කොන්දොස්තර සහ මාරු කාසි....
මම මේ වගේ ත්‍රෙඩ් එකක් දාන පළවෙනිම වතාව..
මුලින්ම කියන්න ඕනේ කියන්න හදන කතන්දරේ පැති දෙකක් තියෙනව කියන එක...
නැත්තන් මම කියන දේවල් වලට විරුද්ධවත් කරුණු තියෙන නිසා කට්ටිය මගෙත් එක්ක වාද කර ගන්න එයි...
මමත් සාමාන්‍ය මගියෙක් හැටියට කොන්දොස්තරල ගොඩකගෙන් බොහොම අමිහිරි අත්දැකීම් සෑහෙන්න විඳල තියෙනවා...
99.9%ක්ම පෞද්ගලික බස් කොන්දොස්තරවරුන්ගෙන්... මම ඒව ගැන කියල උදේ පාන්දරම ඕගොලොන්ගෙ ලේ කෝප කරවන්නේ නෑ.. මොකද මම කියන්න ආවේ වෙන දෙයක් ගැන..
සිද්ධිය උනේ අද උදේ පාන්දර
මම අද උදේ පාන්දර 6 ට විතර ඔෆිස් එන්න බලාගෙන බස් එකක නැග්ග.. ඒක හැමදාම එකම වෙලාවට යන සී.ටී.බී බස් එකක්..
අද කොන්දොස්තර හැටියට රාජකාරිය කළේ බොහොම තරුණ වයසේ "කොල්ලෙක්.."
මමත් කොළඹටම එන නිසා රුපියල් සීයක් තමයි දුන්නේ...
ඉතින් සුපුරුදු විදිහටම මගෙන් ඇහැව්ව, මාරු සල්ලි 50ක් ගන්න නැද්ද කියලා...
මමත් ඉතින් හොඳින් හිනා වෙලාම කිව්වා "අනේ මාරු සල්ලි නෑනේ.. නැත්තන් බහිනකොට ගමු කමක් නෑ" කියලා... මොකද එහෙම හිතවත්ව කතා කළාම ගොඩක් දුරට ඒ අයම මාරු සල්ලි ලැබුණ ගමන් මතක් කරල සල්ලි දෙනවා.. එහෙම නැත්තන් මම බහින තැනට හෝල්ට් දෙක තුනක් කලින් මතක් කරල ඉතුරු ඉල්ල ගන්න එකත් සාමාන්‍ය දෙයක්.. අනික මගීන් හැටියට අපෙත් චූටි යුතුකමක් තියෙනවා ගමනට අදාළ මුදල, මාරු සල්ලි හැටියට අරං යන එක පුලුවන් හැම වෙලාවකම...
කොහොම හරි ටික දුරක් එද්දි ගෑනු කෙනෙක් එයාගෙ ඉතුරු සල්ලි ලැබුණේ නෑ කියල කුටු කුටු ගානව ඇහුන..
කොන්දොස්තරත් ඉතින් "අනේ මාරු සල්ලි මගෙ ලඟත් නෑ අක්කෙ, ටිකක් ඉන්න දෙන්නම්" කියල කියනවත් ඇහුණා..
සාමන්‍යෙන් කොන්දොස්තරල ඔය වගේ වෙලාවලදි හැසිරෙන විදිහ ගැන මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.. ඒත් මේ කෙනා නම් මිනිස්සු එක්ක රණ්ඩුවට ගියේ නෑ....
ආයෙත් බස් එක සුපුරුදු විදිහට ගමනේ...
ඒ අතරේ රුපියල් 12 ටිකට් එකට රුපියල් දෙකක් අතේ නෑතුව, රුපියල් 20 කොල දුන්නු කීප දෙනෙකුටම මිනිහ ඉතුරු රුපියල් 8 වෙනුවට රුපියල් 10 කොලයක්ම දීලා සද්ද නැතුව ඉන්න හැටිත් මම දැක්ක..
වෙන කොන්දොස්තර කෙනෙක්නම් මේ වෙද්දි මගීන් ගෙන් පළි ගන්න පටන් අරන්. එක්කො එහාට මෙහාට තල්ලු කරල හරි, මොකක් හරි හේතුවක් අල්ලගෙන අහිංසක මනුස්සයෙක්ව කන්න හදනවනේ... එහෙම නැත්තන් දෙවනත් වෙන්න කෑ ගහනවනේ...
ඒත් මෙයා කිව්වේ මගේ ගාව මාරු සල්ලි නෑ.. පුලුවන්නම් මාරු සල්ලි දෙන්න කියන එක විතරයි...
ඔන්න ටික දුරක් යද්දි ආයෙත් මාරු සල්ලි ප්‍රශ්නෙ මතු උනා..
ඒ බස් එකට නැග්ග ඔෆිස් යන මහත්තයෙක් එක්ක.. මගියෙක් හැටියට මම ඒ මනුස්සයට වැරැද්දක් කියන්න යන්නේ නෑ.. මොකද ඒ මනුස්සය කතා කළේ එයාගෙ අසාධාරෙනේ වෙනුවෙන් වගේම තව කෙනෙකුගෙ මාරු සල්ලි ප්‍රශ්නෙකුත් වෙනුවෙන් කියන එක මට හොඳටම තෙරුන නිසා..
මේ තියෙන්නේ ඒ මහත්තයගෙ තර්කෙ..
"මාරු සල්ලි නැත්තන් ඔයා අරං එන්න දැන ගන්න ඕනේ.. ඔයාට එහෙම මාරු සල්ලි නෑ කියල අඩු ටිකට් එකක් දෙන්න අයිතියක් නෑනේ..
මෙතන හිටිය ගෑනු කෙනාටත් ඔයා ඉතුරු දුන්නෙ අඩුවෙන්.. උදේ පාන්දර මිනිස්සු කෑ ගස්සන්නෙ නැතුව හරියට ටිකට් එක දෙන්න දැන ගන්න.. රුපියල් 18 ටිකට් එකට ඔයා 20ක් අරන් 15 ටිකට් එකක් කැඩුවෙ ඇයි..?"
ඔන්න එතකොටම කොන්දොස්තරත් ටිකක් හයියෙන් කතා කරන්න ගත්ත මුල්ම වතාවට...
"ඔයා කෑ ගහන්නෙ නැතුව ඉන්න අයියේ.. මගේ ගාව මාරු සල්ලි නෑ දැන්..
මම ගොඩ දෙනෙකුට රුපියල් 10, 5 ඒවා දෙන්න තියෙනවා.. රුපියලක් දෙකක් අඩු උන ගමන් හැමෝම මට බැන බැන බැහැල යන්නේ...
ඔයා මට රුපියල් 5ක් දුන්න නම් මම ඔයාට 10ක් දෙනවනේ..
රුපියල් 10 දුන්නාම සද්ද නැතුව ඒක ගන්නව මිසක් ආයි මට රුපියල් 5ක් දීල බහින්නේ නෑනේ"
ඔන්න අර මහත්තයා ආයෙත් කෑ ගහනව..
"එහම කියල හරි යනවද..? ඔයා මට නැග්ග තැනින් හරියට ටිකට් එකක් කඩන්න දැන ගන්න ඕනේ.. ටිකට් එකත් නොදී ඉන්නයි ඔයා හැදුවේ.. ටිකට් එක ඉල්ලුවට පස්සෙ ඒකත් අඩු ටිකට් එකක් දීල තියෙන්නේ... කෑ ගහන්න එපා කියන්නෙ මොකද? මේවට කෑ ගහන්න ඕනෙ.."
මම ආයි කියනවා අර මගිය 100%ක් හරි කියල...
ඒත්
-
-
-
-
කොන්දොස්තරට ඒ වෙද්දිත් රුපියල් 60 - 70ක් විතර අතින් ගිහිනුයි තිබුණේ මගීන් වෙනුවෙන්...
ඉතින් ඒ මුදල පියව ගන්න අඩුම ටිකට් එකක් නොදී ඉන්න එක හොරකමක්ද..? එහම නැත්තන් ලොකු වංචාවක්ද...?
අනික සී.ටී.බී බස් එකක් නිසා මේ අය හවසට සල්ලි ටික භාර දීල ගනුදෙනු පියවන්න ඕනේ වගකීමක් ඇතුව...
ප්‍රයිවට් බස් ගැන මම කතා කරන්නේ නෑ.. ඒ අය නිතරම මිනිස්සුන්ට අඩම්තේට්ටම් කරල මගීන්ගෙ සල්ලි මංකොල්ල කන නිසා...
ඒත් සී.ටී.බී බස් වල කතාව ඊට වඩා වෙනස්....
ඉතින් අර කොන්දොස්තර ආයෙත් ඉස්සරහට යද්දි තව ගෑනු කෙනෙක් කෑ ගහනව ඇහුන එයාගෙ ඉතුරු සල්ලි ඉල්ලල..
උදේ පාන්දරම සෑහෙන පිරිසක් කොන්දොස්තරට විරුද්ධ වෙලා..! හොඳටම බැනුම් අහල මිනිහ සෑහෙන කලකිරිලයි හිටියේ.. ඇත්තටම අන්ත අසරණ වෙලා...!
ඒත් මාරු සල්ලි නොදීපු අයට සැර කළේවත්, බැහැල යන්න කියලවත් කිව්වේ නෑ ප්‍රයිවට් බස් වල වගේ...
බොහොම එපා වුනු විදිහටයි කතා කළේ ඉතුරු දෙන්න මාරු සල්ලි නැති එක ගැන..
කැළණිය පන්සල ඉස්සරහදි තවත් ගෑනු කෙනෙක් එයාගෙ ඉතුරු රුපියල් 10 ඉල්ලුවා...
මමත් ඒ වෙලාවෙ තමයි කොන්දොස්තරගේ අත දිහා දැක්කේ.. එතන තනිකරම 20- 50 -100 කොල විතරයි.. ඇත්තටම කොහෙන් කියල රුපියල් 10ක් හොයා ගන්නද..?
"අනේ අක්කේ මගේ ලඟ මාරු සල්ලි නෑනේ.. මට ඔයා ගාව 10ක් තියෙනවනං දෙන්න.. මම 20 ක් ඉතුරු දෙන්නම්" කියල කිව්ව බොහොම දුකෙන් වගේ..
මිනිස්සු ඔක්කොම බැනල කොන්දොස්තරව අසරණ කරල තිබුණ නිසා ඔන්න අර ගෑනු කෙනත් කෑ ගහන්න ගත්ත, "මාරු සල්ලි අපි ගාවත් නෑනේ.. ඔයා දෙන්න දැන ගන්න ඕනෙනෙ" කිය කිය..
ඒ වෙලාවෙම රුපියල් 20ක්ම දීල කිව්ව.. "මේක අරං බහින්න අක්කේ.. මගේ ලඟ නෑනේ.. මම කී දෙනෙකුටනම් මාරු සල්ලි දෙන්න ඕනෙද.. කමක් නෑ මේක අරගෙන බැහැල යන්න" කියල..
අර ගෑනු කෙනා ආයෙත් කෑ ගහනකොටම බස් එකේ හිටිය පිරිම අය තුන් හතර දෙනෙක්ම කොන්දොස්තරගෙ පැත්තට කතා කලා...
"ඒ මනුස්සය ගාව සල්ලි නෑනේ... ඒක පේනවනේ.. ඔයා ඕක අරගෙන බහින්නකෝ...මිනිස්සු මේ මනුස්සයගෙ පැත්තෙනුත් පොඩ්ඩක් හිතන්න එපැයි...
මල්ලි කැළණිය පන්සල ඉස්සරහනේ.. ඔයත් උදේ පාන්දරම පිණක් කර ගත්ත කියල හිතාගෙන ඔය පාඩුව අත ඇරල දාන්න...
අර මහත්තටයටත් අසාධාරණයක් උනා.. එත් දැන් මෙතන උන දේ දැන දැනත් කෑ ගගහ මේ මනුස්සයට රස්සාව එපා කරල වැඩක් නෑනේ" කියල....
ඔන්න එතකොටම කොන්දොස්තරත් ආයෙත් කතා කරනව..
"නෑ අයියේ, බලන්නකෝ ඔක්කොම බනිනවනේ.. ඕනෙනම් ඩ්‍රයිවර්ගෙන් අහළ බලන්න... මම ඊයෙත් රුපියල් 300ක් අතින් දාලයි ටිකට් මැශින් එකේ ගාන පියෙව්වේ.. අපි මේ සල්ලි ගිහින් බාර දෙන්න ඕනේනෙ.. "
මට නම් අද පුදුම දුකක් දැනුනේ මේ කොන්දොස්තර ගැන.. අපි ලස්සනට ඇඳල අලුත් සතියක් පටන් ගත්තු මුල්ම දවසේ ඔෆිස් එන අතරේ උදේ පාන්දරම මේ මනුස්සය වැරැද්දක් නොවෙන වැරැද්දකට බැනුම් ඇහැව්වා...
මම ඉතින් බහින්න කලින් පොඩ්ඩ්ක් ලඟට ගිහින් ඇහැව්ව මාරු සල්ලි නං හරිම කරදරයි නේද කියලා..
"ඒකනේ.. ඒ ගැන නම් කතා කරල වැඩක් නෑ" කියල අමාරුවෙන් හිනා උනා...
මිනිහ අප්සට් එකේ ඉන්නව කියල දන්න නිසාම මම කිව්වා
"ගනන් ගන්න එපා.. මිනිස්සු බස් වල නගින්නෙ ප්‍රශ්න ගොඩක් ඔලුවෙ තියාගෙනනේ... ඔයාට වෙන පාඩුව ඒ අය දන්නේ නෑනේ. ඔයා ඔය සල්ලි ඔක්කොම ගිහින් හවසට බාර දෙන්න ඕනෙ කියන එක මිනිස්සු හිතන්නෙත් නෑ...10 දෙනෙක් කෑ ගැහැව්වට ගනන් ගන්න එපා.. ඔයා වෙනුවෙන් තුන් දෙනෙක් හරි කතා කළානේ... ඒ නිසා ඒ ගැන හිතන්න" කියලා...
"අපෝ ඔව් ඒක ම ලොකු දෙයක්" කියල ටිකක් වැඩිපුර හිනා උනා...
පස්සෙ මම ආයි කිව්ව..
"මීට වැඩිය ගොඩාක් සවුත්තු දවස් මටත් සෙට් වෙලා තියෙනව.. ඒක නිසා ඕක ගැන වැඩිය හිතන්න යන්න එපා.. දෙයක් තේරුම් ගන්න පුලුවන් මිනිස්සුත් ඉන්නවනෙ කියලා..."
මම එහෙම කිව්වේ මිනිහගෙ අප්සට් එක වචනෙකින් හරි මග අරවන්න ඕනෙ නිසාමයි...
අනික වෙච්ච දේවල් මුල ඉඳලම බලන් ඉඳලත් සද්ද නැතුව යන එක හොඳ නැති නිසා...
සී.ටි.බී. බස් වල කොන්දොස්තරලගෙන් රුපියලක් දෙකක් මග ඇරුනොත් පුලුවන් කමක් තියෙනවනං ඒ අය එක්ක රණ්ඩුවට නොගිහින් ඉන්න බලන්න... මට දැන් බනින්න එපා අපි රුපියලක් හරි ඉතුරු කර ගන්නයි බස් එකේ යන්නේ කියලා...
මමත් නිතර බස් එකේ යන සාමාන්‍ය මගියෙක්ම තමයි..
බස් එකේ යනවනං මාරු සල්ලි අරගෙන යන්න තමන්ගෙ ගමනට අදාලව.. එතකොට කොහොමටත් දෙපාර්ෂවයටම ගැටලුවක් වෙන්නෙ නෑනේ...
නිකමට හිතල බලන්න... එක්කෙනෙකුට රුපියල ගානේ 15කට - 20කට ඉතුරු සල්ලි දීගෙන එද්දි රුපියලේ කාසිම 15 - 20ක් ඉවරයිනේ...
අනික සී.ටී.බී බස්වල සේවකයෝ සෑහෙන කට්ටක් කනවා.. ඒක ඒ අයගෙ රස්සාව තමයි.. ඒඋනත් ප්‍රයිවට් බස් වලින් කෙරෙන ගසා කෑම් සී.ටී.බී වලින් වෙන්නෙ නෑ..
ඒ අය එහෙම පුංචි ගානක් අපෙන් ගත්තත් ඒක හවසට මාරු සල්ලි වලින් උන පාඩුවට බැලන්ස් වෙලා යනව... සී.ටී. බී බස්වල යන අයට මීට වැඩිය ලොකු අසාධාරන කම් වෙච්ච අවස්තාත් ඇති.. ඒ අය මගෙත් එක්ක අමනාප වෙන්න එපා දැන්...
පුද්ගලික අංශෙට මේක අදාල නොවෙන්නේ ඇයි කියල මම කියන්න යන්නේ නෑ.. ඒ අය මිනිස්සුන්ට සලකන විදිහ ගැන මම කියන්නෙත් නෑ..
ඒ කොහොම උනත්, රුපියල් 2 -3ක් කොන්දොස්තර කෙනෙක් ඉල්ලුවාම ඒක කොහොම හරි දෙන්න බලන්න.. මොකද මාරු සල්ලි වලින් රුපියල් 8ක්ම ඉතුරු දෙන්න ඒ අය කැමති නෑ...
අනික අපිට ඉතුරු නොදෙන රුපියල් දෙක ගොඩක් දුරට ආපහු තවත් මගියෙකුටම දෙන්න වෙනවා...
පොඩ්ඩක් මේ ගැන හිමීට හිතල බලන්න.. වැඩ අස්සෙත් පුලුවන් හැටියට මේ දේවල් කියල යන්න ආවේ ගොඩක් අයට මීට සමාන අත්දැකීම තියෙනව ඇති කියල හිතුන නිසා...
කෙනෙකුට බනින්න කලින් දෙපාරක් හිතල බලන්න... සමහර විට වැරද්ද කරන්නෙ නොකර බැරිම අවස්තාවක කරන්නම දෙයක් නැති නිසා වෙන්න පුලුවන්..
සමහර විට ඒ අහිංසකයෙක් වෙන්නත් පුලුවන්...
-
-
-
-
සුබ දවසක්!

(ප.ලි. ත්‍රෙඩ් එක දාපු ගමන් ඔෆිස් එකෙන් එළියට ආව නිසා කට්ටිය එක්ක අදහස් බෙදා හදා ගන්න වෙලාවක් ලැබුණේ නැති එක ගැන කනගාටුයි...
පුලු පුලුවන් විදිහට රිප්ලයි දැම්ම 5-6 පිටුවල...
)

Last edited: