ලැම්බෝගිනි ලැම්බෝගිනි ලැම්බෝගිනි

zola

Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    ලැම්බෝගිනි ලැම්බෝගිනි ලැම්බෝගිනි

    කොහොමද මචන්ලා... :D:D:D
    පහු ගිය ටිකේම චන්ද උනුසුමෙන් පිච්චිලා කරවෙලා දාච්ච වෙලා ඉදලා ඉදලා පත්තරයක් සෙට් උනා කියවන්න...එකෙත් හැමතැනම චන්ද එව්ව මෙව්ව වැහි වැහැලා බන්...ඒ අස්සේ ලැම්බෝගිනි සීන් කෝන් හැමතැනම...:yes::yes::yes: මාත් හොයලා බැලුවා මොකක්ද අප්පේ මේ ගින්න කියලා.....
    අන්තර් ජන්ජාලය නම් වූ කිරි මුහුද කලබලා ලැම්බෝගිනිය නම් ජරමරය ගැන පුන්චි විස්තර ටිකක් හොයාගත්තා.මාත් නොදන්න ගොඩාක් දේවල් හම්බුනා...හිතුනා එලකිරි සහොදරයන් එක්ක ඒ විස්තර බෙදා හදාගන්න...
    රීපෝස්ට් එහෙමනම් සොරි වේවා මචන්ලා......:D:D:D:D


    :D:D:D:D එහෙනම් මෙන්න මගේ හිතෙත් ලැම්බොගිනි කාර් :D:D:D:D

    lg_640.jpg


    මේ වෙනකොට ලැම්බෝගිනි පැදලා නැති වුණාට දැකල තියෙන අය නම් ඕන තරම් ඉන්නවා. අපි අහල හෝ දැකල තියෙන්නේ ලැම්බෝගිනි කියන වචනය සහ ඒ කාර් එක විතරයි. :yes::yes::yes:
    ඒත් මේ කාර් එක මේ තරම් විශේෂ වෙන්නේ ඇයි කියලා කියන්න ගොඩාක් දෙනෙක් දන්නේ නෑ.:confused::confused:: confused: මේ නිසා ලැම්බොගිනි ගැන ඇවිළුනු ගිනි නිවෙන්න කලින් අපි ඒ ගැන කථා කරමු....


    01-2016-lamborghini-aventador-sv-fd.jpg



    ලැම්බෝගිනි කාරය කියන්නේ ලෝකයේම ස්පොර්ට්ස් කාර් අතර ඉහළින්ම තිබෙන මාදිලි කිහිපයෙන් එක් මාදිලියක්. නියම ලැම්බෝගිනි හදන්නේ ඉතාලියේ ‛ඔටෝමොබිලි ලැම්බෝගිනි’ (Automobili Lamborghini) සමාගම . මේ ලැම්බෝගිනි කාර් නිර්මාණය කිරීම පිටිපස්සේ හරි ලස්සන කතාවක් තියෙනවා. ඇත්තටම ලැම්බෝගිනි කාර් හැදුවේ තරහට. ඉතාලි ජාතිකයෙක් වෙන ෆෙර්රුකිඕ ලැම්බෝගිනි (Ferruccio Lamborghini) තමයි ලැම්බෝගිනි මෝටර් රථයේ මුල්ම නිෂ්පාදකයා වෙන්නේ.
    lamborghini-istorie-102_0.jpg

    Ferruccio_with_Lamborghini_Miura_SV-1.jpg

    Ferruccio-Lamborghini-the-raging-bull-of-automobiles-00005.jpg


    ඔහු ඇත්තටම මුලින්ම හැදුවේ මෝටර් රථ නෙවෙයි Lamborghini ට්‍රැක්ටර්. :shocked::baffled::shock ed::baffled: මිදි ගොවි පවුලක උපන්න ෆෙර්රුකිඕ ලැම්බෝගිනිගේ කැමැත්ත තිබුනේ තාත්තා වගේ මිදි ගොවියෙක් වෙන්නනෙවෙයි. ඔහුගේ හිත තිබුනේ කර්මාන්ත ක්ෂේත්‍රයට, ඔහු තුරුණු වියට එළැඹෙත්ම දැඩි කැමැත්තක් දැක්වූයේ වාහන සහ ඒ ආශ්‍රීත යන්ත්‍රෝපකරණ අලුත්වැඩියාවට සහ ඒ පිළිබඳ අධ්‍යයනයට.

    1512065652017376.JPG

    jlglamborghinitractor.jpg


    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    හතළිහේ දශකයේ මුල් භාගයේදී ඔහු නැඟෙනහිර ඉතාලියේ කුඩා ප්‍රමාණයේ ගරාජයක් පටන් ගත්තේ මෝටර් සයිකල් සහ වාහන අලුත්වැඩියාව සඳහා. ඔහු ඒ කාල සමයේදී ගත්ත ඉතා වැදගත් තීරණයක් වන්නේ දෙවැනි ලෝක යුද්ධ සමයේ අතහැර දමා ගිය රථවාහන කොටස් අඩු මිලකට එක් රැස් කිරීම. එසේ එක් රැස් කරගත් සුන්බුන් උපයෝගි කරගෙන ඔහු 1948 දී පමණ ලැම්බෝගිනි ට්‍රැක්ටර් හදන්න පටන් ගත්තා. ඉන්පසු ඔහු ඔහුගේම ට්‍රැක්ටර් එන්ජිම් නිපදවීමට පටන්ගත් අතර 1960 දී ඔහුගේ ට්‍රැක්ටර් ව්‍යාපාරය සාර්ථක ලෙස දියුණු වූවේ මසකට විකිණීම් 400 ක් තරම් ප්‍රමාණයකට ලංවීමෙන්ය. ඔහු තවත් මෙම ව්‍යාපාරය පැතිරවීමට 1960 සිට වායු සමීකරණ ඒකක සහ හීටර් නිෂ්පාදන කලා. මෙයද ඉතා සාර්ථක ලෙස සිදුකිරීමට ඔහුට හැකිවුනා.

    කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ට්‍රැක්ටර් ව්‍යාපාරයෙන් යහමින් මුදල් හම්බ කරන්න ලැම්බෝගිනි සමත් වුණා. ලැම්බෝගිනි විනෝදාංශයක් විදියට මෝටර් රථ ධාවනයට පුදුමාකාර කැමැත්තක් දැක්වූවා. එම නිසා ඔහුට සුපිරි මෝටර් රථ කිහිපයක්ම තිබුණා. ඒ අතරින් ඔහු ෆෙරාරී 250 GT (Ferrari 250 GT) මෝටර් රථය තමයි ආශාවෙන් ධාවනය කළේ.


    60Ferrari_250_GT_SWB_Berlinetta_1.jpg


    ferrari-250-gt-spyder-california-09.jpg


    දිනක් ඔහු ෆෙරාරී මෝටර් රථය ධාවනය කරද්දී ඔහුට එහි තිරිංග පද්ධතියේ යම් කිසි දෝෂයක් පවතින බව දැනුණා. ඔහු ඒ පිළිබඳ කියන්න ෆෙරාරි ව්‍යාපාරයේ හිමිකරු වන එන්සෝ ෆෙරාරි මුණගැසෙන්න ගියා. ෆෙරාරි තම සමාගම නිෂ්පාදනය කරන මෝටර් රථයේ කිසිදු වරදක් නැතැයි දැඩිව පැවැසුවා.

    “වැරැද්ද තියෙන්නේ තිරිංගයේ නෙවෙයි කාර් එක එළවන එක්කෙනාගේ. ඒක නිසා තමුසෙ දන්නේ නැති කාර් ගැන හොයන්නේ නැතිව දන්න කියන ට්‍රැක්ටර් ගැන බලාගත්තොත් හොඳයි.” එන්සෝ ෆෙරාරි තවදුරටත් කෝපයෙන් පැවැසුවා. ෆෙරාරිගේ දෝෂාරෝපණයෙන් ලැම්බෝගිනි දැඩි කෝපයට පත්වුණත් ඔහු එම කෝපය එම අවස්ථාවේ පිට නොකරන්න තීරණය කළා.


    lFds6pTN.jpeg

    ඔහු ෆෙරාරිගේ දෝෂාරෝපණය තුළ නව ව්‍යාපාරික අවස්ථාවක් දැක්කා. තවදුරටත් ට්‍රැක්ටර් නිපදවනවා වෙනුවට සුපිරි මෝටර් රථ නිෂ්පාදනය පැත්තටත් අවධානය යොමු කරන්න හිතුවා. මන්දයත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය පුරා වූ ධනවතුන් ජීවන රටාවන් වෙනස් කළා. වේගයෙන් ධාවනය කළ හැකි සුඛෝපභෝගී මෝටර් රථ සඳහා වන ඉල්ලුම එන්න එන්නම වැඩි වුණා. එම නිසාම V12 එංජිම යොදාගෙන මෝටර් රථ නිෂ්පාදනය සඳහා ඉතා කුඩා කර්මාන්ත ශාලාවක් ලැම්බෝගිනි නිර්මාණය කළා. ඔහුගේ අරමුණ වුණේ සාමාන්‍ය මෝටර් රථයක් නිෂ්පාදනය කරන්න නෙවෙයි.ඔහුට අවශ්‍ය වුණා ෆෙරාරි මෝටර් රථයට තරගයක් දෙන සුඛෝපභෝගී සුපිරිම මෝටර් රථයක් නිෂ්පාදනය කරන්න. ඔහු මුලින්ම කළේ ඔහුගේ තරගකරු වන එන්සෝ ෆෙරාරිට අයිති ෆෙරාරි සමාගමේ වැඩකරන දක්ෂම සේවකයන් ඉහළ වැටුපකට තම සමාගමට ගෙන්වා ගැනීම.ඔහුට ෆෙරාරි V12 එන්ජිම සමග වැඩ කල Giampaolo Dallara නම් දක්ෂ ඉංජිනේරුවෙකු මුණගැසුනා.

    dallara02_evo412.jpg

    මේ ඉන්නේ Giampaolo Dallara...ඒ කාලේනම් කොල්ලාකාලේ වෙන්න ඇති... :D:D

    ඔවුන් නිපදවූ අලුත් එන්ජිම වර්ථමාන ලැම්බොගිනි එන්ජින් සියල්ලටම මූලාකෘතිය වී තිබෙනවා. මෙහි ආකෘතිය නිර්මාණය කරන ලද්දේ Scaglione-Touring වූ අතර ඔහුට එම ආකෘතියට අනුව එන්ජිම ගොඩනැගීමට පැවරුනා.

    Bizzarrini_Lamborghini_Dallara.jpg


    එම උපක්‍රමය මඟින් ෆෙරාරිගේ සියලුම තාක්ෂණික රහස් සහ විකුණුම් රහස් ලබාගන්න ඔහුට හැකියාව ලැබුණා. තමන් මුලින්ම කළේ ෆෙරාරි මෝටර් රථය කොපි කිරීම කියලා පසුකාලයකදී ප්‍රසිද්ධියේම කිව්වා. ලැම්බෝගිනිගේ අපරිමිත ධෛර්යයෙන් පැයට කිලෝමීටර් 150ක වේගයෙන් ධාවනය කළ හැකි 350GT මෝටර් රථය 1966දී නිෂ්පාදනය කළා.එහිදී අතිසාර්ථක ලෙස 130ක් පමණ විකිණී තිබෙණු අතර එය ලැම්බොගිනි මෝටර් රථ කේෂ්ත්‍රයේ නව විශාල පිම්මක් වුණා. 350GT ද ඊට පසුව හදුන්වාදුන් 400GT 2+2 දරණ මෝටර් රථද ලොව පුරා ලැම්බොගිනි නම පැතිරවීමට සමත්වුණා.

    640px-Lambo350GT_6815.jpg

    640px-Lambo350GT_6821.jpg

    640px-Lambo350GT_6820.jpg

    640px-DSCN0169%281%29.JPG


    මේ තියෙන්නේ Lamborghini 350 GT වන්ඩිය

    640px-400GT.JPG
    [/IMG]
    640px-1966_Lamborghini_400_GT_Monza.jpg

    640px-1966_Lamborghini_400_GT_Monza_-_Flickr_-_exfordy.jpg


    මේ තියෙන්නේ Lamborghini 400GT 2+2 වන්ඩිය

    ඔහු ලැම්බෝගිනි සන්නම සඳහා ඉදිරියට වේගයෙන් දිව එන කුළු හරකාගේ රූපයක් යොදාගත් අතර ලැම්බෝගිනි ලෙස එහි සටහන් කළේ ඔහුගේ අස්සන ලියන ආකාරයට. ඔහුගේ ප්‍රතිවාදියා වන ෆෙරාරිගේ සන්නාම ලකුණ වුණේ කකුල් දෙකෙන් ඉස්සී ඉන්න අශ්වයා. නමුත් ලැම්බෝගිනිගේ සංකේතය වන කුළු හරකා එසේ නිසලව නොසිටි අතර ඉදිරියටම වේගයෙන් එන අයුරක් පෙනෙනවා. ක්‍රීඩාශීලී මෝටර් රථ සන්නමකට ඉදිරියට දිව එන කුළු හරකා ඉතාම උචිත බව සන්නාම විශ්ලේෂකයන් අදටත් පවසනවා.

    lamborghini_logo_sculpt_by_pranavjit-d6r5a88.png


    lamborghini_logo2.gif


    LAMBORGHINI_LOGO.jpg



    ලැම්බෝගිනියේ එන්ජින් ධාරිතාවත් මෙහි විශේෂත්වයට එක හේතුවක්. මෙහි එන්ජින් ධාරිතාවය 5,200 සිට 6,500 දක්වා තිබෙනවා. ලැම්බෝගිනියේ මාදිලිය අනුව වේගයේ ප්‍රමාණය වෙනස් වෙනවා. horse power (අශ්වබල) 550 මාදිලියේ 0km සිට 100km දක්වා වේගය තත්පර 4.20ක් වෙනවා.

    ලැම්බෝගිනි කාරයේ ඇතුළත නිර්මාණය පාරිභෝගිකයාට අවශ්‍ය ලෙස සකස් කර ගැනීමටත් හැකියාව තියෙනවා. විශේෂයෙන්ම පාරිභෝගිකයාට අවශ්‍ය වර්ණ සංයෝජනයන්ගෙන් ලැම්බෝගිනි කාරයෙහි ඇතුළත අලංකරණය කර ගැනීමට හැකියාව පවතිනවා.


    polizia_lamborghini_gallardo_lp560-4_inside-600x400.jpg


    lamborghini-urus-suv-has-officially-arrived-photos-inside-2012-auto-vehicle-concept-car-8.jpg


    1b66c977eaaf6bdf0bd0ce8f831e3aa9.jpg


    කෙමෙන් දියුණුවෙන් ඉදිරියටම ඇදුන ද 1973 වසරේ සිදුවූ තෙල් අර්බුදය හමුවේ ලැම්බෝගිනි පහුබහින තත්වයක් තියෙනවා. මේ නිසාම 1973 න් පසුව මෙහි හිමිකාරිත්ව තෙවරක්ම වෙනස් වූ අතර 1978 දී මෙම සමාගම බංකොලොත් තත්වයට පත්විය. :(:(:(:(:(:(:(:( පසුව ඇමරිකානු , මැලේසියානු , ඉනිදුනීසියානු සමාගම් වලට අයත්ව තිබු ලැම්බෝගිනි හි වත්මන් හිමිකරුවන් වන්නේ වොක්ස්වැගන් සමාගමේ audi සන්නාම අංශයයි.

    ලැම්බෝගිනි සමාගමේ මුල්ම නිෂ්පාදනය වූයේ 350 ජීටී මාදිලිය එවකට ක්‍රීඩා මෝටර් රථ ක්ෂේත්‍රයේ නමක් දිනා සිටි ෆෙරාරි සමාගම සමග තරග කරන්නට අවශ්‍ය තරම් උසස් මට්ටමක පැවතිණි. මෙහි යාන්ත්‍රණය වර්තමාන දෙමුහුන් (Hybrid) තාක්ෂණයට සමාන වූ බැව් පෙනේ. එනම් මෙය නිර්මාණය කොට තිබුණේ මුළින්ම විද්‍යුත් බලයෙන් ධාවනය වී පසුව වේගය වැඩිකරන විට ඉන්ධන බලයට මාරුවිය හැකි ආකාරයටය. එයට පැයට කිලෝ මීටර 254ක වේගයකින් ධාවනය කිරීමේ හැකියාව තිබිණි. ලැම්බෝගිනි සමාගම මෙම මාදිලියෙන් මෝටර් රථ 135ක් නිෂ්පාදනය කළේය.

    මේ ආකාරයට ලැම්බෝගිනි සමාගම මගින් 400ජීටී 2X2, මියුරා, එස්පාඩා, ඉස්ලෙරෝ, ජරාමා, උරාකෝ, කවුන්ටෑක්, සිලුවෙට්, ජල්පා, එල්එම්002, ඩයබ්ලෝ, මර්සියෙලගෝ, ගලාර්ඩෝ, රෙවෙන්ටොන්, ඇවෙන්ටඩෝර්, සෙස්ටෝ එලිමෙන්ටෝ, වෙනීනෝ, එගොයිස්ටා සහ හුරාකන් යන ප්‍රධාන මෝටර් රථ මාදිලි නිපදවා තිබේ. මීට අමතරව වෙනත් අනු මාදිලි ඇති අතර ඒවා මෙම ලැයිස්තුවේ ඇතුළත් නොවේ. ලැම්බෝගිනි මෝටර් රථ බොහොමයකට නම් තබා ඇත්තේ ස්පාඤ්ඤය වැනි රටවල දක්නට ඇති ගොන් පොර තරගවලදී සටන් වැදුණු සටන්කාමී ගොනුන්ගේ නම්වලින් වීම ද විශේෂත්වයකි. මේ අතුරින් වැඩිම ප්‍රමාණයක් නිපදවන ලද මාදිලිය වන්නේ 2003 – 2013 අතර සමයේ නිෂ්පාදනය වූ ‛ගලාර්ඩෝ’ වන අතර එය 14,022 කි.


    640px-Lamborghini_Gallardo_-_Vision_Motorsports_%287961239612%29.jpg

    images

    මේ තියෙන්නේ lamborghini gallardo මොඩ්ල් එක

    අපේ ඩිලන්ත අයියා ගාව තියෙන්නෙත් මේ ගලාඩෝ 550 එකක් තමයි.මේ වන්ඩිය ඩිලන්ත ට 2010 ආසියානු ශූරතාවය හිමි කර ගැනීම වෙනුවෙන් ලැබුන තිලිනයක්.
    z_p13-Colombo-03.jpg


    ලැම්බොගිනි ගලාඩෝ 550 2011 මෝස්තරයේ මෙම මෝටර් රථය දෑතින් නිමවන ලද (Hand Built) මෝටර් රථයක්. මෙම වර්ගයේ ධාවන තරග සඳහා විශේෂයෙන් නිමවන ලද මෝටර් රථත් තිබෙනවා. ඒත් ඩිලන්තගෙ මෝටර් රථය මහ මාර්ගයේ ධාවනයට සැදූ එකක්. මෙහි ඇන්ජිම 5204CC “ධාරිතාවයකින් යුක්තය.“Break Horse Power” 550 ක් බලයක් සහිතයි. පෙට්‍රල් ලීටරයකින් මෙම වාහනයට කිලෝමීටර් 5 ක පමණ දුරක් යා හැකියි. මෙම වර්ගයේ අධි ධාවන හැකියාවකින් යුත් වාහන සමග සැසඳුවාම එම ප්‍රමාණය ඉතා හොඳ මට්ටමේ එකක්.
    සාමාන්‍යයෙන් කාපට් පාරක ධාවනය කරන විට චැසිය පහත මට්ටමේ තිබුණත් වළ ගොඩැලි සහිත පාරක යද්දී එය මඳක් ඔසවා ගැනීමේ හැකියාව මෙම මෝටර් රියේ තිබෙනවා. මෙහි ඇත්තේ “පෙඩ්ල් ෂිෆ්ට්” වර්ගයේ ගියර් පද්ධතියක්. එහි ගියර් මෙහෙය වීම සුක්කානමටම සම්බන්ධ කොට තිබිම නිසා සුක්කානමෙන් දෑත නොගෙනම ඉතා පහසුවෙන් ගියර් මාරු කිරීම කළ හැකියි.
    මෙහි වේගය 0-100 දක්වා ඉහළ නංවා ගැනීමට ගත වන්නේ තත්පර 3.9 ක පමණ කාලයක්. ඒ වගේම 100-0 දක්වා තිරිංග ක්‍රියාත්මක කිරීම තත්පර 2.8 කින් කළ හැකි බව ඩිලන්ත සඳහන් කරනවා. ඒ වගේම ඩිලන්තගෙ මෙම ලැම්බොගිනි මෝටර් රථයට පැයට කිලෝමීටර් 330 ක උපරිම වේගයකින් යා හැකියි.


    2010GT3AsiaRd070809g.jpg

    Dilantha2-e1294748147945.jpg


    මේ ලගදි දවසක ජාතික රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී උන ඩිලන්ත මාලගමුව පොරගේ වන්ඩියෙන් කොට්ටාවේ සිට ගාල්ලට විනාඩි 16කින් ගියා කියලා කිවුවේ...:shocked::shocked::shocked::shocked: හරි හරි යකුනේ ...haiway එකේ උපරිම speed එක 100kmh උනාට ඩිලන්ත මුලින්ම වේගයෙන් යෑම සදහා haiway එකේ බලධාරීන්ගෙන් අවසරයක් අරගන.305kmh ට top speed පාගන්න පුලුවන් උනා කියලා තමයි ඩිලන්ත අයියා කිවුවේ...ආසාවේ බෑ නේද
    :yes::yes:: yes::yes:

    z_p32-Malagamuwa.jpg

    z_mag-p-14-Dilantha-02.jpg

    මට තියන ප්‍රශ්නේ ඩිලන්ත අයියගේ වන්ඩිය කාලෙන් කාලෙට නේක වර්ණයෙන් පේන්ට් කරන්නම කී දාහක් මේ වෙනකොට වියදම් කරලා ඇත්ද කියලා බන්... :confused::confused::c onfused::confused:

    d202db02716a78058dce6a3dac6cc028_XL.jpg


    අඩුම ප්‍රමාණයක් නිෂ්පාදන කොට ඇත්තේ 2013 වසරේ නිෂ්පාදනය කරන ලද ‛එගොයිස්ටා’ය. එය මෙම සමාගමේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද්දක් වූ අතර නව සංකල්පයේ මෝටර් රථයක් ලෙස ඉදිරිපත් කෙරුණු අතර වාණිජමය වශයෙන් ඉදිරියට ගෙන යාමට සමාගමට අවශ්‍යතාවයක් නොතිබුණු බවක් පෙනුණි. පැයට කිලෝමීටර් 325ක වේගයක් සහිත වූ මෙය සම්පූර්ණයෙන්ම සැළසුම්කොට තිබුණේ ප්‍රහාරක ගුවන් යානා තාක්ෂණයට අනුවය. එක් ආසානයක් පමණක් තිබූ මෙහි දොර ඉහළට එසැවිය හැකි සේ තනා තිබුණි. මෝටර් රථයේ වාඩිවිය යුත්තේ සුක්කානම ගැළවීමෙන් පසුව වූ අතර වාඩි වූ පසු සුක්කානම සවිකරගත යුතු විය. වායුගතික තාක්ෂණික ක්‍රමයට අනුකූලව මෝටර් රථයේ දේහය සකස්කොට තිබූ අතර ඒ සඳහා යොදාගෙන තිබූ ද්‍රව්‍යය රේඩාර්වලට හසුනොවන ලෝහ වර්ගයක් විය. මෙය දැනට ලැම්බෝගිනි කෞතුකාගාරයේ තැන්පත් කොට තිබේ

    561px-Lamborghini_Egoista_front.jpg

    2013-lamborghini-egoista-7_600x0w.jpg

    2013-lamborghini-egoista-4_600x0w.jpg

    18nh00l4rm8psjpg.jpg

    lamborghini-egoista-concept7.jpg

    lamborghini-egoista-concept-09.jpg

    egoista-copy.jpg

    lamborghini-egoista5.jpg

    a.baa-The-Lamborghini-Egoista.jpg


    ඔවුන් 2014 වසරේ නිෂ්පාදනය කළ මාදිලිය වූයේ ‛හුරාකන්’ :shocked::lol::sh ocked::lol ::shocked::lol: (Huracán) ය. මෙය ‛චණ්ඩමාරුතය’ ඉංගිරිසි බසින් හඳුන්වනු ලබන hurricane යන්නෙහි ස්පාඤ්ඤ යෙදුමයි. බොහෝ ලැම්බෝගිනි මාදිලි සඳහා සේම මෙයට ද නම තබා ඇත්තේ සටන්කාමී ගොනෙකුගේ නමිනි. එමෙන්ම මායාවරුන් අතර සුළඟ, කුණාටුව සහ ගින්දර සඳහා අධිගෘහිත දෙවියා වන්නේ ද හුරාකන් ය. ඇමරිකානු ඩොලර් 320,000ක් (රුපියල් 42,201,600) ක් පමණ වන මෙය කාබන් ෆයිබර් යොදා නිමවා ඇති බව පැවසේ. තත්පර 3.2 ක් තරම් කාලයක් තුළ මෙයට පැයට කිලෝමීටර් 100 දක්වා වේගයකට ද, තත්පර 9.9කදී පැයට කිලෝමීටර් 200ක් දක්වා වේගයකට ද ළඟාවීමේ හැකියාවක් ඇත. ඉතාලි පොලීසිය සඳහා වූ නිල වාහනය ද මේ මාදිලියටම අයත් වන අතර එය ‛හුරාකන් එල්පී 610-4 පොලිසියා’ (Huracán LP 610-4 Polizia) නමින් හඳුන්වනු ලබයි.
    HuracanGeneva1.jpg

    2015-lamborghini-huaracan_100466274_m.jpg

    Lamborghini-Huracan-Roadster-going-to-Geneva.jpg



    ලැම්බොගිනි ට්‍රැක්ටර් ඇතුළු ඉඩම් වාහන නිපදවීම මෝටර් රථ නිපදවීමට කලකට පෙර සිදුකරන ලද්දකි.1950දී එම සමාගම ට්‍රැක්ටර් ඇතුළු ඉඩම් වාහන නිපදවීම ඇරඹූ අතර 1974 දී ට්‍රැක්ටර් ව්‍යාපාරය බංකොලොත් වීමත් සමග Lamborghini මහතා තම ව්‍යාපාරය SDF Group නැමති සමාගමකට විකුණා දමන ලදි.1974 න් පසු මෙහි හිමිකාරත්වය තුන්වරක් වෙනස් වූ අතර 1978 දී බංකොලොත් භාවයටද පත් විය

    1987 දී ඇමරිකාවේ Chrysler Corporation මෙය මිලදී ගත් අතර නැවත 1994 දී මැලේසියානු සහ ඉන්දුනීසියානු සමාගමකට විකුනණ ලදි.

    මේ වනවිට ලැම්බෝගිනි ට්‍රැක්ටර් නිපදවීම සදහා මෙම සමාගම ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රානිපෙට් හි කර්මාන්ත ශාලාවක්ද ඉදිකොට තිබේ.

    Trattori Lamborghini යන වෙළද නාමය යටතේ මෙම ට්‍රැක්ටර් වෙලද පලට යළි හදුන්වා දෙන බව SDF India සමාගම කියයි.



    නවතම ලැම්බොගිනි රියේ එකම හිමිකරුවන් තිදෙනා අතරට ශ්‍රී ලාංකිකයෙක්

    antoine.jpg


    Antoine Dominic (ඇන්ටොයින් ඩොමිනික්) කියන්නේ ලොව අංක එකේ රථ වාහන ව්‍යාපාරිකයෙක්. රෝල්ස් රොයිස්, බෙන්ට්ලි හා ලැමිබෝගිනි වැනි අධි සුඛෝපභෝගී මෝටර් රථ අලෙවි කිරීමේ හා බෙදාහැරීමේ ව්‍යාපාරයේ නිරත වන ඔහු Bespoke මෝටර් රථ සමාගමෙහි හිමිකරුයි. මේ වන විට 51 හැවිරිදි ඔහු ලාංකිකයෙක්. අපේ රටේ උපත ලැබූවත් ඔහුගේ හීනය වුනේ අධි සුඛෝපභෝගී වාහනයක හිමිකරුවෙක් වන්නටයි. ඒ වෙනුවෙන් දිවා රෑ වෙහෙසී කැපවීමෙන් වැඩ කළ ඔහු අද අධි සුඛෝපභෝගී වාහන බෙදාහරින්නෙක් බවට පත්වෙලා.

    ඒත් මොහුට ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධියක් හිමි වීමට හේතු වුනේ නම් වෙනත් හේතුවක් නිසයි. ලැම්බොගිනි සමාගම පසුගිය දිනෙක සිය නවතම මෝටර් රථය එළිදැක්වූවා. Lamborghini Veneno නමින් හැඳින්වෙන ඒ මෝටර් රථය ඩොලර් මිලියන 4ක් පමණ මිල වනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි 50කට ආසන්නයි. ඒ කෙසේ වුනත් ලැම්බොගිනි සමාගම මේ මෝටර් රථ‍ය එසේ මෙසේ කෙනෙකුටනම් මිලදීගන්නට බැහැ. මොකද ලැම්බෝගිනි සමාගම අවසර ලබාදෙන අයට විතරයි මේ තරම් මුදලක් දීලා වුනත් මිලදීගන්න පුළුවන්.ඉතින් ලැම්බොගිනි සමාගම විසින් මේ නව Lamborghini Veneno මෝටර් රථය මිලදී ගැනීම සඳහා ඉඩ ලබාදුන් තුන් දෙනා අතර මේ ලාංකිකයාත් ඇතුලත් වීම අපටත් ආඩම්බරයක්


    000217_7Nov2013_more_mid.jpg

    antoine-1.jpg

    000165_20Aug2013_more_mid.jpg


    ලැම්බොගිනි සමාගම මෙලෙස සිය පාරිභෝගියකයින් තිදෙනා තෝරාගෙන ඇත්තේ ලැම්බෝගිනි මෝටර් රථ පිළිබඳ ඇති ඇල්ම , ඒ වගේම ඒ පිළිබඳ ඇති දැනුම වගේම මීට පෙර ලැම්බොගිනි මෝටර් රථ මිලදීගත් ප්‍රමාණයත් සලකා බලා බවයි පැවසෙන්නේ.කෙසේ නමුත් ඔහු නව Lamborghini Veneno මෝටර් රථය මිලදී ගත් මුදලට වඩා වැඩි මුදලකට දැනටමත් බොහෝදෙනෙක් ඔහුගෙන් මේ මෝටර් රථය මිලදී ගැනීමට කැමැත්තෙන් සිටින බව වාර්ථා වනවා.

    000217_7Nov2013_more_full3.jpg

    101811485-Inside_Veneno_530x298.jpg



    තැන් තැන් වලින් විස්තර එකතුකරගෙන ඒ සේරම එකතුකරලා තමයි විස්තරේ හැදුවේ....හොදයිනම් සලකලා යන්නත් අමතක කරන්න එපා......

    එහෙනම් ජය වේවා


    තව පොඩ්ඩක් තියනවා....ඒ ටිකත් බලලම යන්න
     
    Last edited:

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    අන්තිමට මෙන්න තියනවා ලැම්බොගිනි ප්‍රධානම මොඩල්ස් ටිකක් ඔයාලට බලන්න

    640px-6274_-_Luzern_-_Verkehrshaus_-_Lamborghini_Miura.JPG

    Lamborghini Miura - 1966–73 (764 built)


    640px-Lamborghini-Espada.jpg

    Lamborghini Espada - 1968-1978 (1217 built)

    640px-1969_Lamborghini_Islero_S_-_fvr.jpg

    Lamborghini Islero - 1968-69 (225 built)

    640px-Lamborghini_Jarama_at_AutoItalia_Brooklands_May_2012_1-cropped.jpg

    Lamborghini Jarama - 1970–1976 (328 built)

    640px-Lamborghini_Urraco_P111_%28France%29.jpg

    Lamborghini Urraco 1973-1979

    640px-Lamborghini_Countach_LP500S.jpg

    Lamborghini Countach 1974–1990(2049 built)

    640px-Lamborghini_Silhouette.JPG

    Lamborghini Silhouette 1976 - 1979(54 built)

    640px-Lamborghini_Jalpa_front.jpg

    Lamborghini Jalpa 1981-1988 (410 built)

    640px-Lambo_LM_002_1.jpg

    Lamborghini LM002 [Also called "Rambo Lambo"] 1986–1993 (328 built)

    640px-LamborghiniDiabloSV.jpg

    Lamborghini Diablo 1990–2001 (2884 built)

    640px-Gray_Lamborghini_LP640.jpg

    Lamborghini Murciélago 2001–2010 (4099 built)

    640px-Lamborghini_Gallardo_-_Vision_Motorsports_%287961239612%29.jpg

    Lamborghini Gallardo 2004–2014

    640px-Lamborghini_Revent%C3%B3n.jpg

    Lamborghini Reventón 2008 (08 built - 1 for museum)

    640px-Mus%C3%A9e_Lamborghini_0133.JPG

    Lamborghini Aventador - February 2011–present

    640px-Lamborghini_Sesto_Elemento.jpg

    Lamborghini Sesto Elemento 2011 (20 built)

    640px-Lamborghini_Veneno%2C_Car_Zero_%28profile%29.jpg

    Lamborghini Veneno 2013(3 built)

    561px-Lamborghini_Egoista_front.jpg

    Lamborghini Egoista 2013

    640px-Lamborghini_Huracan_Super_Trofeo_%2815383668411%29.jpg

    Lamborghini Huracán 2014–present
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලැම්බෝගිනි ලෝගෝ එකට කුලු හරකෙක් දැම්මේ උගේ ලග්නේ වෘෂභ(taurus) නිසයි.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    උබ හිතුවේ මම විහිලුවට කිව්වා කියලද?

    The Lamborghini logo was created taking inspiration from Taurus (bull), the zodiac sign of the founder of the company.

    http://www.famouslogos.us/lamborghini-logo/

    මෙන්න මේකේත් ඔය කතන්දරේම කියනවා.


     
    Last edited:

    Similar threads