හිතවත් ජී ටී මාමා වෙත....
හිතවත් ජී ටී මාමා වෙත....
ජී ටී මාමේ.... අද මුළු දවසම අපිට කරන්ට් එක තිබුනේ නැත
...හේතුව පාරේ කරන්ට් ලයින් රෙපෙයාරයක් ය...
ඊයේ සහ පෙරේදා දෙකේම කිරියේ ලොගින්වීගෙන කල් ගෙවූ බැවින් අද දින කිරියට ලොග් නොවී සිටීම යනු දිය යට ඔළුව ඔබාගෙන හිටියා හා සමාන බව මට දවස පුරා පසක් වීය
.....ජී ටී මාමාට ඒවා නොතේරෙනවා විය හැක
එහෙයින් පී එම් වත් ඇවිත්දෝ පමණක් වත් බලා එමියි සිතා කිලෝමීටර වලින්ම 12ක් පමන බඩගා මිතුරකුගේ ගෙදරකට වැදී ඔහුට දහ අතේ වැඳ කොම්පීටරය අත්පත් කරගෙන පී එම් පමණක් වත් බලමියි සිතා කිරියට ලොගින් වීමී....
කරුමයකි....
පී එම් බොක්ස් එක ෆුල් හිස් ය
...
එකම එක පී එමයක් පමණක් යාන්තමට දැකගැනීමට හැකිවීම නිසා මා කිලෝමීටර 12ක් බඩගා කිරිගතවීම අපතේ ගියේ නැත.......
ඒ කතා වලින් වැඩක් නැත.....විදුලි බලයද නොමැතිව කිරියට ලොගින්වනු නොහැකිව සිටි මා හට අවුව සැර වැඩිකමටදෝ මෙහෙවු අදහසක් පහලවීය.....
මුහුණුපොතේ සකර්බර්ග් මාමා අපිට ඇති ආදරය නිසාවෙන්ම සකස්කොට දී ඇති ෆේස්බුක් ඇප් එක වැනි යමක්, අන්තර්ජාලයේ හෙළ සළකුණ වැනි එලකිරියටද සකසා දිය හැකිනම් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ඔස්සේ අපේ එළකිරියන්ටද
කරන්ට් ඇතත් නැතත්,
ගෙදර හිටියත්, පිට ගියත්,
ඕනෑම ගුබ්බෑයමක සිට කිරිගත වී,
පෝස්ට් දැමිය හැක, පාරේ යන ගමන් උව ත්‍රෙඩ් එකක් දැමිය හැක......
ඒ පින් බලයෙන් ජී ටී මාමාටද තවුතිසාවේ හෝ ඇනෙක්ස් කෑල්ලක් ලැබෙනු නියතය
විදුලි බලය නොමැතිව අන්තර්ජාලයට හෝ කිරියට ලොගින් වීමට නොහැකිවීම නිසා අද දවසම ෆුල් මස්තබාල්දු මෝඩ් එකෙන් සිටියදී හිස මත වැටුණු මේ සිතුවිල්ල කිරිය මත පතිතකලේ වැඩි දුර නොසිතා බැවින්, මේ යෝජනාව හෙන අමන ටයිප් එකක් කියා සිතෙන්නේනම්
හෝ මේ වන විටත් එවන් ඇප් එකක් තනා එළකිරි මෙන් වැඩකරනවා
නම් මා කිරි වාසීන් ඉදිරියේ නෝන්ඩි වීමට කලින් ජී ටී මාමාම මෙය ඩිලීට් කරනු මැනවි....
මීට රයිඩර්89
හිතවත් ජී ටී මාමා වෙත....
ජී ටී මාමේ.... අද මුළු දවසම අපිට කරන්ට් එක තිබුනේ නැත
...හේතුව පාරේ කරන්ට් ලයින් රෙපෙයාරයක් ය...ඊයේ සහ පෙරේදා දෙකේම කිරියේ ලොගින්වීගෙන කල් ගෙවූ බැවින් අද දින කිරියට ලොග් නොවී සිටීම යනු දිය යට ඔළුව ඔබාගෙන හිටියා හා සමාන බව මට දවස පුරා පසක් වීය
.....ජී ටී මාමාට ඒවා නොතේරෙනවා විය හැක
එහෙයින් පී එම් වත් ඇවිත්දෝ පමණක් වත් බලා එමියි සිතා කිලෝමීටර වලින්ම 12ක් පමන බඩගා මිතුරකුගේ ගෙදරකට වැදී ඔහුට දහ අතේ වැඳ කොම්පීටරය අත්පත් කරගෙන පී එම් පමණක් වත් බලමියි සිතා කිරියට ලොගින් වීමී....
කරුමයකි....

පී එම් බොක්ස් එක ෆුල් හිස් ය
... එකම එක පී එමයක් පමණක් යාන්තමට දැකගැනීමට හැකිවීම නිසා මා කිලෝමීටර 12ක් බඩගා කිරිගතවීම අපතේ ගියේ නැත.......

ඒ කතා වලින් වැඩක් නැත.....විදුලි බලයද නොමැතිව කිරියට ලොගින්වනු නොහැකිව සිටි මා හට අවුව සැර වැඩිකමටදෝ මෙහෙවු අදහසක් පහලවීය.....
මුහුණුපොතේ සකර්බර්ග් මාමා අපිට ඇති ආදරය නිසාවෙන්ම සකස්කොට දී ඇති ෆේස්බුක් ඇප් එක වැනි යමක්, අන්තර්ජාලයේ හෙළ සළකුණ වැනි එලකිරියටද සකසා දිය හැකිනම් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ඔස්සේ අපේ එළකිරියන්ටද
කරන්ට් ඇතත් නැතත්,
ගෙදර හිටියත්, පිට ගියත්,
ඕනෑම ගුබ්බෑයමක සිට කිරිගත වී,
පෝස්ට් දැමිය හැක, පාරේ යන ගමන් උව ත්‍රෙඩ් එකක් දැමිය හැක......

ඒ පින් බලයෙන් ජී ටී මාමාටද තවුතිසාවේ හෝ ඇනෙක්ස් කෑල්ලක් ලැබෙනු නියතය

විදුලි බලය නොමැතිව අන්තර්ජාලයට හෝ කිරියට ලොගින් වීමට නොහැකිවීම නිසා අද දවසම ෆුල් මස්තබාල්දු මෝඩ් එකෙන් සිටියදී හිස මත වැටුණු මේ සිතුවිල්ල කිරිය මත පතිතකලේ වැඩි දුර නොසිතා බැවින්, මේ යෝජනාව හෙන අමන ටයිප් එකක් කියා සිතෙන්නේනම්
හෝ මේ වන විටත් එවන් ඇප් එකක් තනා එළකිරි මෙන් වැඩකරනවා
නම් මා කිරි වාසීන් ඉදිරියේ නෝන්ඩි වීමට කලින් ජී ටී මාමාම මෙය ඩිලීට් කරනු මැනවි....මීට රයිඩර්89