry:

    :lol::lol::lol: