Overdrive ගියරය හඳුනාගමු (Auto Gear Vehicle)

Roxx 123

Active member
  • May 14, 2015
    333
    119
    43
    Overdrive ගියරය හඳුනාගමු (Auto Gear Vehicle)

    Overdrive ගියරය හඳුනාගමු (Auto Gear Vehicle)


    Overdrive-switch-620x264.jpg


    අද වෙන විට ඔටෝමැටික් ගියර් (Automatic gear box) සහිත වාහන ගොඩක් ජනප්‍රිය වෙලා තියනවා. මේ වාහන වල ඇති ඔවර් ඩ්‍රයිව් ඔප්ශන් (Over Drive – O/D) එක ගැන ගොඩක් දෙනා හරියට දැනුවත් වෙලා නෑ. ඒ නිසා අද මේ ඔවර් ඩ්‍රයිව් ගියරය යනු කුමක්ද එහි කාර්යභාරය සහ එය භාවිතා කල යුතු ආකරය ගැන මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

    What is over drive gear?

    මුලින්ම බලමු ඔබේ මෝටර් රථයේ ඕවර් ඩ්‍රයිව් නැතිනම් O/D ගියරයක් තියෙනවාද කියන එක අඳුර ගන්න ආකාරය. ඔබ ඔටෝ ගියර් වාහනයක් පදවන කෙනෙක් නම් එහි ගියර් ලීවරය වෙනත් ගියර් position වලට මාරු කරන්න ඔබන බොත්තම ඔබ දන්නවා. මෙයින් කරන්නෙ ලීවරය එක ස්ථානයක ලොක් කර තිබීමයි. ඔබේ වාහනයේ Overdrive ගියරයක් ඇතිනම් එය බොහෝ විට මෙම බොත්තමට පහලින් හෝ ඒ ආසන්නයේ ඊට වඩා ගොඩක් කුඩා ප්‍රමාණයෙන් දකින්න පුලුවන්. මෙහි බොහෝ විට O/D ලෙස සඳහන් කර තිබේ.

    hqdefault-300x168.jpg


    සාමාන්‍ය අවස්ථාවේදි මෙම overdrive ගියරය ON පිහිටීමේ ඇති අතර dashboard එකේ ඒ සම්බන්ධoverdrive_off_indicatorයෙන් කිසිවක් දර්ශණය වෙන්නෙ නෑ. නමුත් ඔබ O/D බොත්තම එබූ විට overdrive ගියරය ක්‍රියා විරහිත වීම සිදුවේ. මෙම අවස්ථාවේදි ඔබේ dashboard එකේ O/D off ලෙස බල්බයක් දර්ශණය වීම සිදුවේ

    What happen when OD is engaged?

    Overdrive ගියරය අපේ සාමාන්‍ය manual gearbox පද්ධතියේ 5 වන ගියරයට සමාන ගියරයක් ලෙස අපිට හඳුවන්න පුලුවන්. මෙහිදී gearbox කැරකවෙන වේගයට වඩා වැඩි වේගයකින් වාහනයේ එලවුම් රෝද (drive wheels) කැරකෙන අතර කැරකුම් බලය අඩුවන නමුත් වාහනයේ වේගය වැඩි වේ. මෙහි ප්‍රතිපලය වන්නේ එන්ජිමේ RPM එක අඩුවී අඩු ඉන්ධන ප්‍රමාණයකින් වේගය පවත්වා ගැනීමයි. මේ අනුව බලන කල විශේෂ අවස්ථා කිහිපයකදී හැර අනිත් සෑම විටම overdrive ගියරය ON කර තිබිය යුතුයි.

    එසේනම් අපි බලමු overdrive ගියරය ක්‍රියා විරහිත කලයුතු අවස්ථා මොනවද කියල. සාමාන්‍යෙන් කඳු සහිත පෙදෙසක හෝ වෙනත් භාරයක් දරාගෙන යනවිට එන්ජිමේ වේගය තැනිතලාවේ එම ගියරයේ ඒ වේගයට සාපෙක්ෂව වැඩිවන්නට පුලුවන්. මෙවිට සාමාන්‍යෙන් ඊලඟ ගියරට මාරුවන නමුත් මෙම අවස්ථාවේදි එය සිදු නොවිය යුතුයි. එම නිසා මෙවන් අවස්ථාවකදී overdrive ගියරය OFF කිරීම කල යුතුයි. අනෙත් අවස්ථාව නම් දීර්ඝ පල්ලමක බැසීමයි. සාමාන්‍යෙන් පල්ලමක ගමන් කිරීමේදි ගුරුත්වාකර්ෂන බලය නිසා වාහනයේ වේගය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. බොහෝ රියදුරන් මෙවිට වේගය පාලනය තනිකරම තිරිංග මතම සිදු කිරීම දකින්න පුලුවන්. මෙය ඇත්තටම අන්තරාදායක වෙන්න පුලුවන්. ඒ අනුව බෑවුමකදී overdrive ගියරය OFF කිරීම හෝ බෑවුම අනුව ඊටත් පහල ගියරයකට downshift කිරීම තුලින් එන්ජිමේ ප්‍රථිරෝධය (engine break) වාහනයේ පාලනයට යොදා ගැනීම ඉතා වැදගත්.

    මේ ආකාරයෙන් සුදුසු පරිදි ඔබේ automatic gearbox එකේ ගියර් පාලනය කිරීමේ එහි කල් පැවැත්ම වගේම ඉන්ධන කාර්යක්ෂමතාව සහ ඔබේ ආරක්ෂාව වැඩි කරගන්න පුලුවන්.



    ගත්තේ මෙතනින් http://www.autoguide.lk/
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මෙහෙම එකක් අලුත් වාහන වල නෑ නේද?
    පරන වාහන වලද මෙහෙම එකක් තියෙන්නේ?


    kPRE2fX.jpg
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ දැනුයි දන්නේ...:baffled:
    ඔටෝ ගියර් වාහනයක් අඩි දෙක තුනක් රිවස් කරල පාක් කරල තියෙනව විතරයි...:P
    D"එකට දාපු ගමන් වාහනේ හිමින් යනව තේරුණාම ආම්බානක බය උනත් එක්ක...:lol:
    (You must spread some Reputation around before giving it to Roxx 123 again.)