A/C - Wall mounted/Portable හොඳ එකක් කියන්නකො 
මචන්ලා, ලොකු උදව්වක්, මට AC එකක් ගන්න හොඳ බ්‍රෑන්ඩ් එකකුයි මොඩල් එකකුයි, ගාන, ඔප්ෂන්ස්, ගන්න පුළුවන් තැන් සහ තව විස්තර ටිකකුයි කියපල්ලකො ..
ආතල් එකට නෙමෙයි බන් AC ගන්නෙ, අපේ පොඩි එකා රෑට නිදාගන්නෙ නෑ, අවුරුදු 2යි වයස සමහර දවස් වලට රෑ 12.00 පහු වෙලා නිදාගෙන රෑ 2.00 විතර අඬාගෙන නැගිටිනවා, මෙලෝ දෙයක් කරල නිදිකරවන්න බෑ බන්, අඬනවා ඉවරෙකුත් නෑ ගොඩක් දවස් වලට, ඉතින් 3.00 -4.00 වෙනකන් ඇහැරිලා ඉන්න දවස් ඕනෙ තරම් (දවල්ටත් නිදි නෑ බන්). ඊට පස්සෙ මම උදේට වැඩට යන්නත් ඕනෙ, ඔෆිස් ගිහිල්ලත් මට හිටගෙන නින්ද යනව බන්, මේ ප්‍රශ්න නිසා ඔෆිස් එකෙත් ප්‍රශ්න, ඒත් වාහනේ AC එක දාගෙන එනකොට යකා ගහල වගේ හොඳට නිදියනවා ... ඉතින් මට හිතුන මේ තියෙන රස්නෙත් එක්ක නෙට් එකකුත් දාගෙන ෆෑන් එකකින් විතරක් මෙයාට මදි කියල .. ඉතින් Water cooler එකක් ගත්ත බන් ඒකත් මෙලෝ රහක් නෑ .. 2 deg Celsius විතර කූල් වෙනව. අපරාදෙ බන් හෙන ගානක් දීල ගත්තෙ .. උඩින් වතුර දාන්න ඕනෙ එක්කෝ අයිස් දාන්න ඕනෙ, රෑට දිය ඇල්ලක් ගාව ඉන්නව වගේ සද්දෙ, කූල් වෙන්නෙත් නෑ .. ඒ මදිවට රස්නෙ.. එපා වෙලා ඉන්නෙ ... මට ඔය AC ගැන ලොකු දැනුමකුත් නෑ, හොඳ බ්‍රෑන්ඩ් දන්නෙත් නෑ, කරන්ට් එක නම් සාමාන්යෙන් AC එකට විතරක් මාසෙට 4000-6000 වගේ බිලක් ආවොත් ශේප් කරගන්න පුළුවන්, මම හිතන් ඉන්නේ හොඳට AC එක දාල හොඳට කාමරේ (අඩි 15 X 20) කූල් උනාට පස්සෙ ඕෆ් කරල දාන්න වගේ, ආයිත් රත් උනොත් දාන්න පුළුවන් නෙ නේද. Portable AC ලංකාවෙ කොහේ ගන්න තියෙනවද කියල දන්නෙ නෑ, ගණන් දන්නෙත් නෑ, මම කීපයකටම ගියා තියෙන්නෙම Water coolers. Portable AC නෑ හොයාගන්න (මම ඉන්නෙ කොළඹ). Wall mounted ඒවා නම් හැමතැනම තියෙනව, ඒත් ඒවගෙ හොඳ නරක, ගැන නම් දන්නෙ නෑ (සද්දෙ ටිකක් අඩු AC එකක් වෙන්නත් එපැයි, ගාන ටිකක් අඩු වෙන්නත් එපැයි(40000-60000 අතර නම් හොඳයි), හොඳට කූල් වෙන්නත් එපැයි), හැබැයි මම ගොඩක්ම බැලුවෙ Portable AC එකක් ගන්න (ඒවගෙත් තියෙනව නේද exhaust බට 1 එන එකකුයි 2 එන එකකුයි මොකක්ද ඒවයින් හොඳ) , මොකද අපි දැනට ඉන්න තැනින් වෙන තැනකට තව මාස කීපයකින් යනව. ඉතින් Wall mounted ඒව හයිකලොත් ආයිත් ගලවන්නයි අලුත් තැනට හයි කරන්නයි ලෙඩ ගොඩක් වෙයි නේද. මචන්ලා ලොකුම උදව්වක් සහ පිනක් මේකට හරියන AC එකක් ගැන විස්තර කියන්න පුළුවන් නම්.
මේ ත්‍රෙඩ් එක උඩට තියාගන්න බම්ප් එකක් දාගෙන යන්න

Last edited:
සීතල නිසාද උඹ ඔය කියන්නෙ? එහෙම සීතලටම ළමයි ලෙඩ වෙන්නෙ නෑ මචන්, එහෙනම් ඉතින් ඔය නුවර එලිය පැත්තෙ ලෙඩ ළමයි ම ඉන්න එපැයි
නෙට් එක අයින් කරන්න බෑ යාලුව, මදුරුවො විමානෙ 