මම අටමස්ථානේ ගියා

gepa

Well-known member
  • මම අටමස්ථානේ ගියා

    පහුගිය දවසක මට අනුරාධපුරේ අටමස්තානේ යන්න අවස්ථවක් ලැබුනා. ඒ මිතුරෙකුගේ වැඩකට සහභාගි වෙන්න යන අතරේ.කොහොම උනත් මේ ගමන අටමස්ථානේ පහසුවට බලන්න විදියක් ගැන ආරංචියක් ලැබුනා.ඒ කොහොමද කිව්වොත් අනුරාධපුර නගරයට කොළඹ ඉඳන් එන කෝච්චියේ දුම්රිය පොලට ආවහම එතනින් පටන් ගන්න සුපෝගභෝගී බස් රථයක් අනුරාධපුර ඩිපෝවෙන් දාලා තියනවා අටමස්ථානේ යන්න.මේකේ වියදම රුපියල් සීයයි.පැය තුනක ගමනක්.හැම තැනම ගිහින් නරඹන්න විනාඩි 20ක් 25ක් හම්බවෙනවා.මේක නම් ඉතාම හොඳ වැඩක්.තාමත් වැඩි දෙනෙක් මේ සම්බන්දව දන්නේ නැති නිසා බස් එකට සෙනග නම් ටිකක් අඩුයි.සීට් ගානට සෙනග නෑ. ඒක මගේ ගමනට නම් ටිකක් පහසුවක් උනා.කොහොම උනත් කාට හරි කොලඹින් උදේ 6.05ට එන යාල්දේවියේ නැගලා අටමස්ථානේ බලලා හවස කෝච්චියෙන් කොලඹ එන්න පුලුවන් කිසි කරදරයක් නෑතුව..

    bus.jpg

    මේ තියෙන්නේ මම ඔය කිව්ව බස් එක..මේකේ ඩ්‍රයිවර් මහත්තයත් කොන්දොස්තර මහත්තයත් දන්න කියන දේවල් කියාදෙනව ගමන පුරාවට.

    bus1.jpg

    ගමන මුලින්ම ස්ටේශන් එකේ ඉදන්පටන් ගන්නේ ජය සිරි මහ බෝධිය ට ගිහින්. එතන වැඳ පුදා ගන්න විනාඩි 25ක් 30ක් හම්බවෙනවා.
    බුද්ධගයාවේ පිහිටි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව ලංකාවට වැඩම කරවන ලද්දේ ක්‍රි.පූ. 246 දී දේවානම් පියතිස්ස රජු සමයේ. වසර දෙදහස් තුන්සීයක පමණ යටගියාවක් ඇති මෙය ඉතිහාසයේ දැක්වෙන පැරණිතම සහ ඓතිහාසිකම වෘක්ෂය ලෙසයි සැලකෙන්නේ

    10390479_10204913047327913_419484882751746542_n.jpg


    12032206_10204913046367889_5129451023369184763_n.jpg



    ඊලඟට ඉසුරුමුනියටයි අපි ගියේ

    12004744_10204913045047856_3984793919930993735_n.jpg


    මේ තියෙන්නේ ඉසුරුමුනිය ඉස්සරිහින් පේන විදිය.

    11836792_10204913037287662_5209136789709427381_n.jpg


    ඉසුරුමුනිය ඇතුලත විහාර ගෙයි චිත්‍ර සහ බුදු රූපය මෙහෙම බලාගන්න පුලුවන්.

    12039454_10204913037327663_6688569564890973050_n.jpg


    11249707_10204913038287687_2649055826854679918_n.jpg


    ඉසුරුමුනියේ ගල උඩට නගින්නත් පුලුවන්.ඒ නගින්න තියෙන්නේත් ගලින් හදාපු පඩි පෙලක් භාවිතයෙන්

    12011302_10204913041887777_2381497447701146172_n.jpg


    උඩ තියන චෛත්‍ය රාජයා තමය් මේ.මේක යට ඉඳන් ගත්තු පිංතූරයක්.

    12003909_10204913038087682_8815451590790212120_n.jpg



    ඉසුරුමුනියේ තියන තවත් විශේශී දෙයක් තමයි ඉසුරුමුනියේ පෙම්යුවල.ඒක තියෙන්නේ මෙතන කෞතුකාගාරය ඇතුලේ..

    12038312_10204913041247761_2552011599901704411_n.jpg


    12032271_10204913043047806_6158268739718768534_n.jpg



    ඊලඟට මිරිසවැටියට ලඟා උනා. අපි 11ට වගේ තමයි ස්ටේශන් එකෙන් ගමන පටන් ගත්තේ.ඉතින් මේ හරියට එනකොට කට්ට අවුව.අනුරාධපුරේට මේ දවස් වලට හොඳටම පායන කාලේ.මේ වැලි මලු වල ඇවිදිනවට වඩා කලේ දුවන එක..මේ තියෙන්නේ මිරිසවැටියේ පිංතූර.

    12039276_10204913034847601_6782180327221799607_n.jpg


    මිරිසවැටිය සම්බන්ධ තවත් පුරාවෘත්තයට අනුව දුටුගැමුණු රජතුමා ආහාර ගැනීමට පෙර තමා ගන්නා ආහාරවල සියලුම දේවලින් මුල් කොටස සංඝයා වහන්සේට පූජා කරන සිරිතක් තිබුනලු. ඒත් දවසක මිරිස් ආහාරයක් පූජා කරන්නට අමතක වෙලා. මිරිසවැටිය ෙචෙත්‍යය හැදුවේ ඒකට වන්දියක් ලෙස කියලයි මම අහලා තියෙන්නේ


    අපි ඊලඟට ලඟා උනේ ථූපාරාමයට.මේක නම් අනික් චෛත්‍ය වලට වඩා ටිකක් ප්‍රමානෙන් පොඩියි.ධාන්‍යාකාර විදියට හැදුව මුල්ම චෛත්‍ය මේක.ඒ වගේම බුදුන්ගේ දකුනු අකු ධාතුව මෙහි තැන්පත් කියලයි කියන්නේ.මේක ලස්සන වෙන්න සහ ආරක්ශාවට වටදාගෙයකුත් හදලා තිබිලා තියෙනවා. ඒකෙත් නටඹුන් දැකගන්න පුලුවන්.ඔය වටේට තියන ගල් කනු ඒවා තමයි

    12004107_10204913035567619_8586122663702048435_n.jpg


    12038504_10204913033407565_2292687360206990296_n.jpg


    ඊලඟට අපි ගියේ ලංකාරාමේට.මේක ගැන නම් වැඩි විස්තරයක් දන්නේ නෑ.හැඩය නම් ටිකක් අනික් චෛත්‍ය වලට වඩා වෙනස්.

    11996909_10204913032127533_5530887015504600436_n.jpg



    යන එන හැම තැනම වඳුරෝ නම් ඉන්නවා.කැමක් එහෙම අතින් අරන් යනවා නම් පරිස්සමෙන්.උන් පැනලා කඩා ගන්නවා.මේ ඉන්නේ මෑන් ගේ වාහනේ වගේ උඩට නැගලා

    12036771_10204913033127558_2642724472775027155_n.jpg


    ඊලඟට සඳකඩ පහන බලාගන්න පුලුවන්.ඉස්සර කාලේ ගොඩ නැගිලිවල අවසාන පඩිය විදියට අඩ හඳක විදියට කල ගල් පුවරුවක් තමයි මේ. මේකේ කැටයම් අති විශිශ්ඨයි. ඒගැන ඔක්කොම දන්නවනේ..

    11959974_10204913033087557_3202133429804662401_n.jpg


    ඔය තියෙන්නේ සඳකඩ පහනට උඩින් තියන පඩි පෙලේ තියන බහිරව රූප

    12003220_10204913028367439_6366498881244744164_n.jpg


    12042666_10204913023167309_1978759113826010404_n.jpg


    සඳකඩ පහන තිබුනු හරියේ මේ වගේ ගොඩ නැගිලි වල නටඹුන් ඕනි තරම් බලාගන්න පුලුවන්.මේ සියල්ලම ගලින් කල නිර්මාන.මේ වා මේ විදියට නිර්මානය කල එක නම් හිතා ගන්නත් බෑ.

    12003392_10204913026807400_2084982017498788341_n.jpg


    11265395_10204913026007380_8483166241187607247_n.jpg


    මේ තියෙන්නේ තාමත් නොනැසී පවතින මුරගලක්.පූජනීය ස්ථානයකට, හරි රාජකීය ස්ථානයකට පිවිසෙන දොරටු අභියස පියගැටපෙළ පාමුල සඳකඩපහණ දෙපස පිහිටන තමයි ගොඩක් වෙලාවට මුරගල් නිර්මිත උනේ. මේවට ආරක්ෂක ගල්, දොරටුපාල ගල්කියලත් කියනවා..

    12003397_10204913024527343_2029888843248310787_n.jpg


    ඊලඟට අපේ ගමනේ හම්බවෙන්නේ අභයගිරිය.
    සොලී ආක්‍රමණිකයන්ට බයේ පලා ගිය වලගම්බා රජ්ජුරුවන් දැකලා ගිරි නිගන්ඨයා “මහ කළු සිංහලයා පලා යනවෝ...” කියලා කෑ ගහලා තියනවා. පණ බේරා ගැනීමට සැඟව සිටි රජුට ඒ කාලය තුළ උපකාර කළේ කුපික්කල විහාරයේ මහා තිස්ස තෙරුන් වහන්සේ. පසුව යළි රජකමට පත්වූ වළගම්බා රජු ගිරි නිගන්ඨාරාමයෙහි අභයගිරි ස්ථූපය තනවා මහා තිස්ස තෙරුන්ට පූජා කලා කියලා තමයි කියන්නේ.

    12042912_10204913020007230_3930905677874494162_n.jpg


    12036678_10204913019967229_6513990494721069375_n.jpg


    මේ අභයගිරියේ ප්‍රතිසංස්කරන කටයුතු පහුගිය කාලයේම තිබුනා.මමත් දෙපාරක් විතර මේක උඩට ගඩොල් අදින්න ශ්‍රමදාන වලට කැම්පස් එකෙං සහභාගි වෙලා තියනවා.
    දන්න විදියට මීට වඩා මේක ප්‍රතිසංස්කරනය කරන්නේ නෑ.අභයගිරියේ දොර‍ටුව අසල දෙවියන් වසාගෙන දෙවියන්ට භාර වෙලා තිබුනා.

    12042889_10204913021807275_3744578950671253341_n.jpg


    අපේ මීලඟ නැවතුම සමාධිය.සමාධි බුද්ධ ප්‍රතිමාව. බුදු රජාණන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටිමින් භාවනාවේ යෙදෙන හැටි තමයි පේන්න තියෙන්නේ. මෙම භාවනා කිරීමේ ඉරියව්වේදී එරමිණියා ගොතා ගෙන අත්ල උඩු අතට හරවා එකක් මත එකක් සිටින සේ උකුල මත දෑත් තබා බුදුන් වහන්සේ වැඩ හිඳින්නේ.මේ පිලිම වහන්සේ නිර්මානය වෙලා තියෙන්නේ ග්‍රැනයිට් නැත්නම් හුනු ගලින්
    12002881_10204913019527218_6844020748719349818_n.jpg


    සමාධියෙන් පස්සේ අපි ඊලඟට බලන්න ගියේ කුට්ටම් පොකුන.මේක නම් අනර්ග නිර්මානයක්.මේ සියල්ල ගලින් නිම වෙලා තියෙන්නේ.පොකුනු දෙකක් තියන නිසයි කුට්ටම් පොකුන කියන්නේ.

    12043198_10204913017287162_2954050243632447089_n.jpg


    මේ පොකුනු දෙකටම බහින්න පුලුවන් වෙන්න ලස්සන පඩි පේලි දෙකකුත් තියනවා දෙපැත්තෙන්.
    ඒ වගේම කනු වල මුදුනේ පුන් කලස් දෙක බැගින් පිහිටනවා.

    12043215_10204913014887102_4328491550359806300_n.jpg


    ඒවගෙත් නෙලුම් මල් කැටයම් කරලයි තියෙන්නේ. පොකුනේ ආරක්ශාවට නාග රූපත් කැටයම් කරල.

    12036974_10204913016967154_9197684314742417320_n.jpg


    ඒ අවට ගොඩක් කඩ තියනවා. ඒකකින් පොරි පැකට් එකක් අරන් කුට්ටම් පොකුනේ මාලුන්ට කන්න දැම්මොත් මාර මාලු සෙට් එකක් බලාගන්න පුලුවන්. ඒ වගේම මතක හිටින්න පොඩි දෙයක් ගන්නවා නම් මෙන්න
    12039450_10204913012687047_5708916292765837388_n.jpg


    ඊලඟට අපිට හම්බෙන චෛත්‍ය තමයි ජේතවානාරාමය.ලංකාවේ ලොකුම චෛතය තමයි මේක.බුදුරජාණන් වහන්සේගේ පටී ධාතුවෙන් කොටසක්, කේශ ධාතු සහ ශාරීරික ධාතුද මෙහි නිදන්ගත කරලති තියෙන්නේ.

    12020063_10204913012207035_9043581906338286530_n.jpg


    මේ බලපු හැමතැනකම අපිට විනාඩි විස්සක වගේ කාලයක් හම්බවෙනවා. ඒ කාලය ප්‍රමානවත්. වැඩිය දුවන්න ඕනිත් නෑ.මේ ගමනේ පොඩි අමාරුවකට තිබුනේ තද අව් රශ්මිය තමා.

    කොහොමින් හරි අපේ ගමනේ අවසානය රුවන්වැලි සෑය.මෙතනට එන බස් රථය රුවන්වැලි සැයට යන අයව බස් රථයෙන් බස්සලා නැවතත් දුම්රිය පලට පිටත් වෙනවා.මේ බස් එකේ රුවන් වැලි සෑය නොබලා ගියොත්හ් 2.30 ට යන කෝච්චියේ පිටත් වෙන්න පුලුවන්.එහෙම නැතුව රුවන්වැලිසැය වැඳලාම යනව නම් 4.30ට කන්කසන්තුරේ ඉඳන් එන කෝච්චිය තියනවා.ඒක පැය තුන හමාරෙන් කොලඹට ලඟා වෙනවා.කොහොමින් හරි මං මෙතනින් බසයට සමුදුන්නා

    buss.jpg



    මගේ මීලඟ ගමනාන්තය රුවන්වැලි සෑය.ඔක්කොම මේ ගැන දන්න හංඳ පින්තූර දාන්නම්.මේ අසලමයි ලෝවමහාපායත් තියෙන්නේ.

    10421295_10204913009766974_4854976629974464128_n.jpg


    12042773_10204913009566969_73499598438297531_n.jpg


    11692594_10204913009726973_3922512860810003041_n.jpg


    රුවන්වැලිසෑයත් බලලා මගේ ගමන අවසන් වෙනවා.4.30 වෙනකන් කාලයත් තියන එකේ මම නම් කලේ රුවන් වැලි සෑය ආසන්නේම තියන බසවක්කුලම වැවට පැනල ඇති වෙනකන් නාගත්තු එක.
    basawakkulama.jpg


    ඒකත් ගමනට හොඳ අත්දැකීමක්.කොහොම උනත් කස්ටිය ගොඩක් නාන තෑනකින් නාන්න.

    wewa.jpg


    ඔන්න ඔහොම මගේ අටමස්ථාන චාරිකාව ඉවර වෙනවා.මම ආපු බස් රථය දිනකට ගමන් වාර තුනක් යනවා අටමස්ථානෙන්.කාට හරි මම ආවා වගේ මේ ගමන එනවා නම් උදව්වක් වෙයි කියලා හිතලා වෙලාවල් ටිකත් දාන්නම්
    bustime.jpg


    කස්ටියම මගේ ගමන් විස්තරේ කියවලා යමක් ගත්ත නම් අඩුම් bump එකකින් වත් සලකන්ට.තවත් ගමනකින් එලකිරි ට්‍රැවල් එකේ හම්බෙමු..

    ප:ලි පිංතූර ගත්තේ නිකෝන් 5300න් ලෙන්ස් එක 18-105
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ටයි මචන්. ෆොටෝ ටිකත් පට්ට. බොහොම ස්තූතියි.:) ලඟකදි යන්න අදහසක් තියනව. හැබැයි දවස් තුනක් වත් නැවතිලා හොඳට ඇවිදල එන්න.:yes::yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලස්සන ත්‍රෙඩ් එකක් මචන්..:love:
    උඹට ගොඩාක් පිං... :)
    මොකද අපෙ අම්මත් ඔය ගමන ගැන විස්තර ටිකක හොයල බලන්න කිය කිය හිටියේ...:yes:
    උඹ ඔක්කොම හොඳට විස්තර කරල තියෙනවා...
    +Rep
     

    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    Machan!!! ONE OF THE BEST EVER THREADS I've seen!!!

    Your photographic skills are AMAZING!!!

    Could you please provide more details on your CAMERA machan?

    REP +50