aids හොඳ කරන්න පුලුවන්ද ?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    aids හොඳ කරන්න පුලුවන්ද ?

    විද්‍යාඥයින් HIV වයිරසය මිනිස් DNA වලින් සාර්ථකව ඉවත් කරයි...


    HIV-1 වයිරසය මිනිස් ශරීරයට ආසාදනය වූ පසු එය සදාකාලිකවම ආසාදිත පුද්ගලයාගේ DNA වලට ඇතුලත් වෙනවා. ඒ නිසාම අදාළ පුද්ගලයාට තම ජිවිත කාලය පුරාම වෙනත් ආසාදන වලින් ආරක්ෂා වී සිටීමට ඖෂධ වල පැතීමට සිදුවනවා. 2014 වසරේ Temple විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් විසින් සිදුකල පර්යේෂණයකදී ඔවුන් HIV-1 වයිරසයට අදාළ ජානය මිනිස් DNA වලින් සාර්ථකව ඉවත් කිරීමට සමත් වුනා.
    :dull::dull::dull::dull::dull::dull::dull::dull:


    11960275_167918006874755_69728885210131804_n.jpg
    11987046_167917996874756_7130943979700596423_n.jpg


    මේ පිරිස නිර්මාණය කල DNA උපාංගයෙන් HIV-1 ජානය DNA වලින් සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට හැකි වුණා. එය ඉවත් කිරීමෙන් අනතුරුව සෛලයේ ජාන ප්‍රතිසංස්කරණ පද්ධතියෙන් ජෙනෝම යේ විවෘත කෙළවරවල් දෙක එකිනෙකට යා කෙරෙනවා. එමගින් වයිරසයෙන් මිදුණු නිරෝගී සෛලයක් ඇතිවනවා.
    මෙය AIDS රෝගයට පිළියම් සොයමින් යන ගමනේ වැදගත් පියවරක් බව මේ සම්බන්ධව කටයුතු කරන විශ්වවිද්‍යායේ ස්නායු විද්‍යා අංශයේ ප්‍රධානි මහාචාර්ය කමෙල් කලීල්
    (Kamel Khalili) මහතා පවසනවා.
    මේ පර්යේෂණයෙන් පැහැදිලි වන ආකාරයට මෙය එන්නතක් ලෙසත් ලබාදීමේ හැකියාවක් පවතී. මේ නව nuclease-RNA සංයෝගය අන්තර්ගත සෛල වලට HIV ආසාදනය වීමේ හැකියාවක් නොමැති බවත් පෙනීයනවා. නමුත් මෙය ප්‍රතිකාර ක්‍රමයක් ලෙස රෝගීන් අතරට යාමට තවමත් සුදානම් නෑ. එයට ප්‍රධාන බාධකය වී තිබෙන්නේ මේ ක්‍රමය මගින් HIV ජානය සිරුරෙන් ඉවත් කිරීමට නම් HIV ආසාදනය වූ සෑම සෛලයකටම මේ ප්‍රතිකාරය ලබා දියයුතු වීමයි. එමෙන් ම තවත් ගැටළුවක් වන්නේ මෙය වයිරසයක් වන බැවින් එයට නිශ්චිත ව්‍යුහයක් නොමැති වීමයි. එම නිසා මේ ප්‍රතිකාර ක්‍රමය එක් එක් පුද්ගලයාට විශේශිකරණයට ලක් කිරීමට වීමේ අවශ්‍යතාවක් ද පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් කාලයත් සමඟ මේ සඳහා කදිම විසඳුමක් අප වෙතෙට ගෙනෙන තුරු බලා සිටීමට අපට සිදුවනු ඇත.:):)

    11990458_167918026874753_1169228048310306863_n.jpg
    11953249_167918063541416_9055242707977789616_n.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    10 ++ Machan..Watina News Ekak :)
    :cool:9+

    tfs! maru wedak.. but.. eka athakata weradi karanna ayata :(
    ඔව් එ උනාට වැරදි නොකර එත් දඩුවම් විඳින ගොඩක් අයත් ඉන්නවා නේ :sorry::sorry:
    සරලවම කිව්වොත් තමන්ගේ මනුස්සයාගේ වැරදි නිසා ලෙඩ වෙච්ච wife ල මම දැකල තියෙනවා


    good news for pornstars.:P
    :P:P