ගල් තැලූම්....

weechami

Active member
  • Apr 6, 2008
    164
    82
    28
    ආයුර්වේදයේ දැක්වෙන පරමාර්ථයන් 02 කි.
    එනම්,
    1. නිරෝගී පුද්ගලයන්ගේ නිරෝගී බව රැකගැනීමත්
    2. රෝගීන් රෝගවලින් මුදවා ගැනිමත්ය
    ආයුර්වේද ආචාර්යවරුන් නිරෝගි පුද්ගලයා යනු කවුරුන්දැයි පහත පරිදි අර්ථ දක්වා තිබේ.
    ඒ් අනුව, ”සම දෝෂ සමාග්නිශ්ව සමධාතු මල ක‍්‍රියා ප‍්‍රසන්නාත්මේන්‍ද්‍රිය මන:ස්වස්ථ ඉත්‍යභිධීයතේ, ”

    වාත,පිත්ත,කඵාදි දෝෂයන්ගේ හා අග්නින්ගේ සම බවද, රස ආදි ධාතු මල යන මොවුන්ගේ ක‍්‍රියා සමුහයේ සමබවද, ආත්ම, ඉන්ද්‍රිය,මනස යන මේවායින් සමන්විත වු මිනිසා ස්වස්ථයා යැයි කියනු ලැබේ.
    වාත,පිත්ත,කඵාදි දෝෂයන්ගේ හා අග්නින්ගේ ද රස ආදි ධාතු මල යන මොවුන්ගේ ක‍්‍රියා සමුහයේ ද ආත්ම, ඉන්ද්‍රිය,මනස යන මේවායේ විෂම බව රෝගයනට හේතු වේ.
    තවද, බුද්ධිමත් වෛද්‍යවරයා විසින් සුවස්ථයා මෙන්ම අසුස්ථයාද රැකිය යුතුය. රෝගයෙන් පෙලෙන පුද්ගලයා නිරෝගි වන තෙක්ම ඔහුගේ දෝශ ධාතු,මල යන මේවා පිළිබදව වෙසෙසින් විමසා බලා ඒවා අඩු වැඩි කරන චිකිත්සාව නිසිසේ යෙදිම වෛද්‍යවරයාගේ කාර්ය වේ. යනුවෙන් දක්වා ඇත.

    වාත,පිත්ත,කඵාදි දෝෂයන්ගේ ද රක්ත ධාතුවේ බලපෑමෙන් ඇති වන රෝග අවස්ථාවක් ලෙස ගල් තැලූම් හටගන්නා බව දේශීය හා ආයුර්වේද ආචාර්යවරුන් පෙන්වා දී ඇත. ඒ් අනුව,
    පුරාණ රක්ත දෝෂ නිසා ගල් තැලූම් හටගන්නා බව ලක්දිව රක්ත රෝග සංග‍්‍රහයේ විස්තර කර ඇත. පණ්ඩිත ජි.පි.වික‍්‍රමාරච්චි රාලහාමි විසින් දේශිය ගෙඩි, වණ, පිළිකා යටතේ ගල් තැලූම් පරංගි රෝග යටතේ දක්වයි.
    යටි පතුල් රක්ත සංවහනය අඩු හම දිරායන ගල් තැලූම් දක්නට ලැබේ. ශල්‍යකර්ම කලත් මේවා නැවත වෙනත් තැනකින් මතුෙවි, වාතයෙන් තොරවු වේදනාවක් නැති බැවින් ගල් තැලූම් හී වාත දෝෂය ප‍්‍රධානයි.

    දේශීය වෙදකමේ ගල් තැලූම් සුව කිරීම සඳහා ප‍්‍රත්‍යාක්‍ෂ ඖෂධ වට්ටෝරැවක් ලෙස ,වරා කොළපොතු,අමු කහ, පෙරුම්කායන් යන මේවා කොටා තල තෙලින් මලවා රෑට බැඳ උදේට ගලවා දැමීය යුතුය.මේ ආකාරයට දින කිහිපයක් මෙම ප‍්‍රතිකාරය කිරීමෙන් සුවවේ.

    උපුටා ගැනීම : සෙවනගල ආයුර්වේදය ;
    වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුම
     
    Last edited: