කොන්ඩේ_එන්න_බෙහෙතක්
කොන්ඩේ යෑම/ තට්ටේ පැදීම වලක්වා හිසකෙස් වර්ධනයට බෙහෙතක්.
මම එළකිරි එකේ අලුත් මෙම්බර් කෙනෙක්. අලුත් කිව්වට මම සැහෙන කාලයක් ඉදලා මේකේ යන ත්‍රෙඩ් එහෙම බලනවා. වාහන ගැන ලිපි පෙළ නං නොවරදවාම බලනවා.
කාලයක් ගෙස්ට් කෙනෙක් විදියට හිටපු මම අද මේ මේකේ රෙජිස්ටර් උනෙත් මම දන්නා දෙයක් කියලා දෙන්න.
මම පහුගිය දින ටිකේම එළකිරි එකේ ත්‍රෙඩ් දැක්කා කොන්ඩේ යනවා/ තට්ටේ පෑදෙනවා කියලා ඒකට විසදුම් අහලා තිබුනා ගොඩක් දෙනෙක්.
මගෙත් ඔලුවේ කොන්ඩේ අඩුව තිබුනේ. විශේෂයෙන්ම ඔලුවේ මුදුනේ, නළල දෙපැත්තේ කොන්ඩේ සැහෙන්න අඩුයි. ඉස්කෝලෙ ඒලෙවෙල් කරන කාලේ ඉදන්ම මේ අවුල තිබුනා. මගේ නං කොන්ඩේ ගිහින් තට්ටේ පෑදුනේ මම හෙයාර් ජෙල් ගාපු නිසා අවුරුදු කිහිපයක්ම. ඉස්කෝලේ යන කාලේ අවුරුදු 5 ක් විතර හෙයාර් ජෙල් තට්ටුවක් කොන්ඩේ උලාගෙන නේ ගියේ. ඒවගේ ප්‍රතිපල විදියට ඒ ලෙවෙල් කරනකොටම තට්ටේ පෑදෙන්න පටන් ගත්තා.
මට නං ඔකේ එච්චර ගානක් තිබුනේ නෑ. ඒත් ඉතිං අපේ ලංකාවේ ඉන්න එවුන්ටනේ අනුන්ගේ එව්වා ගැන අමාරුවක් තියෙන්නේ. දකින දකින නෑයෝ, යාලුවෝ හැම එකාම මොකද මේ තට්ටේ පෑදෙන්නේ කියලා හැම වෙලේම අහනකොට එපා වෙනවනේ.
ඒ නිසා බැරිම තැන මම තට්ටේම ගාලා දැම්මා. පස්සේ ආයේ හිතුනා කොන්ඩේ වැව්වා නං හොදයි කියලා.
ඒ නිසා මම හොයලා බැලුවා මේකට හරි යන බෙහෙතක්. මට සෙට් උනා හොද භාණ්ඩයක්. ඒ තමයි minoxidil 5% solution කියන බෙහෙත. මේක ඇවිල්ලා අවර්ණ දියරක් වගේ දෙයක්. උදේට සහ හවසට ඔලුවේ කොන්ඩේ නැති තැන් වල ගාන්න තියෙන්නේ. එක පාරකට මිලි ලීටර් එකයි ගාන්නේ. ඒ කියන්නේ දවසට උපරිම මිලි ලීටර් දෙකයි ඔලුවේ ගාන්නේ.
මේක ගාලා පැය හතර පහක් ඔලුවේ තියන්න ඕනි. ඔලුවේ මේ බෙහෙත ගෑවාම නිකං වතුර ගතියට වගේ මේක ඔලුවේ තියෙනවා. පැය 4 ක් වත් යනවා වේලෙන්න. ස්භාවික විදියට වේලෙන්න ඉඩ දෙන්න ඕනි මේ බෙහෙතට. හෙයාර් ඩ්‍රයි එහෙම පාවිච්චි කරලා ඔලුව වේලන්න යන්න එපා බෙහෙත ගෑවාම පස්සේ. බෙහෙත ගාලා පැය හතර පහකට පස්සේ ඕනිනං නෑවාට/ ඔලුව සොදගත්තට කමක් නෑ. ඉස්කෝලේ යන/ඔෆිස් යන අයට උදේ ගෙදරින් යනකොට මේක ගාගෙන ගිහිලා, අවශ්‍ය නං පැය හතර පහකට පස්සේ තමන්ගේ ලේන්සුව පොගවලා, එකෙන් ඔලුව පිහදගන්න පුළුවන්. එහෙන කැමති නැත්තං හවස් වෙනකන් හිටියා කියලා අවුලක් නෑ.
හවසත් නිදාගන්න පැය දෙක තුනකට කලින් වත් මේක ඔලුවේ ගාලා තියන්න වේලෙන්න ඕනි නිසා. මොකද නැත්තං කොට්ටේ ගෑවෙයි.
ඔලුවේ තුවාලයක් එහෙම තියෙනවා නං මේක ගාන්න එපා ඒක හොදවෙනකන්. අනික තමයි බෙහෙත ගෑවම පස්සේ තමුන්ගේ අත් දෙක හොදට හෝද ගන්න සබන් දාලා.
ලංකාවේ ෆාමසි වල මේ minoxidil 5% solution කියන බෙහෙතේ මිලි ලීටර් 60 බෝතලයක් රුපියල් 1,800 ක් වගේ වෙන්නේ. මේක හරියටම මාසයකට ඇති. හරියටම කොන්ඩේ එන්න නං සති දාසයක්, ඒ කියන්නේ මාස හතරක් මේක ගාන්න ඕනි. ඒ කියන්නේ බෝතල් හතරක් ඕනි වෙයි. රුපියල් 7,500 ක් විතර යයි. මුලින්ම එක බෝතලයක් අරං එක ඔය උඩින් කියලා තියෙන විදියට මාසයක් හරියට ගාලා බලන්න, ඔලුවේ කොන්ඩේ යන තැන්වල. මාසයක් යනකොට වෙනසක් තියෙනවා නං දිගටම ගාලා බලන්න.
මේ බෙහෙත එක්ක පොඩි කුරක් වගේ එකක් හම්බෙනවා. ඒකෙන් හරියටම මිලිලීටර් එකක් මැනලා අරං ඔලුවේ ගාන්න. ෆාමසි එකෙන් බෙහෙත ගනිද්දී ඒක තියෙන පෙට්ට්ය ඇතුලේ බලන්න මේ කියන කූර තියෙනවද, ඒකෙන් හරියට මිලි ලීටර් එකක් මැන ගන්න පුලුවන්ද කියලා. පහල වීඩියෝ එකේ තියෙනවා මේක ගාන හැටි ගැන විස්තර.
කොහොම හරි මාස හතරක් යනකොට ඔලුවේ තට්ටේ පෑදිලා තියෙන තැන්වල කොන්ඩේ එන්න පටන් ගන්නවා. එහෙම උනුත් බෙහෙත නවත්තන්න එපා. තව මාස කිහිපයක් ගාන්න ඔය අලුතින් එන කොන්ඩේ හොදට එනකං. මොකද බෙහෙත නැවැත්තුවත් අලුතෙන් එන්න පටන් ගන්න කොන්ඩේ ආයේ යන්න පටන් ගයි.
මම මේ මෙතන කිසිම බෙහෙතකට වෙළෙද නාමයක් එහෙම නෙමෙයි දාලා තියෙන්නේ. ඖෂධයේ නම තමයි minoxidil 5% solution කියන්නේ. කැමති නං අරං ගාලා බලන්න. මම මේක දැම්මේ මගෙත් කොන්ඩේ ආපු නිසා. මොකද මම දන්නවා තරුණ වයසේදීම කොන්ඩේ ගිහින් තට්ටේ පෑදෙන්න පටන් ගත්තම කොල්ලෙකුට ඇතිවන මානසික තත්වය.
මෙන්න යූ ටියුබ් වීඩියෝ එකක් බෙහෙත ගාන විදිය ගැන. මේ විදියටම ඔලුවේ ගාන්න. ගාලා අතුල්ලා අතුල්ලා ඉන්න/ මසාජ් කරන්න යන්න එපා. වීඩියෝ එකේ තියෙනවා වගේ කරන්න.
දැන ගන්න දෙයක් තියෙනවා නං මෙතන අහන්න. මම මේ ගැන කිව්වේ කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියලා. මම කිසිම බෙහෙතක වෙළෙද නාමයක් එහෙම මෙතන ප්‍රමෝට් කරලා නෑ. ඖෂධයේ නම විතරයි දාලා තියෙන්නේ.