මායා දුන්න

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    11949458_907086486034395_5090403256819218686_n.jpg


    ජවිපෙ ජාතික ලයිස්තුවෙන් පත් කල මන්ත‍්‍රී විටපු විගනකාධිපති සරත් මායාදුන්නේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කල බව කියයි.
    ......
    අද දිනයේ පාර්ලිමේන්තුවට විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඒ මහතා සිය ධුරයෙන් ඉල්ලා ඉල්ලා අස් විය.
    ............
    ජවිපෙ අපේක්ෂා කළ තරමට ගිය මැතිවරණයෙන් ජනතා අනුමැතියක් නොලැබුනු බවද, තම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධූරය සඳහා තමා වැන්නෙකු මිස නුසුදුස්සෙකු පත්කරනු නොකරනු ඇතැයිද පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේය.
    .............
    මැතිවරණයට පෙර ජවිපෙ සිය ජාතික ලයිස්තුව ගැන වරගන්වමින් කියා සිටියේ එවන් සුපිරි ජාතික ලයිස්තුවෙක් මේ සක්වලෙන් සොයගත නොහැකි බවකි. එහෙත් පළමු වටයේදීම ක‍්‍රිෂ්මාල් වර්ණසුරිය හා මරාගෙන මැරෙන යුද්ධයක් කර පරාජිත සුනිල් හඳුන්නෙත්ති ඊට එබ්බවුයේ ‘සුපිරි’ අපේක්‍ෂකයින් අභිබවමිනි.
    ..............
    ඒ අනුව ජවිපෙ ජාතික ලයිස්තුව හරහ ගෙන යනු ලැබුවේ කිනම් වර්ගයේ ප්‍රචාරක ක්‍රමවේදයක්ද යන්න පැහැදිලි වනු ඇත. මැතිවරණයට කලින්ම අප පෙන්වු කරුණු යථාර්තයක් වෙමින් ඇත. එම ලිපිය පහතින් උපුටා දක්වා ඇත..
    ------------------------------------------------------------------------------
    .................................................................
    "පොඩි FUN එකක් ගන්න බොක්ස් එකකට යමු "
    .................................................................
    කලකට ඉහත කොල්ලො කෙල්ලො යාළු වූ විට සිනමා ශාලාවකට රිංගීමට කටයුතු කලහ. ඒ අඳුර අතරේ කිස් එකක් දීගෙන තුරුළු වී සිටීමය. ඒ කීයක් හෝ හොයාගෙන බැල්කනියේ කොනක අසුනකට විය. නමුත් ඊට එහාගිය ආශාවන් ඇත්නම් යන්නේ Box එකකටය. ඒ චිත්‍රපටිය නිමාවන තුරු සීමිත කම් සුවයක් විදීමය. ජනතා විමුක්ති පෙරමුණ පසුගිය වසර 18 ක් තිස්සේ මෙසේ විටින් විට විවිධ කොටස් සමඟ එක්ව පැය එකහමාරේ තාවකාලික විනෝදයක් ලබමින් ඇත.
    ...................
    1997 දී වික්‍රමබාහූ ප්‍රමුඛ වාමාංශික පක්ෂ කිහිපයක් සමඟ එක්ව නව වමේ චිත්‍රපටිය බැලීමට Box එකකට රිංගුවේ ඒ මොහොතේ ඇතිවූ ආශාව සංසිඳවා ගැනීමටය. නමුත් 2000දී සිහළ උරුමයේ ආගමනයත් සමඟ ජනතා විමුක්ති පෙරමුණට නව වම අමතක වී දේශහිතෛෂී චිත්‍රපටිය බලන්නට උත්සහ ගත්හ. ඒ අතරතුර පරිවාස කෙටි නාට්‍ය බලන්නට ගියද 2001 දී ආණ්ඩු පෙරලීමත් සමඟ Interval එකටත් කලින්ම ගෙදර එන්නට විය. දේශහිතෛෂි චිත්‍රපටිය බලන්නට Box එකකට ගිය ජ.වි.පෙ. නැවතුනේ සංධාන රූම් එකේය. ඒ තාවකාලික මධු සමයක් ගත කිරීමටය. නමුත් ජ.වි.පෙ. ආතල් ටික කුඩු වන්නේ සුනාමි සහන මණ්ඩලයට වීදි නාට්‍යයේ රඟ පෑමට සිදුවීම නිසාය. එහිදී ජ.වි.පෙ. වීදියට ඇඳ දැමූවේ හෙල උරුමය විසින්ය.
    ......................
    2005 දී තවත් චිත්‍රපටියක් නැරඹීමට මහින්ද සමඟ පොලිමේ ගිය මුන් එහිදී හැසිරෙන්නේ විරසක වූ යුවලක් ලෙසය. දෙපසකට වී හැලහොල්මනක් නොමැතිව සිටි ජ.වි.පෙ. ට තරු පෙනුනේ මහින්ද විමල් ප්‍රමුඛ පිරිස ඩැහැ ගැනීම නිසාය. සකල අනාත වී සිටි ජ.වි.පෙ. 2010 දී සරත් ෆොන්සේකාට හේත්තුවිය. ජනාධිපතිවරණයෙන් පසු ඇපත් නැති තත්වයකට පත්වූ ජවිපෙ ඊළඟට Box එකකට රිංගන්නේ සරත් ෆොන්සේකා සමඟය. එම චිත්‍රපටිය එතරම් රසවත් නොවූ නිසා දෙපාර්ශවය වෙන්විය. අනතුරුව මෛත්‍රීපාලනය සෙට් විය. ජාතික විධායක සභාවට සෙට් වී පොඩි ෆන් එකක් ගත්තද එය ජ.වි.පෙ. එතරම් නැගලා ගියේ නැත. දැන් ජ.වි.පෙ. අළුතික් Box එකට රිංගන්නේ විද්වත් වෘත්තිකයන් පිරිසක් සමඟය. එයද චිත්‍රපටිය අවසාන වනතුරු පොඩි ෆන් එකක් ගැනීමටය.
    ......................
    මේ වනවිට ජ.වි.පෙ ට අත්වී ඇත්තේ ශෝචනීය ඉරණමක්ය. තම මතවාදය වෙනුවෙන් මොකක් හෝ එදා වේල ටුවර්ස් ගේමක් ගසා දේශපාලනයේ එල්ලී සිටීම ජ.වි.පෙ. උපක්‍රමය වී ඇත. 2004 දී චන්ද්‍රිකාගේ බෙල්ලේ එල්ලුන ජ.වි.පෙ. 2010 දී ෆොන්සේකාගේ බෙල්ලේ එල්ලුන අතර මෙවර විද්වත් වෘත්තිකයන් පිරිසක් කඩේ යවමින් ඇත. මෙයද ඉතා තාවකාලික සුවයක් සඳහා පමණක්ය.
    ...................
    ජ.වි.පෙ. උගැන්වීම වන පංති පහේ ඉගැන්වීම මෙම විද්වත් වෘත්තිකයන්ට උගන්වන්න යන්නේ නැත. එසේ කලහොත් ඔවුන් ජ.වි.පෙ. පැත්ත හැරී බලන්නේවත් නැත. මෙම වෘත්තිකයන් ටික පෙන්වා එම වෘත්තිකයන්ගෙන් එකෙකු පාර්ලිමේන්තු යද්දී තම සමාජිකයන් 10ක් 15ක් ඒ පිහිටෙන් පාර්ලිමේන්තු රිංගවීම මොවුන්ගේ උපක්‍රමයය. වෘත්තිකයන් මෙතරම් වටිනවා නම් ඔවුන් ආසන ලබාගත හැකි දිස්ත්‍රික් වල අපේක්ෂකයන් ලෙස යෙදිය යුතුය. එවිට ජාතික ලයිස්තුවෙන් ලැබෙන ආසනය හෝ දෙකට එහා ගිය විද්වත් වෘත්තිකයන් පිරිසක් පාර්ලිමේන්තු යැවිය හැකිය. නමුත් ජ.වි.පෙ. මේ කරමින් සිටින්නේ පැහැදිලි ප්‍රෝඩාවක්ය. තම හෙළුව වහගන්නට ආචාර්ය තොප්පියක් පෙන්වීම වැනි ප්‍රෝඩාවක් මේ වනවිට ජ.වි.පෙ. කරමින් ඇත.
    ......................
    ජ.වි.පෙ. සිටින්නේ උග්‍ර අර්බුදයකය. මතවාදී සවිමත් ස්ථාවරයේ සිටින්නේ පෙරටුගාමී පක්ෂයය. න්‍යායික වශයෙන්, බුද්ධිමය වශයෙන් මෙන්ම සංවිධාන හැකියාවෙන්ද පෙරටුගාමී පක්ෂය සිටින්නේ පැහැදිලි ඉදිරියෙන්ය. දැනට ජ.වි.පෙ. කරන මවා පෑම තුල ජ.වි.පෙ. යනු සුළු ධනේෂ්වර පක්ෂයක් වී හමාරය. පෙරටුගාමීන්ගේ නැගිටීම අඩාල කිරීමට ජ.වි.පෙ. ඕනෑම යකෙක් හෝ රාක්ෂයෙක් සමඟ දීග කෑමට සුදානම්ය. ජ.වි.පෙ. මහින්දට හෝ එජාපයට වඩා බය පෙරටුගාමීන්ටය.
    ...................
    අද ජ.වි.පෙ. කියන්නේ සන්නද්ධ අරගලයන් කෙරෙහි විශ්වාසය නොතබන බවය. යම් හෙයකින් ජනවාරි 8 මහින්ද ජයග්‍රහණය කලේනම් සන්නද්ධ අරගලය යනු එකම විකල්පය වීමටද ඉඩ තිබින. සැබෑ තත්වය ජ.වි.පෙ. සන්නද්ධ අරගලයකට නායකත්වය දීමේ හැකියාවක් දැන් නොතිබීමය. සන්නස්ගල කුමාර් ගණරත්නම් සමඟ කල සත්‍යාගාරය විකාශය වීම නවතා ගැනීමට ජ.වි.පෙ. මෛත්‍රීගේ පමණක් නොව එ.ජා.ප.යේද සහය ඉල්ලූ බව දන්නේ සුළු පිරිසක්ය. අගමැති රනිල් ඊට බලපෑම් නොකරද්දී ජ.වි.පෙ. අදාවුද හෙට්ටිගේ සහයද ඉල්ලූ බව ජනතාව දැනගත යුතුය.
    ................
    ජංගම දුරකථන අලවි සැල්වල විවිධ ඉහල මිල ගනන්වල ෆෝන් ප්‍රදර්ශනයට තබා ඇත. නමුත් ඒ අලවිය පිණිස ඇති දුරකථන නොව Dummy Phone වන අතර ඒ දෙස බලා පාරිභෝගිකයාට කඩේ ඇති ඊට වඩා අඩු ගුණාංග වලින් සහිත දුරකථනයන් මිලදී ගත හැක. මෙම වෘත්තිකයන්ද ජ.වි.පෙ. භාවිත කරන්නන් පිරිස තම කඩයට ගෙන්වා ගැනීමටය. අනතුරුව සිදුවන්නේ තමා සතු කසිකබල් චරිත කිහිපයක් ජනතාවගේ ඇගේ ගැසීමය. දේශය වෙනුවෙන් හෘදසාක්ෂිය අවධිකල හැකි ලෙස ජ.වි.පෙ. තුලද කිහිප දෙනෙකුගේ කල්ලිවාදයක් ක්‍රියාත්මක වන බැවින්ය.
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    08වන පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා මීට සුළුමොහොතකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාව පත් වූ බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයට හිමි වූ අතර විපකෂයෙන් ඊලඟට වැඩිම මන්ත්‍රී ධුර සංඛාව හිමි පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණට වපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය හිමි විය යුතු යැයි ජවිපෙ විසින් කළ ඉල්ලීමටක අනුව මෙම ධුරය ජවිපෙට හිමි වී තිබේ.
     

    waligamaya

    Well-known member
  • අයි බන් උබලගේ රනල් මහිදයව ඔචර රකින්නේ . කට්ටිය දාපු නඩු ඉල්ලාස්කරගනේ. න මේ අ ඇහුවේ ජනවාරි 8 විප්ලවයද මොකක්ද එක රකින එක එහෙම කරන්න ඕනද?

    ජෝප්පෝ ගැන මොකට හිතනවද උන් සුලුතරක් නොවැ