සිංහල වෙදකම

nimbreeze

Active member
  • Mar 17, 2015
    435
    171
    43
    අභිමානවත් ඉතිහාසයක් ඇති සිංහල අපිට අයිති පාරම්පරික වෙදකමක් තමයි සිංහල වෙදකම අද එක අභාවයට යමින් පවතින්නේ නිසි පිළිගැනිමක් නොමැති කම පාරම්පරිකව ඊළඟ පරම්පරාවට නිසි ලෙස එම ශිල්පය නොලැබිම දුර්මත පරම්පරාවෙන් පිට අයට එම ශිල්පය දිමට ‍මැලි විම ආදි විවිධ කාරණා නිසා මෙම වෙදකම අද වන විට අභාවයට යමින් පවති

    ඒ නිසා මම හිතුවා අපි දන්න වෙද පරම්පරාවන් ගැන වෙද මහත්වරු ගැන කරුණු ටිකක් හොයලා පල කරන්න ඒ වගේම මෙතන ඉන්න අයත් තමන් දන්න දන්න දක්ෂ වෙද මහත්වරු මහත්මියන් ගැන මෙන්ම ඒ අයගේ සුවිශේෂි ශිල්ප ක්‍රම හා විශය පථයන් ගැනත් සදහන් කරලා එම මහත්ම මහත්මින් ගේ වෙද ගෙවල් වලට යන මාර්ගයන් සදහන් කරලා කාට හරි ප්‍රයෝජනයක් වන විදියට බෙදා ගත්තොත් හොදයි කියලා ඒ අනුව මට හම්බ වෙච්ච කැඩුම් බිදුම් වෙද මහත්තයෙක් පිළිබද ලිපියක් පළමුව ඔබගේ දැන ගැනිම පිණිස ඵල කරනවා
    255759_302478479885121_1650248533_n.jpg


    කැඩුණු අස්ථි පැය දෙකෙන් හදන විශ්මිත කර්ම වෙදකම

    පැරැණි වෙද පරපුරේ වෙද කමත් පැරණි ශාස්ත‍්‍රයත් ආරක්ෂාකරගත් එමෙන්ම ඒ හැකියාවෙන් පිරිපුන් අපූරු තරුණයකු ගාල්ලේ කීඹියේ සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ ලොවට වැඩ සලසමිනි.


    තවමත් 36 හැවිරිදි වියේ පසුවන නන්දසිරි වික‍්‍රමනායක ආරච්චි මහතා ඒ අභිමානවත් හෙළ සිංහල වෙද පරපුරේ ඔහු දන්නා පරිදි හයවැනි පරම්පරාවයි.
    කැඩුණු පා ඇටයක් හෝ අත් ඇටයක් පැයකින්, පැය දෙකකින් හෝ පැය හැටකින් හෝ දින ගණනකින් හෝ යළි තිබූ ආකාරයටම පිළිසකර කිරීමේ හැකියාව ඔහුට ද තිබේ.

    දක්ෂිණ ලංකාවේ උළු පට්ටලේ ගෙදර යනුවෙන් චිර ප‍්‍රසිද්ධියක් උසුළන මේ වෙද ගෙදර අතීතය දිව යන්නේ තොටගමුව මහ පිරිවෙන ශී‍්‍ර විභූතියෙන් විරාජමානව තිබූ යුගයටය. එකළ එම පිරිවෙන ආශි‍්‍රතව කි‍්‍රයාත්මක වූ භාෂා හා ශිල්ප ශාස්ත‍්‍ර බෙදාදීමේ මධ්‍යස්ථානයෙන් කැඩුම් බිඳුම් වෙදකම ඉගෙන ගත් වික‍්‍රමනායක ආරච්චි නම් වෙද මහතෙක් කීඹියේ තරුණියක් හා විවාහ වී එම ගමේ පදිංචියට පැමිණෙන්නේ උ`එ පට්ටලේ ගෙදර වෙද පරපුර ආරම්භ කරමිනි.
    ගාල්ලේ සිට මාපලගම මාර්ගයේ පැමිණ හිරිගල්කැටිය හන්දියෙන් හැරී කිලෝ මීටර තුනක් පමණ ගමන්ගත් විට මැද කීඹීයේ උළුපට්ටලේ ගෙදර හමුවෙයි.
    උළු පට්ටලේ ගෙදර අන්ද්‍රයස් වික‍්‍රමනායක ආරච්චි වෙද මහතාටත් ඔහුගේ බිරිඳ වූ නබඳව විතානගේ කුසුමලතා මහත්මියටත් දියණියන් දෙදෙනකි. ඉන් අනතුරුව තුන්වැනි දරුවා ලෙස 1976 අගෝස්තු 25 වැනි දින පුත් කුමරකු උපත ලබන්නේ වෙදකම ඉදිරියට රැුගෙන යාමේ අන්ද්‍රයස් වෙද මහතාගේ බලාපොරොත්තු ඉහළ නංවමිනි. මේ කුමරු නන්දසිරි නම් වූවේය.


    බද්දේගම කි‍්‍රස්තුදේව පිරිමි විද්‍යාලයේ අධ්‍යාපනයට ගිය නන්දසිරි නිවසේ සිටින සෑම මොහොතකම සිය පියාගේ වෙද කමට හෙද කමෙන් සහය වූයේ එය මනාව අධ්‍යයනය කරමිනි. පාඩම් පොත්වලට අමතරව පැරණි වෙද පොත් කියවීමටත් ඔහු කාලය ගත කළේ ඒ පිළිබඳව තිබූ නොනිමි ආශාව හේතුවෙනි.
    ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරූ නන්දසිරි පාසල් අධ්‍යාපනය හදාරා අවසන් වනවිටම වෙදකමට බැස්සේ පියා ජීවත්ව සිටියදීම ඔහුට යෝද ශක්තියක් වෙමිනි. ඔහුගේ වැඩිමහල් සොහොයුරිය කුසුමා වික‍්‍රමනායක ආරච්චි තරුණිය ද සොහොයුරා සමග වෙදකම ආරම්භ කළාය.

    ඔවුන්ගේ වෙදකම වූයේ සිංහල කැඩුම් බිඳුම් වෙදකමයි. ඊට අමතරව පීනස සුව කිරීම, නහරගත ආබාධ සුව කිරීම හා කාන්තා රෝග සුවපත් කිරීමත් පරපුරෙන් පැවත ආවේය. එහෙත් ඒ සියල්ල අභිබවමින් මතුවී තිබෙන්නේ විශේෂඥ විෂයක් වූ කැඩුම් බිඳුම් වෙදකමයි.

    සිය පිය පරපුරෙන් ලැබුණු පැරණි පුස්කොළ පොත් ඇතුළු වෙද පොත් රැුසක් ද පැරණි වෙද වට්ටෝරු ද ඔහු අධ්‍යයනය කළේය. එමෙන්ම වර්තමානයේ බටහිර වෛද්‍ය ක‍්‍රමය අනුව ප‍්‍රතිකාර ලබාගන්නා රෝගීන් එම ප‍්‍රතිකාරවලින් සුවපත් නොවී ඔහු සොයා පැමිණෙන විට ඒවා යළි සැකසීමේ ක‍්‍රමවේදයන් ද අධ්‍යයනය කිරීමට ඔහුටත් සොහොයුරියටත් සිදුව තිබේ.

    වික‍්‍රමනායක ආරච්චි මහතා පවසන්නේ වර්තමානයේ වෙදකමට ඇති ප‍්‍රධානතම බාධකය අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය නොමැති වීම බවයි.
    උළු පට්ටලේ ගෙදර වෙද පරපුර කැඩුණු අස්ථියක් පැයකින් බද්ධ කිරීමට සමත්කම් දැකුවූහ. එක් පෑ සන්ධි, දෙපෑ සන්ධි, තුන්පෑ සන්ධි, හත්පෑ සන්ධි, හැට පෑ සන්ධි යනුවෙන් අස්ථි සවිකිරීමට ගතවන කාලය අනුව බෙහෙත් වර්ග තිබෙන බව වික‍්‍රමනායක ආරච්චි මහතා පවසයි.

    ඔහු පවසන්නේ පැයකින් අස්ථි සවිකිරීමට නම් ඇතකුට පන තිබියදී හෝ මියගිය වහාම දළයෙන් ගන්නා කුඩු භාවිතා කිරීමට සිදුවන බවයි. එමෙන්ම උරුලෑවාගේ උකුල් ඇටයෙන් ගන්නා කුඩු ද මෙැවිනි අස්ථි බිඳුම් සඳහා භාවිතා කළ බව මේ තරුණ වෙද මහතා අප සමග කීවේය. ඔහු පවසන්නේ මිහිමත ජීවත්වන සතුන් අතරින් අස්ථිවල වැඩිම කැල්සියම් ප‍්‍රතිශතයක් ඇත්තේ උරුලෑවාගේ අස්ථිවල බව සිංහල වෙදකමේ පිළිගැනීමක් තිබෙන බවයි.

    ‘‘ එදා සිංහල වෙදකමට අනුව අවශ්‍ය වූ ඇත් දළ කුඩු, උරුලෑවාගේ අස්ථි කුඩු සහ ගව අඃ, හරක් අඃ ආදිය අද සොයා ගන්න දැන් හැකියාවක් නැහැ. ඒ නිසා පැයෙන් දෙකෙන් අස්ථි පිළිසකර කිරීමේ වෙදකම කිරීමනම් අපහසු දෙයක්. අපි දැන් කරන්නේ ගස්වල පොතු, කොළ ආදී පස් පංගුව යොදාගෙන අස්ථි වෙදකම කිරීමයි. ඒ සඳහා යම් කාලයක් ගතවනවා.’’


    බටහිර වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු වුවද අස්ථි සම්බන්ධයෙන් නම් ශී‍්‍ර ලංකාවේ බහුතර ජනතාවක් තවමත් විශ්වාස තබන්නේ පැරණි සිංහල අස්ථි වෙදකමට බව නොරහසකි. ඇටයක් කැඩුණු විට, උළුක්කුවක් හෝ පෙරළීමක් සිදුවූ විට සිංහල වෙද මහත්තයකු සොයා යා යුතු යැයි සිතිවිල්ලක් බොහෝ අය තුළ තිබේ. එහෙත් ඕනෑම අයකු අනතුරකදී කෙලින්ම යන්නේ රජයේ රෝහලටය. එහි ගිය විට යළි සිංහල වෙද ගෙදරට යාමට සිදුවන්නේ රෝගියාගේ කැමැත්තෙන් හෙවත් බලෙන් ටිකට් කපාගෙනය.

    ‘‘ බටහිර වෙදකම අනුව අස්ථි යළි සකස්කැර ගන්න ගිහින් ප්ලාස්ටර් දාගෙන, ඇණ සවිකරලා, එහෙමත් නැත්නම් අධාරක තහඩු ශරීරය ඇතුළට සවිකරගෙන පවා අවසානයේ අපේ ළ`ගට එනවා. ඇතැම් ඇයගේ අත පය ඇද වෙලා නැත්නම් කොට වෙලා සදාකාලික ආබාධිතයන් බවට පත්වෙලා තමයි එන්නේ. එවැනි රෝගීන් සුවකරන්න බැරි මට්ටමටම ආවට පස්සේ අපි ළගට එනවා. ඒත් අස්ථියක් කැඩුණු අළුතම අපි ළගට එනවානම් ඕනෑම ආකාරයක කෙනෙක් සුවපත් කිරීමේ හැකියාව අපට තිබෙනවා. ’’

    වික‍්‍රමනායක ආරච්චි මහතා පවසන්නේ තම පියාගේ කාලයේ අකුරටියේ අමරවංශ හිමියන්ට අසීරු ප‍්‍රතිකාරයක් කැර ඇති බවයි. ඒ හිමියන් සහ ගනේගම සරණංකර හිමියන් වරක් රිය අනතුරකට ලක්ව තිබේ. එයින් බරපතළ තුවාල ලැබූ අකුරටියේ අමරවංශ හිමියන් මාර්ගයේ පසෙක හාන්සිකොට තබා ඇත්තේ ඒ හිමියන් අපවත්වී ඇතැයි සිතමිනි. ඒ අවස්ථාවේ හිමියන්ගේ පාදයක් යන්තමින් සෙළවෙන ආකාරය යමකු දැකීම හේතුවෙන් උන්වහන්සේ වහාම රෝහල්ගත කැරුණි.


    වෛද්‍යවරුන් පැවසුවේ ස්ථාන කිහිපයකින් කැඞී ගිය හිමියන්ගේ පාදය කිසිදා සුව කළ නොහැකි වනු ඇති බවයි. අවිදීමට පමණක් නොව ඇඳෙන් බැසීමට පවා නොහැකිව සිටි අමරවංශ හිමියන්ට පිහිටට ආවේ වික‍්‍රමාරච්චි මහතාගේ පියා සහ ඔහුගේ සොහොයුරෙකි. මේ දෙදෙනා ගොස් විද්‍යාලෝක පිරිවෙනේ දී අමරවංශ හිමියන්ට ප‍්‍රතිකාර කළහ. කිසිදා පය බිමතබා ඇවිදීමට නොහැකි වනු ඇතැයි වෛද්‍යවරු කියා සිටි අමරවංශ හිමියෝ දින 13 න් පාද බිම තැබූහ. මාසයක් ගතවීමට පෙර ඇවිද ගියහ.


    තවත් බරපතළ රෝගියකු වූයේ බද්දේගම මාකුරුගොඩ ප‍්‍රදේශයේ නාවික හමුදා සෙබළෙකි. දබරයකදී ඔහු යකඩ පොලූ වලින් පහරකා ආබාධිත වී සිටියේය. රෝහලට ගෙන යන විට ඔහුගේ එක්පාදයක දිවිත්ව අස්ථියක් කැඞී ගොස් තිබේ. එහි ඇතුළත කුහරයක් ද හටගෙන තිබිණි.


    ‘‘ අපෙ තාත්තා ඒ කුහරයට බෙහෙත් තෙල් කාලක් විතර පුරවනවා. මාස එකහමාරක් ප‍්‍රතිකාර කරනකොට ඒ ඇට පෑහිලා කුහරය නොපෙනී ගියා රෝගියා ටික දිනකින්ම සුව වුණා. ඒ කාලේනම් වැඩිපුරම එන්නේ ගස්වලින් වැටිලා එන කට්ටිය දැන් එන්නේ රිය අනතුරු වලට ලක්වීමෙන් අත් පා අහිමි වූ පිරිස. නමුත් අද ඒ තත්ත්වය වෙනස්වෙලා දැන් වැඩිපුරම එන්නේ රිය අනතුරුවලට ලක්වූ අය. ඇතැම් අය එනවිට කකුලේ විශාල තුවලා පවා තියෙනවා. මේ තුවාල සුවපත් කිරීමේ හැකියාව අපේ වෙද පරපුරෙන් උරුම වුණත්. දැන් ඒවාට අවශ්‍ය බෙහෙත් වර්ග සොයා ගැනීම ඉතාමත්ම අපහහසුයි. ඒ නිසා දැන් එවැනි තුවාල ඉක්මණින් සුවපත් කරන ආලේපන වර්ග සකස් කරන්නේ නැහැ. ’’


    වෙද මහතා පවසන්නේ සිංහල වෙදකමට අනුව ඉතාමත් අත්‍යාවශ්‍ය ඖෂධයක් වන කලාඳුරු පවා නොමැති බවයි. කෘෂි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් එවැනි ශාක සොයාගත නොහැකි වීම සිංහල වෙදකමට බරපතළ හානියක් බව ද හෙතෙම කියයි. මුවකීරිය, ලූණු වරණ වැනි අස්ථි පෑහීමට ගන්නා ශාක වර්ග මෙන්ම රත්නෙටොල් ද සොයා ගැනීම ඉතාමත්ම අසීරු වී තිබේ. අස්ථි බිඳුම් සඳහා ඖෂධ සෑදීමට යොදා ගන්නා ගොනිකා කොල මේ වනවිට සොයා ගැනීමට නොහැකි තරමටම වඳවී ගොසිනි. වෙද මහතා පවසන්නේ ගොනිකා කොළ වෙනුවට වෙනත් ආදේශක යොදා ගන්නා බවයි.


    තෙල්, ගුලි, කල්ක , චූර්ණ ආදී සියල්ල සකසන උළුපට්ටලේ ගෙදර අතීතයේ සිට භාවිතා කළ සමපාක හෙවත් හිසෙන් ඉහළ ගල්වන තෙල්, කරපාක හෙවත් හිසෙන් පහළ ගල්වන තෙල් හා ශරීර අභයන්තරයට ගල්වන තෙල් වර්ග තුනකි. වර්තමානයේ ඒවා සකසා ගන්නේ ද වෙද මහතාගේ පූර්ණ අධීක්ෂණයෙනි.
    ‘‘ අස්ථියක් බිඳෙනවිට අස්ථිය සමග එන ස්නායු බිඳීම්, අස්ථිය සමග ඇති පටක තුවාල වීම් තිබෙනවා. මේ තුවාල වේලෙන්න කසාය දෙනවා. කසාය කියන්නේ ශරීරය ඇතුළේ තුවාල වේලීම ඉක්මන් කරන්න දෙන බෙහෙතක්. මේ සිය`එ දේ යොදාගෙන තමයි අපි වෙදකම කරගෙන යන්නේ. ’’


    අස්ථි කෑලි වලට කැඞී වෙන්වී ගිය ද ඒවා එකතුකොට රෝගියා යළි ඇවිද්දවීමට පවා සමත්වන මේ සිංහල වෙද මහතා පවසන්නේ ලෙඩාගේ තත්ත්වය, ඔහුගේ නිරෝගී ස්වභවාය හා ඖෂධ භාවිතා කරන පිළිවෙල හා රෝගියාට ලැබෙන සාත්තුව අනුව සුවවීමට ගතවන කාලය තීරණය වන බවයි.
    වෙද මහතා හමුවීමට ගොස් සිටි කාලයේදී අපට පෙනී ගියේ වසර ගණනාවක් පැරණි කැඩුම් බිඳුම් සහිත රෝගීන් පවා එහි ගෙන එන බවයි. එමෙන්ම උකුළු ඇටය කැඞී ගිය රෝගීන් පවා පැමිණ සුවපත් වී සිටින අයුරු ද දක්නට ලැබිණි. පාදය කපා ඉවත් කිරීමට තීරණය කැර තිබූ රෝගීන් පවා මේ වෙදගෙදරින් ප‍්‍රතිකාර ලබා ඇවිද යති.


    වෙද මහතා පවතින්නේ බොහෝ දෙනා රෝහලට ගොස් ප‍්‍රතිකාර ලබාගෙන ගැට`එ ඇතිකරගෙන එන බවයි. කකුල පසාරු කරගෙන යන උණ්ඩයක් වැනි දෙයක් පවා බෙහෙත් බැඳ ඉවත් කිරීමේ හැකියාව සිංහල වෙදකමේ තිබෙන බව ද ඔහු පවසයි.


    කකුලක හෝ අතක බිඳුණු අස්ථියක් යළි සකස් කිරීම සඳහා ශරීරයට ලෝහමය ආධාරක ඇතුළු කිරීම බටහිර වෙදකමට අනුව සිදුකරන්නකි. එසේ සිදුකළ අවස්ථාවේදී අස්ථිවලට බෙහෙත් යෙදුව ද එය සාර්ථක නොවන බව ද වෙද මහතා පවසයි. එවැනි තහඩු යොදා නොමැතිනම් වැරදි ලෙස ඇති අස්ථිය යළි බුරුල් කිරීම සඳහා හමට පිටින් බෙහෙත් බැඳ යළිත් අස්ථිය නිසි පරිදි සකස්කොට බෙහෙත් බැඳ සුවකරයි.


    උඑපට්ටලේ ගෙදර වික‍්‍රමනායක ආරච්චි වෙද පරපුර සිංහල කැඩුම් බිඳුම් වෙදකම කරගෙන යන්නේ ව්‍යාපාරයක් ලෙසින් නොවේ. ජනතාව වෙනුවෙන් කරන සේවාවක් වෙනුවෙනි. ඔවුන් පවසන්නේ ඖෂධ සෑදීම වෙනුවෙන් වැයවන සුළු මුදලක් පමණක් තමන් අයකරන බවයි.

    උදේ සිට සවස් වනතුරුම රෝගීන් විශාල පිරිසක් නිරන්තරවම පැමිණෙන මේ වෙද ගෙදර නිතරම පිරී ගොසිනි. තරුණ පරපුර සිංහල වෙදකමෙන් ඈත්වන යුගයක එය තම උරුමය පමණක් නොව යුතුකම ද ලෙස සළකා එහිම යෙදී සිටින නන්දසිරි වික‍්‍රමාරච්චි වෙද මහතා සිය ජීවනෝපාය සොයා ගන්නේ ඉඩම් වගා කිරීමෙනි. ඒ වෙනුවෙන් ඔහු කාලය කලමණාකරණය කරගන්නේ අසීරුවෙනි. ඔහු පවසන්නේ තම පරපුරෙන් උරුම වූ සිංහල වෙදකම තවත් සියවස් ගණනක්කල් නොනැසී පවත්වාගැනීම තම යුතුකම හා වගකීම වන බවයි.

    විශේෂ ස්තූතිය අක්මීමණ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතාට (මෙහි මුල් පෝස්ටුව ෴**~ නුඹ වෙනුවෙන් උපන් මගේ ලෝකය ~ ~ My WoRld for You ~෴ පිටුවෙන්)
     
    Last edited:

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    මල්වානේ වල්ගම වෙද පරපුර

    මල්වානේ වල්ගම වෙද පරපුර - වෛද්‍ය රුවන් සාගර දහනායක


    රහස්‌ තැනෙක හටගත් ඇතැම් ගෙඩියක්‌ වෙනත් තැනකට ගෙනැවිත් පහසුවෙන් සුවසෙත් අත්කළ හැකි සර්වාංග වෙදකමටත්. ගෙඩි වණ වෙදකමටත්, එක්‌වන් හුරුවක්‌ පුරුද්දක්‌ දක්‌වන තෙල් බෙහෙත් මැනවින් නිපැයීම් පිළිබඳ පතල යසසක්‌ ඇති පාරම්පරික සිංහල වෙද මහතකු මේ යෑයි හිරියක්‌ කිතියක්‌ නැතිව ඇඟිල්ල දිගු කර පෙන්විය හැකි ජීවකයෙක්‌ කොළඹ නගරයේ සිටී."



    වෛද්‍ය රුවන් සාගර දහනායක

    "පනස්‌පස්‌ වසක්‌ තිස්‌සේ වෙද හෙදකම් කොට හොඳ පළපුරුද්දක්‌ ඇති මේ වෙදැදුරු අත ගැසූ අසාධ්‍ය රෝගීන් පවා ගොඩ ආවේ අත් ගුණයත් බෙහෙත් ගුණ පණත් මැනවින් පළ කරවමිනි."

    වෛද්‍ය අමරසිරි පොන්නම්පෙරුම මහතාගේ "අපේ ජීවක වතගොත" නමැති කෘතියෙහි ඇතුළත් ඉහත කී වෙදැදුරු අන් කවරෙක්‌ නොව ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්‌ඩලයේ හිටපු භාණ්‌ඩාගාරික වෛද්‍ය ශිරෝමා, පී. කේ. ඩී. පවුලිස්‌ අප්පුහාමි නොහොත් පනාපිටිය කංකානමලාගේ දොන් පවුලිස්‌ අප්පුහාමි ය.

    අතීතයේ රජ දවස සිට නැවත එන සියනෑ කෝරළේ මාතර කැන්දලියද්ද පාරේ විසූ කපුරු බණ්‌ඩාර ආරච්චිගේ දොන් කරෝලිස්‌ ජයසේකර වෙදැදුරුගෙන් මෑත යුගයේ ඇරඹි මෙම වෙද පරම්පරාව ළය රෝග මෙන්ම ගෙඩි, වණ වෙදකමට ඉසිවරයෝ වූහ. ඔහුගෙන් පසු විමල බුද්ධි කීර්තිධාරි පනාපිටියකංකානමලාගේ දොන්a යොහානිස්‌ වෙදැදුරු පෙරමුණ ගනිමින් හෙළ වෙදකමට දැක්‌වූ කාර්ය භාරය සුවිශේෂී විය. ඉන් අනතුරුව මෙම ගෙඩි වණ වෙදකමට සෘජු සබඳතාවක්‌ ඇති කරගත්තේ ඉහත කී පනාපිටිය කංකානමලාගේ දොන් පවුලිස්‌ අප්පුහාමි ය. ඒ මල්වානේ වල්ගම මධුරප්aපෙරුමආරච්චිගේ දොන් පොරෝලිස්‌ වෙද මහතාගේ ඇවෑමෙන් එතුමාගේ පුත් වටුපේපෙරුම දොන් සරනේලිස්‌ වෙද මුහන්දිරම් විය.

    පවුලිස්‌ වෙදැදුරු ගෙඩි වණ වෙදකමට විශේෂ බවක්‌ දැක්‌වුවත් සර්වාංග රෝග පිළිබඳව ද හසල දැනුමක්‌ ලබා තිබිණි. ඔහු දෙමටගොඩ කොළොන්නාව පාරේ ශ්‍රී විජය ඖෂධයාලාධිපතිව එවකට සිටි ඕ. ටී. නානායක්‌කාර නම් සර්වාංග වෙද මහතා යටතේ හැදෙමින් සර්වාංග දැනුමෙන් පෝෂණය වූ අතර ඔහුගේ ඥති පුතකු වූ ඩී. ඇම්. නානායක්‌කාර මහතා සමක සමකාලීනව වෙදකමට පිවිස තමන්ගේම පරම්පරාවට ආවේණික වූ තෙල් බෙහෙත් වර්ග සියකින්ම නිපදවා ගත් පවුලිස්‌ වෙදැදුරුගෙන් ප්‍රතිකර ගත් කිසිම රෝගියකුට වැරදුනේ නැත.

    මල්වානේ වල්ගම ගෙඩි වණ වෙදකම එතැනින් නිම වන්නට මේ වෙදැදුරු කිසි විටෙක ඉඩ නොදුන්නේය. තම පරපුර ඉදිරියට ගෙන යැමට සුදුසුම පුද්ගලයා කවුද යන්න කාලයක්‌ තිස්‌සේ විපරමින් සිටි වෙදැදුරුට තම දියණියගේ පුතකු වන රුවන් සාගර ජයතුංග දහනායක සිහියට නැංවිණි.

    ළමා වියේ සිට තම සීයා වන පවුලිස්‌ වෙදැදුරුගේ සෙවනැල්ල මෙන් සිටිමින් වෙදකමට සහාය වූවෝ බෙහෝ වුවත් පෙරමුණ ගත්තේ රුවන් සාගර මුණුබුරු ය. සීයාත් මේ හුරුබුහුටි මුණුබුරාගේ කියුම් කෙරුම් ඉහළින් අගය කරමින් තව තවත් ඔහු සමීප කර ගත්තේය.

    "මයෙ පුතා සැබෑ දක්‍ෂයෙක්‌ නොවැ.

    තම උදව්වට පැමිණි මුණුබුරාට වරෙක සීයා කීවේ හදවතින් නැගෙන පීS්‍රතියත් සමගය.

    සීයාගේ වර්ණනාව රුවන් සාගර ඉතා ප්‍රිය කළේය. ඒ නිසාම සීයා තෙල් බෙහෙත් සිඳින්නේ කොතැනද, කසාය හදන්aනේ කොතැන ද රෝගීන් පරීක්‍ෂා කරන්නේ කොතැනද මුණුපුරා එතනය.

    මේ චර්යාව සැබෑ හෙළ වෙදැදුරුවරයකු විමේ ගති ලක්‍ෂණ කියා පෑ හෙයින් පවුලිස්‌ වෙදැදුරු මුණුපුරා කෙරෙහි තබාගත් විශ්වාසය වර්තමානය වන විට ඉතා සාර්ථක මල්පළ ගැන්වී හමාරය.

    කැටවලමුල්ලේ පනාපිටිය කන්කානමලාගේ දොන් පේමසිරි වෙදැදුරු තම පියා වන දොන් පවුලිස්‌ අප්පුහාමි වෙදැදුරුගේ ගෞරවය හා පරපුර සුරක්‍ෂිත කිරීමට අපමණ කැපවීමකින් ක්‍රියා කළ තවත් වෙදැදුරෙකි. ඔහු තම පරම්පරාව නොනැසී පවත්වා ගෙන යැමට තුන්කල් බලා ක්‍රියා කිරීමට වෙහෙස ගත්තේය.

    රුවන් සාගර දහනායක නමැති වෙදැදුරු බිහිවන්නේ මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙනි. මල්වානේ වල්ගම වෙද පරම්පරාවේ නව පරපුරේ වෙදැදුරුවරයකු වන ඔහුගෙන් හෙළ වෙදකමට සැපයෙන දායකත්වය අති මහත් ය.

    "රුවන් පුතා මේ සීයගෙ වෙද පොතේ ටික ඔයා ළඟ තියාගන්න."

    "ප්‍රේමසිරි වෙදැදුරු වරක්‌ තම බෑණනුවන්ගෙන් ඉල්ලීමක්‌ කළේය."

    "මේව වටින්නේ මට වඩා මාමටයි."

    "අලුත් සිතුම් පැතුම් තියෙන පුතාල වගේ අයට මේ වෙද පොත් ටික අපට වඩා ප්‍රයෝජනවත් වේය කියලයි මම හිතන්නේ."

    "ඔව් පුතා මාම කියන දේ ඇත්ත අප්පච්චිගෙ වෙද පොත් ටික වෙද මහත්තය ආරක්‍ෂා කළේ සිය පණටත් වඩා වැඩි ආදරේකින්. මේවා රැක ගැනීමේ වගකීම ඔබට හැර වෙන කෙනකුට ඕනෑකමින් කරන්න පුළුවන් යෑයි කියල අපට හිතන්න අමාරුයි. ඒක නිසා රුවන් පුතා මේව අරගෙන යන්න. ඒ නැන්දා එස්‌. ඉලංගන්තිලක වෙද නෝනාය. එතුමිය පාරම්පරික වෙදකමට උරුමකම් කියන්නයික්‌ නිසා පරම්පරාහි වැදගත්කම හා වගකීම මැනවින් තේරුම් අරන් තිබුණි.

    තම මාමාගේ සහ නැන්දනියගේ ඔවදන් රුවන් සාගරගේ හිතෙහි තදින් එල්බ ගත්තේය. ඒ වනවිටත් ඔහු සීයාගේ ඇසුරින් වෙදකම තරමක්‌ දුරට දැන සිටියත් තොරතුරු තාක්‍ෂණයේ ඉහළට ගිය ඔහුට හෙළ වෙදකට ප්‍රවිෂ්ඨ වීමට තරම් කාල වේලාවක්‌ නොවීය.

    තත්ත්වය එසේ වුවත් මාමා සහ නැන්දා දිගින් දිගටම කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප නොකළ සාගර වෙදකමට අවතීර්ණ වූයේ අලුයම හෙළුE කෙළ පිඬක්‌ මෙන් තම වෘත්තීය පසෙකට තල්ලු කර දමමින්ය.

    ගෙඩි වන වෙදකමට මෙන්ම සර්වාංග රෝගවලට ඉසිවරයකු බඳු මේ පාරම්පරික හෙළ වෙදැදුරුවරයකු වන රුවන් සාගර දහනායක හමුවීමට මම පසුගිය දිනක ගියේ බොහෝ රෝගීන්ට කිසියම් පණිවුඩයක්‌ සැපයීමටය. තම පරම්පරාවෙන් පැවත එන රහස්‌ වට්‌ටෝරුවලින් තනාගත් ඖෂධ සංයෝගයෙන් ප්‍රතිකාර කරන ඔහු හමුවීමට මට එතරම් පහසු වූයේ නැත. ඒ වනවිටත් පැමිණ සිටි රෝගීහු ප්‍රතිකාර සඳහා පෙළ ගැසී සිටියහ.

    විමලසිරි අගලකඩ - දිවයින - 2014/07/13
     

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    නයෙක් ගහල මැරිල වළදාන්න හිටි අපේ අම්මට ඉර&#349

    සර්ප විෂ වෙදකම, කැඩුම්, බිඳුම්, සර්වාංග වෙදකම ආදී විවිධ ප්‍රතිකාර ක්‍රම තුළින් සැදුම්ලත් ලාංකේය පාරම්පරික සිංහල වෙදකම දියුණු යැයි සම්මත විදේශිකයන්ද මවිත කරවමින් අප රට ලෝක සම්භාවනාවට පවා පාත්‍ර කිරීමට සමත් වූ යුගයක් එදා ලාංකික ජාතිය සතුවිය.


    සර්ප විෂ වෙදකම, කැඩුම්, බිඳුම්, සර්වාංග වෙදකම ආදී විවිධ ප්‍රතිකාර ක්‍රම තුළින් සැදුම්ලත් ලාංකේය පාරම්පරික සිංහල වෙදකම දියුණු යැයි සම්මත විදේශිකයන්ද මවිත කරවමින් අප රට ලෝක සම්භාවනාවට පවා පාත්‍ර කිරීමට සමත් වූ යුගයක් එදා ලාංකික ජාතිය සතුවිය.

    විවිධ විදේශ ජාතිකයන්ගේ ආක්‍රමණයන්ට යටත්ව පැවැති යුගයන්හි අප සතුව තිබූ බොහෝ දේ දැයට අහිමි වී ගියද කිසිවකුට උදුරාගත නොහැකි වූ උරුමයන් කීපයක් අද ද අප සතුව ඇත. එම අනුල්ලංඝනීය උරුමයන් අතර පාරම්පරික සිංහල වෙදකම උස්තැනකලා ගත හැක. එහි සින්නක්කර හිමිකරුවන් වූ ශ්‍රී ලාංකේය ජාතිය වර්තමානයේදී නවීනත්වයත්, කාලයත් අතර අතරමංව ගියද ශේෂය පිණිස ඇත්තේ එදා මේ බිම විසූ ඉසිවරුන් බඳු සිරිමත් මිනිසුන් ඉතිරිය පිණිස තබා ගිය යළි යළිත් මෙනෙහිකළ යුතු අසිරිමත් මතකයන් පමණය.

    හෙළ වෙදකමින් විස්මිත විස්කම්පෑ පරපුරක 'මුල් පුරුක්' සොයා යෑමේ අසීරු වෑයමක පසුගියදා 'මව්බිම' නිරත වූ අතර එහිදී හෙළිදරව් වූ තොරතුරු කෙනකු වරක් ඇසූ පමණින් විශ්වාසයට ගත නොහැකි සේය.

    පස්දුන් කෝරලයේ අගලවත්ත මැතිවරණ කොට්ඨාසයේ පොල්ගම්පළ නගරයට ආසන්නව පිහිටි දියපත්තුගම "නැකැත්තවිල" ග්‍රාමය තවමත් මියනොගිය ගැමිකමේ රුවගුණ පෙන්වන කැඩපතක් බඳුය. කිරට බරවී ඇති ගොවිතැනත්, සිංහරාජ වනාන්තරයේ මෑත ඉම පෙන්වමින් වෙන වෙනම උස ගිය කඳු පන්ති සමූහයත්, සුදෝ සුදුවට පෙණ බිඳෙන හරංකහපත තඹ‍ෙදාල ඇල්ලත් එබිම රුව පිණිස සොබාදහම විසින් නිමකළ අනඟි අභරණ වැනිය.

    සර්ප විෂ වෙදකම තුළින් මැරුණු මිනිසුන් යළි නැඟිට වූ පරපුරක උරුමයත්, එම උරුමයෙන් ලත් වෙදකමත්, ගැමිකමත් සමඟ දිවි ගෙවමින් අද ද නිහඩ සමාජ මෙහෙවරක යෙදී සිටින ආයුර්වේද සර්ප විෂ වෛද්‍ය සෝමපාල සමරසිංහ මහතා සොයා ගිය ගමනේදී ආගිය තොරතුරු විචාලීමෙන් අනතුරුව නැකැත්තවිල සමරසිංහ වෙද පරපුරේ සතුව ඇති සර්ප විෂ වෙදකමින් සිදුකළ විශ්වකර්ම ප්‍රතිකාර සහ එම අතීත මතකයේ 'ලකුණ' බවට පත්ව ඇති 'මද්දේගම ආරච්චිගේ සුබලිස්හාමි' නම්වූ සෝමපාල සමරසිංහ වෙද මහතාගේ මෑණියන් පිළිබඳ අසා දැනගත් තොරතුරු මත මගේ පළමු පැනය සමරසිංහ වෙද මහතා වෙත යොමු කළෙමි.

    ඔව්.... ඒ මගේ අම්මා... මගේ සීයා විසින් සිදුකළ විස්මිත වෙදකමට ලැබුණ තිළිණය... ඔව් ඒ මගේ අම්ම...

    ඔහුගේ පිළිතුර තුළ සියුම් අභිමානයක් ගැබ් වී ඇත. ඒ තම සීයා ගැන තාත්තා ගැන පමණක් නොව පාරම්පරික වෙදකම ප්‍රගුණ කළ තම හත්මුතු පරම්පරාව පිළිබඳ අභිමානයද එම පිළිතුර තුළ විය.

    ඒ... මීට දශක ගණනාවකට එපිට දවසක් මගේ සීය සමරසිංහ විදානෙලාගේ ‍ෙදාන් වෙලෝනිස් අප්පුහාමි. සීයව ප්‍රදේශයේ කවුරුත් හැඳින්වූවේ 'වෙද මුත්ත' කියන නමින්.

    මගේ අම්මට ඒ වෙද්දි වයස අවුරුදු 22යි. ගම මීගහතැන්නේ මද්දෙගම. ප්‍රදේශයේ වැදගත්ම පවුල් පසුබිමක් සහිතව හැදී වැඩුණ අම්මගේ පවුල සතුව ඒ කාලේ විශාල දේපළක් තිබිල තියෙනව. අම්මගෙ තාත්ත මගේ සීය රටේ මහත්තය.

    මගේ අම්මට පොළඟෙක් දෂ්ට කරල තියෙන්නේ පවුලේ වැඩිහිටියන්ද සමඟ දහවල් ආහාර රැගෙන කුඹුරකට ගිය වෙලාවේ. මාරාන්තික විෂ සහිත පොළඟෙකුගේ පහරකෑමට තමයි අම්ම ලක්වෙලා තියෙන්නේ.

    ප්‍රදේශයේ ඉන්න සර්ප විෂ වෙදකමේ සමත් වෙදදුරන්, පිඹුර රජයේ රෝහලේ එවකට සිටිය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු බොහෝ දෙනෙක් අම්මව සුවපත් කරන්න උත්සාහ ගත්තත් පලක් වෙලා නැහැ. පස්සෙ තමයි හැමෝම ඇය මියගොස් කියල තීරණය කරල තියෙන්නේ.

    සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් ඇය මරණයේ නිහඬ නිද්‍රාවට පත්වූ බවට තීරණය වූ අතර රුවින් සහ ගුණයෙන් පිරිපුන් ඇය වෙනුවෙන් නොහැඬ­ූ නෙතක් එකල මද්දෙගම ප්‍රදේශයේ නොවූ තරම් විය. පවුලට ආලෝකයක් වෙමින් සඳක් බඳු ඇය වේලාසන නිවීගිය සොවින් පවුලේ උදවිය දරාගත නොහැකි දුකින් පසුවන අතර තරුණියගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිත හෝරාවද ළඟාවෙමින් තිබී ඇත. මේ මොහොත වන විට 'වෙද මුත්තා' වෙදකමක් පිණිස දුරබැහැර ගමනක් ගොස් ගම එනු පිණිස මීගහතැන්න මද්දේගම ගම පසුකරමින් ගමනේය.

    වෙද මුත්තා ඇන්දෙ පට සරම, තවත් සරමකින් උඩුකය වසා ගැනීම තමයි වෙද මුත්තගේ සිරිත. රාජ සභාවට ගියත් ඒක තමයි 'ඇඳුම' වෙලා තියෙන්නේ. කොහේ ගියත් බෙහෙත් ඔෟෂධ පුරවපු ම¾ඩිස්සලයක් රැගෙන යෑම 'වෙදමුත්තාගේ' පුරුද්ද. ඒ කාලේ යානවාහන අඩුයි. වැඩි හරියක් ගමන බිමන පයින්... නැත්නම් කරත්තෙන්.

    "ඔහොම යද්දි තමයි අතරමඟ මළගෙයක් වෙලා තියෙන බව වෙද මුත්ත දැකල තියෙන්නේ."

    මළගෙය පහුකරල ටික දුරක් ආවාටත් පස්සෙ තමයි වෙද මුත්තට හිතක් පහළවෙලා තියෙන්නේ ප්‍රදේශයේ ඉහළ පවුලක සිදුවී ඇති මළගමට ගොඩවෙලා යන්න. මරණයක්, මඟුලක් වුණාම එතැනට ගොඩ වෙන එක ඒ කාලේ සිරිතක්. මළගෙදරට ගිහින් විපරම් කරද්දී තමයි වෙද මුත්තා දැනගෙන තියෙන්නේ මරණය සිද්ධවෙලා තියෙන්නේ පොළගෙක් දෂ්ට කිරීමෙන් කියල. පාංශුකූලය දෙන වෙලාවත් ඒ වෙද්දී ළංවෙලයි තිබිල තියෙන්නේ. වෙද මුත්තා 'මළ මිනියට' කිට්ටුවෙලා බලල පවුලේ උදවියගෙන් අවසර ඉල්ලල තියෙනව මියගිය තරුණියව පරීක්‍ෂා කරල බලන්න. තරුණ ගැටව් මුත්තට ඒ වෙලාවෙදි සමච්චල් කරල තියෙනව එහෙව් සමත්කමක් කරන්න පුළුවන්ද කියලත්. පවුලේ උදවියගේ අවසරය පිට මුත්ත වෙදකමට බැහැල ඉරට්ටට මතුරල 'මළ මිනියට' පහරක් ගහල තියෙනව. ඊට පස්සේ බෙහෙත් ඔෟෂධ නස්න කරල තියෙනව. ඊට පස්සෙ තමයි බොහෝ දේවල්වල ආරම්භය පටන් අරන් තියෙන්නේ. අදත් ඒ ප්‍රතිකාරවිධි අප සතුව තියෙනව.

    දෛවය එක් ‍ෙදාරක් වසන්නේ තවත් ‍ෙදාරක් විවරකොට බව කියමනක් ඇත. එදා වෙද මුත්තාගේ ජීවක දෑසට නොපෙනේනට තවත් හෝරාවකින් සදහටම පස්යට නිදන්නට නියමිතව තිබූ, පසුව සෝමපාල සමරසිංහ වෙද මහතාගේ ආදරණීය මෑණියන්වන මද්දේගම ආරච්චිගේ සුභලිස්හාමි කුලරත්න මහත්මියගේ මියනොගිය සිරුර තුළ සැඟව තිබූ ජීව ප්‍රාණය යළිත් මතු කිරීමට සමත්වූ වෙද මුත්තාගේ සමත්කම දුටු රැස්ව සිටි පිරිස් විමතියට පත්වූ අතර මඳ වේලාවකින් මියගිය තැනැත්තෙකුගෙන් කිසි විටෙකත් අපේක්‍ෂා කළ නොහැකි දෙයක් සිදුවිය. එනම් මිය නොගිය තරුණිය ඇසිපිල්ලම් ගසන්නට වීමය.

    ඊට පස්සෙ වෙදමුත්ත ස්ථිරෙටම සුවපත් කරන පොරොන්දුව පිට ඉතිරි ප්‍රතිකර්ම ටිකත් සිදුකරල තියෙනවා. හැබැයි එක පොරොන්දුවක් පිට. ඒක තමයි මේ තරුණියව තමන්ගේ පුතාට විවාහ කරදෙන පොරොන්දුව. කුලරත්න පවුල ඒකට එකඟ වෙලා පස්සෙ පිදේනි තටු සකස්කරල අවශ්‍ය පූජා භාණ්ඩ තැන්පත් කරල පිදේනි තටුව තියෙන තැන ඉඳල තරමක් අෑතට වෙන්න කෙසෙල් පිති අතුරල ඊට පස්සෙ තමයි ජප කරන්නේ.

    දුම්මල අල්ලල ජප කරන්න ගත්තම පහර දුන් සර්පයගේ දිෂ්ටිය එතැනට එනව. කෙසෙල් පිති සෙලවෙන්න ගන්නව. දිෂ්ටිය ඇවිත් පිදේනි තටුවෙ තියෙන බිත්තරය උරා බොනව. ඊට පස්සෙ තමයි රෝගියාගේ ඇඟේ තියෙන සර්ප විෂ බැහැල යන්නේ. ඒව බොහොම බලගතු මන්තර.

    කුලරත්න පරපුර සහ වෙද මුත්තාගේ පරපුර අතර වත්පොහොසත්කම් අතර විශාල පරතරයක් පැවතියද තම දියණියට නැවැත ජීවිත දුන් මිනිසාගේ ඉල්ලීමට එරෙහිවීමට ඔවුන් අපොහොසත් විය.

    ඊට පස්සෙ තමයි මගේ අම්මව දියපත්තුගමට කැන්දගෙන ඇවිත් තියෙන්නේ. ඒ කාලෙ බක්කි කරත්ත දාහතරක් මංගල ගමනට ඇවිත් තියෙනව. දෑවැදි පිණිස ලැබුණ පිඟන් කෝප්ප අදත් සුරක්ෂිතව තියෙනව.

    සියල්ලන්ගේ ආශීර්වාදය මැද මද්දේගම ආරච්චිගේ සුබලිස්හාමි තරුණිය සහ වෙද මුත්තාගේ පුතණුවන් වන සමරසිංහ විදානලාගේ විලියම් තරුණයා අතර විවාහය සිදුවූ අතර ඔවුන් දරුවන් අටදෙනකුගේ මවුපියන් වීමටද වාසනාවන්ත විය.

    මගේ තාත්තත් දක්‍ෂ වෙද මහතෙක්. ඒ කාලේ ඉන්දියාවට නැව් නැගල ආයුර්වේදය පිළිබඳ හදාරලත් තියෙනව. අම්ම අවුරුදු 88ක් ජීවත් වුණා. බොහොම නිරෝගී ජීවිතයක් ගත කළා. මගේ අම්මයි තාත්තයි ජීවත්ව සිටිද්දි තවත් අපූරු පින්කමක් සිදුකළා. ඒ තමයි තමන්ගේ දරුවකුව ශාසනයට පූජා කිරීම. උන්වහන්සේ තමයි කොහුවල විජයමංගලාරාම වත්මන් විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී දියපත්තුගම සුමන හිමිපාණන්.

    සෝමපාල වෙද මහතා අතීතයත්, වර්තමානයත් අපූරුවට සංසන්දනය කරමින් ඔහු සතු මතකය නිවැරැදිව පෙළගස්සන අයුරු අගනේය.

    මගේ මීමුත්තා දියපත්තුගමට ඇවිත් තියෙන්නේ ක්‍රි.ව. 1340දී පමණ. ඔහු උඩරැටියෙක්. රාජසිංහ රජ සමයේ තමයි ඔහු මේ ප්‍රදේශයට ඇවිත් තියෙන්නේ. ඒ එද්දී තමයි මේ වෙද හෙදකම් රැගෙනවිත් තියෙන්නේ. වසර හාර පන්සියයක් පැරණි බෙහෙත් වට්ටෝරු සහිත පුස්කොළ පොත් අදත් සුරක්‍ෂිතව තියෙනව. ඒ දේවල් අපට මහා අනර්ඝ වස්තූන්. මේ දේවල් අනාගත පරපුර වෙත ලබාදීමේ අරමුණක් තියෙනව. මගේ පුතා රංජිත් සිසිර කුමාර එම මෙහෙවරේ නිරත වෙනව. රංජිත් සිසිර කුමාර මහතා වසර සියගණනක සිට පැවැත එන පිය උරුමයෙන් ලද දායාදය වන වෙදකම ඉදිරි පරපුර වෙත රැගෙනයෑමේ වෙහෙසකර වෑයමක මේ වන විටද නිරතව ඇති අතර ඔහුගේ අරමුණ වී ඇත්තේ නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනයේ අනුග්‍රහයෙන් ආයුර්වේද සංරක්‍ෂණ සභාවේ අනුමැතිය සහිතව සර්ප විෂ වෙදකම ඇතුළු ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳ පුහුණු මධ්‍යස්ථානයක් තම ප්‍රදේශයට ලබා ගැනීමත් ඒ තුළින් වසරකට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට පුහුණුවක් ලබා දීමත්ය. දියවැඩියාව, සර්ප විෂ වෙදකම ඇතුළු විවිධ ලෙඩ රෝග පිළිබඳ විවිධ පර්යේෂණවල මේ වන විටද නිරතව ඇති ඔහුගේ අරමුණ වී ඇත්තේද තමන් සතු දැනුම සමාජ යහපත පිණිස යොදා ගැනීමය.

    දියපත්තුගම නැකැත්තවිල සමරසිංහ වෙද පරපුර මෙන්ම රටේ බොහෝ තැන්වල මෙවැනි පාරම්පරික ප්‍රතිකාර ක්‍රම කාලයත් සමඟ ඉතිහාසයේ වැළලීම වළක්වා ගැනීම යුගමෙහෙවරක් වන අතර අදාළ බලධාරීන් සහ ආයතන ඒ සඳහා පෙරමුණ ගත යුතුය.

    Mawbima, 2013-05-05
     

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    රත‍්‍රන් මගින් දරුණු පිළිකා සහමුලින්ම නස

    රත‍්‍රන් මගින් දරුණු පිළිකා සහමුලින්ම නසන ලොව එකම ඉසිවරයා රත්මලානේ ‘ලෝකයේ දැනට පරීක්ෂණ පවත්වා බටහිර වෛද්‍යකමටත් සුව කිරීමට නොහැකි පිළිකා රෝගය සුව කිරීමට බෙහෙත් සොයාගෙන සිටින එකම වෛද්‍යවරයා මමයි. මම එය රටට සමාජයට කියා පාන්නේ මහත් ආඩම්බරයෙන්’ යැයි වෛද්‍ය ලලිත් කුලරත්න මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ ‘තිලක පිළිකා රෝග සංගමය’ ආරම්භ කිරීම හා රසවෛද්‍ය ක‍්‍රමයෙන් පිළිකා රෝගය සුව කිරීම පිළිබදව පානදුර පුරහලේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ලලිත් කුලරත්න මහතා මෙසේ කීය, ‘කැරට් 24 රත්රන්වල ජාන වෙනස්කළ හැකි බැවින්, රත්රන් ඖෂධ මාර්ගයෙන් පිළිකාව සුව කිරීමේ ක‍්‍රමවේදය ලොවට හදුන්වාදී ඇති ලොව එකම වෛද්‍යවරයා ලෙස මේ වනවිට මම පිළිකා රෝගීන් විශාල පිරිසක් සුව කරලා තිබෙනවා. මේ සියලූ හාස්කම් කළහැකි වන්නේ ශෛල්‍ය හෝ එන්නත් හෝ විකිරණ ප‍්‍රතිකාර නොකළ රෝගීන්ට බව අවධාරණයෙන් ප‍්‍රකාශ කරන්න කැමතියි. පිළිකාව කියන්නේ දරුණු රෝගයක් නෙවෙයි. බටහිර වෛද්‍යවරුන් පිළිකාව භයානක රෝගයක් කියා මිනිසුන් බිය ගන්වා තිබෙනවා. මොකද ඔවුන් ල`ග පිළිකාව සුව කරන්න බෙහෙතක් නැති නිසා. මේ රෝගයට මිනිසුන් පොඞ්ඩක්වත් බිය විය යුතු නැහැ. මම මෙම රෝගය රසදියෙන් හොද කරනවා. මගේ වෛද්‍ය ආයතනය රත්මලාන ගොළුමඩල හන්දියේ පිහිටි ශ‍්‍රී මංගල ඔසුහලයි’

    උපුටා ගැනිමකි
     

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    දේශීය නාඩි වෙදකමේ විස්මය

    මේ වෙදැදුරුතුමන්ව හඳුන්වන්නේ නාඩි වෙද මහත්තයා කියලා..ඉන්නේ අනුරාධපුරේ.. මෙතැන ප්‍රතිකාර ක්‍රම හා ලෙඩේ පිළිබඳ නිගමනයන්ට එන්නේ අසාමාන්‍ය ක්‍රමයකට යි.. අපි ගිහින් වෙද මහතා ළඟ ඉඳගන්න පමණයි තියෙන්නේ.. අපේ මැණික් කටුව ළඟින් ඔහුගේ ඇගිලි තබාගන මිනිත්තු කීපයක් අල්ලගන ඉන්න වෙදමහත්තයා නාඩි පරික්ෂණයක නිරත වෙනවා.. ඉන්පස්සේ අපිට ඇති රෝගී තත්ත්වයන් පවසාගන යන්නේ රෝගියාව පුදුමයෙනුත් පුදුමයට පත් කරමින්.. බටහිර ක්‍රමයට දින ගණනාවක් පරීක්ෂණ කරමින් සොයාගත් දෑ ඔහු මිනිත්තු දෙක තුනක් ඇතුළත කියවාගන යන්නේ හාස්කමකින් වගේ..

    අපේ රුධිරයේ සීනි ප්‍රමාණය කොලස්ටරෝල් ප්‍රමාණය වගේම හදවත් ලෙඩ පවා අප මවිතයට පත් කරමින් ඔහු පවසන්නේ නාඩි ශාස්ත්‍රයෙන්.
    මෙතැනට ඇවිත් හිටි බොහෝ දෙනෙක් බටහිර ප්‍රතිකාරවලින් ශල්‍යකර්මවලට තීන්දු වූ අය..ඒ බොහෝ දෙනෙක් කියන්නේ දැන් ඒ ශල්‍යකර්ම අවශ්‍ය නැතැයි එම වෛද්‍යවරුම පවසන බවයි..

    මේ වෙදමහත්තයාගේ
    නම එස් එස් ගුණවර්ධන
    ලිපිනය නො.172 මාර්කට් පෙදෙස, අනුරාධපුරය..
    දුරකතන අංකය. 0252223128

    මා මේ විස්තරය දැම්මේ කාට හෝ අවශ්‍යතාවක් තිබේනම් ප්‍රයෝජනවත් වේවි කියන අදහසින්. මා මෙසේ කීවාට ඔබ යන්නේ නම් තව විස්තර සොයා බලා යන්න..කොහොමත් යන්නට පෙර අංකයට කතාකර වෙලාවක් වෙන්කරගන යන්න.
     
    • Like
    Reactions: 1NAPOLION

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    අනුරාධපුර ප්‍රදේශයේ හොරිවිල පිහිටි හොරි&

    ආයුර්වේද වෛද්‍ය එස්.එම්.එන්. ප්‍රසාද් සේනානායක
    කැඩුම්,බිඳුම් වෙදකම පිළිබඳව කතා කරන විට අනුරාධපුර ප්‍රදේශයේ හොරිවිල පිහිටි හොරිවිල වෙද ගෙදර වෙද මහතා අපට සිහිපත් වන්නේ නිතැතිනි.
    Horivilaහබරණ හොරිවිල පදිංචිව සිටි එස්.එම්. හේරත්හාමි (හොරිවිල වෙද මහතා) කැඩුම් බිඳුම් වෙදකමේ පාරම්පරිකව සිට ආ නිපුනයෙකි.
    ‘සීයා වෙදකම් කරනවිට මගේ පියා ඔහු සමග නිරන්තරයෙන්ම සිටියා මට මතකයි‘
    1983 ආර්. ප්‍රේමදාස මහත්මයා ගම් උදා වැඩ සටහන යටතේ දොම්පේ ‘වෙදගම’උදාකළ ගම් නිර්මාණය කර දීලා අපේ සීයා කැඳවලා හොරිවිල වෙදකම සියනෑවටත් ගේන්න කියලා උපදෙස් දුන්නා”
    Horivila.jpg


    හොරිවිල වෙදමහතාගේ පුත්‍ර වෛද්‍ය එස්.එම්.එන් ප්‍රසාද් ඒකනායක මහතා තම සීයා ගැන එසේ කියයි.
    “එවකට දොම්පේ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළ සරත්චන්ද්‍ර රාජකරුණා, මහත්මයා මේ පිළිබඳව මූලිකව කටයුතු කරලා කිරිඳිවැල වෙදගම උදාගමෙහි හොරිවිල කැඩුම් බිඳුම් වෙද ගෙදරක් නිර්මාණය කළා.
    පසුකාලයේ සීයා වෙදගම වෙදගෙදර මගේ පියාට පවරා දුන්නා. සීයා හොරිවිල වෙද ගෙදර පවත්වා ගෙන ගියා. 88 වසරේ මගේ සීයාගේ වියෝවින් පසු මගේ පියාගේ සහෝදරයා හොරිවිල වෙද ගෙදර පවත්වාගෙන යනවා”.
    වෛද්‍ය ප්‍රසාද් සේනානායක ගුරුතලාව ශාන්ත තෝමස් විදුහ‍ලේ අ.‍පො.ස. (ස.පෙළ) සමත්ව අනතුරුව උසස් පෙළ විභාගය සඳහා මහනුවර ධර්මරාජ විදුහලට ඇතුළුවිය.
    2000 වසරේ තම සීයාගෙන් හා තම පියාගෙන් ලත් ආයුර්වේද වෙදකමට දැක් වු නොමද ආශාව නිසා ඔහු ආයුර්වේද වෙදකම ඉගෙන ගන්නට ඉන්දියාවේ නව දිල්ලි විශ්ව විද්‍යාලයට ඇතුළුවිය.
    වසරක් එහි භාෂාව පිළිබඳව හසල ලෙස ඉගෙන 2001 සිට 2007 දක්වා ආයුර්වේදය උගන්නේය.
    එහිදී ඔහු යෝග සහ පංචකර්ම ශ්‍රාස්ත්‍රයන්ද ප්‍රගුණ කළ අතර සර්වාංග වෙදකමද ආයුර්වේදයේ සියලු ශාස්ත්‍රයන් ඉගෙන ආයුර්වේද උපාධිය ලබාගෙන ඇත.
    ප්‍රසාද් සේනානායක 2008 වසරේ නැවත ශ්‍රී ලංකාවට පැමිණ තම පියා සමග කිරිඳිවැල වෙදගම කැඩුම් බිඳුම් වෙද ගෙදර කටයුතු කරයි.
    පාරම්පරිකව ලබාගත් කැඩුම් බිඳුම් වෙදකම හා තමා භාරතයෙන් ලද ආයුර්වේදයේ තවත් ප්‍රතිකාර ක්‍රමවේද රැසක් ද උපයෝගී කරගනිමින් වටිනා හෙළ ඔසු නිෂ්පාදනය කිරීමටද ඔහු දැන් පියවරගෙන ඇත.
    මේ හේතුව නිසා අද වන විට වෙදගම වෙදගෙදරට ප්‍රතිකාර ගැනීමට එන රෝගීනට කැඩුම් බිඳුම් වෙදකම පමණක් නොව ස්නායුරෝග, කටී වායුරෝග, දියවැඩියා, මුත්‍රාශය ආශ්‍රිත , අර්ශස් රෝග ආත්‍රරයිටිස් යන සියලු සර්වාංග රෝගවලටද ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව ලැබි ඇත.
    ප්‍රසාද් සේනානායක වෙද මහතා භාරතයේ අධ්‍යාපනය හදාරන කාලයේ සිට අත්හදා බැලීම් උපයෝගී කරගනිමින් ඔහු හෙළ ඔසු රැසක්
    Horivila1.jpg

    නිෂ්පාදනය කරයි ඔසු නිමා ලියාපදිංචි නාමය යටතේ සන්ධි තෛලය, සන්ධි‍ලේපය,
    හිස්රෝග සඳහා පීනස් තෙල්, මෙරමිප්ලස්, මුත්‍රා ගල් පැණිය, සහ පිරිසිදු තේකොළ සමග මුසුකළ හෙළඔසු ක්ෂාරය මගින් ක්ලොස්ටරෝල් දියවැඩියාව හා (ග්‍රැස්ට්‍රයිටිස් (ආමාශයේ ආම්ල ගතිය)) නිවාරණය කිරීමේ මහඟු බලයක් දෙන හෙළ නිපැයුම් රැසක් හෙළ ඔසු යොදා ගනිමින් නිෂ්පාදන කෙරේ. ඔහු විසින් නිෂ්පාදනය කෙරෙන ඔසු නිෂ්පාදන ඔහුගේම තනි අධික්ෂණය මත සිදුවන බැවින් ඒවායේ ගුණදායක තත්ත්වය විශ්මිත බව ඔහු සඳහන් කරයි.
    බෙහෙත් වර්ග 180Horivila1 ක් හා තෙල් වර්ග 6ක් උපයෝගි කර ගනිමින් පැරණි බෙහෙත් වට්ටෝරුවකට අනුව නිපදවන ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ලත් එකම ‘සන්ධිතෙල’ නිපදවන්නේ ප්‍රසාද් සේනානායක මහතාගේ ඔසුනිමා
    ඖෂධාලයයි.
    සියලු වාත වේදනා, වාත රෝග කටී වාතය, නිතර පවතින බෙල්‍ලේ රුදාව වැනි සියලු ඒ ආශ්‍රිත රෝග සඳහා සන්ධි තෙල ඉතා ගුණදෙන ඔසුවක් බව ඔහු පවසයි.
    එසේම එම සන්ධි තෙල හා තවත් පාරම්පරික තෙල් වර්ග 6ක් මුසු කර ගනිමින් රෝගියාගේ පාවිච්චිය පහසු කරවනු වස් නිපදවා ඇති සන්ධි‍ලේපයද ඉතා අනගි ඔසුවකි.
    හිසේ රෝග, හිසකෙස් ගැලවීයාම, නින්ද නොයාම නිතර හිස රදය, හිසේ බරගතිය ආදී රෝග සඳහා නිෂ්පාදනය කරන හෙළ ඔසු සංයෝග වූ ‘හෙයාර් රිච් හර්බල් හෙයාර් ඔයිල්’ ඔහුගේ තවත් නිෂ්පාදනයකි.මොළයේ පවතින ස්නායු දුර්වලතා මතක ශක්තිය අඩුවීම සහ මානසික ආතතිය (ස්ට්‍රේස්) සඳහා වහා ගුණ දෙන මෙමර රිප්ලස් ඖෂධය හෙළ ඔසුවෙන් කළ අනගි නිපැයුමක් බවද ඔහු සඳහන් කරයි.
    දීර්ග කාලයක් තිස්සේ කළ පර්යේෂණවල ප්‍රතිඵල ලෙස ඔහු නිපැයූ මුත්‍රා පැණිය. වකුගඩු හා මුත්‍රා රෝග සඳහා වහා ගුණ දෙන ඖෂධ පැණියකි.
    එය මුත්‍රා අඩස්සිය, මුත්‍රා දැවිල්ල, කොන්දේ අමාරුව, ශරීරයේ ඊ.එස්.ආර්. වැඩිවීම පාලනය වීම, වැනි සියලු මුත්‍රාශය ආශ්‍රිත රෝග සඳහා වහා ගුණදෙන හෙළ ඔසුවකි.
    එයට අමතරව ඔහු විසින් නිෂ්පාදිත සිරිලක ප්‍රනීත තේ දල්‍ලේ රසය සියයට දහයක් මුසු කරගනිමින් තවත් දේශීය බෙහෙත් වර්ග උපයෝගී කරගත් තේ පානයක් ලෙස සකස් කර ගත හැකි “ඩයබැටික්තේ”, දියවැඩියාව සඳහාද, අම්ල පිත (ග්‍රැස්ට්‍රයිට්ස්) සඳහා වූ “ග්‍රැස්ටිස් තේ” සහ සිරුරේ තරබාරුව හා ක්ලෙස්ටරොල් පාලනය කරන “කොලෙස්ටරෝල් තේ” දිනපතා පාවිච්චියට පහසු අන්දමේ තේ පැකට් ස්වරූපයෙන් නිපද වූ හෙළ ඔසු පෙලකි.
    වර්තමානයේ බොහෝ දෙනෙකු ගොදුරු වී ඇති මත්පැන් පානයෙන් හා අධික වේදනා නාශක බෙහෙත් පාවිච්චිය සහ ආතතිය නිසා සිදුවන අක්මාව හා ආශ්‍රිත පද්ධතිය දුර්වලතා සමනය සඳහා දිගු කාලීන පරීක්ෂණයට භාජනය කළ නව හෙළ ඔසුවක් වන ‘ලිවර්ටෝන් අප්’ ළඟදිම වෙළෙද පළට නිකුත් කිරීමට හොරිවිල වෙද ගෙදර ප්‍රසාද් සේනානයක මහතා සූදානම්ව සිටි පාරම්පරික කැඩුම් බිඳුම්, වෙදකමට මෙන්ම සියලු සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ පහසුව උදෙසාම රදාවාන කිරිඳිවැල මාර්ගයේ අල්ලියවත්ත හන්දිය අසල ‘ඔසුනිමා ඖෂධාලය’ නමින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක්ද විවෘත කර ඇති අතර සෑම සදුදා දිනකම ඔහු එම ස්ථානයේ ප්‍රතිකාරවල යෙදේ. එසේම සෑම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල කිරිඳිවැල වෙදගමේදී ප්‍රසාද් සේනානයක වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගත හැක සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඔහුගේ පියා වන සේන බණ්ඩාර මහතා වෙදගම වෙද ගෙදරදී මුණ ගැසිය හැක.
    මිනිසාගේ හැසිරීම් රටාවේ වූ ආහාර, විහාර, නිද්‍රා බ්‍රහ්මචර්යා යන සිව් වැදෑරුම් සිද්ධාන්ත වෙනස් වූ විට වා පිත් සෙම් තිබෙනවා. ඒ නිසා ඒවා පලනය කර ගත යුතුයි. ස්වභාව ධර්මයෙන් නිර්මිත නිසා ස්වභාව ධර්මයේම හැසිරිය යුතු අතර එසේ නොවුණොත් ආතතිය ඇති වෙනවා. එයින් බොහේ රෝග පිනාදිය වැළඳිය හැකියි ඔහු පවසයි.
    ආයුර්වේද වෛද්‍ය ප්‍රසාද් සේනානායක, ඔසුනිමවා ඖෂධාලය රදාවන කිරිඳවැල පාර (අල්ලියවත්ත හන්දිය අසල) රදාවාන
    ආරියපාල විදාගම
    ලක්බිම
     

    rryap

    Member
    Oct 13, 2012
    26
    8
    3
    do not get deceived

    Well into the 1800s, physicians continued to believe that
    miasmas, gases that arose from sewers, swamps, garbage
    pits, or open graves (and were thought to be poisonous), caused
    illness. Because physicians did not yet understand the cause of
    illness, guesswork was heavily involved when treatments were
    devised. Doctors frequently used leeches to bleed patients, and
    laxatives, opium, peppermint, and brandy were often considered
    cures. While some herbal medications have come back into favor
    today, many of the medicines used early on—mercury among
    them—are now known to be poisonous or cause serious, if not
    fatal, damage.

    [Kate_Kelly]_Medicine_Becomes_a_Science_1840-1999
     

    MindTalk

    Member
    Jun 11, 2016
    162
    41
    0
    ලක්‍ෂ සංඛ්‍යාත රෝගීන් සුවපත් කරමින්
    පාරම්පරික වෙදකමින් විස්‌කම් පාන
    කුස්‌වල වෙද හමුදුරුවෝ

    පිළිකා රෝගින්ට ප්‍රතිකාර කරනවා
    දියවැඩියා රෝගය නිට්‌ටාවට සුව කළ හැකියි


    na7-1.jpg
    අද වන විට පාරම්පරික සිංහල ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයට දේශීsයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඉහල ඉල්ලුමක්‌ ඇතිවී තිබේ. අත්දුටු ප්‍රත්‍යක්‌ෂ ප්‍රතිකාර ක්‍රම මගින් බටහිර වෛද්‍ය ක්‍රමයට පවා සුව කළ නොහැකි වූ සමහර රෝගයන් දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් නිට්‌ටාවට සුව කරමින් එම වෛද්‍යවරු මෙම ක්‍ෂේත්‍රයේ පෑ දස්‌කම්ද ඊට හේතු විය.

    කාලයක්‌ කුඩම්මාගේ සැලකිලි ලැබූ දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පෝෂණය කොට ජාත්‍යන්තර තලයට පවා ඔසවා තැබීමට ක්‍රියා කළ පූජ්‍ය මහ ඇලගමුවේ ලංකානන්ද හිමියන් හෙවත් කුස්‌වල වෙද හාමුදුරුවෝ පාරම්පරික දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නමැති කෙත අස්‌වැද්දීමට මූලික වී ක්‍රියා කළ යතිවරයාණන් කෙනෙකු ලෙස හඳුන්වා දිය හැකිය.

    පාරම්පරික සර්වාංග රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන උන්වහන්සේගෙන් ප්‍රතිකාර ලබා සුවපත් වූ දෙස්‌ විදෙස්‌ රෝගීහුq ලක්‌ෂ ගණනක්‌ වෙති. සියලුම සර්වාංග රෝග, පිළිකා, මානසික රෝග, ජලභීsතිකාව, වකුගඩු රෝග, දියවැඩියාව, අංශභාග, අපස්‌මාරය, සියලුම ආකාරයේ ස්‌නායු රෝග, අක්‌ෂි රෝග, මී මැස්‌මොරය, වලිප්පුව ඇතුළු සියලුම රෝගී තත්වයන්ට ප්‍රතිකාර කරන උන්වහන්සේ සමාජයට පිළිලයක්‌වූ හෙරොයින් ඇතුළු සියලු මද්‍යසාර සඳහා අබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කඳවුරක්‌ද පවත්වාගෙන යති.

    කුස්‌වල වෙද හිමියන් පිළිකා රෝගීන් සුව කිරීමට ප්‍රසිද්ධියක්‌ උසුලයි. පිළිකා රෝගය පිළිබඳ පහත සඳහන් කරුණු වෙද හිමියන් අනාවරණය කළේය.

    පිළිකා ගඩු, පිඩකා, විශාදිය, අර්බුද, විදාදි බන්ධන, ගුල්ම යනුවෙන් පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් හඳුන්වයි. ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රම අනුව Caබිeර Caරජසබදප් ඕපදමර යනුවෙන් හඳුන්වා තිබේ. පිළිකා උපදනා ස්‌ථාන දක්‌වා ඇත්තේ මෙසේය. හිස, ඇස, දන්ත, හකු, උගුර, කන්ටමාල, කරමාල, ගලනාලය, පෙණහැල්ල, ආමාශය, අක්‌මාව, උණ්‌ඩුකපුච්ඡය, බඩවැල්, ගුද මාර්ගය, කිහිල්ල, පියයුරු, යෝනිය, පෞරුෂ ග්‍රන්ථිය යන මේ ස්‌ථානවල විදාදි පිළිකා හට ගන්නවා.

    ඔඹඵධඹR අර්බුද ශෝනිතාර්බුද, මාංශාර්බුද, අස්‌ථි අර්බුද, මස්‌තිෂ්ක අර්බුද, හකු අර්බුද, ග්‍රන්ථි අර්බුද මේ ආදී පිළිකා අර්බුද, විදාදි ගුල්ම අසාධ්‍ය වන වශයෙන් පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ සඳහන් වෙනවා.

    ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකා ජනතාව අතර වසර දහස්‌ ගණනක සිට පැවත එන්නේ. ගෙඩි, වන, පිළිකා, ඇස්‌ රෝග, මාන්දම, ජල භීතිකා, කැඩුම් බිඳුම්, සර්ප විෂ ආදී ප්‍රතිකාරවලින් සමන්විතවයි.

    පිළිකා රෝගය සඳහා විශේෂ ප්‍රතිකාර ගෙඩි වන පිළිකා අංශයේදී දක්‌වා තිබෙනවා. පිළිකා සෛල හටගන්නේ ශරීරයෙනි. අති සාමාන්‍ය සෛලමය වශයෙන් මිනිස්‌ සිරුර නිර්මාණය වී ඇති කුඩාම සෛලයක සෛල බෙදෙමින් නව සෛල නිර්මාණය වීමෙන් පැරැණි සෛල අවසන් වීමක්‌ සිදු වේ. මේ සෛල බෙදීම ක්‍රමානුකූල පාලනයක්‌ ඇතිව සිදුවිය යුතුය.

    පිළිකා ඇති කරන හේතු සාධක නිසා සාමාන්‍යයෙන් හටගත් සෛල පටක විකෘති වීමෙන් පිළිකා උපදනා සෛල ආරම්භ වෙනවා. පිළිකා සෛල පිළිකාව අවම පටකවලටද රුධිර ලසිකා මාර්ගය ඔස්‌සේ පැතිරෙනවා.

    පිළිකාව මුලදී හඳුනා ගැනීම අපහසු වන්නේ පිළිකාවක්‌ ආරම්භයේ දී වේදනාවක්‌ නොදැනීම නිසාය. විශාල ලෙස වැඩුණු ඉතා දුරට ගිය මුල් ඇතිවී නොසෙල්වී නොපැසවී පිළිකා වැළඳෙන බවට ආයුර්වේද පොත්වල සඳහන් වෙනවා. බොහෝ පිළිකා, කාලයක්‌ ශරීරය තුළ නිහඬව තිබී එක්‌වරම එක පාරට රෝග ලක්‌ෂණ පෙන්නුම් කරනවා. පාරම්පරික ආයුර්වේද පොත්වල මේ පිළිකා මුලදී හඳුනා ගතහොත් සම්පූර්ණයෙන්ම සුවකළ හැකි වන බවත්, එසේ නොවුණහොත් නැවත වැඩෙන බවත්, විෂෙන්, අග්නියෙන් මනුෂ්‍යයන් නැසන්නාක්‌ මෙන් පිළිකා රේගීන් නැසෙන බව පොත්වල සඳහන් වන බව කුස්‌වල හිමියන් පවසනවා.

    පියයුරු පිළිකාවක්‌ හටගන්නා සෛල වෙනත් ස්‌ථාන කරා රුධිර මාර්ගයෙන් ගමන් කිරීමෙන් පැතිරීමෙන් දෙවැනි වරට පිළිකා හටගන්නේය. බොහෝ සෙයින් පිළිකා හැදෙන්නේ කල් පවතින තුවාල, ගැටිති, ලප, ඉන්නන් වෙනස්‌ වීමක්‌, කට කෛdන පැලීමක්‌, කල්ගතවූ අජීර්ණයක්‌, අල්ලා සිටින කැස්‌සක්‌, කටහඬ වෙනස්‌ වීමක්‌, උගුර හිරවීමක්‌, බඩේ වේදනාවක්‌, පියයුරු ඝන වීමක්‌, යෝනි මාර්ගයෙන්, ගුද මාර්ගයෙන් හෝ මුත්‍රා මාර්ගයෙන් ලේ මල පහවීමක්‌, නොබසින උණක්‌, ලේ හිඟවීමක්‌, පාණ්‌ඩු ගතිය, බර අඩු වී කෙට්‌ටු වීමක්‌ ආදී ලක්‍ෂණ දුටු වහාම දැනුණු විගසම වෛද්‍ය උපදෙස්‌ ලබාගත යුතුයි.

    ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමය අනුව විද්යුත් ප්‍රතිකාර මගින් පිළිකාවට ප්‍රතිකාර කළත් එමනිසා වැළඳෙන අතුරු ආබාධ සඳහා ප්‍රතිකාර නැත. පිළිකා සෛල නැති කිරීමට කියා රුපියල් දහස්‌ ගණන් වටිනා ඖෂධ එන්නත් කළත් පිළිකා සෛල විනාශ නොවේ. රෝගියා පමණක්‌ විනාශ වේ. ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයෙන් පිළිකා සෛල මැඩ පැවැත්විය නොහැකිය. එමගින් සිදු වන්නේ අතුරු ආබාධ වශයෙන් මුඛයේ තුවාල, සිරුරේ ගෙඩි, තුවාල, හිසකෙස්‌ යැම පමණයි. ශල්‍ය කර්මවලින් පිළිකාව පැවති ස්‌ථාන කපා ඉවත් කිරීමෙන් තාවකාලික සුවයක්‌ ලබා දෙනවා. ඒකෙන් ඉතා කුඩා සෛලයක්‌ සිරුර තුළ සැඟවී තිබුණහොත් නැවත එම ස්‌ථානයේ හෝ වෙනත් ස්‌ථානයක පිළිකාව හටගන්නවා.

    ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයෙන් පිළිකා සෛල මැඩ පැවැත්විය නොහැකිය. එමගින් සිදු වන්නේ අතුරු ආබාධ වශයෙන් මුඛයේ තුවාල, සිරුරේ ගෙඩි, තුවාල, හිසකෙස්‌ යැම පමණයි. ශල්‍ය කර්මවලින් පිළිකාව පැවති ස්‌ථාන කපා ඉවත් කිරීමෙන් තාවකාලික සුවයක්‌ ලබා දෙනවා. ඒකෙන් ඉතා කුඩා සෛලයක්‌ සිරුර තුළ සැඟවී තිබුණහොත් නැවත එම ස්‌ථානයේ හෝ වෙනත් ස්‌ථානයක පිළිකාව හටගනී. පිළිකා රෝගයට සම්මත ප්‍රතිකාර ක්‍රමය වනුයේ ශල්‍යකර්ම, එන්නත්, පෙති වර්ග ප්‍රතිකාරයයි. ප්‍රතිකාර ලබාගත් සමහර රෝගීන් නොයෙක්‌ අතුරු ආබාධ වැළඳී දුක්‌ විඳිනවා. බඩවැලේ ගෙඩියක්‌ හටගත් විට බඩවැල් කපා, මළපහ කිරීමට බෑග් එකක්‌ සවි කරයි. මළපහ වන්නේ එයටයි. තල්ලේ පිළිකා හැදුණු විට තල්ල කපා ඉවත් කර ප්ලාස්‌ටික්‌ තල්ලක්‌ දමයි. එය දැමූ විට තදින් වමනය ඇතිවන බව රෝගීහු කියයි. එයින් සුවයක්‌ නැත. ආහාර ගිලීමට නොහැකි වේ. හකු පිළිකාවට හක්‌ක ඔරේෂන් කළ විට වේදනාව, දැවිල්ල ඇති වීමෙන් ආහාරපාන ගත නොහැක. ඉක්‌මනින් මරණය වේ. උගුරේ ගලනාලයේ පිළිකා වැළඳී ගලනාලය හීන්වූ විට ගලනාලයේ සෙම පිරේ. ආහාර ගත් විට එහි රැස්‌වූ සෙමත් සමඟ ආහාර වමනය කරන්නේය. මෙවැනි රෝගීන්ට නාසයෙන් නළ දමා දියර ආහාර වර්ග පමණක්‌ දීමට සිදුවේ. පිළිකාවෙන් ගලනාලය සම්පූර්ණයෙන් වැසුණහොත් ආහාර දීමට නොහැකි වීමෙන් ආහාර නැතිව මරණයට පත්වේ. සමහර පිළිකා හැදීමෙන් තද කැක්‌කුම ඇති වේ. මෙවැනි කැක්‌කුම් සෑදුණු රෝගීහු කැක්‌කුම ඉවසාගත නොහැකිව සිය දිවි නසා ගැනීමට පවා පෙලෙබෙනවා . ඉංග්‍රීසි ප්‍රතිකාර ක්‍රමවල ඇති ආසාත්මික බව මෙයින් පෙනෙනවා.

    පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මගින් පිළිකා සෛල මැඩ පැවැත්විය හැකි බවත්, පිළිකා රෝගීන් සඳහා සාර්ථක ප්‍රතිකාර්ම ක්‍රම තමා සතුව ඇතැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

    බටහිර වෛද්‍යවරුන් සුවකළ නොහැකි යෑයි පැවැසු පිළිකා රෝගින් විශාල පිරිසකට තමා යළි ජීවය ලබාදුන් බව වෙද හිමියන් පවසා සිටියේ මහත් ආඩම්බරයෙනි.

    අද ලෝකයටම හිසරදයක්‌ වී ඇති රෝගයක්‌ වන්නේ දියවැඩියාවයි. සමාජයේ බහුලව දැකිය හැකි මෙම රෝගීs තත්වය නිට්‌ටාවට සුවපත් කිරීමේ ප්‍රතිකාර ද උන්වහන්සේ සතුව පවතී.

    නිසි ව්‍යායාම නොමැති වීම, ආහාර පාලනයක්‌ නොමැතිවීම ඇතුළු කාරණා කිහිපයක්‌ නිසා දියවැඩියා රෝගී තත්වය ඇති වෙනවා. බොහෝ දෙනා හිතන්නේ දියවැඩියාව නිට්‌ටාවට සුවකළ නොහැකි රෝගයක්‌ කියලයි. එය වැරදි අදහසක්‌ දේශීය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිsකාර මගින් දියවැඩියා රෝගය නිට්‌ටාවට සුව කළ හැකියි. දියවැඩියා රෝගීන් දහස්‌ ගණනක්‌ මා නිට්‌ටාවට සුවකර තිබෙනවා. දියවැඩියා රෝගය පාලනයට කාලයක්‌ තිස්‌සේ බෙහෙත් වට්‌ටෝරු ගණන් ගිsල දැමූ එම රෝගීන් දැන් ඉතාමත් සතුටින් ජීවිතයට මුහුණ දෙනවා. මගෙන් ප්‍රතිකාර ලබාගත් අය අතර ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිවරු ඉතාලි, ජර්මන්, ප්‍රංශ ස්‌වීඩන්, ඊශ්‍රායල් යන රටවල විදේශිsකයන්a විශාල ප්‍රමාණයක්‌ ඉන්නවා. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව දියවැඩියා රෝගීන්ගේ ලේ, මුත්‍රා පරීක්‌ෂණවලින් ලබා ගන්නා දත්ත පරීක්‌ෂා කොට අවශ්‍ය ප්‍රතිකාර කරනවා. දිනකට කිහිපවරක්‌ ඉන්සියුලින් ලබාගන්නා රෝගීන් පවා මාගේ ප්‍රතිකාර නිසා දින කිහිපයකින් ඉන්සියුලින් නොගන්නා තත්වයට පත්කිරීමට මගේ ප්‍රතිකාර සමත් වී තිබෙනවා යෑයි මේ පිළිබඳව අප දැනුවත් කළ උන්වහන්සේ පැවසූහ.

    වසර ගණනාවක්‌ නොකඩවා රෝගීන්ගේ ආබාධවලට ප්‍රතිකාර කිරීමෙන් ලැබූ අත්දැකීම් එකින් එක විස්‌තර කළ කුස්‌වල වෙද හමුදුරුවන් සියලුම සර්වාංග රෝග, පිළිකා, මානසික රෝග, ජලභීsතිකාව, වකුගඩු රෝග, දියවැඩියාව, අංශභාග, අපස්‌මාරය, සියලුම ආකාරයේ ස්‌නායු රෝග, අක්‌ෂි රෝග, මී මැස්‌මොරය, වලිප්පුව ඇතුළු සියලුම රෝගී තත්වයන්ට ලක්‌වූ රෝගියකු වුවත් තමා ළඟට පැමිණියහොත් ඒ අය වගකීමෙන් භාරගෙන නිරෝගී සුවයක්‌ ලබාදෙන බවයි. ඉහත සදහන් කුමන රෝගයකින් හෝ ඔබත් පෙළෙන්නේ නම් දු.ක. 0112293080 - 0112293217 අංකයට කතාකර වැඩිදුරටත් උපදෙස්‌ ලබා ගන්න.

    රාජිත දසනායක

    Source: http://www.divaina.com/2016/07/03/naka05.html
     

    Similar threads