ඇස්_වලට_කඳුළු_ආවා.............
මට මේක හම්බුනේ බුකියේ කරක් ගහනකොට..... මේක කියෝනකොට මටනම් මහා පුදුම වේදනාවක් ආවා.... ඇස් වලට කඳුලුත් ආවා........ 

මටත් කලින් උඹ ගියාද..
දන්නෙ නැහැනෙ ඒ වග මම.
ඉස්සර නම් කන්තෝරුවෙ ලඟම තිබුන මේස දෙකේ රටේම තොරතුරු
බෙදගත්තා.. අපි දෙන්නා
ඒ විතරද..
පුංචි වුන්ගෙ දඟ වැඩ ගැන
මහත්තයගෙ සැර වැර ගැන
දාහක් දේ කතා කරලා
ගෙවිලා ගියපු කාලය මොනතරම් දිගද..
දරු මල්ලොත් දීග දීලා
පැන්ෂොන් පෝලිමෙත් එකට
ක්ලිනික් ගියෙත් අපි එකටම..
පසු ගියදා ක්ලිනික් එකට උඹ ආවේ නැති වුනාම හිතුනෙම නෑ මිතුරියෙ මට මෙහෙම දෙයක් ගැන නම්
දැන් කව්රුද අපිට කියන්නේ පණිවිඩ..
මට ටික දවසකට කලින් පැන්ෂන් ගිය උඹ
මේ ගමනත් ඒ වගේම මටත් කලින් යන්න ගිහිං...