කෙල්ලෙකුගේ හිත දිනාගැනීමට කළ යුතු එකම දේ &#351

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කෙල්ලෙකුගේ හිත දිනාගැනීමට කළ යුතු එකම දේ &#351

    "වෙනත් සියලු උපක්‍රම අත්හරින්න. ඔබට කාන්තාවක දිනා ගැනීමට අවශ්‍ය නම් ඇය සිනහ ගන්වන්නේ කෙසේද යන්න ගැන පමණක් අවධානය යොමු කරන්න."

    මේ අලුත්ම අධ්‍යයනයක් හෙළි කළ රහසකි. ආගන්තුකයන් දෙදෙනෙකු මුණගැසුණු විට බොහෝ විට පිරිමියා විනෝදය දනවන්නෙකු බවට පත්වෙයි. ඒ සියලු උත්සාහයන්ට කාන්තාව වැඩියෙන් සිනාසෙයි.

    බොහෝවිට එහි ප්‍රතිඵලය වන්නේ හමුවීමේ දිනයක් වෙන් කර ගැනීමට කාන්තාව පෙළඹීමට ලක්වීමයි. මෙහිදී වඩාත් හොඳින් ප්‍රේම චමත්කාරයෙන් වෙළුණු සබඳතාවක් බවට පත් වන්නේ දෙදෙනාම එක්ව සිනසුනහොත් බව කැන්සාස් සරසවියේ සහකාර මහාචාර්ය ජෙෆ්රි හෝල් පවසයි.

    "ඔබ සමඟ සිනහසීමට හැකි තැනැත්තෙකු හමු වූ විට ඉන් අදහස් වන්නේ ඔබේ ඉදිරි අනාගත සබඳතාව විනෝදාත්මක වනු ඇති බවයි. යහපත් ප්‍රබෝධයෙන් පිරී ඉතිරී යනු ඇති බව යි " ඔහු කියා සිටී.

    සිනහ ගැන්වීම පිරිමියා භාවිත කරන්නේ කෙසේ ද යන්න සහ කාන්තාව එය අගය කරන්නේ කෙසේද යන්න සොයා ගැනීමේදී ප්‍රේමාන්විත ආකර්ෂණය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. පිරිමියා කාන්තාව සිනහ ගැන්වීමට වැඩි වාර ගණනක් උත්සාහ දරයි.

    කාන්තාව ඔහුගේ විහිළු වලට වැඩි වාර ගණනක් සිනහ සෙයි. එහෙත් එහි අනෙක් පැත්ත වන කාන්තාව පිරිමියා සිනහගැන්වීමට දරන උත්සාහය එවැන්නක් ඇති නොකරන බව අධ්‍යයනය හෙළිකරයි.

    දෙදෙනාම එක්ව සිනාසීමෙදී ඔවුහු එකිනෙකා සමඟ වැඩි ආකර්ෂණයකට මං පාදා ගනිති. සිනහගැන්වීම තුළ සමාජමය හා පිළිගතහැකි පෞරුෂයක් පවතී.

    කාන්තාව ඒවාට කැමති වන්නේ දැයි දැනගැනීමට පිරිමියා හාස්‍යය උපයෝගී කර ගන්නා බවද පර්යේෂකයෝ පෙන්වා දෙති. ඇතැම් පිරිමින්ට එය සවිඥානක උපක්‍රමයක් වෙයි. පිරිමින් විහිළු කරන විට කාන්තාවෝ සිනාසෙති. එය විවාහය අපේක්ෂාවෙන් කෙරෙන ඇරැයුමක පිටපතක් විදහා දැක්වීමක් වියහැකිය. පිරිමි විහිළු කරන්නන් ලෙස හැසිරෙති. කාන්තාවෝ එහි කොටස්කරුවෝ වෙති යි ද ඔවුහු සඳහන් කරති.


    ඉස්සුවේ මෙතනින්:rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: DemonAkalanka