ඉර එකවරම අතුරුදහන් උනොත්.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉර එකවරම අතුරුදහන් උනොත්.



    ......
    බයවෙන්න එපා ඉර එහෙම අතුරුදහන් වෙන්නෙ නෑ.:D එත් හිතෙන් මවාගත්ත පරීක්ශනයක්(thought experiment) විදියට ඉර එකපාරට අතුරුදහන් උනොත් ඊට පස්සෙ පෘතුවිය ඇතුලු හිරුමඩලට සිද්ද වෙන දේ මොකක්ද කියල හිතන්න පුලුවන්.

    * ඔන්න අපි හිතමුකො දැන් ඉර අතුරුදහන් උනා කියල, එත් අපිට ඒ ගැන කිසිම දැනීමක් ඇතිවෙන්නෙ නෑ, මොකද ඉර එලිය පෘතුවියට එන්න විනාඩි 8ක් විතර යනව. තව දෙයක් තමයි ඉරෙන් අපිට එන ගුරුත්වාක්‍රශන බලයත් නැති වෙන්නෙ ඉර එලිය නැතිවෙනව එක්කමයි, මොකද ගුරුත්වාකර්ශන තරංග ක්‍රියාත්මක වෙන්නෙත් ආලොකය ගමන් කරන වෙගෙන්මයි. ඉරේ ගුරුත්වාකර්ශන බලය නැති උන ගමන්ම පෘතුවිය කලින් ගමන් දිශාවට ස්පර්ශක දිශාවකට ගමන් කරන්න පටන් ගන්නව.

    2qjb1tz.png



    දැන් ඉතින් ඉර නැති උනානෙ,... ඊට පස්සෙ අපෙ ලොකෙට වෙන්නෙ මොකක්ද කිඅය බලමු,,..... අපේ මුලික ශක්ති ප්‍රබවය තමයි ඉර , නමුත් ඉර නැතුව උනත් යම්කිසි කාලයක් මිනිස්සුන්ට තමන්ගෙ ශක්ති අවශ්යතා සපුරගන්න පුලුවන්, ඒ විද්යුත් ශක්තිය සහ පොසිල ශක්තිය හරහා. හැබැයි ඉතින් මුලු ලොකෙම කලුවරයි, අමාවක රැයක් වගේ, මොකද ඉර නැති උනාම ලොකෙට එන්නෙ ක්ශීරපතයෙ ආලොකය විතරයි, එත් ක්ශිරපතයෙන් ලැබෙනෙ ආලොකය ඉතාමත් අඩුයි, පූර්න හද වගේ 1/300 විතර ආලොකයක් තමයි ක්ශිරපතයෙන් ලැබෙන්නෙ. ඉර නැති වෙච්ච එකේ කලුවරේ ඉන්න එක මොකක්ද නේද,?:rolleyes: ලොකුම අවුල් වෙන්න පටන්ගෙන්නෙ තව පස්සෙ.:sorry:

    milky-way-mount-shasta.jpg



    ඉරේ ශක්තිය නැතිවෙච්ච ගමන්ම ගස්වල ප්‍රභාසන්ස්ලේශනය නැතිවෙනව, එහකොට ගස්කොලන් වලින් ඔක්සිජන් පිටවීම වෙන්නෙ නෑ. ඒත් මේකත් එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ලොකෙ ඉන්න මිනිස්සු ඔක්කොම දවසට හුස්ම ගන්නෙ ඔක්සිජන් කිලොග්‍රම් 5,000,000,000...... හැබැයි අපේ වායුගෝලයේ ඔක්සියන් කිලොග්‍රම් 1,000,000,000,000,000,000 තියනව. එක නිසා ගස්කොලන් වලින් ඔක්සිජන් නැති උනත් ලොකෙ තියන ඔක්කොම ඔක්සිජන් අවුරුදු 1000කට විතර ඇති.



    අපි දැන් බලමු ගස් වලට මොකද වෙන්නෙ කියල. ගොඩක් පොඩි පැල/ගස් වලට තමයි ඉර එලිය නොමතිවීම මුලින්ම බලපාන්නෙ. ඒව දවස් කීපයකින් මැරිල යනාව, ඒත් ගොඩක් විශාල ගස් වලට නම් මාස,අවුරුස්ඩු ගානක් උනත් ජීවත් වෙන්න පුලුවන්, එකට හේතුව විශාල ගස් වල කබොහයිඩ්‍රේඩ් විදියට ශක්තිය තැම්පත් වෙලා තියෙනව. එත් තැම්පත් වෙලා තියන ශක්තිය විශාල ගස් වලට අවුරුදු ගානකට ඇති, එත් අවාසනාවකට ඔය විශාල ගස් වලට මරෙන්න වෙන්නෙ ශක්තිය නොමති වීම්ව්න් නෙමෙයි, වතුර අයිස් විමෙන්...


    පෘතුවියෙ සාමාන්ය උශ්නත්වය 14C , ඉර අතුරුදහන් වෙලා සතියකින් පෘතුවියෙ සාමන්ය උශ්නත්වය 0C වෙනව, අවුරුද්දකට පස්සෙ -73C. වෙනව. එකියන්නෙ ඉතින් අවුරුද්දක් යනකොට ලොකෙ මිනිස්සු හැමදෙනාම වගේ මැරෙනව.:sorry: හැබැයි උණු දිය ලින්, ගිනිකදු වැනි ස්තාන වල මිනිස්සුන්ට ගොඩක් අමාරුවෙන් හරි ජීවත් වෙන්න පුලුවන් වෙයි.:yes: එහෙම නැත්තන් මරෙන්න නතිව ඉන්න පුලුවන් එකම ක්‍රමය තමයි කෘතිමව පොලවයට හදන ස්තාන, හැබැයි මේ අවස්තාව ගොඩාක් සුලු පිරිසකට විතරක් ලැබෙයි කියල තමයි හිතන්න පුලුවන්.:dull:

    ඉර අතුරුදහන් වෙලා අවුරුදු 3ක් විතර යනකොට පෘතුවියෙ සාගර මතුපිට සම්පූර්නයෙන්ම අයිස් වෙනව. එත් අයිස් තට්ටු වලට යටින් ද්‍රව ජලය සුරැකිලා තියෙයි, මේ තත්වය කොච්චර ස්තායීද කිව්වොත් අවුරුදු බිලියන ගානක් උනත් මේ විදියට ද්‍රව ජලය අයිස් තට්ටු යටින් ආරක්ශා වෙලා තියෙන්න පුලුවන්. එත් එක්කම ඉතා ගැබුරු මුහුදේ ජීවත් වෙන ජීවිනුත් ආරක්ශා වෙලා තියෙයි අවුරුදු බිලියන ගානක්ම, මොකද මොවුන් කොහොමත් යැපෙන්නෙ සූර්ය ශක්තියෙන් නෙමෙයි, ගැබුරු මුහුදු පතුලේ සිද්දවෙන ප්‍රතිකිරියා වලින් ලැබෙන ශක්තියෙන්.

    ice2-470x260.jpg




    deep-sea-hydrothermal-vents-chimneys-101007-02.jpg





    මේකෙ තියන ලස්සනම සිද්දිය මේකයි, ඉරේ ගුරුත්වාකර්ශනයෙන් ගැලවිලා පෘතුවිය යම්කිසිදිශාවකට ගමන් කරනවනෙ ගැබුරු මුහුදු පතුලේ ජීවයත් ආරක්ශා කරගෙන, පෘතුවිය මේවිදියට ආලොක වර්ශ ලක්ශ ගානක දුරක් යයි,:yes::cool: ඒ යන අතරතුර සමහරවිට වෙනත් තරුවක(ඉරක ) ගුරුත්වාකර්ශනයට හසුවෙලා, ඒ තරුව වටා පරිබ්‍රමනය වෙවී. හැමදේමත් නැවත පටන් ගනීවි. :)













     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :shocked::shocked:budu amme ehemanan wenna epa..

    එහෙම වෙන්න හැකියාවක් නතුවම නෙමෙයි, වෙන්න පුලුවන් එකම විදිය quantum tunneling වලින් , හැබැයි එහෙම වෙන්න තියන සම්බාවිතාව ඉර වගේ විශාඅල වස්තුවකට නොසැලකිය හැකිතරම් කුඩා එකක්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,908
    40,710
    113
    ස්පර්ශක දිශාවට ගමන් කරන්නේ වායුවක් ගුරුත්වාකර්ශනයක් තියෙන කොට විතරයිනේද? වයුවක් ගුරුත්වාකර්ශනයක් නැති තැන මොකද වෙන්නේ?

    rep
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ස්පර්ශක දිශාවට ගමන් කරන්නේ වායුවක් ගුරුත්වාකර්ශනයක් තියෙන කොට විතරයිනේද? වයුවක් ගුරුත්වාකර්ශනයක් නැති තැන මොකද වෙන්නේ?

    rep

    ඔතන වෙන්නෙ අර නූලක් ගලක ගෙට ගහල කරකවනකොට නූල කැඩුනම ගල ගමන් ගන්න චලිතයට අනුරූප දෙයක්නෙ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,908
    40,710
    113
    ඔතන වෙන්නෙ අර නූලක් ගලක ගෙට ගහල කරකවනකොට නූල කැඩුනම ගල ගමන් ගන්න චලිතයට අනුරූප දෙයක්නෙ

    ඔය වැඩේ හඳේ කරොත් කොහොම වෙයිද? :dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය වැඩේ හඳේ කරොත් කොහොම වෙයිද? :dull:

    ඔව් බන් එකට වයු පිඩන බලපාන්නෙ නෑ, රික්තකයක කරත් එහෙම තමයි.

    අත්තටම හdhe කරොත් ඔය ගල කරකවන පරික්ශානේ, වඩා හොදට කරන්න පුලුවන් වායු ප්‍රතිරොදෙ අඩු නිසා.
     
    • Like
    Reactions: IsuruP123

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    "ඉර අතුරුදහන් වෙලා අවුරුදු 3ක් විතර යනකොට පෘතුවියෙ සාගර මතුපිට සම්පූර්නයෙන්ම අයිස් වෙනව. එත් අයිස් තට්ටු වලට යටින් ද්‍රව ජලය සුරැකිලා තියෙයි, මේ තත්වය කොච්චර ස්තායීද කිව්වොත් අවුරුදු බිලියන ගානක් උනත් මේ විදියට ද්‍රව ජලය අයිස් තට්ටු යටින් ආරක්ශා වෙලා තියෙන්න පුලුවන්. එත් එක්කම ඉතා ගැබුරු මුහුදේ ජීවත් වෙන ජීවිනුත් ආරක්ශා වෙලා තියෙයි අවුරුදු බිලියන ගානක්ම, මොකද මොවුන් කොහොමත් යැපෙන්නෙ සූර්ය ශක්තියෙන් නෙමෙයි, ගැබුරු මුහුදු පතුලේ සිද්දවෙන ප්‍රතිකිරියා වලින් ලැබෙන ශක්තියෙන්. "

    සහෝ, වායු වලාවකින් ග්‍රහලෝක ඉර ඇතිවෙනකොට, ග්‍රහලෝක විශාල ප්‍රමාණයක් හැදෙනවා (100 හෝ ඊට වැඩ වෙන්න පුළුවන්). සමහර ඒවා එකිනෙකා හැප්පිලා එකතුවෙනවා; විනාශ වෙනවා. සමහර ඒවා එකිනෙක අතර ගුරුත්වය නිසා යන මාර්ගය වෙනස් වෙලා විශ්වයට විසිවෙලා යනවා. එතකොට එක හුදෙකලාව විශ්වයේ සැරිසරනවා. බොහොම මෑතකදී තාරක විද්වතුන් මේවගේ ග්‍රහලෝක හොයාගෙන තියෙනවා. මේවයෙත් ජීවින් ඉන්න පුළුවන් (අබ්යන්තර තාපයන් නිසා). මේ ගැන වැඩි විස්තර


    https://en.wikipedia.org/wiki/Rogue_planet
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "ඉර අතුරුදහන් වෙලා අවුරුදු 3ක් විතර යනකොට පෘතුවියෙ සාගර මතුපිට සම්පූර්නයෙන්ම අයිස් වෙනව. එත් අයිස් තට්ටු වලට යටින් ද්‍රව ජලය සුරැකිලා තියෙයි, මේ තත්වය කොච්චර ස්තායීද කිව්වොත් අවුරුදු බිලියන ගානක් උනත් මේ විදියට ද්‍රව ජලය අයිස් තට්ටු යටින් ආරක්ශා වෙලා තියෙන්න පුලුවන්. එත් එක්කම ඉතා ගැබුරු මුහුදේ ජීවත් වෙන ජීවිනුත් ආරක්ශා වෙලා තියෙයි අවුරුදු බිලියන ගානක්ම, මොකද මොවුන් කොහොමත් යැපෙන්නෙ සූර්ය ශක්තියෙන් නෙමෙයි, ගැබුරු මුහුදු පතුලේ සිද්දවෙන ප්‍රතිකිරියා වලින් ලැබෙන ශක්තියෙන්. "

    සහෝ, වායු වලාවකින් ග්‍රහලෝක ඉර ඇතිවෙනකොට, ග්‍රහලෝක විශාල ප්‍රමාණයක් හැදෙනවා (100 හෝ ඊට වැඩ වෙන්න පුළුවන්). සමහර ඒවා එකිනෙකා හැප්පිලා එකතුවෙනවා; විනාශ වෙනවා. සමහර ඒවා එකිනෙක අතර ගුරුත්වය නිසා යන මාර්ගය වෙනස් වෙලා විශ්වයට විසිවෙලා යනවා. එතකොට එක හුදෙකලාව විශ්වයේ සැරිසරනවා. බොහොම මෑතකදී තාරක විද්වතුන් මේවගේ ග්‍රහලෝක හොයාගෙන තියෙනවා. මේවයෙත් ජීවින් ඉන්න පුළුවන් (අබ්යන්තර තාපයන් නිසා). මේ ගැන වැඩි විස්තර


    https://en.wikipedia.org/wiki/Rogue_planet


    ඔව් ඔව් Rogue planet, :) හැබයි මcන් ඔය ප්ලැනට් වල ජීවින් තියෙන්න විදියක් නෑ, පෘතුවියෙ ජිවය පරිනාමය වෙච්ච විදිඅය්ට නම් හැම තැනම වෙන්නෙ,
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada


    ඔව් ඔව් Rogue planet, හැබයි මcන් ඔය ප්ලැනට් වල ජීවින් තියෙන්න විදියක් නෑ, පෘතුවියෙ ජිවය පරිනාමය වෙච්ච විදිඅය්ට නම් හැම තැනම වෙන්නෙ,

    ජීවය ඇතිවෙන්න උවමන වෙන්නේ
    (1) ද්‍රව ජලය
    (2) ශක්ති ප්‍රබවයක්

    ඔය දෙකම Rogue planet වල තියෙනවා. බැක්ටීරියා වගේ දේවල් හෝ multi-cell ජීවින් ඉන්න පුළුවන්.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මුහුදු පතුලේ ජීවයත් ආරක්ශා කරගෙන, පෘතුවිය මේවිදියට ආලොක වර්ශ ලක්ශ ගානක දුරක් යයි

    මේ ලිපියට අනුව ඉර ක්ෂණිකව අතුරුදහන් වීම මනං කල්පිතයක් නේ . එතකොට මේක හරි. නමුත් ඉරේ හීලියම් අවසාන වෙන්නේ පෘතුවිය ගිනිකබලක් බවට පත් කරමින්. එතකොට සාගර ඔක්කොම සිදෙනවා.