~SWOT- සාර්ථක අනාගතයකට~

garment123

Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    ~SWOT- සාර්ථක අනාගතයකට~

    අසාර්ථක වර්තමානයෙන් මිදී සාර්ථක අනාගතයකට පියාසර කිරීමට “SWOT”


    ඔබ අතගසන්නේ කුමන කටයුත්තකට වුවත් එයින් දියුණුවක් , සාර්ථකත්වයක් ලැබීම ඔබේ පැතුමයි.අත ගැසූ වැඩය සාර්ථක වීමට පැතුම පමණක්ම ප්‍රමාණවත් නැත.ඔබට ඔබ ගැනම ස්වයං විශ්ලේෂණයක යෙදීමට හැකි නම් අසාර්ථකත්වය පසෙකට තල්ලු කර දමා සාර්ථකත්වය ඔබ පසුපස පැමිණෙනු ඇත.තමා විසින්ම තමා ගැනම සිදු කරන ලබන විශ්ලේෂණයේ පියවර 4 කි.

    SWOT
    1. Strengths – හැකියාවන්
    2. Weaknesses – දුබලතා
    3. Opportunities – අවස්ථා
    4. Threats – තර්ජන

    ඔබගේ හැකියාවන් මොනවාද?

    ඔබ දෙමවිපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් , ඥාතීන්ගෙන් , හිත මිතුරන්ගෙන් පැසසුම් ලද අවස්ථා මතකයට නගා ගන්න.ඔවුන් බොහෝ අවස්ථාවලදී ඔබට ප්‍රශංසා කර ඇත්තේ , ඔබ ගැන සතුටින් කතා කර ඇත්තේ ඔබගේ හැකියාවන් නිසයි.එවැනි අවස්ථා සිහියට නගමින් ඔබ තුළ ඇතැයි ඔබ සිතන හැකියා ලැයිස්තුවක් සටහන් කර ගන්න.

    උදා:-
     මට ලස්සනට චිත්‍ර ඇදීමට හැකියි.
     මට ඕනෑම උපකරණයක් ගලවා නිවැරදිව සවි කල හැකියි.
     මට දක්ෂ ලෙස කතා පැවැත්වීමට හැකියි.
     මට ඕනෑම කෙනෙකු සමග මිතුරු සබදතා ගොඩනගා ගත හැකියි.
     මට හොදින් ගීත ගායනා කිරීමට හැකියි.

    ඔබගේ දුබලතා මොනවාද?

    ඔබට කායිකව මෙන්ම මානසිකවද පිඩා ගෙන දෙන ඔබ අසතුටට පත් කරන දුබලතා මොනවා දැයි සිහි කරන්න.දෙමවිපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් , හිත මිතුරන්ගෙන් , ඉහළ නිලධාරීන්ගෙන් බැණුම්, ගැරහුම් , අවවාද කිරීම් , දඩුවම් ආදිය ලද අවස්ථා මොනවා දැයි සටහන් කරන්න.එවැනි සිත් තැවුල්වලට පත් වුයේ ඔබේ ඇති දුබලතා නිසයි.

    උදා:-
     මට නිතර අමතක වීම සිදුවේ.
     මට නිතර කේන්ති යයි.
     ඉහළ නිලධාරීන්ගේ උපදෙස් පිළිපැදීමට මම අකමැතියි.
     මම කරන්නේ මම කැමති රැකියාව නොවේ.
     මම වගකීම් භාර ගැනීමට අකමැතියි.
     මම කතා කරන විට වචන පැටලේ.
     මම සෙම රෝගයෙන් පිඩා විදිමි.

    ඔබට ඇති අවස්ථා හදුනා ගන්න.

    ඔබ සෑම දෙයක් පිළිබදවම විමසිල්ලෙන් උනන්දුවෙන් පසු වෙයි නම් අවස්ථා නිරන්තරයෙන්ම උදා වෙයි.සෑම දිනෙකම හිරු උදාවෙන්නා සේ ම සෑම දිනකම සෑම මොහොතකම ඔබගේ සාර්ථකත්වය සදහා අවස්ථා උදා වෙයි.අවස්ථා යනු ඔබේ අනාගත ජයග්‍රහණයට , සාර්ථකත්වයට හේතු වන්නා වූ සාධකයි.

    උදා:-
     අලුතින් ව්‍යාපාරයක් ඇරඹිමට උපදෙස් ලබා ගැනීම.
     පුහුණු සැසි සදහා සහභාගී වීම.
     පරිගණක පාඨමාලාවක් හැදෑරීම.
     අලෙවි නියෝජිතයකු ලෙස රක්ෂීණ සමාගමකට සම්බන්ධ වීම.
     නව ව්‍යාපාරිකයන් හදුනා ගැනීමට ලැබීම.


    ඔබට ඇති තර්ජන හදුනා ගන්න.

    ඕනෑම කටයුත්තකට අතගැසූ විට එයට අදාළ තර්ජන රාශියක් අඛණ්ඩව පැමිණේ.එම නිසා තර්ජන ගැන අවදියෙන් සිට ඒවා හදුනාගෙන එම තර්ජන වලට මුහුණ දීම හෝ මග හැරීම කළ යුතුයි.ඔබේ දුර්වලතා ඔබට එතරම් හානි වන්නේ නැත.ඔබේ කල්පනා ශක්තිය මෙහෙයවා දුබලතාවලින් මිදිය හැකියි.එසේ වුවද තර්ජනවලින් ප්‍රවේශම් විය යුතුයි.තර්ජන හදුනාගත් විගස ඉක්මන් පියවර නොගත හොත් වඩා හානිකර ප්‍රථිපල අත් විදීමට සිදුවේ.

    උදා:-
     මම ලබන වැටුප ජිවත් වීමට ප්‍රමාණවත් නොවීම.
     මම ඇරඹු ව්‍යාපාරයම අසල වාසින් කිහිප දෙනෙකුම ආරම්භ කිරීම.
     ආයතන ප්‍රධානියා ඉටු කිරීමට නොහැකි තරමේ කාර්යයන් ප්‍රමාණයක් මා හට පැවරීම.
     කෘමි උවදුරක් නිසා පලතුරු වගාවට දිගින් දිගටම හානි සිදුවීම.

    ඉහත SWOT පියවර හතරට අදාළ කරුණු ඔබ විසින් ගැඹුරින් අධ්‍යනය කොට සටහන් කරගත් පසුව , පහත සදහන් පියවර අනුගමනය කළ හැකියි.​

     තිබෙන හැකියා තව දුරටත් වර්ධනය කර ගන්න.
     දුබලතාවලින් මිදීමට උත්සහ කරන්න.
     ලැබෙන අවස්ථා මග නොහැර ප්‍රයෝජනයට ගන්න.
     තර්ජනවලට මුහුණ දීමට හෝ තර්ජන මගහැර යාමට ක්‍රමවේද විමසා බලන්න.

    මෙම SWOT ව්ශ්ලේෂණයෙන් පසුව සැලසුමක් සකස් කර ඕනෑම කාර්යයක් අරඹන්න.එවිට ඔබ සාර්ථකත්වයට පත් වීම ඔබටම හැර වෙන කිසිවෙකුටත් වැළැක්වීමට නොහැකිය.

    සහෝදර වරුනි, bump එකකින් වත් සහයෝගයක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
    :yes::cool:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    thanx bookmarked
    11.gif
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    Elaz.. this was learned in NIBM, System Design Diploma... way back... thnx for reminding...++