කෝටි_14000ක්_රට.බැංකුවක ....
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්?
කෝටි 14000 ක් රට බැංකුවක දාලා?
2015 ඔක්තෝබර් මස 11 15:31:09 | . , සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක,පරිවර්තනය කෝවිද ගුණසේකර
බටහිර ආසියාතික රටකදී අද (11) සුවිශේෂී නඩු විභාගයක් පැවැත්වීමට නියමිතව තිබිණ.මෙම නඩු විභාගයෙන් හෙළිවන්නට නියමිත තොරතුරු ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයක් ඇතිකරනු බව නම් නිසැකය.
නඩු විභාගය පැවැත්වෙන්නේ එරට බැංකුවක තැන්පත් කර ඇති ඩොලර් කෝටි 50 කට (රුපියල් කෝටි 7000 කට) ආසන්න මුදල් ප්‍රමාණයක් හා ඈදී ඇති සිද්ධීන් සම්බන්ධයෙන්ය.මෙම ගිණුමේ හිමිකරු ලෙස සදහන්වන්නේ මෙරට හිටපු අති සුවිශේෂී පුද්ගලයෙකුගේ තරුණ පුත්‍රයාය.මොහු අද දිනයේ දේශපාලඥයෙක් ලෙස කටයුතුද කරන්නෙකි.දැනට අනාවරණයව තිබෙන ආකාරයට මෙම ගිණුමේ ඩොලර් කෝටි 100 ක් පමණ (රුපියල් කෝටි 14000 ක්) තිබී ඇති අතර ඉන් හරි අඩක් පමණ නැගෙනහිරදිග යුරෝපා රටකට යැවීමට මෙම අති සුවිශේෂී පුද්ගලයා කටයුතු කර තිබේ.මේ සඳහා ඔහුට උපකාරීවී ඇති බවට වාර්තා වන්නේ ඔහුගේ ළඟම ඥාතියෙකි.
‘මේ වැඩේ හරිගියේ නැතිනම් අපට ගන්න තවත් ක්‍රියාමාර්ග තියෙනවා‘ යැයි නිලලත් ආරංචි මාර්ගයක් සන්ඩේ ටයිම්ස් හා අදහස් දැක්වීය.නඩු විභාගය පැවැත්වෙන රට පාරිබෝගිකයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන දැඩි මූල්‍ය නීති සම්බන්ධයෙන් ප්‍රකට රටකි.නමුත් පැහැදිලි සාක්ෂි,විශේෂයෙන් බැංකුවක තැන්පත් කර ඇත්තේ අයථා ක්‍රම වලින් උපයා ඇති මුදල් බවට පැහැදිලි වන සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකිනම්,වහාම ක්‍රියාත්මක වීමටද ඔවුන් සූදානම්ය.ශ්‍රීලංකාව වෙනුවෙන් මෙකී සාක්ෂි ඉදිරිපත් කිරීමට නීතිඥවරු පිරිසක් සූදානමින් සිටින්නෝය.
මෙම නඩුව පළමුවරට කැඳැවුනේ පසුගිය බ්‍රහස්පතින්දාය.ප්‍රධාන විනිසුරුතැන එහිදී රටේ නීතිපතිවරයාද කැඳවා තොරතුරු විමසීය.අවසන නැවත වරක් නඩුව කැඳවීමට ඔහු නියෝග කළේ ඊයේ දිනටය.ඉස්ලාමික රටක් වන එරට මෙම නඩුව දිගින් දිගටම විභාගයට ගැනුනහොත් එය වංචාවට හා දූෂණයට එරෙහිව වත්මන් රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙලේ මහත් ජයග්‍රහණයක් වනු ඇත.ඊට අමරතව පසුගිය රජයේ සුළුතරයක් රටේ ධනය ඔවුන්ට වුවමනා පරිදි භාවිතයට ගෙන ඇති බව පැහැදිලිව පෙන්වා දීමටද රජයට හැකිවනු ඇත.නඩුවේ ශ්‍රීලංකා පාර්ශවය නියෝජනය කරනි නීතිඥ පිරිසට අවශ්‍ය සියලු තොරතුරු ලබාදී තිබෙන බවද සඳහන්ය.ගිණුම අක්‍රිය කිරීමට දැනට ඉදිරිපත් කර තිබෙන සාක්ෂි ප්‍රමාණවත් බව රජයේ විශ්වාසයයි.රජයේ නිලධරයෝ සිටින්නේ ගිණුමෙන් සිදුව ඇති තවත් මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමේ අපේක්ෂාවෙන්ය.
‘අපි මේ දක්වා කරලා තියෙන දේවල් වලින් අනාවරණය කරගන්න පුලුවන් වෙලා තියෙන්නේ බොහොම පොඩි දේවල් ටිකක්.හිතාගන්නවත් බැරි තරමක් දේවල් තියෙන්නේ හැංගිලා.පසුගිය රජයේ නමින් පෙනී ඉදිමින් නිරපරාදෙයේ මහජන මුදල් නාස්ති කරපු පුද්ගලයින් ගැන තොරතුරු අපි අතේ තියෙනවා.පරීක්ෂණ කටයුතු සිදුවෙනවා කියනවා ඇරෙන්න වැඩි දෙයක් කියන්න දැන් හැකියාවක් නැහැ‘ මෙම නඩු විභාගය ගැන තොරතුරු දන්නා එක්තරා ආරංචි මාර්ගයක් සන්ඩේ ටයිම්ස් හා පැවසීය.
Source: http://www.lankadeepa.lk/index.php/articles/353738