CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 1]
මොනවද මේ CCTV කියන්නේ?
CCTV(Closed Circuit Television) කියන්නේ සිංහලෙන් කිව්වොත් වසන ලද රුපවාහිනි පරිපථය වගේ තේරුමක්. මේවා පාවිච්චි කරන්නේ ආරක්ශාවට නේ. ව්‍යාපාරික ස්ථානයක වගේ හොරකම් වෙනවද, කව්ද එන්නේ යන්නේ වගේ දේවල් බලාගන්න පුළුවන්. (ලඟදි CCTV වලින් අල්ලගත්ත හොරකම්/මිනීමැරුම් එහෙම දැක්කනේ)
CCTV System එහෙක මොකක් හරි Storage Device එකකක් තියෙනවා..සාමාන්‍යයෙන් හාඩ් ඩිස්ක් එකක් තමා තියෙන්නේ ...සමහර ලොකු ඒවගේ හාඩ් ඩිස්ක් දෙක තුනක් හෝ ගොඩක් තියෙන්නත් පුළුවන්.... එකේ ධාරිතාවය, Record වෙන Quality එක අනුව Video එක රැඳිලා පවතින දවස් ගාන තීරණය වෙනවා. මේ ගැන පසුව විස්තර කරන්නම්.
CCTV System වල මම දන්නා තරමින් වර්ග දෙකක් තියෙනවා....එකක් BNC Cable තියෙන DVR කියන වර්ගය (Digital Video Recorder) අනික අපි හැමෝම දන්නා RJ45 Connector තියෙන cat 5 cable එක තියෙන NVR කියන එක.... lan වලට ගන්නේ මේකනේ...
1. DVR
ඔන්න ඔහොමයි මෙයාගේ පස්ස පැත්ත
හැම DVR එහෙකම වගේ ඔය වගේම නැතත් එයා support කරන camera ගානට port තියෙනවා...හැම කැමරාවටම audio capture කරගන්න බෑ . video විතරයි සාමාන්යෙන් තියෙන්නේ ... audio record කරගන්න පුළුවන් DVR එහෙමත් තියෙනවා එතකොට කැමරාවකට connector 2 ගානේ (A /V) පොර්ට් තියෙන්න ඕන ... මේ වගේ system වල වාසි අවාසි තියෙනවා.මේවා සාපේක්ෂව මිල අඩුයි... recorder එකයි camera එකයි සැහෙන්න ගණන් අඩුයි. wire උනත් මිල අඩු අපි ඔක්කොම ගෙදර TV අන්ටෙනවට පාවිච්චි කරන wire එක තමා ගන්නේ (coaxial) දෙපැත්තට connector ගහගන්න අපිට උනත් පුළුවන් නේ...එක පාරක් කොහාට හරි ඇදල තිබ්බ කැමරාවක් වෙනස් කරන්න උනොත් තියෙන්නේ පොඩි connector එකක් පාවිච්චි කරලා joint කරන එකනේ... ලේසියි... එත් කැමරා 8 කට වඩා තියෙනකොට මේක ටිකක් අමාරු වෙන්න ගන්න පුළුවන්....මොකද අනිවා හැම wire එකක්ම DVR එකට එන්න ඕනනේ... හිතන්නකෝ කැමරා 20ක් තියෙන ලොකු building එකක් කොහොම wiring කරන්නද කියල (බැරි නෑ කරනවා...එත් සැහෙන්න හොඳින් wire manage කරන්න ඕන. වෙනම බට හරි මොනා හරි දාල wire වහන්න ඕනනේ...) ඔන්න ඔතනදි තමා NVR එක ලේසි වෙන්න ගන්නේ...
2. NVR
ඔන්න මෙයා...සරලයි සුන්දරයි...
මේකේ lan port 1k විතරය් තියෙන්නේ (වරදවා වටහාගන්න එපා...සමහර NVR වලට network switch එකක් එක්කම inbuilt එනවා . එතොට පොර්ට් 4-8ක් වගේ තියෙන්න පුළුවන්...සමහර විට ඊටත් වඩා.) මෙතැනදී වෙන්නේ සරල සිද්දියක්... ඔක්කොම NVR camera switch / router වලින් එකතු වෙලා තියෙන්නේ...NVR එකත් කෙලින්ම යන්නේ switch එකට නැත්නම් router එකට... wire යනවා අඩුයි...මේක ටිකක් සංකීර්ණ වෙනවා switch / router කිහිපයක් එකතු වෙලා කැමරා ගොඩක් එකතු වෙනකොට...මේකෙත් වාසි අවාසි තියෙනවා... ලොකුම වාසිය එක wire එකයි එන්නේ NVR එකට...wire ගොඩ ගොඩවල් නෑ ...ඒකම අවාසියක් වෙන්නත් පුළුවන් නේද? NVR සිට switch එකට තියෙන wire එකට මොකක් හරි උනොත් මෙලෝ දෙයක් record වෙන්නේ නෑ ඒ වගේම මේවා ටිකක් මිලෙන් අධිකයි....(මගේ love එක මේ වර්ගෙට. මොකද කියල ඔයාලටත් තේරෙයි, කියවගෙන යන්නකෝ)
DVR NVR දෙකෙන්ම ඉතාමත් හොඳ තත්වයේ සේවයක් ලැබෙනවා...යොදාගන්න තැන අනුව සහ තියෙන සම්පත් අනුව තමා යොදාගන්න තාක්ෂනය වෙනස් වෙන්නේ... හිතන්නකෝ ලොකු office එකක් තියෙනවා එකේ PC ඔක්කොම LAN කරලා තියෙන... ඉතින් එහෙම එහෙකට අඩු වියදමකින් NVR වලින් CCTV අදින්න පුළුවන් . මොකද හැමතැනම router , switch තියෙන නිසා.(එත් ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන් එකම network එහෙක නිසා)
මම මෙතනින් එහා කියල දෙන්නේ NVR system එකක් තෝරාගන්න හැටි සහ එක එකලස් කරගන්න විදිහයි... DVR system එකත් එමමයි, ඒත් වැඩි වැඩ තියෙන්නේ NVR එකේ හින්ද එකට වැඩි අවධානයක් දෙන්න හිතුව...අනික එක තමා දැන් යන trend එක.
මීට ඉහතදී CCTV පිලිබද කිරියේ ලිපියක් ගියා.ඒකේදි කතා උනේ DVR ගැන.මේකේදි කතා කරන්න හදන්නේ NVR ගැන.
මොනවද මේ CCTV කියන්නේ?
CCTV(Closed Circuit Television) කියන්නේ සිංහලෙන් කිව්වොත් වසන ලද රුපවාහිනි පරිපථය වගේ තේරුමක්. මේවා පාවිච්චි කරන්නේ ආරක්ශාවට නේ. ව්‍යාපාරික ස්ථානයක වගේ හොරකම් වෙනවද, කව්ද එන්නේ යන්නේ වගේ දේවල් බලාගන්න පුළුවන්. (ලඟදි CCTV වලින් අල්ලගත්ත හොරකම්/මිනීමැරුම් එහෙම දැක්කනේ)
CCTV System එහෙක මොකක් හරි Storage Device එකකක් තියෙනවා..සාමාන්‍යයෙන් හාඩ් ඩිස්ක් එකක් තමා තියෙන්නේ ...සමහර ලොකු ඒවගේ හාඩ් ඩිස්ක් දෙක තුනක් හෝ ගොඩක් තියෙන්නත් පුළුවන්.... එකේ ධාරිතාවය, Record වෙන Quality එක අනුව Video එක රැඳිලා පවතින දවස් ගාන තීරණය වෙනවා. මේ ගැන පසුව විස්තර කරන්නම්.
CCTV System වල මම දන්නා තරමින් වර්ග දෙකක් තියෙනවා....එකක් BNC Cable තියෙන DVR කියන වර්ගය (Digital Video Recorder) අනික අපි හැමෝම දන්නා RJ45 Connector තියෙන cat 5 cable එක තියෙන NVR කියන එක.... lan වලට ගන්නේ මේකනේ...
1. DVR
ඔන්න ඔහොමයි මෙයාගේ පස්ස පැත්ත

හැම DVR එහෙකම වගේ ඔය වගේම නැතත් එයා support කරන camera ගානට port තියෙනවා...හැම කැමරාවටම audio capture කරගන්න බෑ . video විතරයි සාමාන්යෙන් තියෙන්නේ ... audio record කරගන්න පුළුවන් DVR එහෙමත් තියෙනවා එතකොට කැමරාවකට connector 2 ගානේ (A /V) පොර්ට් තියෙන්න ඕන ... මේ වගේ system වල වාසි අවාසි තියෙනවා.මේවා සාපේක්ෂව මිල අඩුයි... recorder එකයි camera එකයි සැහෙන්න ගණන් අඩුයි. wire උනත් මිල අඩු අපි ඔක්කොම ගෙදර TV අන්ටෙනවට පාවිච්චි කරන wire එක තමා ගන්නේ (coaxial) දෙපැත්තට connector ගහගන්න අපිට උනත් පුළුවන් නේ...එක පාරක් කොහාට හරි ඇදල තිබ්බ කැමරාවක් වෙනස් කරන්න උනොත් තියෙන්නේ පොඩි connector එකක් පාවිච්චි කරලා joint කරන එකනේ... ලේසියි... එත් කැමරා 8 කට වඩා තියෙනකොට මේක ටිකක් අමාරු වෙන්න ගන්න පුළුවන්....මොකද අනිවා හැම wire එකක්ම DVR එකට එන්න ඕනනේ... හිතන්නකෝ කැමරා 20ක් තියෙන ලොකු building එකක් කොහොම wiring කරන්නද කියල (බැරි නෑ කරනවා...එත් සැහෙන්න හොඳින් wire manage කරන්න ඕන. වෙනම බට හරි මොනා හරි දාල wire වහන්න ඕනනේ...) ඔන්න ඔතනදි තමා NVR එක ලේසි වෙන්න ගන්නේ...
2. NVR
ඔන්න මෙයා...සරලයි සුන්දරයි...
මේකේ lan port 1k විතරය් තියෙන්නේ (වරදවා වටහාගන්න එපා...සමහර NVR වලට network switch එකක් එක්කම inbuilt එනවා . එතොට පොර්ට් 4-8ක් වගේ තියෙන්න පුළුවන්...සමහර විට ඊටත් වඩා.) මෙතැනදී වෙන්නේ සරල සිද්දියක්... ඔක්කොම NVR camera switch / router වලින් එකතු වෙලා තියෙන්නේ...NVR එකත් කෙලින්ම යන්නේ switch එකට නැත්නම් router එකට... wire යනවා අඩුයි...මේක ටිකක් සංකීර්ණ වෙනවා switch / router කිහිපයක් එකතු වෙලා කැමරා ගොඩක් එකතු වෙනකොට...මේකෙත් වාසි අවාසි තියෙනවා... ලොකුම වාසිය එක wire එකයි එන්නේ NVR එකට...wire ගොඩ ගොඩවල් නෑ ...ඒකම අවාසියක් වෙන්නත් පුළුවන් නේද? NVR සිට switch එකට තියෙන wire එකට මොකක් හරි උනොත් මෙලෝ දෙයක් record වෙන්නේ නෑ ඒ වගේම මේවා ටිකක් මිලෙන් අධිකයි....(මගේ love එක මේ වර්ගෙට. මොකද කියල ඔයාලටත් තේරෙයි, කියවගෙන යන්නකෝ)DVR NVR දෙකෙන්ම ඉතාමත් හොඳ තත්වයේ සේවයක් ලැබෙනවා...යොදාගන්න තැන අනුව සහ තියෙන සම්පත් අනුව තමා යොදාගන්න තාක්ෂනය වෙනස් වෙන්නේ... හිතන්නකෝ ලොකු office එකක් තියෙනවා එකේ PC ඔක්කොම LAN කරලා තියෙන... ඉතින් එහෙම එහෙකට අඩු වියදමකින් NVR වලින් CCTV අදින්න පුළුවන් . මොකද හැමතැනම router , switch තියෙන නිසා.(එත් ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන් එකම network එහෙක නිසා)
මම මෙතනින් එහා කියල දෙන්නේ NVR system එකක් තෝරාගන්න හැටි සහ එක එකලස් කරගන්න විදිහයි... DVR system එකත් එමමයි, ඒත් වැඩි වැඩ තියෙන්නේ NVR එකේ හින්ද එකට වැඩි අවධානයක් දෙන්න හිතුව...අනික එක තමා දැන් යන trend එක.
"මෙම ලිපිය කුප්පිය නම් වෙබ් අඩවිය සදහා ubiquitous නැමැති පුද්ගලා විසින් ලියා පල කරන ලද්දකි.මෙහි සම්පූර්ණ ස්තූතිය ඔහුට හිමි විය යුතු අතර මෙහි ඇති සියලුම දෑ ඔහුගේ දැනුමින් ලියා පල කරන ලද ඒවාය. මා හුදෙක් එය ඔබ සමග බෙදා ගත්තා පමණි.මෙහි තව ලිපි තුනක් ඇත.ඒවද ඉදිරියේ පල කරන්නම්"
නිකන් යන්නෙ නැතුව සලකලා ගියා නම් හොදා
නිකන් යන්නෙ නැතුව සලකලා ගියා නම් හොදා
Last edited:

එල එල...... DVR හැමෝම දන්න දේ නේ..... NVR තමා අළුත්ම දේ....