කළක් අපව ජීවත් කළ සෝදුරු ඒ සිහිනය..
ඔබට මතකද ඔබේ ඒ නව යොව්න් කාළය.
ඔව් ඔව් මම කිව්වේ සාමාන්‍ය පෙළ සමත්වෙලා උසස්පෙළට ආපු මුල්කාලේ. ඒහෙමත් නැත්තං ටීන් ඒජ් එකේ අවසන් අව්රුදු කීපය ඔබට මතකද...
හ්ම්..
අමතක වෙන්න නම් විදිහක් නෑ.
මතකද ඒ කාලේ සොදුරු සිහින ඔබව ජිවත් කරපු හැටි.
ඔය මතකය හිතට ගේන ගමන් මම මේ මුල පුරන්නේ මගේ තුන්වෙනි ගිත වියහන ලියන්න.
ඔය හැගීමත් එක්කම අපි කසුන්ගේ ඔබ පිපුනා ගීතයේ පදවැල් අතරට යමුද?
ඒ යටගිය නව යොව්න් වියේ සිහින ආයිත් මතක් කරගමුද.
ඔබ පිපුනා මගේ නෙත් රිදෙන මානේ
ඔබ සැලුනා මගේ සුසුම් වැල් ගානේ
ඔබ දිලුනා මේ තරු වැරූ අහසේ
ඔබ රැඳුනා මගේ සොඳුරු සිහිනේ
නිතරම මම ඔබව දකිනව. ඔබ සිටින්නේ මට එතරම් ඈතින් නොවෙයි. ඔබව දකින විට දෑස් ඔබෙන් ඈත් කර තබන්නට නොහැකි තරම්ය. ඉහල ට ඇදල ගන්න හැම හුස්මක් ගානෙම මට ඔබව දැනෙනවා. ඔබ හැර කිසිදු තාරකාවක් මගේ හිත් අහසේ දිලෙන්නේ නැත. එහි දිලෙන එකම තාරකාව ඔබ පමණි. නින්දක් නැතුව දිවා රෑ මා දකින් සිහිනේ සිටින්නේ ඔබම පමණයි.
ආදරේ මම මේ දකින සිහිනෙට
හතර වට මල් පිපෙන මේ සිහිනෙට
නෙලා ඒ මල් සිඹින මේ සිහිනෙට
මටම මා රැවටෙනා සිහිනෙට
මම දන්නවා මම මේ දකින්නේ සිහිනයක් කියලා. මට ඔබ ගැන ඇතිවී තිබෙන සිතුවිල්ල තවම ඔබ දන්නෙවත් නැතුව ඇති. ඒත් මම මේ සිහිනයේ ජීවත් වෙනවා. මේ සිහිනෙ කොතරම් සොදුරුදයත්, මට පෙනෙන්නේ සුවද හමන මල් හතර වටේ පිපී ඇති සේ, සුන්දරත්වයෙන් ඔබ මා ලග සිටිනවා වැනිය. ඔබ මගේ වී මා ඔබව සිප ගන්නා සැටිය. එනමුදු මොහොතකට එය සිහිනයක්ම පමණක් යැයි මට හැගෙයි.
ඇසෙන්නේ මේ ඔබ මුමුණනා වදනයි
දැනෙන්නේ මේ ඔබ එවූ මද පවනයි
වෙලෙන්නේ මා වටා ඔබේ මුදු දෑතයි
සැලෙන්නේ සිත අවදිවේ යයි බියටයි
හතර වටින් මට ඇහෙන්නේ ඔබේ ඒ මියුරු කට හඩයි. ඔබ හෙලූ සුසුමේ සුවද මට දැනෙයි. ඇත්තටම තමන් සිතින් ආදරය කරන ඇය ඔබ අසලින් ගමන් කළ විට ඇය හෙලූ සුසුමක සුවද පවා ඔබට දැනුනා නේද. ආදරය වෙනුවෙන් මේ සිහින දකින අතරේ ඇය නොලැබේද යන බිය අපි කාටත් පොදු වූවා නොවේද..
සැබෑ ජීවිතයට වඩා ඒ සිහිනය සොදුරු වූවා නොවේද. කොතරම් පිරිසක් ඒ දැකපු සොදුරු සිහිනය සැබෑ කර ගන්නට ගොසින් ඒ සිහිනය පවා නැති කරගත්තා නොවේද. ඒ වගේම තමන් දැකපු ඒ හීනයට හීනයක් විදිහටම තිබෙන්න ඉඩ ඇරපු කොතරම් පිරිසක් අපි අතර ඇතිද
කලින් ලියූ වියමන්
පිටිසර හෙළ ගුරු ලිය සැරදේ..
වෙසතුරු සදිසි පියවරුන්..
ඔබට මතකද ඔබේ ඒ නව යොව්න් කාළය.
ඔව් ඔව් මම කිව්වේ සාමාන්‍ය පෙළ සමත්වෙලා උසස්පෙළට ආපු මුල්කාලේ. ඒහෙමත් නැත්තං ටීන් ඒජ් එකේ අවසන් අව්රුදු කීපය ඔබට මතකද...
හ්ම්..
අමතක වෙන්න නම් විදිහක් නෑ.
මතකද ඒ කාලේ සොදුරු සිහින ඔබව ජිවත් කරපු හැටි. ඔය මතකය හිතට ගේන ගමන් මම මේ මුල පුරන්නේ මගේ තුන්වෙනි ගිත වියහන ලියන්න.
ඔය හැගීමත් එක්කම අපි කසුන්ගේ ඔබ පිපුනා ගීතයේ පදවැල් අතරට යමුද?
ඒ යටගිය නව යොව්න් වියේ සිහින ආයිත් මතක් කරගමුද.
ඔබ පිපුනා මගේ නෙත් රිදෙන මානේ
ඔබ සැලුනා මගේ සුසුම් වැල් ගානේ
ඔබ දිලුනා මේ තරු වැරූ අහසේ
ඔබ රැඳුනා මගේ සොඳුරු සිහිනේ
නිතරම මම ඔබව දකිනව. ඔබ සිටින්නේ මට එතරම් ඈතින් නොවෙයි. ඔබව දකින විට දෑස් ඔබෙන් ඈත් කර තබන්නට නොහැකි තරම්ය. ඉහල ට ඇදල ගන්න හැම හුස්මක් ගානෙම මට ඔබව දැනෙනවා. ඔබ හැර කිසිදු තාරකාවක් මගේ හිත් අහසේ දිලෙන්නේ නැත. එහි දිලෙන එකම තාරකාව ඔබ පමණි. නින්දක් නැතුව දිවා රෑ මා දකින් සිහිනේ සිටින්නේ ඔබම පමණයි.
ආදරේ මම මේ දකින සිහිනෙට
හතර වට මල් පිපෙන මේ සිහිනෙට
නෙලා ඒ මල් සිඹින මේ සිහිනෙට
මටම මා රැවටෙනා සිහිනෙට
මම දන්නවා මම මේ දකින්නේ සිහිනයක් කියලා. මට ඔබ ගැන ඇතිවී තිබෙන සිතුවිල්ල තවම ඔබ දන්නෙවත් නැතුව ඇති. ඒත් මම මේ සිහිනයේ ජීවත් වෙනවා. මේ සිහිනෙ කොතරම් සොදුරුදයත්, මට පෙනෙන්නේ සුවද හමන මල් හතර වටේ පිපී ඇති සේ, සුන්දරත්වයෙන් ඔබ මා ලග සිටිනවා වැනිය. ඔබ මගේ වී මා ඔබව සිප ගන්නා සැටිය. එනමුදු මොහොතකට එය සිහිනයක්ම පමණක් යැයි මට හැගෙයි.
ඇසෙන්නේ මේ ඔබ මුමුණනා වදනයි
දැනෙන්නේ මේ ඔබ එවූ මද පවනයි
වෙලෙන්නේ මා වටා ඔබේ මුදු දෑතයි
සැලෙන්නේ සිත අවදිවේ යයි බියටයි
හතර වටින් මට ඇහෙන්නේ ඔබේ ඒ මියුරු කට හඩයි. ඔබ හෙලූ සුසුමේ සුවද මට දැනෙයි. ඇත්තටම තමන් සිතින් ආදරය කරන ඇය ඔබ අසලින් ගමන් කළ විට ඇය හෙලූ සුසුමක සුවද පවා ඔබට දැනුනා නේද. ආදරය වෙනුවෙන් මේ සිහින දකින අතරේ ඇය නොලැබේද යන බිය අපි කාටත් පොදු වූවා නොවේද..
සැබෑ ජීවිතයට වඩා ඒ සිහිනය සොදුරු වූවා නොවේද. කොතරම් පිරිසක් ඒ දැකපු සොදුරු සිහිනය සැබෑ කර ගන්නට ගොසින් ඒ සිහිනය පවා නැති කරගත්තා නොවේද. ඒ වගේම තමන් දැකපු ඒ හීනයට හීනයක් විදිහටම තිබෙන්න ඉඩ ඇරපු කොතරම් පිරිසක් අපි අතර ඇතිද

කලින් ලියූ වියමන්
පිටිසර හෙළ ගුරු ලිය සැරදේ..
වෙසතුරු සදිසි පියවරුන්..

kiyannanam godak dewal thibbata nokiyaa inna eka suthusui vage 