වැරැදි ලිංගික සබඳතා

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    වැරැදි ලිංගික සබඳතා



    ලිංගිකත්වය කියන වචනය කිව්ව ගමන් 'හා, හා එපා, එපා' කියලා කටවහන රටක මේවා ලියලා හෙට අනිද්දා මටත් මොනවගේ කටකතාවලට මුහුණ දෙන්න වේවිද දන්නේ නැහැ. ලංකාවේ හැටි එහෙමනේ.

    images

    කොහොම හරි අපේ රටේ සෙක්ස් කියන්නේ එක පන්තියකට සීමා වුණු දෙයක්. හුඟක් වෙලාවට ඒ අයට සෙක්ස් කියන දේ බරපතළකමක් නැහැ. ඔව් සෙක්ස් කියන දේ බරපතළ නැහැ. අර කියන යාන්ත්‍රණය ඇතුළේ ඒ කියන්නේ 'නීත්‍යනුකූල එක් සහකරුවකු සමඟ පමණක්' කියන යාන්ත්‍රණය ඇතුළේ ඉඳල සෙක්ස් කර ගන්න පුළුවන්.
    ඒත් එක්කම ලංකාව තුළ ඇතිවුණු බෞද්ධ පුනරුදය එක්ක අපිට ජීවත් වෙන්න ක්‍රමයක් ඇතිවුණා. දකින දකින මනුස්සයා එක්ක කාමරවල තනිවීම සදාචාර විරෝධී කියන කාරණය මත නීත්‍යනුකූලව විවාහ වෙලා ජීවිත කාලයම ඒ සඳහා මිඩංගු කරන්න ඉන් අපේ සමාජය හුරු වුණා.


    ඔය කියන කාරණා ඉතින් නීතිම නෙවෙයි. ඒක තමන්ගේ හැදිච්චකම. තමන් ජීවත් විය යුත්තේ මොන විදියටද කියන කරුණ මත එය තීරණය වනවා. කොහොම වුණත් එය තමන්ට අනුකූලයි. හැඟීම්වලට නීති දාන්න බැහැ. මගේ කාර්යාලයීය සගයෙක් නිතරම කියනවා වගේ කාටවත් කිසිම දෙයක් ගැන අණ දෙන්න බැහැ. එය දැනෙන්න ඕන දෙයක්.


    ලංකාවේ ලිංගික අධ්‍යාපනයේ තියෙන දුර්වලකම් බොහෝ විට වැරැදි ලිංගික සබඳතාවලට හේතු වනවා. ලිංගිකත්වය හංගලා තියෙන නිසා ඒක වටින් ගොඩින් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. සමහර විට හොරෙන් හොරෙන් යාළුවෝ එක්ක කතා කරලා එහෙමත් නැත්නම් නිල් වීඩියෝ බලලා. නමුත් හුඟක් නිල් වීඩියෝවල ස්වාභාවික ලිංගික චර්යා නැහැ. අසාමාන්‍ය විකෘති කාමය අවුස්සන දර්ශන විතරයි ඒවායේ තිබෙන්නේ.

    images

    ඉතින් එතකොට ඇතිවන ප්‍රශ්නය වෙන එකක්. වතාවක් කාන්තා පුවත්පතකට ලිපියක් ගන්න ගිය වෙලාවක එක වෛද්‍යවරයෙක් අපූරු කතාවක් කිව්වා. ඒ කියන කතාවට අනුව වෛද්‍යවරයා වෙතට යම් පුද්ගලයෙක් ඇවිත් තියෙනවා. පුද්ගලයෙක් කිව්වට අවුරුදු 20ක තරුණයෙක් මෙයාට ඇතිවෙලා තිබෙන ප්‍රශ්නය තමන්ගේ ලිංගික අවයවය ප්‍රමාණාත්මකව නොවීමයි. වෛද්‍යවරයා අහලා තියෙනවා කොහොමද එහෙම ප්‍රමාණාත්මකව තීරණය කරන්නේ කියලා. ප්‍රශ්නය නිල් චිත්‍රපටවල ඉන්න නළුවන් සමඟ තමා සම කිරීම කියලා අවසානෙදි මේ වෛද්‍යවරයා දැනගත්තා.


    ඔන්න ඕකයි ලිංගික අධ්‍යාපනය විෂම වීමේ ප්‍රශ්නය. ඒ විදියට නිල් චිත්‍රපට බලලා, මල් කතා කියවලා, අන්තර්ජාලය හෝ අර වටින් ගොඩින් අහලා අන්තිමට අත්හදා බලන්න යනවා. බුදුරජාණන් වහන්සේ ජීවිතයේ ඒ ඒ වයස්වලට අදාළ කාර්යන් වෙන් කළානේ. ඔතැනදී විවාහයටත් වයසක් කිව්වා. ලංකාවේ නීතියෙත් වයසක් තියෙනවා. සමහර අය මේ කිසිම දෙයක් ගැන සැලකීමක් නැතිව අර අත්හදා බැලීම් කරනවා.


    අනෙක් දේ තමයි මේ අයට වයස ප්‍රශ්නයකුත් නැහැ. අක්කලාද, මල්ලිලාද, ආච්චිලාද, මිනිපිරියොද, දුවද, පුතාද කියලා වෙනසක් නැති වෙනවා. මෙලෙස අයාලේ යන අයට අවසානෙදී ලැබෙන දායාදය තමයි සමාජ රෝග කියන්නේ.
    මේ තරම් වෙලා මේ ලිපිය පුරා මම කියාගෙන ආපු කතාවේ අවසානය තමයි සමාජ රෝග කියන්නේ. සමාජ රෝගයක් ඇති වෙන්න අසම්මත ලිංගික චර්යා බලපානවා. අන්න ඒ නිසා තමයි ආගමික සමාජයීය වශයෙන් නියමිත කාලවලදී නියමිත ක්‍රමවේද සකස් කරලා තියෙන්නේ.
    ලිංගික රෝගයක් ගත්තාම දැනට ලෝකයේ තිබෙන භයානකම රෝගය විදියට වාර්තා වන්නේ ඒඩ්ස්. එය සිංහල විදියට කියනවා නම් 'නතු කර ගත් ප්‍රතිශක්තිකරණ උෟනතා සහ ලක්ෂණය' කියලා හඳුන්වන්න පුළුවන්.


    අවුරුදු සිය ගණනකට කලින් ලංකාවේ ලිංගාශ්‍රිතව බෝවන රෝග වළක්වා ගන්න නිසි පියවර අරගෙන තිබුණා. ඉතිහාස වාර්තා හොයලා බැලුවොත් 1886දී කොළඹ, මහනුවර සහ ගාල්ල කියන රෝහල් ආශ්‍රිතව ලිංගාශ්‍රිත රෝග සායන ආරම්භ කරලා තියෙනවා. ඒ කාලෙටත් ඉස්සරවෙලා 1841හි අංක 4 දරන අයාලේ යන්නවුන් සඳහා ආඥා පනත, 1867 අංක 17 දරන ස්පර්ශ වීමෙන් බෝ වුණ රෝග සඳහා වූ ආඥා පනත, 1889 අංක 5 දරන ගණිකා නිවාස සඳහා වූ ආඥා පනත් මඟින් ලිංගාශ්‍රිතව බෝවන රෝග පාලනය සඳහා කටයුතු කරලා තිබෙනවා.


    1878 දී බන්ධනාගාර වාට්ටු පිහිටුවා කාන්තාවන්ට ලිංගාශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර කිරීම, කොළඹ සහ මහනුවර ප්‍රදේශවල ආරම්භ කර තිබෙනවා. ශ්‍රී මත් වින්සන්ට් චර්චිල් මහතා 1920දී කොළඹ වරාය ආශ්‍රිතව ලිංගාශ්‍රිත රෝග පාලනය සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කළා. 1921දී කොළඹ වරායේ ලිංගාශ්‍රිත රෝග සායනයක් ආරම්භ කළෙත් නැවියන්ගේ ප්‍රයෝජනය සඳහායි.
    ලිංගාශ්‍රිත රෝග මර්දන ව්‍යාපාරය 1952 ආරම්භ වුණා. සමාජ රෝග මර්දන ව්‍යාපාරයේ වගකීම් යටතේ 1952 සිට ශ්‍රී ලංකාව තුළ ඇත්තෙන්ම ලිංගික රෝග පාලනයක් සිද්ධ වෙලා තිබෙනවා.


    1952 සිට ප්‍රාග් ප්‍රසව සහ පූර්ව රැකියා සඳහා කරන රුධිර පරීක්ෂා ක්‍රමවේදය හඳුන්වා දුන්නා. ඒ වගේම කොළඹ මහ රෝහලට ඇතුළු කර ගත්ත සියලුම රෝගීන්ගේ රුධිර පරීක්ෂාව සිදු කිරීමත් මේ කාලයේදීම සිදු කළා. 1985 වෙද්දී ලංකාවේ පළමු එච්. අයි. වී. ආසාදිතයා හඳුනාගෙන තිබුණේ නැහැ. ඒ තරමට මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ලිංගාශ්‍රිත රෝග සුව කිරීමේ නිසි ක්‍රමවේදයක් පැවැතුණා.


    ඒ කෙසේ වෙතත් මේ වෙද්දී ලංකාවේ ලිංගාශ්‍රිත රෝග සහිත පුද්ගලයන් වසරකට විශාල ප්‍රමාණයක් හඳුනා ගන්නවා. ආරක්ෂිත යැයි කියා ගන්නා යම් යම් ක්‍රමවේද හඳුනා ගත්තද එකී ආරක්ෂිත ක්‍රමවේද අභිභවමින් ලිංගික රෝග නමැති මාරයා හිස ඔසවමින් සිටින බව නොරහසක්.
    ලිංගික රෝගයක් එක් අයකුගෙන් තවත් අයකුට බෝ වීමට විවිධ ක්‍රම හේතු වනවා. එහිදී එක් පුද්ගලයකු තවත් පුද්ගලයකු සමඟ හෝ සතුන් සමඟ කරනු ලබන ලිංගික සංසර්ගය හේතු කරගෙන ඕනෑම ලිංගික රෝගයක් වැලඳිය හැකියි. එය ගුද මාර්ගික හෝ යෝනි මාර්ගික සංසර්ගය හරහා බෝ වීමට ඉඩකඩ පවතිනවා.
    එක් පුද්ගලයකුට ලිංගික රෝගයක් වැලැඳුණු පසුව රෝග ලක්ෂණ නොමැතිව වුවද එම රෝගය තවත් පුද්ගලයකුට බෝ කළ හැකියි. සිප ගැනීම, ආසාදිත රෝගියා භාවිත කරන ඉදිකටු, සැත්කම් කටු ආදිය මඟින්, දරු ප්‍රසූතියේදී සහ මවුකිරි දීමේදී රෝගය බෝ වනවා.


    එසේම බොහෝමයක් ලිංගික රෝග ශිෂ්ණය, යෝනි මාර්ගය හා මුඛයේ තිබෙන ආස්තර පටල හරහා වඩාත් පහසුවෙන් බෝ වන බව පෙන්වා දිය හැකිය. මෙම ආස්තර පටල සමෙන් වෙනස් වන්නේ ඒවා ව්‍යාධිජනකයන්ට, එනම් විසබීජවලට සිරුරට ඇතුළු වීමට ඉඩ ලබා දෙන බැවිනි.
    මේ නිසාම ලිංගික නොවන ස්පර්ශයන්වලින් ලිංගික රෝග බෝ වන්නේද එබැවිනි. තදින් සිප ගැනීමකට වඩා මුඛ මාර්ගිකව සිදු කරන ලිංගික එක්වීමකින් ලිංගික රෝග බෝ වීම ද සුලබය. මුඛ මාර්ගයෙන් ලිංගික අවයවවලට හෝ ලිංගික අවයව හරහා මුඛයට හෝ ආසාදන ව්‍යාප්ත වන අතර ආසාදිත පුද්ගලයකුගේ මුඛයෙන් තවත් පුද්ගලයකුට බෝ වීම
    දුෂ්කරය.


    එක් එක් ලිංගික රෝගයට
    අදාළව ආසාදිත පුද්ගලයා රෝග ලක්ෂණ නොපෙන්වුවද ඔහුට රෝගය නැතැයි අනුමාන කළ නොහැකිය. එසේම එම පුද්ගලයාට රෝගය බෝ කිරීමද පහසුය.
    ලිංගිකව බෝ වන සෑම රෝගයකටම හේතුව වන්නේ අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් මිසක අන්කිසිවක් නොවේ. බැක්ටීරියා, දිලීර, ප්‍රොටොසෝවාවක් හා වෛරස් මෙහි රෝගකාරක ද්‍රව්‍ය ලෙස සලකනවා. එසේම ලිංගිකව බෝ වන රෝග ලිංගාශ්‍රිත රෝග සහිත පුද්ගලයකුගෙන්ම මිස වෙනත් අයකුගෙන් බෝ වන්නේ නැහැ. අන්න එතැනදී අර විශ්වාසවන්ත එක් සහකරුවා කියන වාක්‍ය ආයෙත් මතු වෙනවා.
    අන්න ඒ නිසාම මුලින්ම තමන් කවුද කියන දේ මතක තියා ගන්න. ලිංගික සබඳතා පැවැත්වීම, පවත්වන පුද්ගලයන් ප්‍රමාණය ආදිය ඔබට අයිති කාරණයක්. හැඟීම්වලට සීමා මායිම් දාන්න මටවත්, සමාජයටවත් බැහැ. නමුත් ඔබ කවුද, ඔබ මේ දෙය කළොත් සමාජය, සමීපතමයන්, මවුපියන් ඔබ කවුරුන් ලෙස පිළිගනීවිද කියන කරුණ මත ඔබ ඔබ කරන දේ ගැන තීරණය කරන්න.

    images

    සදාචාරය, සංස්කෘතිය වැනි රාමුවලට කොටු නොවූ බටහිර රටවල ඒඩ්ස් රෝගීන් ප්‍රමාණාත්මකව අඩුවීමත්, පෙරදිග රටවල ප්‍රමාණාත්මකව ඒඩ්ස් රෝගීන් වැඩිවීමත්, අප්‍රිකාව වැනි නූගත්, වැඩි සමාජ දැනුම් රහිත, බලාපොරොත්තු නැති මිනිසුන් අතර ඒඩ්ස් බහුල වීමටත් ඇත්තේ කෙස් ගහක වෙනසක්. එනම්, සිතිවිල්ලක වෙනසක්.
    අන්න ඒ වෙනස අවබෝධ කර ගත්තට පස්සේ, ඒ කෙස් ගහේ වෙනස තේරුම් ගත්තට පස්සේ ඔබට සියල්ල අවබෝධ වේවි. ඉදිරියේදී මේ කතාව මම තවත් හොඳට පැහැදිලි කරන්නම්. එතකල් මේ කියපු දේ ගැන ටිකක් හිතලා බලන්න.

    කතාව-හංසි ආටිගල


    http://www.mawbima.lk/