රට වට යනකොට හිත යන කෑම කඩ

gepa

Well-known member
  • රට වට යනකොට හිත යන කෑම කඩ

    රට වට යනකොට මරු කෑම කන්න තැන් කස්ටියටම හම්බ වෙලා ඇතිනේ..මම මේ නූලෙන් පටන් ගන්නේ ඒ විස්තර කස්ටියත් එක්ක බෙදා හදා ගන්න.මුලින්ම කියන්න යන්නේ නුවර පැත්තේ යනකොට තියන ටී ෆෝට්‍රස් එක ගැන...

    5n-7.jpg


    ලංකාව යටත් විජිත කාලයේ සිටම තේ වලට ප්‍රසිද්ධ රටක්.ගොඩ දෙනෙක් තවමත් ලංකාව දන්නේ සිලෝන් ටී කියන නාමය නිසයි.ඒ සිලෝන් ටී නාමය ලෝකය පුරා ගෙනයන්න වර්ථමානයේත් ලාංකීය තේ අපනයන කරන අය කටයුතු කරනවා. ඒ අතරින් ම්ලෙස්නා තේ සමාගම ප්‍රධානයි. අද අපි කියන යන්නේ ඔවුන් දෙස් විදෙස් අයට රසවත් සිලෝන් ටී තේ කෝප්පයක් නියම රස බෙදා දෙන්න ආරම්භ කල ම්ලෙස්නා ටී ෆෝට්‍රට්ස් එක ගැන .

    3n-4.jpg


    නමේ හැටියටම මේ තැනත් බලකො‍ටුවක් වගේ.තේ පානය සඳහාම වෙන් උනු බලකො‍ටුවක්.මෙහි ගොඩ නැගිල්ල අනර්ග නිර්මානයක්.විශාලිත ගල් බිත්ති වලින් නිර්මිත මෙහි ලන්දේසි බලකො‍ටුවක ස්වරූපය ඉස්මතු කරනවා.ඇතුල් වන තැන පිහිටන සඳකඩ පහනක අනුරුව ලාංකික ඉපැරනි ඉතිහාසය සිහිකරවනවා.ඉදිරිපසින් ඇති පාම් ගස් සහ විශාල බොයිලේරුව වෙනස්ම අත්දැකීමට ඔබව ‍රැගෙන යාමට සැරසෙන බව මැනවින් දනවනවා..

    මෙහි ඇතුලත සැකැස්මත් ඉස්තරම්.එහි ඇතුලත යම් කතාවක් කියන්නට වාගේ සකස් කර තියනවා.ඔබට තේ මිලට ගන්නවා නම් මෙහි පහල මාලයේ වෙනම තැනක් තිබෙනවා.අහසට විවර වන වෙනම කොටසක මෙහි හිඳම උනත් තේ පානය කරන්න පුලුවන්.තේ කොලයක පාටින් හැඩ උනු සාරියකින් සැරසුනු ලඳුන් මෙතනට තවත් අති අලංකාරයක් ගේනවා.

    ඒ වගේමයි තේ හා සම්බන්ද උපකරනත් බලාගන්න පුලුවන් ඇතුලත. කොන් දෙකකට වන්නට පිහිටි බොයිලේරු සහ උඩු මහලට යන තැන බිත්තියේ ඇති ලංකාවේ පලමු තේ වත්ත වන දෙමෝදර පින්තූර තේ බලකො‍ටුවට තවත් අගයක් එක් කරනවා.

    15n-23.jpg


    මෙහි පලමු මහලේ 60කට පමන තේ රස විඳින්න පුලුවන් වෙන විදියට නිර්මානය වෙලා තියනවා.ඉහල මාලයේ මේස පු‍ටු සැකැස්මත් වෙනස්.එක මේස පු‍ටු සහිත කොටසක් දැවමය තිරයකින් වෙන් කරන්නේ. එහි ත් ඇඳි සිතුවම් තේ සම්බන්ද යමකින් චිත්‍ර ගැන්විලා..ගම් මුලාදෑනියෙක් තේ කෝප්පයකින් දවස අරඹන චායාරූපයක්,‍රැජින ගේ තේ මේසය ,තේ දලු නෙලන කාන්තාවන්ගේ රූප වලින් සිතුවම් සමන්විතයි.පහලට ඇද හැලෙන දිය ඇල්ලේ හඬ ත් එක්ක සීතල මහනුවර රසවත් උනු උනු තේ කෝප්පයකින් ගත උනුසුම් කරගන්න මෙහි වට පිටාව ඉස්තරම්.

    teafortress5.jpg


    මෙහි වටපිටාව වගේම මෙනු එකත් සිත් ඇදගන්නා සුලුයි.මෙහි ඔබට යුරෝපීය සහ දේශීය විදියට ආහාර ගන්න පුලුවන්.ඒ වගේම කෙටි ආහාර වර්ගත් ගන්න පුලුවන්.විවිද සුප් වර්ග සැලඩ්,ස්පැගටි සහ බැදපු මස් වර්ග තම්බාපු එලවලුත් එක්ක උදෑසන ආහාරයට ගන්න පුලුවන්.ඔබට අවශ්‍ය නම් සෙට් මෙනු විදියට ඉංග්‍රීසි ක්‍රමයට හරි දේශීය විදියට හරි ආහාර ගන්නත් පුලුවන්.කැම වර්ග වලට මෙනු එක ටිකක් සීමාකාරී උනත් තේ වර්ග නම් විවිදාකාරයෙන් මෙහි තිබෙනවා..

    teafortress2-950x945.jpg


    තේ මෙනු එක ඉතාම නිර්මානශීලී. අයිස් ක්‍රීම් දාපු තේකක් බීලා තියනවද කවදාවත්. උත්තරය නෑ නම් උත්සහ කරලා බලන්න. එය නම් අනර්ගයි. තේ රසය ඉස්තරම්.විවිදාකාර නම් වලින් යුක්තව ඔවුන් තේ සාදා දේවී.නියමිත උනුසුමට නියමිත කාලයට තැම්බුනු තේ කොල වලට සෑදුනු ඉමිහිරි තේකක් බොනවා නම් කියාපුම තැන ටී ෆෝට්‍රස් එක.එහි වැනිලා තේ ස්ට්‍රෝබෙරි තේ පිච්ච තේ දෙහි සාරය සහිත තේ වගේ විවිද වර්ගයෙන් තේ බොන්න වගේම මිලට ගන්නත් පහසුකම් සපයනවා.
    ‍රැගෙන යනවා නම් ම්ලෙස්නා බ්‍රැන්ඩ් එකත් එක්ක පොලිශ් කල ලී පෙට්ටි වල පෝසිලෝන් පීරිසි කෝප්ප ආකාරයට විවිද වර්ගයෙන් තේ මිලට ගන්න පුලුවන්.සියලු දේ පිරිසිදු ලාංකීය තේ වල ඉස්තරම් රසයෙන් හම්බෙනවා.


    මෙතන උදේක ආහාර ගන්නවා නම් ඉංග්ලිශ් බ්‍රෙක්ෆස්ට් එක හොඳයි Fruit Platter එකක් සෞසේජස් ,බිත්තර ඔම්ලට් එකක් වැෆල් එකක් bread rolls ගොඩක් එක්ක බේක් කල කේක් සහ ප්‍රනීත තේ වීදුරුවක් ඔබට ලැබෙනවා.. ගනන් නම් ටිකක් වැඩියි.ටිකක් කිව්වට ගොඩක් ම වැඩියි. ඒත් එක් වරක් හරි උත්සහ කරන්න හොඳයි.
    මෙහි දිවා ආහාරය ගන්නව නම් ගොඩාක් දේශීය අහාර වර්ග බත් එක්ක ගන්න පුලුවන්.චට්නි වර්ග එලවලු ගමේ කෑම වර්ග . ඒ වගේම ඉංග්‍රීසි තාලෙට ආහාර වර්ගත් මෙතන තිබෙනවා..ඒ වගෙමයි ෆ්‍රයිඩ් රයිස් උනත් දවල්ට මෙහි ගන්න පුලුවන්. රස අවුලක් නෑ. නියම දේශීය ආහාර වේලක් උත්සහ කරනවනම් වඩා හොඳයි.

    මෙහි සේවයට වැඩිපුර ඉන්නේ කාන්තාවන්.ඔවුන් ඉක්මන්. වැඩි කලබලයක් නැති හඳා ඉක්මනට කෑම බීම ගන්න පුලුවන්. ඔවුන් ඉතාම සුහදශීලී.හොඳින් කතා බහ කරලා අපට අව්ශ්‍ය දේ ඉක්මනින් මේසයට ගෙනත් දෙනවා.
    මෙහි පිටත හොඳ කාර් පාක් එකකුත් තියනවා. ඒ ගැන වද වෙන්න දෙයකුත් නෑ.හොඳ සේවාවක් හම්බවෙනවා වගේම තේ පිලිබඳව අමතර දැනුමක් මෙහි සේවකයන්ගෙන් ඉගෙන ගන්නත් ඔබට පුලුවන් වේවි.

    teafortress6.jpg


    මෙතන් තැන හරියටම කිව්වොත් කිරිබත්කුඹුර. කොලඹ පැත්තේ ඉඳන් එනව නම් පිලිමතලාවත් පේරාදෙනියත් අතර තමයි ටී ෆෝට්‍රස් එක පිහිටන්නේ.පිලිමතලාවේ ඉඳන් කිලෝමීටර් තුනක් විතර නුවර පැත්තට එනකොට පාරෙන් දකුනු අත පැත්තේ හොඳින් පේන්න තියෙනවා. හොයා ගන්න එක ඒ තරම් අපහසු දෙයක් නෙවෙයි.

    ඔයාලත් නුවර යන ගමන් රසට තේකක් බොන්න හිතුනොත් ඇවිත් තේකක් බොන්න වගේම ආහාර වේලක් ගන්නත් හොඳ තැනක් තමයි ටී ෆෝට්‍රස් එක. පොකට් එක ගැන නම් ටිකක් අවදානෙන් යන්න. උදේට දෙන්නෙක්ට කන්න 3000ක් වගේ වියදමක් උනොත් පුදුම වෙන්න දෙයක් නෑ.


    ඉස්සරහටත් මේ විදියට රට තොට යනකොට කන්න පුලුවන් තැන් ගැන විස්තර මේ නූලට දාන්නම්. කස්ටියත් දන්න කියන තැන මේකට එකතු කරන්න .. ජය වේවා
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    වාහනේ නුවර ඉඳලා කොළඹ යනවා නං අනිවාර්යෙන් කෑගල්ලේ අඹ සෙවනේ තමයි උදේට දවල්ට රෑට කන්නේ. කොළඹ ඉඳලා එනකොට බියගම පාරේ කැන්දිල එකේ උදේ කෑම කන්නේ. :D
     
    • Like
    Reactions: Gamage2015

    gepa

    Well-known member
  • වාහනේ නුවර ඉඳලා කොළඹ යනවා නං අනිවාර්යෙන් කෑගල්ලේ අඹ සෙවනේ තමයි උදේට දවල්ට රෑට කන්නේ. කොළඹ ඉඳලා එනකොට බියගම පාරේ කැන්දිල එකේ උදේ කෑම කන්නේ. :D

    thanks for the info machoo
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    දඹුල්ල හරහා කොහේ හරි යනවනම් උදේ ආහාරය ගන්න හොදම කන්ඩලම හොටෙල් එක.
    exterior.jpg


    උදේට breakfast එක buffet තියෙන්නේ.තරු පහේ හෝටලයක් නිසා ඉතින් කියන්න දෙයක් නැ.breakfast එක මේ විදියයි.

    DT_breakfastbuffet02_31_677x380_FitToBoxSmallDimension_Center.jpg


    Buffet-Breakfast.jpg


    ගොඩක් දෙනෙක් යනවනම් කෝල් කරලා බුක් කරලා යන්න ඕනි.එක්කෙනෙක් දෙන්නෙක් නම් අවුලක් නැත.එක්කෙනෙකුට ගාන 2250යි.ඕනි දෙයක් ඕනිතරම් කන්න පුලුවන්.
     
    • Like
    Reactions: Gamage2015 and gepa

    gepa

    Well-known member
  • නුවර පැත්තට යනකොට යක්කල තියන හොඳ අවන්හලක් තමයි ලෙටෝනා කැෆේ.තියෙන්නේ නුවර පාරේ යක්කල.ගම්පහ පැත්තේ වැඩිදෙනෙක් දන්න කියන තැනක් තමයි ලෙටෝනා කැෆේ කියන්නේ.
    letona1.png

    ලෙටෝනා එක ඉදිරිපස පාකිං සඳහත් යම් කුඩා ඉඩක් තිබෙනවා.වාහන හතර පහකට ඒ ඉඩ ප්‍රමානවත්.මෙතන ඇතුලත කුඩා ඉඩක තමයි අවන්හල පිහිටා තියෙන්නේ.මේ අවන්හල නැවුම් බවකින් පිරිලා. ඒ තිබෙන කුඩා ඉඩ අලංකාරව සකස් කල නිසා වෙන්න ඇති.අවන්හල ඇතුලත ඒසී කර තිබෙනවා.මෙස ඇතිරිලි සමග මල් පෝච්චියෙන් හැඩ මේස සීමිත ප්‍රමානයක් සමග නවීන ලීයෙන් කෙරූ පු‍ටු අවන්හලට අමුතු ගතියක් එක් කර තිබෙනවා.රාත්‍රියට කහ පැහැයෙන් වර්න ගැන්වූ බිත්ති මතට ආලෝකය වැටී අවන්හලට ගෙනෙන එලිය රස පිනා යන ආහාර දීසියකට වගේම හීනියට මදුවිතකට එක් වෙන්නටත් කදිමයි.කොහොම උනත් පවුලක් පිටින් ගිහින් ආහාර ගන්න යෝජනා කරන්නේ නෑ. මේ කුඩා ඉඩේ මදුවිත සහ ආහාර ගන්න තියෙන්නේ එකම තෑන.නිසයි එහෙම කියන්න වෙන්නේ.ඔවුන් උදේ ඉඳන් රාත්‍රී එකොලහ පමන වනතුරු විවුර්තයි.

    එහි ලාංකීය සහ චීන රසට කෑම ලබාගන්න පුලුවන්.මෙහි වරක් ආවොත් නැවත් මෙහි ඇවිත් කෑම ගන්න පෙලඹෙන තරමටම ආහාර රසවත්.කෑම විදියට කියනවා නම් ගොඩාක් රසවත් මික්ස් රයිස් එක. එය අපිට පෝක් සමග නැත්නම් බීෆ් සමග ගන්න පුලුවන්. ඉතාම රසයි. ඔවුන්ගේ නාමය තැබූ කෑම පීරිසිය මේසය මතට එන විට එහි පෙනුම සහ සුවඳ අපේ රස නහර අවදි කරනවා.. ඇත්තටම එය ඉතාම රසවත්.

    ඒ වගේමයි උනුවට දුම් දමමින් ඇති ඌරු මස් ඉස්‍ටු. එයත් ඉතාම රසවත්.කටට කෙල උනනවා..ඒ වගේමයි ඔවුන්ගේ සී ෆුඩ් රයිස් එක. රස අතින් ඉස්තරම්.ලුනු රස ගානට.සියල්ල නියමිත පදමට.අවුලක් කියන්න දෙයක් නැති තරම්.ඒ වගේම ඔවුන් ලෙනෝටා ස්පෙශල් රයිස් එකක් හදනවා.. එයත් ඉස්තරම්ලු. අපට එය නම් රස විඳින්න නොහැකි උනා.. ඔබටත් අප යෝජනා කරනවා ඉහත ආහාර රස බලන්න.. කොහොම උනත් සමස්තයක් විදියට බහුතරය කෑම රසවත්. ඒකයි මෙතන මෙතරම ප්‍රසිද්ධ.දෙදෙනෙක් එක්ක කන්න යනව නම් රුපියල් 1000ක් වගේ වියදම් කලොත් හොඳ හැටි බඩ පුරවන් එන්න පුලුවන්.හැම විටම කුඩා පෝශන් එකක් ගන්න. එය හොඳ හැටි ඇති තරම්.

    letonahome.png


    ඔවුන් ගේ සේවාව ගැන කියනවා නම් වේදනාකාරීව සෙමින් සිදුවන්නක්.මෙය කාර්‍ය බහුල වෙලාවකට වැඩි කාලයක් ඔබව මේසය මත හිඳුවා තබනු ඇති.හොඳ හැටි බඩගිනි වී ඇතුල් වෙන කෙනෙකුට සියුම් කේන්තියක් ගෙනදෙන්න තරම ඒ ප්‍රමාදය බලවත්. කොහොම උනත් ඔවුන්ගේ ආගන්තුක සත්කාරය හොඳයි. වේටර් වරු ඔබත් සමග සුහදශීලී වේවී.ඒත් අර ප්‍රමාදය?
    තව දෙයක් ඔබේ කාඩ් පත් මගින් උනත් බිල් ගෙවීමේ හැකියාව තියනවා මෙතනට ආවොත්.

    letona.png

    මෙතනට එනවා නම් කොලඹ ඉඳ නුවර පරේ මිරිස්වත්ත හංඳිය පහු කරලා කිලෝ මීටර් 1.5ක් වගේ එන්න ඕනි.පාරෙන් වම් අත පැත්තට වන්නට මෙය පිහිටා තියනවා
    මෙහි Take Away විදියට ආහාර ‍රැගෙන යාමේ පහසුව ඔවුන් සපයනවා.

    කොහොම උනත් අපි කලින් කිව්වා වගේ හීනියට මදුවිතකට උනත් මෙතන ඉස්තරම්.

    ඉස්සුවේ මගේ බඩජාරි ඩොට් කොම් සයිට් එකෙං