Resistivity - ප්‍රතිරෝධකතාව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    Resistivity - ප්‍රතිරෝධකතාව

    resistivity-table.jpg

    මචංල මේක මට පැටලුන තැනක්..
    උඹලටත් මේ කියන දේ තේරෙනවද ?
    දැං ඔය පරිවාරක ද්‍රව්‍ය කියල තියෙනවනෙ.. විදුලිය ගමන් නොකරන දේවල් (සහ මෙතනදි සුලුවෙන් ධාරාවක් ගමන් කරන දේවලුත් ගමු)

    මම හිතුවෙ සර්කිට් බෝර්ඩ් වල තියෙන ප්‍රතිරෝධක (Resistor) හදල තියෙන්නෙ මේවයින් කියල.
    ඇයි මොකද කරන්ට් එක අඩු කරල දෙන්ඩ ඕන නිසා :P

    800px-resistor.jpeg

    ඒත් ඒක එහෙම නෙමේ.. Resistor එකේ කතන්දරේ ගොඩක් වෙනස්.. ඇත්තටම රෙසිස්ටර් හදල තියෙන්නෙ හොද සන්නායක වලිං.. ඒක හරහා ගලන ධාරාව වැඩි වෙන්ඩ වැඩි වෙන්ඩ, වෝල්ටේජ් එක ඩ්‍රොප් කරනව (ධාරාව නෙමේ). එතකොට ප්‍රතිරෝධක හදල තියෙන්නෙ පරිවාරක වලින් නෙමේ..
    දැං මට උඹල කියපල්ල වයරිං වැඩ වලදි අපි හැමෝම පාවිච්චි කරන ටෙස්ටරේ ඇතුලෙ, ඒකෙ නියෝන් බල්බ් එකත් එක්ක තියෙන කෑල්ල පරිවාරකයක්ද ? resistor එකක්ද ?

    Resistance and Resistivity

    figure-21-03-01a.jpe
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ රට පටලවගෙන මචන්. මේක පොඩ්ඩක් බලපන්.

    http://www.electronics-tutorials.ws/resistor/res_1.html

    නැත්නම් තව ටිකක් ගූගල් කරල බලපන්. නැත්නම් අපේ ඉලෙක්ට්‍රොනික් කරන අරුනයගෙ වීඩියෝ ඇති සමහර විට.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    උඹ රට පටලවගෙන මචන්. මේක පොඩ්ඩක් බලපන්.

    http://www.electronics-tutorials.ws/resistor/res_1.html

    නැත්නම් තව ටිකක් ගූගල් කරල බලපන්. නැත්නම් අපේ ඉලෙක්ට්‍රොනික් කරන අරුනයගෙ වීඩියෝ ඇති සමහර විට.

    ඒක තමා බං පටලවගෙන හිටියෙ.. දැං තමා ටික ටික තේරෙන්නෙ..:yes:
     
    blue_in_rio

    Well-known member
  • උබේ ප්‍රශ්නෙට උත්තරේ නම්, අපේ ගෙවල්වල පාවිච්චි කරන ටෙස්ටරේ ඇතුලේ තියෙන්නේ ප්‍රතිරෝධකයක්.කෙලින්ම විදුලි දහරාවක් අපේ ඇඟ හරහා භූගත කරලයි, අර නියොන් බල්බ් එක පත්තු වෙන්නේ.මේකේ තියෙන ප්‍රතිරෝධය අපේ ගෙවල්වල තියෙන ප්‍රමාණයේ දහරාවකට ප්‍රතිරෝධී උනාට, ලොකු දහරාවක් මේ විදියට බලන්න ගියොත් නම් අනතුරක් වෙන්න පුලුවන් මම හිතන්නේ. :confused::confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    මේකේ තියෙන ප්‍රතිරෝධය අපේ ගෙවල්වල තියෙන ප්‍රමාණයේ දහරාවකට ප්‍රතිරෝධී උනාට, ලොකු දහරාවක් මේ විදියට බලන්න ගියොත් නම් අනතුරක් වෙන්න පුලුවන් මම හිතන්නේ. :confused::confused:

    ධාරාව නෙමේ නේ.. වෝල්ටේජ් එක වැඩ වුණොත් නේද අනතුරක් වෙන්ඩ පුලුවන් ?
    වෝල්ටේජ් එක වැඩි වෙනව කියන්නෙ ඉතිං ධාරාවත් වැඩි වෙනව කියන එකනෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    100-400v අතර වෝලටේජ් එකකට තමා
    ඊට වැඩි ඒවට ටෙස්ටරේ තියල බලන්ඩ යන්ඩ හොඳ නෑ..
    මං හිතන්නෙ ටෙස්ටර් වල ඒක ගහලත් තියෙනව

    Internal-Parts-of-a-Phase-or-Line-Tester.jpg

    මේ බලහල්ල නියෝන් බල්බ් එක ඇතුලෙත් තව රෙසිස්ටරයක්.. :shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    ප්‍රතිරෝධකයක (රෙසිස්ටර් එකක්) ධාරාව ගැලීමට බාදා 3 ක් තියෙනව

    1. ප්‍රතිරෝධකතාවය (resistivity)
    2. කම්බියේ මහත
    3. කම්බියේ දිග

    ඒ වුණාට අපි රෙසිස්ටර් ගැන කතා කරද්දි, ප්‍රතිරෝධකතාව ගැන එච්චර සලකන්නෙ නෑ නේද ?
    අනික ඒක වැඩි වුණා කියල රෙසිස්ටරේ රත් වෙන්නෙත් නෑ..
    ඒත් රෙසිස්ටරේ ඇතුලෙ තියෙන කම්බිය හීනි වුනොත් රත් වෙනව

    1 කරුණයි, 2 සහ 3 කරුණයි, ධාරාව සීමා කරන වෙනස් ආකාර දෙකක් නේ...

    නෙට් එකෙන් මේ ගැන හෙව්වට, මට එච්චර දෙයක් හොයාගන්ඩ බැරි වුණා..
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    V = IR

    මම හිතුවෙ සර්කිට් බෝර්ඩ් වල තියෙන ප්‍රතිරෝධක (Resistor) හදල තියෙන්නෙ මේවයින් කියල. ඒවායින් තමා , ආයේ දෙකක් නෑ....

    ඇයි මොකද කරන්ට් එක අඩු කරල දෙන්ඩ ඕන නිසා - Resistor කියන්නේ Voltage Divider එකක් මිසක් Current එක අඩුකරනවා කියනඑක නිවැරදි කියමනක් නොවේ ..

    ප්‍රතිරෝධකයක (රෙසිස්ටර් එකක්) ධාරාව ගැලීමට බාදා 3 ක් තියෙනව
    1. ප්‍රතිරෝධකතාවය (resistivity)
    2. කම්බියේ මහත
    3. කම්බියේ දිග

    මේකත් ඔයා වරද්දගන ... ප්‍රතිරෝධකතාවය තවත් කාරණයක් නෙමේ...ප්‍රතිරෝධකතාවය තිරන්නය වන්නේ ඉහත කාරනා 2 හා 3 මත (අමතරව උෂ්ණත්වයත් බලපානවා)
    අනික තමයි ඔයා මෙතැනදී අමතක කරන වැදගත් කරණය , රෙසිස්ටරයක වොටෙජ් ( W )එක . අපට ඕන ඕන විදිහට රෙසිස්ටේර් දන්න බෑ එකේ වොටෙජ් එකත් සලකන්න ඕනේ ..(like 1/4 ,1/2, 1, 2,..5..10..W)

    බොහෝදෙනෙක් හිතන්නේ V = IR කියන්නේ ඉතා සරල සමීකරනයක් කියලා. හැබැයි නියයාත්මක කරුණු වලදී හරස් ප්‍රශ්න අහලා යමක් පැහැදිලි කරන්න කීවහම අපේරටේ ඉන්න telco/Electrical ඉංජිනේරු මහත්තුරුනුත් බොහෝවිට බහුබූත කතා කියනවා ...ඒකනිසා යමක් ඉගනගන්නකොට එකේ නියයාත්මක කරුණු හදාරන එක ඉතා වැදගත් ...:yes:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ධාරාව නෙමේ නේ.. වෝල්ටේජ් එක වැඩ වුණොත් නේද අනතුරක් වෙන්ඩ පුලුවන් ?
    වෝල්ටේජ් එක වැඩි වෙනව කියන්නෙ ඉතිං ධාරාවත් වැඩි වෙනව කියන එකනෙ..

    voltage newe amperage eken thama anathuru wedi wenne
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ප්‍රතිරෝධකයක (රෙසිස්ටර් එකක්) ධාරාව ගැලීමට බාදා 3 ක් තියෙනව

    1. ප්‍රතිරෝධකතාවය (resistivity)
    2. කම්බියේ මහත
    3. කම්බියේ දිග

    ඒ වුණාට අපි රෙසිස්ටර් ගැන කතා කරද්දි, ප්‍රතිරෝධකතාව ගැන එච්චර සලකන්නෙ නෑ නේද ?
    අනික ඒක වැඩි වුණා කියල රෙසිස්ටරේ රත් වෙන්නෙත් නෑ..
    ඒත් රෙසිස්ටරේ ඇතුලෙ තියෙන කම්බිය හීනි වුනොත් රත් වෙනව

    1 කරුණයි, 2 සහ 3 කරුණයි, ධාරාව සීමා කරන වෙනස් ආකාර දෙකක් නේ...

    නෙට් එකෙන් මේ ගැන හෙව්වට, මට එච්චර දෙයක් හොයාගන්ඩ බැරි වුණා..

    resistor wala wattage tiyenawa.. gelapena widihata use karapuhama rath wenne na..

    uba rata witarak newe lokema patalagena wage..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113

    ප්‍රතිරෝධකයක (රෙසිස්ටර් එකක්) ධාරාව ගැලීමට බාදා 3 ක් තියෙනව
    1. ප්‍රතිරෝධකතාවය (resistivity)
    2. කම්බියේ මහත
    3. කම්බියේ දිග

    මේකත් ඔයා වරද්දගන ... ප්‍රතිරෝධකතාවය තවත් කාරණයක් නෙමේ...ප්‍රතිරෝධකතාවය තිරන්නය වන්නේ ඉහත කාරනා 2 හා 3 මත (අමතරව උෂ්ණත්වයත් බලපානවා)

    Resistance and resistivity කියන්නෙ මචං දෙකක්..
    සාමාන්‍යයෙන් අපි R කියන්නෙ ප්‍රතිරෝධයට (Resistance)
    කම්බියෙ දිග මහතට අමතරව R එ්කට බලපාන තව කරුනක් තමා ප්‍රතිරෝධකතාවය (Resistivity)
    අපේ ඇඟේ මේ resistivity එක වැඩියි.. ඒකයි 230 වෝල්ටේජ් එකකදි වුණත් ඇඟ හරහා මාරාන්තික ධාරාවක් ගමන් නොකරන්නෙ..

    මේ පින්තූරෙ බලහං..

    figure-21-03-01a.jpe

    මම මොකුත් නොදැන කතා කරනව නෙමේ..
    රට පටලන් කියල සවුත්තුව දාන්ඩ එපා..
    මොකක් හරි දෙයක් පැහැදිලි කරගන්ඩ උත්සහ කලාම කිසිම දෙයක් දන්නැති ගාණට දාන්ඩ එපා මාව..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    උබේ ප්‍රශ්නෙට උත්තරේ නම්, අපේ ගෙවල්වල පාවිච්චි කරන ටෙස්ටරේ ඇතුලේ තියෙන්නේ ප්‍රතිරෝධකයක්.කෙලින්ම විදුලි දහරාවක් අපේ ඇඟ හරහා භූගත කරලයි, අර නියොන් බල්බ් එක පත්තු වෙන්නේ.මේකේ තියෙන ප්‍රතිරෝධය අපේ ගෙවල්වල තියෙන ප්‍රමාණයේ දහරාවකට ප්‍රතිරෝධී උනාට, ලොකු දහරාවක් මේ විදියට බලන්න ගියොත් නම් අනතුරක් වෙන්න පුලුවන් මම හිතන්නේ. :confused::confused:

    resistor wala wattage tiyenawa.. gelapena widihata use karapuhama rath wenne na..

    uba rata witarak newe lokema patalagena wage..

    මම ඕක දන්නව බං.. කොච්චර ලොකු වෝල්ටේජ් එකක් වුනත් 100mA කට වඩා අඩු ධාරාවක් හෘදය වස්තුව හරහා ගැලුවෙ නැත්තං අනතුරක් වෙන්නෙ නෑ.. එහෙම බලද්දි ධාරාව තමා වැදගත්..
    එහෙම කතාවක් නෙමේනෙ මම ඉස්සෙල්ල කිව්වෙ..
    අපි ධාරාව බලල නෙමේනෙ ටෙස්ටරේ තියල බලන්නෙ.. මොකද්ද තියෙන වෝල්ටේජ් එක කියල ෂුවර් කරගෙනනෙ බය නැතුව ටෙස්ටරේ තියල බලන්නෙ. ඒකයි කිව්වෙ..
    අනික් මොන ධාරාව ඇතිවෙන්ඩත් විභව අන්තරයක් කියල දෙයක් තියෙන්ඩත් එපැයි..
    උඹල අපිට රට පටලන් කියල සවුත්තුව දානව නේ...
    කොහොම හරි අර ලේන් පැටව් ගැන කියල දුන්නුවට තෑන්ක්ස් මචං.. ඒව අමතක නෑ ;)
     
    Last edited:

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මම හිතුවෙ සර්කිට් බෝර්ඩ් වල තියෙන ප්‍රතිරෝධක (Resistor) හදල තියෙන්නෙ මේවයින් කියල. ඒවායින් තමා , ආයේ දෙකක් නෑ....

    ඇයි මොකද කරන්ට් එක අඩු කරල දෙන්ඩ ඕන නිසා - Resistor කියන්නේ Voltage Divider එකක් මිසක් Current එක අඩුකරනවා කියනඑක නිවැරදි කියමනක් නොවේ ..

    ප්‍රතිරෝධකයක (රෙසිස්ටර් එකක්) ධාරාව ගැලීමට බාදා 3 ක් තියෙනව
    1. ප්‍රතිරෝධකතාවය (resistivity)
    2. කම්බියේ මහත
    3. කම්බියේ දිග

    මේකත් ඔයා වරද්දගන ... ප්‍රතිරෝධකතාවය තවත් කාරණයක් නෙමේ...ප්‍රතිරෝධකතාවය තිරන්නය වන්නේ ඉහත කාරනා 2 හා 3 මත (අමතරව උෂ්ණත්වයත් බලපානවා)
    අනික තමයි ඔයා මෙතැනදී අමතක කරන වැදගත් කරණය , රෙසිස්ටරයක වොටෙජ් ( W )එක . අපට ඕන ඕන විදිහට රෙසිස්ටේර් දන්න බෑ එකේ වොටෙජ් එකත් සලකන්න ඕනේ ..(like 1/4 ,1/2, 1, 2,..5..10..W)

    බොහෝදෙනෙක් හිතන්නේ V = IR කියන්නේ ඉතා සරල සමීකරනයක් කියලා. හැබැයි නියයාත්මක කරුණු වලදී හරස් ප්‍රශ්න අහලා යමක් පැහැදිලි කරන්න කීවහම අපේරටේ ඉන්න telco/Electrical ඉංජිනේරු මහත්තුරුනුත් බොහෝවිට බහුබූත කතා කියනවා ...ඒකනිසා යමක් ඉගනගන්නකොට එකේ නියයාත්මක කරුණු හදාරන එක ඉතා වැදගත් ...:yes:

    :yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    Resistor කියන්නේ Voltage Divider එකක් මිසක් Current එක අඩුකරනවා කියනඑක නිවැරදි කියමනක් නොවේ ..

    අන්න එ් කරුණනං මට වැදගත්..