දරුවන්ගේ~ආරක්ෂාවට~දුරකතනයක් ලබන සතියේ එය
NETH
දරුවන්ගේ ආරක්ෂාවට දුරකතනයක් ලබන සතියේ එයි....
දෙමාපියන් අනුමැතිය දෙන දුරකථන අංක තුනකට පමණක් ඇමතුම් ලබාගත හැකි දුරකතනයක් ලබන සතියේදී දරුවන් වෙනුවෙන් හඳුන්වා දෙන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසනවා. මෙය ඩිජිටල් තාක්‍ෂණික උපාංගයකින්ද සමන්විතය.
ජංගම දුරකථනයක් වුවත් මෙහි තිරයක් නොමැති නිසා ක‍්‍රීඩා කිරීමට හෝ වෙනත් කටයුතු සඳහා යොදාගැනීමට නොහැකි බවද අමාත්‍යවරයා මෙහිද පැවසුවා. මින් 119 හදිසි ඇමතුම් අංකයටද ඇමතුම් ගත හැකිය.
දෙමාපියන්ගේ දුරකථනයට කෙටි පණිවුඩයක් ඔස්සේ දරුවා සිටින ස්ථානය දැනගන්නට හැකිවීමද මෙහි ඇති තවත් විශේෂත්වයක් බව ඇමතිවරයා සඳහන් කළා.
මෙම උපකරණය පාසලේදීත් ළඟ තබා ගැනීමේ අවස්ථාව දරුවන්ට ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ද ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ඩයලොග් හා මොබිටෙල් දුරකථන සමාගම්වල සහාය ඇතිව මෙම උපාංගය හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා පැවසුවා.