- වාහන මිල ඉහලට!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    රේගු බදු වටිනාකම් අයකිරීම සම්බන්ධව ගැසට් අංක 1933/16 යටතේ මෙරටට ගෙන්වන ටොයොටා ඇතුළු අනිකුත් වර්ගවල ජපන් රථ සඳහා අළුතින් රේගු වටිනාකම් රජය විසින් ඉදිරිපත් කර තිබේ.

    මේ අනුව, Toyota Aqua මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක්ෂ හැත්තෑ දහසකින් (770,000) කින් වැඩිකර තිබෙන අතර Toyota Axio මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක්ෂ තුන් දහසකින් (703,000) වැඩිකර ඇත.

    මීට අමතරව, Toyota Hiace Petrol රථයක රේගු බදු රුපියල් දහතුන් ලක්ෂ හැටපන් දහසකින්ද (13,65,000), Toyota Hiace Diesel රථයක රේගු බදු රුපියල් දාහත් ලක්ෂයකින්ද (17,00,000) වැඩිකර තිබේ.

    එසේම, Toyota Premio/Allion මෝටර් රථවල රේගු බදු රුපියල් හය ලක්ෂ හැත්තෑ පන්දහසකින් (6,75,000) වැඩිකර තිබෙන අතර Toyota Prius මෝටර් රථවල රේගු බදු රුපියල් එකොලොස් ලක්ෂ විසි දහසකින් (11,20,000) වැඩිකර තිබේ.

    මේ අතර, Toyota Harrier රථයක රේගු බදු රුපියල් එකොලොස් ලක්ෂ පනස් දහසකින් (11,50,000) වැඩිකර තිබෙන අතර Mitsubishi outlander රථයක රේගු බදු රුපියල් අට ලක්ෂ පනස් දෙදහසකින් (8,52,000) වැඩිකර ඇත.

    මෙම වාහනවල රේගු බදු වැඩිවන ආකාරය සවිස්තරාත්මකව පහත දැක්වේ

    K30r4FT.jpg


    මේ පිළිබඳව අදහස් දක්වමින් මෝටර් රථ ආනයනය කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග පැවසුවේ මෙම රේගු බදු වැඩි කිරීමට සාපේක්ෂව මෙම මෝටර් රථවල මිල ඉහළ යනු ඇති බවයි.

    එසේම, මෙම රේගු බදු වැඩිකිරීම හේතුවෙන් ඉන්දියානු මෝටර් රථවල මිලද ඉහළ නගිනු ඇතැයි හෙතෙම අප සමග සඳහන් කළේය.

     
    • Like
    Reactions: Sachira123

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,786
    21,042
    113
    yahapalanaya ban dan
    budget ekenuth wadi wenawalu
    lankwe ewunta wahana nikan dan pt( platinum ) wage ban
    wena rata minihek mulinma ganne wahanayak muulma purchase eka widiyata canda ausi usa wage ratwal wala
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හකුලෝලම පලයන්
    දැන් ඉතින් වාහන අරගෙන හමාරයි


    ඔව් සහෝ ඉස්සරහට ගොඩක් අමාරු වෙයි.. බජට් එක වෙනකන් ඉන්න කියල පට්ට බොරුවක් කරන්නේ.. මේ වැඩි වෙච්ච ගනන් කීයටවත් අඩු වෙන්නේ නැහැ කියල තමයි කියන්නේ..:yes:
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    562
    193
    43
    41
    Kalutara
    දැන් ඔය වැඩි කරපු එකෙන් 20% ක් විතර බජට් එකෙන් අඩු කරයි.මොලයක්ලුනේ.
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    හකුලෝලම පලයන්
    දැන් ඉතින් වාහන අරගෙන හමාරයි
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    මේකේ තියෙන්නෙ ටොයොට වාහන වලටනෙ හොන්ඩා සුසුකි වගේ ඒවයි තත්වෙ කොහොමද?