සොවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය - 2

thilinatta

Active member
  • Apr 5, 2009
    360
    92
    43
    සොවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය - 2

    බුදුන් දවස සෝවාන් චරිත

    රත්මලාන ධර්ම පර්යේෂණාලයේ
    හෑගොඩ විපස්‌සී හිමි

    බූදුරජාණන් වහන්සේගේ කාලයේදී ආර්ය මාර්ගයේ ප්‍රථම පියවර වූ සෝවාන් මාර්ගයට පිවිසි උතුමෝ අසීමිතයි. දෙව් මිනිසුන් සහිත චතුස්‌තලයක්‌ තුළ මෙම උතුමෝ වැඩ සිටි බව ත්‍රිපිටකයේ සූත්‍රවල සඳහන් වෙනවා.
    සෝවාන් වූ උතුමන් හඳුන්වන ක්‍රම කීපයක්‌ම විවිධ සූත්‍රවල සඳහන් වෙනවා. නමුත් අපි මෙහිදී අවධානය යොමුකරන්නේ. ඉන් ක්‍රමවේද දෙකක්‌ ගැන පමණයි.
    මහා වග්ග පාලියේ මෙම උතුම් මාර්ගඵල ලාභී තත්ත්වය ගැන මෙසේ සඳහන් වෙනවා.
    විරජං, වීතමලං ධම්මචක්‌ඛුං උදපාදී...
    රගාදිය නැතිවීම, කෙළෙස්‌ පහවීම සහ දහම් ඇස පහළවීම යන කාරණා යම් කෙනෙක්‌ සාක්‌ෂාත් කරගන්නේද හෙතෙම උතුම් සෝවාන් මාර්ගඵල ලාභී තත්ත්වයට පත්වූ බවයි මෙහි සරල තේරුම.
    මෙම වචනවල සියුම් වෙනස්‌කම් තියෙනවා. මෙහිදී වීතමල පහවීම කෙළෙස්‌ පහවීම ලෙස දැක්‌වූවද සෝවාන් වූ උතුමෙකු සියලු කෙළෙස්‌ ප්‍රහීන කළ බවක්‌ මින් අදහස්‌ කරන්නේ නැහැ. ඒවා විවරණය කර ගැනීමට වෙනත් සූත්‍රත් සමඟ මෙම තත්ත්වය සැසඳිය යුතුයි.
    සෝවාන් මාර්ගලාභී තත්ත්වයට පත්වූ ප්‍රථම උතුමන් වන්නේ අඤ්ඤා කොණ්‌ඩඤ්ඤ හාමුදුරුවෝයි. මහවග්ග පාලියෙහි සඳහන් අයුරින් එම තත්ත්වය පැහැදිලි කර ඇත්තේ විරජං, වීතමලං, ධම්මචක්‌ඛුං... යනාදී වශයෙන්.
    බිම්බිසාර රජතුමා ප්‍රමුඛ දොළොස්‌ නහුතයක්‌ සෝවාන් මාර්ගලාභී තත්ත්වයට පත්වූ බව මහාවග්ග පාලියේ (බිම්බිසාර සමාගම කථා) දක්‌වා තිබෙනවා.
    ඒවමේව ඒකාදසනහුතානං මාගධිකානං බ්‍රාහ්මණගහපතිකානං බිම්බිසාරපමුඛනං නස්‌මිං යේව ආසනේ විරජං වීතමලං ධම්මචක්‌ඛුං උදපාදී
    බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරද්දී බිම්බිසාර රජතුමා ප්‍රමුඛ කොට ඇති මගධ වැසි, බ්‍රාහ්මණ, ගෘහපති දොළොස්‌ නහුතයක්‌ එම ආසනයේම සෝවාන්ඵල මාර්ග ලාභීන් වූ බවයි මෙහි තේරුම.
    සෝවාන් මාර්ග ලාභී තත්ත්වයට පත්වීම ගැන තව තවත් සූත්‍ර කීපයක මෙසේ සඳහන් වෙනවා.
    දිට්‌ඨධම්මෝ පත්තධම්මෝ විදිතධම්මෝ පරියෝගාළ්හධම්මෝ තිණ්‌ණවිචිකිච්ඡෝ විගතකථං කථෝ වේසාරඡ්ජප්පත්තෝ අපරපච්චයෝ
    දක්‌නාලද දහම් ඇත්තේය... දැකීමේ දහම් ඇත්තේය... අවබෝධ කළ දහම් ඇත්තේය... විශේෂයෙන් දැනගත් දහම් ඇත්තේය... දුරුකළ සැක ඇත්තේය.... පහවූ සැක ඇත්තේය... විශාරද බවට පත්වුණේය... බුද්ධ ධර්මය හැර වෙනත් කිසිදු ආගමක්‌ විශ්වාස නොකරන්නේය... යන්නයි මෙහි තේරුම.
    එනම් සෝවාන් මාර්ගඵල ලාභී උත්තමයකුගේ ස්‌වභාවය මෙලෙස හඳුනා ගත හැකි බවයි මින් අදහස්‌ කරන්නේ.
    දැන් මෙතනදී කෙනෙකුට ප්‍රශ්නාර්ථයක්‌ පැනනගින්න පුළුවන්. එනම් මෙවැනි තත්ත්වයකට පත්වූ උතුමෙකු සියලු කෙළෙස්‌ ප්‍රහීන කළාද? සියලු සැක දුරුකළාද? යනාදී වශයෙන්. නමුත් මින් අදහස්‌ කරන්නේ නැහැ සෝවාන් වූ උතුමකු සියලු කෙළෙස්‌ ප්‍රහීන කළ බවක්‌. සෝවාන් වූ පුද්ගලයකුගේ ස්‌වභාවය හඳුනා ගැනීමටයි බුද්ධ දේශනාවේ මෙලෙස සඳහන් කර තිබෙන්නේ.
    දැන් අපි බලමු බුදුන් දවසේ සෝවාන් වූ චරිතපල ස්‌වභාවය කෙබඳු ද කියා. මෙහිදී අපට චරිත රාශියක්‌ හමුවෙන මුත් අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ඉන් කීප දෙනකුගේ චරිත පමණයි.
    මින් ප්‍රකට චරිතයක්‌ තමයි කුක්‌කුට මිත්ත කතාව. ධම්ම පදයේ මළ වර්ගයේ මේ බව සඳහන් වෙනවා.

    එම කතා පුවත සැකෙවින් මෙසේයි.
    රජගහනුවර සිටු පවුලක දුවණියක්‌ රුවින් බැබළුනා. තුරුණු වියෙහි ඇය කම් සැපයෙහි ඇලුනා. කුක්‌කුටමිත්ත නම් වැද්දෙක්‌ සමඟ පෙම් බැන්දා. ටික දිනකින් මේ සිටු දියණිය ඒ වැද්දා සමඟ පැන ගියා. ටික දිනක්‌ ගතවූ විට සිය පවුලට නිගා කළ ඈ මැරුණ සේ සිතා දෙමාපියන් හිත හදාගත්තා. මේ විදියට මේ කුක්‌කුටමිත්‍රට පෙම් බැන්දේ මීට ආත්ම තුනකට පමණ පෙර ඔහු ඇගේ සැමියා වී සිටිය නිසා. කුක්‌කුටමිත්‍රයාගේ රැකියාව වුණේ සතුන් දඩයම් කොට විකිණීමයි. කොහොම වුණත් මේ පාපී රැකියාවෙන් සැමියා මුදා ගන්නට ඇයට බැරි වුණා.
    කොහොම වුණත් මේ යුවළට පුතුන් හත්දෙනෙක්‌ හිටියා. ඔවුන් නිසි වයසට පැමිණි කල විවාහ වුණා. ඔවුන්ගේ රැකියාවත් පියාගේ රැකියාවමයි. එක්‌තරා දිනක බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් මේ කාන්තාවගේaත්, පුතුන් සත්දෙනාගේත්, බිරින්දැවරුන්ගේත් සෝවාන් වීමේ වාසනා ගුණය දුටු සේක. එනිසා වැද්දා දඩයම් කිරීමට මළපුඩු අටවා ඇති තැනට බුදුරජාණන් වහන්සේ වැඩිසේක. කුක්‌කුටමිත්‍රයා ඇටවූ මළපුඩුවලට අසුවූ සතුන් අල්ලා ගැනීමට ගියා. එහෙත් එදින කිසිදු සතෙකු මළපුඩුවලට අසුවී හිටියේ නෑ. එහි තිබූ පා සටහන් දැක ඒ අනුව විපරම් කරද්දී රුකක්‌ මුල වැඩ සිටි බුදුරජාණන් වහන්සේ දැක්‌කා. මළපුඩුවලට හසුවී සිටි සත්තු මුදාහරින්නට ඇත්තේ මේ තැනැත්තායි සිතා දුන්නෙන් විද්දා. බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් ඔහුට ඊතල විදින්න බැරි වුණා. ඔහු දුන්න දික්‌කරගත් සේම හිටියා.
    පියාගේ ප්‍රමාදය දුටු පුත්තු සත්දෙනා පියා සොයා පැමිණි විට එම දර්ශනය දුටුවා. ඔවුන්ද බුදුරජාණන් වහන්සේට ඊතලවලින් විදින්න පටන් ගත්තා. ඔවුන්ටද පියාට වූ දේම සිදු වුණා. තම සැමියන්ගේ ප්‍රමාදය දුටු බිරින්දැ සත්දෙනාම ඔවුන් සොයා වනයට පැමිණියා. මේ අවස්‌ථාවේ ඒ සැම දෙනාට බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කළ සේක. ඒ පසළොස්‌ දෙනාම සෝවාන් වුණා.
    එහෙත් ඒ අවස්‌ථාවේ වැදි සිටු බිරිඳ සෝවාන් වුණේ නෑ. භික්‌ෂුන් වහන්සේ මේ පිළිබඳ සාකච්ඡා කළා. එහි දී බුදුරජාණන් වහන්සේ වදාළේ කුක්‌කුටමිත්‍රගේ බිරිඳ වූ සිටු දියණිය කුඩා කාලයේදීම සෝවාන් වූ බවයි. සැමියා දඩයමට යද්දී කලමනා සම්පාදනය සෝවාන් තැනැත්තියක්‌ සිදු කරාවිදැයි භික්‌ෂූන් වහන්සේ අතර සාකච්ඡාවක්‌ ඇති වුණා. බුදුරජාණන් වහන්සේ වදාළේ බිරිඳ සැමියාගේ අණට කීකරු වූ බවත්, ඈ සිත තුළ පව් සිතුවිල්ලක්‌ නැති බවයි.

    පාණිම්හි චෙ වණෝ නාස්‌ස
    හරෙය පාණිනා විසං
    නාබ්බණං විසමන්වේති
    නන්ථි පාපං අකුබ්බතො
    අල්ලෙහි තුවාලයක්‌ නැත්නම් අලලෙන් විෂක්‌ ගත්තාට එය ශරීරගත වෙන්නේ නෑ. ඒ වගේ පව් නොකරන්නාට පවක්‌ නැතැයි බුදුරජාණන් වහන්සේ මෙහිදී පෙන්වා දුන්හ.
    මෙම කුක්‌කුටමිත්‍ර කතා පුවත අනුව බුදුදහම කෙතරම් ප්‍රායෝගික දහමක්‌දැයි මැනවින් පැහැදිලි වෙනවා. අන්තවාදී නිඝන්ඨ ආගම්වාදීන්ගේ මිත්‍යා දහම්වලට නොරැවටී බුදුදහම නිවැරදිව අවබෝධ කර ගැනීමෙන් සෝවාන් මාර්ගඵල ලාභියකු වීමට පුළුවන්.
    සෝවාන් වී විවාහ දිවිය ගත කළ තවත් ප්‍රකට චතරිතයක්‌ ලෙස විශාඛා මහා උපාසිකාව හඳුන්වා දෙන්න පුළුවන්.
    ඇය ශාසනික වශයෙන් බොහෝ සේවාවන් කළ තැනැත්තියක්‌.
    විශාඛා උපාසිකාවගේ පියාණන් වූයේ ධනංජය සිටුතුමායි. ධනංජය සිටුතුමාගේ දියණිය වූ විශාඛාව විවාහ කර දෙනු ලැබුයේ මිගාර සිටුවරයාගේ පුත්‍රයා වන පූර්ණ වර්ධන කුමාරයාටයි. කේශා, මාංස, අස්‌ථි, ඡවි සහ වයෝ යන පංච කලපාත්‍රයෙන් යුත් විශාඛාව සැබැවින්ම රූමත් කාන්aතාවකි.
    විශාකාව චරිත කතාවේ සඳහන් ආකාරයට ඇය සෝවන් වී ඇත්තේ අවුරුදු හතේදීයි. ඇය විවාහ වුණේ අවුරුදු දහසයේදීයි. විශාඛා උපාසිකාවටත් පූර්වර්ධන සැමියාටත් දරුවන් 20 දෙනකු සිටියා. දියණිවරුන් 10 දෙනකුත් පුතුන් 10 දෙනකුත් ඔවුනට සිටියා.
    විශාඛාව පළඳපු පළඳනාවක්‌ තිබුණා. එය හැඳින්වූයේ මේඛලාව කියලයි. එහි වටිනාකම කෝටි අටක්‌. දිනක්‌ ඡේතවනාරාමයේදී ඇයට මෙම පළඳනාව අමතකවී ගියා. පසුව ඇය ඇවිත් එය ලබාගත්තා. නමුත් එය ඇය නිවසට ගෙනගියේ නැහැ. විශාඛාව එම අටකෝටියක්‌ වටිනා මේඛලාව විකුණා මිගාර මාතු ප්‍රාසාදය කියන විහාරස්‌ථානය ගොඩනැගුවා.
    විශාඛාව සමඟ කාන්තාවන් රාශියක්‌ සිටියා. මෙම තරුණියන් සල්ලාල විදිහටයි ජීවත්වුණේ. දිනක්‌ විශාඛාව මෙම කාන්තාවන්ට කියනවා බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට ඡේතවනාරාමයට යමුයි කියා.
    මෙම කාන්තාවන් කෙතරම් සල්ලාලද කියනවා නම් බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට යන ඔවුන්ගේ ඇඳුම් අස්‌සේ මත්පැන් සඟවාගෙන ගියා. එම මත්පැන් ඔවුන් සොරාගෙන තිබුණේ පෙරදින තම සැමියන් පැවැත්වූ මත්පැන් සාදයකින්.
    දැන් විශාඛාව ඡේතවනාරාමයට ගොස්‌ මල් පූජා කරනවා. ඒ ඇසිල්ලෙන් මෙම කාන්තාවන් තමන් ඇඳුම් අස්‌සේ සඟවාගෙන සිටි මත්පැන් පානය කළා. අවසානායේදී මත් වූ ඔවුන් මහා හයියෙන් සිනාසෙන්නටත් කෑගසන්නටත් පටන් ගත්තා.
    එවිට බුදුරජාණන් වහන්සේ මෙම කාන්තාවන්ට මේ ගිනිගත් ලෝකය තුළ මොන සිනහවක්‌ද (කෝනුහාසෝ කිමානන්දෝ නිච්චං පඡ්ජ ලිතේසතී) යනුවෙන් ධර්මදේශනා කළහ. පසුව ඔවුන් යහමගට හැරුණා.
    මේ ආදී වශයෙන් කාන්තාවන්ට නායකත්වය දෙමින්, ගිහි ජීවිතයත් හොඳින් ගතකරමින්, ශාසනයටත් අපමණ සේවාවක්‌ කරමින් ජීවත්වූ විශාඛා උපාසිකාව ශ්‍රේෂ්ඨ චරිතයක්‌ ලෙස සැලකෙනවා.
    විශාඛා චරිතයෙන් මෙහිදී අපට තේරුම් ගත හැක්‌කේ කුමක්‌ද? විශාඛා උපාසිකාවගේ චරිතය ගෘහ බන්ධනයෙන් යුක්‌තයි. ඇය සෝවාන්ඵල ලබා සිsටියද විවාහ ජීවිතය ගතකළේ පෘථග්ජන පුද්ගලයකු සමගයි. නමුත් මේ දෙදෙනාගේ ජීවිත සමාන වන්නේ නැහැ.
    විශාඛා උපාසිකාව විවාහ ජීවිතය ගත කළත් සෝවාන් වී සිටි නිසා ඇය තුළ සක්‌කාය දිට්‌ඨි, විචිකිච්ඡාව, සහ සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන සහමුලින්ම නැතිකර වූ තැනැත්තියකි. මේ තත්ත්වයට පත්වූ උතුමකුගේ ස්‌වභාවය වන්නේ බරපතල අකුසල් නොකිරීමයි. එවැනි උතුමකු තමන්ගෙන් සිදුවන සුළු සුළු වැරැදි සඟවන්නෙත් නැහැ. යම් දෙයක ඇලීමක්‌ නැහැ. නමුත් සාමාන්‍ය විදිහට ජීවිතය ගත කරනවා. ඒ වගේම මෙම උතුමන් අපායගාමීව උත්පත්තිය ලබන්නෙත් නැහැ.
    (දස සංයෝජනයේ එන සක්‌කාය දිට්‌ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන පිළිබඳව ඉදිරි ලිපියෙන් බලාපොරොත්තු වන්න.)
    අංගුත්තර නිකායේ අට්‌ඨක නිපාතයේ සීහසේනාපති සූත්‍රයෙහි සඳහන් සීහසේනාපතිගේ කතාවත් සෝවාන් වූ චරිතවල ස්‌වභාවය අපට හඳුනා ගැනීමට හොඳ කතා පුවතක්‌.
    බුදුන් දවස විශාලා මහනුවර සත්තාගාර ශාලාවේදී ලිච්ඡවී දරුවන් එක්‌රැස්‌ වෙනවා. එසේ එක්‌රැස්‌වී ඔවුන් කතා බහා කරනවා. ඔවුන් මොනවද කතා කරන්නේ. ඔවුන් කතාකරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැනයි. සංඝරත්නයේ ගුණ ගැනයි. මේ කතා කරන දේවල් සීහ සේනාපති පැත්තකට වී අසාගෙන සිටිනවා.
    සීහසේනාපති කියන්නේ නිගන්ඨනාථ පුත්‍රයාගේ ප්‍රධාන දායකයන්ගෙන් එක්‌කෙනෙක්‌a. ලිච්ඡවී රජ දරුවන්ගේ කතා අසා සිටින සීහසේනාපතිට මෙසේ සිතෙනවා.
    අපේ නිගණ්‌ඨනාථ පුත්‍ර බුදුවෙලා නැහැ. සැබෑ ශාස්‌aතෘවරයා බුදුරජාණන් වහන්සේ තමයි. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට යන්න ඕනෑ... කියා ඔහුට සිතක්‌ පහළ වෙනවා.
    සිංහ සේනාපතියාට එසේ සිතක්‌ පහළ වුවත් ඔහු නිගන්ඨනාථ පුත්‍රයාගේ ප්‍රධානම දායකයෙක්‌ නිසා නිගන්ඨනාථ පුත්‍රයාගෙන් අවසර නැතිව බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට යැමට ඉඩක්‌ නැහැ.
    ඒ නිසා සීහසේනාපති නිගන්ඨනාථ පුත්‍රයා ළඟට ගොස්‌ තමා බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට අවසර පතනවා
    එවිට නිගන්ඨනාථපුත්ත මොකක්‌ද කියන්නේ?
    ඒ ශ්‍රමණභවත් ගෞතමයන් වහන්සේ අකිsරියවාදියෙක්‌...... ඒනිසා ඔහුව බැහැ දැකීමෙන් පළක්‌ නැහැ. ඒනිසා යන්න එපාෘ.
    දැන් දෙවැනි දවසේත් සීහසේනාපති අර ලිච්ඡවී දරුවන්ගේ කතා අහන්න ගියා. බුදුරජාණන් වහන්සේගේ ගුණ වැයෙන එම කතා අසන විට සිංහ සේනාපතියාට යළිත් බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට යන්න හිතෙනවා. එහේ සිංහ සේනාපතියා නිගන්ඨනාථ පුත්‍රයාට බැඳීමක්‌ ඇති නිසා ඔහුගේ අවසරය නැතිව ඒ ගමන යා නොහැකියි. දෙවැනි දවසේත් බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට නිගන්ඨනාථ පුත්‍රයාගෙන් අවසර පැතුවත් ඊට ඉඩක්‌ ලැබෙන්නේ නැහැ. මේ ආකාරයෙන් නිගන්ඨනාථ පුත්‍රයා තෙවරක්‌ම සීහසේනාපති බුදුරජාණන්a වහන්සේ බැහැදැකීම වළක්‌වනවා.
    සිව්වැනි වතාවේදී සීහසේනාපති දැඩි සිතක්‌ ඇති කරගන්නවා.... අද කොහොම හරි බුදුරජාණන් වහන්සේව බැහැ දකිනවා. ඔහු ඒ තීරණය අනුව බුදුරජාණන් වහන්සේ බැහැ දකිනවා.
    බුදුරජාණන් වහන්සේ බැහැ දුටු සීහසේනාපති මෙසේ ප්‍රකාශ කරනවා.
    බුදුරජාණන් වහන්ස, මම නොවෙයි බොහෝ දෙනා කියනවා ඔබ වහන්සේ අකිරියවාදියෙක්‌ කියලා.
    ..... එය ඇත්තක්‌ද?
    එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.

    ඔව්. සීහසේනාපතිය. මම අකිරියවාදියෙක්‌a තමයි. මොකද මම පව් කරන්න එපා කියලා දේශනා කරනවා. ඒ වගේම මම උච්ඡේදවාදියෙක්‌.

    මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනා විට උන්වහන්සේ ගැන පැහැදෙන සීහසේනාපති කියනවා .... බුදුරජාණන් වහන්ස මම බුදු දහම වැළඳ ගන්න කැමැතියි කියලා.

    එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ප්‍රකට ප්‍රසිද්ධ කෙනෙක්‌ ....... ඒ නිසා බුදු දහම වැළඳගැනීම ගැන දෙවරක්‌ හිතන්න කියා.

    එම කතාව ඇසූ සීහසේනාපති කියනවා..... බුදුරජාණන් වහන්සේ එම කතාව ඇසූ විට මම ඔබ කෙරේ තවත් පැහැදුණා. අපේ ශාස්‌තෘවරුන් කියන්නේ යම් කෙනෙක්‌ විමසීමක්‌ කළොත් ඔවුන්ගේ දහම වැළඳගන්න කියලයි. නමුත් ඔබ වහන්සේ කියනවා එය දෙපාරක්‌ හිතන්න කියා....... ඒ නිසා අවසානයේදී සීහසේනාපති තමන්ට බණ කියන ලෙස බුදුරජාණන් වහන්aසේට ආරාධනා කරනවා.

    ඒ අනුව බුදුරජාණන් වහන්සේ සීහසේනාපතිට අනුපුබ්බී කතා දේශනා කරනවා.

    "අනුවිච්චකාරං ඛෝ සීහ කරොහි, අනුවිච්චකාරො

    තුම්හාදිසානං ඤතමනුස්‌සානං සාධු හෝති."

    අනුපුබ්බී කතා යනු අනුපූර්ව අනුපිළිවෙළ කතා යන්නයි. ඒ අනුව දාන කතා, ශීල කතා, නෙක්‌ඛම්ම කතා, කාමයන්ගේ ආදීනව ආදී කතා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

    මෙම දේශනා අවසානයේදී ධර්මය අවබෝධ කරගෙන සීහසේනාපති උතුම් සෝවාන්ඵලලාභී උත්තමයකු බවට පත් වෙනවා.

    අනතුරුව සිංහසේනාපතියා බුදුරජාණන් වහන්සේට තමන්ගේ නිවසට මහා සංඝරත්නය සමඟ දනට වඩින ලෙස ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දව (තුෂ්ණිම්භූතව) එම ආරාධනාව පිළිගත්තා. තුෂ්ණිම්භූතව එලෙස ආරාධනා පිළිගැනීම භික්‍ෂු අනන්‍යතාවයක්‌ ලෙසයි සැලකෙන්නේ. එලෙස කෙරෙන ආරාධනාවක්‌ පිළිනොගන්නේ නම් ඒ බව දන්නවා.

    සීහසේනාපති කියන්නේ ධනකුවේරයෙක්‌. ඔහුට සේවකයන් විශාල ප්‍රමාණයක්‌ සිටියා. ඔහු එක්‌ සේවකයකු ට කතා කොට හෙට දවසේ තමන්ගේ නිවසට බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය දනට වඩින නිසා දානය සඳහා වෙළෙඳපොළෙන් මිලට ගත් මස්‌ (පවත්ත මාංශ) ගෙනෙන ලෙස දන්වා සිටියා.

    මෙම කතාව නිගණ්‌ඨනාථ පුත්‍රයාට ආරංචි වෙනවා. ඔහුට අහිමි වුණේ ඔහුගේ හොඳම ගෝලයෙක්‌. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පිළියෙළ කරන දානයට මස්‌ ගෙන ඒම නිගන්ඨනාථ පුත්‍රයාට හොඳ සටන් පාඨයක්‌ වුණා. ඒ නිසා නිගන්ඨනාථ පුත්‍රයාගේ පිරිස්‌ මංසන්ධියක්‌ මංසන්ධියක්‌ ගානේ උද්ඝෝෂණය කළා. ගෞතම බුදුරජාණන් වහන්සේ වඩින දානයට විශාල සතුන් ප්‍රමාණයක්‌ මරා මස්‌ ගෙන එන බවට විවිධ ආරංචි ප්‍රචාරය කළා. මේ බව සීහසේනාපති ආරංචි වෙනවා. නමුත් ඔහු කල්පනා කරනවා.

    මම සතුන් මැරුවේ නැහැ. මම කිව්වේ වෙළෙඳපොළේ පවතින මස්‌ ගෙන එන්න පමණයි මම කළේ වෙළෙඳපොලේ තියෙන දෙයක්‌ මිලදී ගැනීම පමණයි.

    ඔහු නිශ්ශබ්දව දානයට අවශ්‍ය කටයුතු සිදු කළා.

    සීහසේනාපති කියන්නේ සෝවාන්ඵලලාභී උත්තමයෙක්‌. ඔහුගේ චරිතය දෙස බැලූ විටත් සෝවාන්ඵලලාභී පුද්ගලයකුගේ හැසිරීම කෙබඳු එකක්‌ද කියලා තේරුම් ගැනීමට පුළුවන්.

    මෙම ආදර්ශ කතා දිහා බලා වර්තමානයේත් ඇතැමෙකුට මම සෝවාන් වූ පුද්ගලයකු කියා කියන්න පුළුවන්. හැබැයි අපි ඉහතින් සඳහන් කළ සියලු ආදර්ශ කතා බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සිදුවූ දේවල්. මෙම කතාවලට සම්බන්ධ සියලු අය මුහුකුරා ගිය බුද්ධියෙන් යුතු චරිතයි. මේ අය සංසාරිකව කෙළෙස්‌ ප්‍රහීන කොට අවසාන ආත්මභාවයේ (පශ්චිමභවික සත්වයෙක්‌) උපත ලැබුවත්. මේ අයගේ උප්පත්තිය සිදුවන්නේ තිහේතුක ප්‍රතිසන්ධියකිනි.

    අංගුලිමාල චරිතය ගත්විට මේ බව ටිකක්‌ සරලව තේරුම් ගැනීමට පුළුවන්.

    අංගුලිමාල 999 ක්‌ මිනිසුන් මරා දහස්‌ වැනියා (තම මව) ඝාතනය කිරීමට එද්දී තමයි ඉන් වළක්‌වා, ධර්මය අවබෝධ කරදීමට බුදුරජාණන් වහන්සේ වැඩියේ. කෙනකුට හිතන්න පුළුවන් මෙතරම් මිනීමරපු කෙනෙක්‌ රහත් වුණේ කොහොමද කියලා. ගුරුවරයාගේ වැරැදි ඉගැන්වීමක්‌ මත අංගුලිමාල මිනිසුන් මැරුවත් ඔහුට හේතු සම්පත්තියක්‌ තිබුණා ඒ ආත්මභාවයේදී නිවන් දකින්න. ඔහුගේ හේතු සම්පත්තීන් මුහුකුරා යන අවස්‌ථාවේදී තමයි බුදුරජාණන් වහන්සේ වැඩියේ. නමුත් අද ඇතැමෙක්‌ සෝවාන් වූ බව ප්‍රකාශ කළත් එම අයගේ මුහුකුරා ගිය හේතු සම්පත්තීන් නැති බව ඔවුන්ගේ හැසිරීමෙන්, ක්‍රියාවෙන්ම පෙනෙනවා.


    මතුසම්බන්ධයි

    උපුටා ගැනීම
    දිවයින සමාධි අතිරේකය
     
    Last edited:

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,284
    714
    113
    dan maithree budu hamudurwo kawada withara eida? 2XXX keeyeda? :D

    අල්ලා සියල්ල දන්නවා කිව්වට කල්පය කියන එක නොදන්නා කමින් පෙන්නේ උබේ බුරනෙන් අල්ලා විසින් ඔලු කුරුවල් කර ඇති බවයි. ඔව් ඉතින් අල්ලා ලෝකේ මවලා අවුරුදු කිහිපයක් වන උබලට මොන කල්පද.