රුසියානු ගුවන් හමුදාව සිරියාවේ වැඩ අල්ලය
Russian Sukhoi Planes at Latakia Air base - Syria
බෂාර් අල් අසාඩ්ගේ ඉල්ලීමක් පරිදි රුසියාව සිරියාවේ ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව සටනට එළඹෙන බව ජනපති විලැඩ්මීර් පුටීන් විසින් කියා සිටියේ පසුගිය සැප්තැම්බර් මස අග භාගයේදීය.ඒ අනුව සිරියාවේ ISIS ත්‍රස්ත ඉලක්ක වෙත ගුවනින් පමණක් පහර දෙන්නට රුසියාව එරට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත්තාය.රුසියානු ගුවන් හමුදාව සිරියානු භුමියට එල්ල කල පළමු ප්‍රහාර මාලාවේ දර්ශන 2015 සැප්තැම්බර් මස 30 වෙනිදා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ විසින් අන්තර්ජාලයට මුදා හරින ලදි.
ඒ අතර ඔක්තෝම්බර් මස 1වෙනි බ්‍රහස්පතින්දා දින එල්ල කර ප්‍රහාරවලින් ISIS සංවිධානයේ අණදෙන මධ්‍යස්ථානයක් සහ ත්‍රස්ත පුහුණු කඳවුරක් විනාශ වූ බව රුසියාව කියා සිටියි.ප්‍රහාර සඳහා Sukhoi Su-25s, Su-34 යන ප්‍රහාරක යානා යොදාගෙන තිබේ.එදින රාත්‍රියේ රුසියානු ගුවන් හමුදා ඉලක්ක 7කට ප්‍රහාර 10ක් එල්ල කල බව ලුතිනන් ජෙනරල් ඉගොර් කොනෂෙන්කොව් විසින් සඳහන් කරයි.පසුගිය පැය විසිහතර තුල ප්‍රහාරක යානා Aleppo පළාතේ කඳවුරකට, Idlib පළාතේ සහ Hama පළාතේ අණදෙන මූලස්ථානවලට ප්‍රහාර එල්ල කර තිබේ.
නමුත් සිරියාවෙන් ලැබෙන සමහර මූලාශ්‍රවලට අනුව මෙම ප්‍රහාර එල්ල කර තිබෙන්නේ ත්‍රස්ත ඉලක්ක වෙත නොව සාමාන්‍යය ජනයා වෙසෙන ප්‍රදේශවලට බව කියවේ.
ඔක්තෝම්බර් මස පළවෙනිදා එල්ල කල ගුවන් ප්‍රහාරවල දර්ශන
සිරියාවට පැමිණි රුසියානු ගුවන් හමුදා මේවන විට ස්ථානගතව තිබෙන්නේ ලැටකියා නගරයේ ගුවන් හමුදා කඳවුරේය.කඳවුරත්, ISIS ත්‍රස්තවාදීන් දැන ස්ථානගත සිටින ප්‍රදේශයත් අතර දුර කිලෝමීටර් 40කි.එම නිසා කඳවුරට ඉහළ ආරක්ෂාව ලබාදී තිබේ.
සැප්තැම්බර් මාසයේදී ලබාගත් සිරියාවේ Latakiaහි ගුවන් කඳවුරු බිමේ චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් සහ එහි තිබෙන රුසියානු යුද ගුවන් යානා ඇතුලු තවත් යුධෝපකරණ
සිරියානු ගුවනේ රුසියානු ගුවන් යානා
සිරියාවට පැමිණි රුසියානු ගුවන් හමුදාව මේවන විට ප්‍රහාර සඳහා යොදාගන්නේ සුකෝයි(Sukhoi) වර්ගයේ ප්‍රහාරක යානාය.ඒවා නම් Su-34, Su-25, සහ Su-24Mය.
Sukhoi Su-34 යනු ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව රුසියානු මෙහෙයුමේදී යොදාගන්නා වඩාත් නවීනතම ප්‍රහාරක ගුවන් යානයයි.එහි දියුණු කිරීම ඇරඹෙන්නේ Su-24 යානයට ආදේශනයක් ලෙස 80 දශකයේ මැද භාගයේදීය.මෙම Su-34 යානා පළමුවරට ගුවන් හමුදාවට එක් කරගන්නේ 2006 වසරේ බවයි සඳහන්වන්නේ.මෙම Su-34 යානය අතිශය රළු කාලගුණික තත්ත්ව සහ සටන් තත්ත්ව යටතේ පාවිච්චි කලහැකි සේ නිපදවූ අතිධ්වනි යානයකි.නියමුවන් දෙදෙනෙකුට යා හැකි මෙය සමහර අවස්ථාවල "පියාඹන යුද ටැංකිය" නමින්ද හඳුන්වන්නේ එහි කාර්යක්ෂමතාවය,වෙඩි බලය සහ සතුරු ප්‍රහාරවලින් ගැළවී යෑමේ හැකියාව නිසාය.
Sukhoi Su-24M යනු උපායමාර්ගික බෝම්බ හෙළීමේ යානයකි.එනම් ඊට රේඩාර්වලට පහළින් කරමින් ඉලක්ක වෙත පහතින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තිබේ.කුඩා ගුවන් පථවල යොදාගත හැකි ඉක්මණින් ගුවන් ගත වීමේ හැකියාව සහිත යානා හමුදාවන්ට අවශ්‍ය වේ.මෙහි කලින් මූලාකෘතිය සතුව ටෝර්බෝ එන්ජින් 4ක් තිබූ අතර ගුවන් ගත කිරීමට ප්‍රධාන එන්ජින් 2 යොදාගන්නා ලදි.නමුත් එහි අකාර්යක්ෂමතාවය නිසා නිර්මාණකරුවන් ඊට විචලනය වන තටු ලබාදුන්හ.මෙය පළමුවරට සේවයට එක්වන්නේ 1970 දශකය මුලදීය.දශකයකට පසු වැඩි දියුණුකල යානය Su-24M හඳුන්වාදුන්නේ වෙනස් රේඩාර් සහ ඉලක්ක ගැනීමේ උපාංග ,නිරවද්‍ය අවිත් සමගයි.මෙම යානය රුසියාවේ උපාය මාර්ගික බෝම්බ හෙළීමේ කොදුනාරටිය ලෙසයි සලකන්නේ.ඔවුන් මෙම යානය තවතවත් දියුණු කරමින් තිබේ.
Sukhoi Su-25 යනු 1980 දශකයේ මුල් සමයේ හඳුන්වාදුන් තවත් රුසියානු ප්‍රහාරක යානයකි.මෙය නිර්මාණය කර තිබෙන්නේ ගොඩබිම් හමුදාවන්ට සෘජුවම ගුවන් ප්‍රහාරක බලය ලබාදීමටයි.එය අත්හදා බැලීමේ අවසන් සමයේ යොදාගත්තේ ඇෆ්ගන් ආක්‍රමණය වෙනුවෙනි.
Sukhoiහි තවත් සංස්කරණයක් වන්නේ රුසියානු නාවික හමුදාව වෙනුවෙන් නිර්මාණය කල Su-25UT යානයයි.එසේම යුද ටැංකි වැනසීමට විශේෂයෙන් නිර්මාණය කල සුකොයි යානයක් වන්නේ Su-25Tය.දැනට තිබෙන Su-25 යානා 200 පමණ දියුණු කරන ලද Su-25SM සංස්කරණයට උසස් කරමින් තිබෙන බව වාර්තා වෙයි.
Source:rt.com
-HarshaLulzSec-

City of Latakia and Current Situation of Syria

Sukhoi Su-34 (Fullback)
Sukhoi Su-34 යනු ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව රුසියානු මෙහෙයුමේදී යොදාගන්නා වඩාත් නවීනතම ප්‍රහාරක ගුවන් යානයයි.එහි දියුණු කිරීම ඇරඹෙන්නේ Su-24 යානයට ආදේශනයක් ලෙස 80 දශකයේ මැද භාගයේදීය.මෙම Su-34 යානා පළමුවරට ගුවන් හමුදාවට එක් කරගන්නේ 2006 වසරේ බවයි සඳහන්වන්නේ.මෙම Su-34 යානය අතිශය රළු කාලගුණික තත්ත්ව සහ සටන් තත්ත්ව යටතේ පාවිච්චි කලහැකි සේ නිපදවූ අතිධ්වනි යානයකි.නියමුවන් දෙදෙනෙකුට යා හැකි මෙය සමහර අවස්ථාවල "පියාඹන යුද ටැංකිය" නමින්ද හඳුන්වන්නේ එහි කාර්යක්ෂමතාවය,වෙඩි බලය සහ සතුරු ප්‍රහාරවලින් ගැළවී යෑමේ හැකියාව නිසාය.
Sukhoi Su-24M (Fencer)
Sukhoi Su-24M යනු උපායමාර්ගික බෝම්බ හෙළීමේ යානයකි.එනම් ඊට රේඩාර්වලට පහළින් කරමින් ඉලක්ක වෙත පහතින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තිබේ.කුඩා ගුවන් පථවල යොදාගත හැකි ඉක්මණින් ගුවන් ගත වීමේ හැකියාව සහිත යානා හමුදාවන්ට අවශ්‍ය වේ.මෙහි කලින් මූලාකෘතිය සතුව ටෝර්බෝ එන්ජින් 4ක් තිබූ අතර ගුවන් ගත කිරීමට ප්‍රධාන එන්ජින් 2 යොදාගන්නා ලදි.නමුත් එහි අකාර්යක්ෂමතාවය නිසා නිර්මාණකරුවන් ඊට විචලනය වන තටු ලබාදුන්හ.මෙය පළමුවරට සේවයට එක්වන්නේ 1970 දශකය මුලදීය.දශකයකට පසු වැඩි දියුණුකල යානය Su-24M හඳුන්වාදුන්නේ වෙනස් රේඩාර් සහ ඉලක්ක ගැනීමේ උපාංග ,නිරවද්‍ය අවිත් සමගයි.මෙම යානය රුසියාවේ උපාය මාර්ගික බෝම්බ හෙළීමේ කොදුනාරටිය ලෙසයි සලකන්නේ.ඔවුන් මෙම යානය තවතවත් දියුණු කරමින් තිබේ.
Sukhoi Su-25 (Frogfoot)

Last edited: