නමක් නැති කතාවක්..1

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නමක් නැති කතාවක්..1

    නමක් නැති කතාවක්..1

    bhumika_latest_stills_002.jpg




    ඉස්කෝල වේලාවෙන් පස්සේ තියෙන පාපන්දු පුහුණුවීම් ඉවරවෙලා හවස් අතේ රස්තියාදුවකුත් ගහල සුභාෂ් සහ මහේෂ් ගෙදර ආවේ හැමදාම එකම පාරේ. කොයි පාරෙන් ආවත් ඖෂධීගෙ ගෙවල් ගාවින් තමයි අන්තිමේ ගෙදර යන්න පාර තෝරාගත්තේ. කවදාවත් ගෙදර ගේට්ටුව ගාව දකින්න වෙන්නේ නැති ඖෂධී එදා ගේට්ටුව ගාව උන්න සුදු පාට සහ රතු පාට ලොකු ඉරි හරහට වැටුන ගවුම ඇඳගෙන. බයිසිකලේ පැදගෙන එන සුභාෂ් දැක්ක ගමන් ඖෂධී එකපාරටම ගේ දිහාට යන්න හැරුන. ඖෂධී දකින්න ආසාවෙන් ආපු සුභාෂ්ගේ හිත හොඳටෝම නරක් උනා. ගේ පැත්තට හැරිලා යන්න යන ඖෂදී දිහා බලාගෙන බයිසිකලේ නවත්තපු සුභාෂ් "ඖෂධී "කියල කතා කරා. ඖෂධී සුභාෂ් දිහා නොබලාම ගේ දිහාට නොපෙනී යන්න ගියා..

    ඒ එක්කම සුභාෂ් නින්දෙන් ඇහැරුනා..

    එක හීනයක්..

    පොරොවනය ඇතුලේ සීතලේ ගුලිවෙලා උන්නු සුභාෂ් මේසෙ උඩ තිබ්බ ඔරලෝසුව දිහා බැලුව..

    ඩිජිටල් ඔරලෝසුව කිසිම හැල හොල්මනක් නැතුව අලුයම 3.55 සටහන් කරා..

    ජීවිතේ පලවෙනි වතාවට හීනෙන් දැක්ක ඖෂධී මතක් වෙලා සුභාෂ්ගේ හිත ටිකෙන් ටික අතීතෙට එබිකම් කරන්න ගත්තා.. අතීත මතකයන් එක්ක පෙරලි කරන හිත රවට්ටගෙන සුභාෂ් ආයෙත් නිදන්න උත්සහ ගත්තට හිතේ කොනක හොල්මන් කරන ඖෂධීගේ මතක සුභාෂ්ට නිදාගන්න දුන්නෙම නැහැ. ජීවිතේ පලවෙනි වතාවට හීනෙන් දැකපු ඖෂදීගේ රුව සහ බොහොම අඩුවෙන් අහන්න ලැබුණු ඒ හඬ සුභාෂ්ගේ හිත පුරාම දෝංකාර දෙන්න උනා. ජනේලයේ ආවරණය අතරින් කාමරය ඇතුලට එන දුර්වල ආලෝකයෙන් සුභාෂ් දැක්කේ මේසය උඩ තියෙන භාගයක් ඉවරවෙච්ච විස්කි බෝතලය. ව්‍යාකූල මානසිකත්වයෙන් ඇඳෙන් බැස්ස සුභාෂ් කලුවරේම විස්කි බෝතලය විවුර්තකොට බෝතලය කටේ තබාගෙනම විස්කි උගුරක් ගිලදැම්මා . ඇටකටු හිරිවට්ටන තරම් සීතල පරිසරයක ඇඟට දැනෙන කටුක සීතලත් එක්ක අමුවෙන්ම ගිලදමපු මද්‍යසාර ගලනාලය උණුසුම් කරමින් උදර වෙත ගමන් ගනිද්දී සුභාෂ් නැවතත් පොරෝනය ඇතුලේ ගුලි උනා. ඖෂදීටවත් කවදාවත්ම කියාගන්න බැරි උන ඒ ආදර කතාවේ මතක රූප සුභාෂ්ගේ නින්ද ඈතින් ඈතට අරන් ගියා.. තත්පර මිනිත්තු බවත පත්වෙලා මිනිත්තු පැය වලට පත් වෙද්දී සුභාෂ් පොරෝනේ ඇතුලේ ගුලි වෙලා හිත පුරා දුවමින් නින්නද නැති කරපු ඖෂදී සම්භන්ධ මතක ස්මරණය කරන්නට උනා. දරු දෙන්නෙක් ඉන්න අම්මෙක් ගැන හිත හිතා නිදි මරන උඹ දැන් එක් දරු පියෙක් කියන හැගීම ආත්මය පුරාම රැව් දුන්නත් ඒ මතකයන් අමතක කරලා නැවත නින්දට වැටෙන්න සුභාෂ්ගේ හිත සුභාෂ්ට ඉඩ දුන්නේ නැහැ. පාන්දර රැකියාවට යන්න තිබෙන බව දැන දැනත් සුභාෂ්ගේ හිත නින්දට වඩා කැමැත්තක් දැක්වුවේ සොඳුරු වූ මතක ආවර්ජනයන් එක්ක වසර විසි හතරක් අතීතයට ඉබේම පාවෙලා යන්න . නින්ද නැවතත් තමා වෙත නොඑන බව දැනුන සුභාෂ් පොරොවනයත් අරගෙනම ඇඳෙන් බැහැල ගිහින් මේසය උඩ තිබුන වීදුරුව විස්කි වලින් පුරවා අඳුරේම මේසය අතගා සොයාගත් සිගරට් පැකට්ටුවෙන් සිගරට්ටුවක් දල්වාගෙන කාමරයේ කොනක තිබු හාන්සි පුටුවේ දිගෑදී වමතින් නළල අතගාමින් ඖෂධී සම්භන්ධ මතකයන් ස්මරණය කරන්නට උනා..

    **************

    දකුණු පළාතේ ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක ඉගෙනගත්තු සුභාෂ් ඒ වෙද්දී උන්නේ ඉස්කෝලේ දහය වසරේ. යෞව්වනයට පොදු වූ තාරුණ්‍ය එක්ක හෙමි හෙමිහිට පිබිදෙන ආදර හැඟුමන් ඒ වෙනකම් සුභාෂ් අත්විඳලා තිබුනේ නැහැ. කොටින්ම එතුවක් කාලයක් ජීවිතේ හමු උන කිසිම ස්ත්‍රී ප්‍රාණයක් ළඟ සුභාෂ්ගේ දඩබ්බර හිත නැවතිලා තිබුනේ නැහැ. යාළුවන් එක්ක දඩබ්බර කමක් කරලා විනෝද වෙන්න , කොහේ හරි රස්තියාදුවක ගිහින් කයියක් දාන්න වගේ ආසාවල් තිබ්බට කවදාවත් ගෑනු ළමයෙකුට ආදරේ කරන්න ඕන කියන හැගීමක් සුභාෂ්ගේ හිතේ කොනකවත් තිබුනේ නැහැ. ඒ රස්තියාදුකාර දඩබ්බර හිත කවදාහරි ජීවිතේටම අමතක නොවෙන අස්දෙකක් ළඟ නතරවෙයි කියල සුභාෂ් හීනෙන්වත් හිතුවේ නැහැ වගේම සුභාෂ්ට එහෙම වෙන්න ඕන උනෙත් නැහැ. සමවයස් මිතුරන් සමහරක් බොහොම හොර රහසින් ප්‍රේම සම්භන්ධතා පවත්වාගෙන ගියත් , ප්‍රේමය නම් කුමක්දැයි සුභාෂ්ට වැටහීමක් තිබුනේම නැහැ. ඒ සියල්ල සුභාෂ් දැක්කේ යොවුන් වයසට පොදු දඟකාරකම් විදිහටම විතරයි. ඊට අමතරව ගැහැණු ළමයෙක් හැරිලා බලන්න තරම් නළු පෙනුමක් සුභාෂ්ට තිබුනේ නැති නිසා සුභාෂ් බැරි වැඩ කරන්න පෙළඹුනෙත් නැහැ.

    එදත් වෙනද වගේම විවේක කාලයේදී ආපන ශාලාවෙන් මාළු බනිසක් සමග ප්ලේන්ටියක් බඩට දමාගත් සුභාෂ් හැල්මේ ඉගිලුනේ පන්ති සගයන් හොයාගෙන. විවේක කාලයේදී තම තමුන් කැමති ගැහැණු දරුවන් ඉගෙනගන්නා පන්ති අවට ගැවසීම මිත්‍ර සමාගමේ සිරිතක් නිසා සුභාෂ් ඉවෙන් වගේ පන්ති සගයින් ගැවසෙන ඉසව් වෙත ඇවිද්දත් කිසිදු මිත්‍රයෙකු සුපුරුදු ස්ථානවල දකින්න නොලැබුණා . කව්රුන් හෝ සගයකු සොයමින් පාසැල පුරා ඉබාගාතේ ඇවිදින සුභාෂ්ට එක්වරම හමු උනේ කාවින්ද. කව්රුන් හෝ පන්ති සගයකු සොයමින් ඉබාගාතේ ඇවිද්ද කාවින්දත් ඇදගෙන අනික් උන් සොයන අරමුණින් සුභාෂ් නැවතත් ආපන ශාලාව පැත්තට ගමන් කරන්නට උනා .

    මොකක්දෝ ඕපාදූපයක් දොඩවමින් ආපන ශාලාව වෙත ගමන් කිරීමට ඇති දහය වසර කොරිඩෝවට ගොඩවී කාවින්ද සමග ඉදිරියට ගමන් කරන සුභාෂ්ට එක්වරම දක්නට ලැබුනේ ඔවුන් දෙදෙනා දිහාවට ඇවිදන් එන ගැහැණු ළමුන් දෙදෙනෙක්. මින් පෙර කිසිදා දැක නැති ඒ මුහුණු දෙක දිහා අහම්බෙන් බලපු සුභාෂ් දුටු දෙයින් සුභාෂ්ගේ හදවත මදකට නතර උනා. මෙතෙක් වේලා දොඩමින් පැමිණි ඕපදූපය එක්වරම නතර උනා. අහඹු සිදුවීමක් වුවත් ගැහැණු ළමුන් දෙදෙනාගෙන් එක් අයකුගේ මුහුණේ සුභාෂ් දැක්කේ සංසාරගත හුරුපුරුදු බවක්. ඒ හුරුපුරුදු මුහුණට සහ දෙනෙතට හිමිකම් කී ඇය සුභාෂ්ගේ ඇස්දෙක දිහාවම ඇසිපිය නොහෙලා බලාගෙන ඔවුන් දිහාට ඇවිදගෙන එන්නට උනා. පන්ති කාමර දෙකක් ඈතින් තමුන් දිහාට ඇවිදන් එන ඒ දැකුම්කළු යුවතියගේ දිහාවෙන් මදකටවත් ඇස්දෙක මුදවාගන්න සුභාෂ්ගේ හිත කැමති උනේ නැහැ. ආත්මයම ගල් කරවන බැල්මකින් සුභාෂ්ගේ ඇස්දෙක දිහාම ඇසිපිය නොහෙලා බලාගෙන ඉදිරියට ආ ශිෂ්‍යාව ඇයගේ යෙහෙළිය සමගින් සුභාෂ් සහ කාවින්ද පසුකරගෙන යනතුරුම සුභාෂ්ගේ හදවත ස්පන්දන වාර කීයක් ගැහෙන්න ඇතිද කියල සුභාෂ්ට හිතාගන්න බැරි උනා. කවදාවත් නැති තරම් වේගයෙන් ගැහෙමින් ශරීරය පුරා රුදිරය පොම්ප කරපු සුභාෂ්ගේ හදවත ශරීරයේ සෑම සෛලයක් පුරාම හෙව්වේ ඒ අස්දෙකත් එක්ක තිබ්බ සම්භන්ධය ගැන. හුරුපුරුදු ඇස්දෙක සුභාෂ් පහුකරගෙන යනකොටම සුභාෂ්ගේ ගමන නතර උනා. තත්පර කිහිපයක් ඇතුලත සිද්ද උන ඒ සිදුවීම හොඳින්ම දුටු සජීවී සාක්ෂිකරුවා වූ කාවින්ද ද පසු උනේ මහත් කලබලයෙන්. කතා කරද්දී මද ගොතයක් සහිත කාවින්ද කලබලයෙන් කියන්නට උත්සහ කරන්නාවූ දේ කාවින්දගේ මුවින් වචන උනේ විශාල උත්සහයකින් පස්සේ..

    කා.. කා.. කා.. කව් .. කව් .. කව්ද බන් ඒ ...

    සුභාෂ් උන්නේ ගල්වුනු ස්භාවයෙන් .. දන්නේ නැහැ.. යන්න සන් කරමින් සුභාෂ් හිස දෙපැත්තට වැනුවා.. ඇත්තටම සුභාශ්ගේත් හිතේ පවතී ප්‍රශ්නයනම් එයමයි.. එයා කව්ද ? ඇයි එයා මගේ ඇස්දෙක දිහාම බලන් ගියේ ? ඇයි මට ඒ ඇස්දෙක ඒ තරම් හුරුපුරුදු බවක් දැනුනේ ? සුභාෂ්ට ඒ ප්‍රශ්න ටික වචන කරන්න තරම් හිතේ ඉස්පාසුවක් දැනුනේ නැහැ..

    කාවින්ද හිතුවේ සුභාෂ් කරන්නේ බොරුවක් කියලා..

    තෝ.. තෝ.. තෝ.. ම ..ම...ම..මට බො .. බො .. බොරු නේද කි..කි..කි.. කියන්නේ...

    සත්තයි බන්. මම දන්නේ නැහැ ඒ කෙල්ල කව්ද කියල..

    හි .. හි.. හි.. හි..ටපන්කෝ ම..ම..ම...මං හොයාගන්න ඒ උ..උ..උ..ම්බේ කව්ද කි..කි..කි..යලා..

    පිස්සු නැතුව හිටහන් යකෝ..ඒ කෙල්ල මම ජීවිතේටම දැක්කේ අද තමයි...

    තෝ මා..මා..මාව චීනා ක..ක්..ක්..කරන්න හදන්න ඒ.. ඒ...ඒ...එපා.. තෝ ද..ද...ද...දන්නේ නෑ ..නෑ ...නෑ ..නැත්තම් ක්..ක්..ක්..කන්න ව..ව..ව..වගේ උම් ..උම් ..උම් ..උඹ දිහා බ..බ..බලන් යනවද යකෝ..

    තෝ ඕන මගුලක් හිතාගනින්.. මම ඒකිව මීට කලින් දැකල නැහැ..

    තත්පර කිහිපයක් ඇතුලත සිදුවූ සිදුවීමෙන් පස්සේ සුභාෂ්ගේ හදවත ඒ වෙද්දීත් තිබුනේ බොහොම වේගයෙන් ගැහෙමින්.. ඒ ඇයිද යන්න සුභාෂ්ට පැහැදිලි නැති උනත් ඒ ඇස්දෙක සුභාෂ්ගේ ජීවිතය ඇතුලේ කුමක් හෝ වෙනසක් කළා යන්නට වේගයෙන් ගැහෙන හදවත සාක්ෂියක් උනා...

    ඒ සමගම නවය වසර පන්ති දිහාවෙන් මතු වූ පන්ති සගයන් වෙත දුවගිය කාවින්ද සිදුවූ අද්භූත සිදුවීම හැම එකාටම කිව්වේ බොහොම අමාරුවෙන් ගොත ගසමින්. කාවින්ද කලබල වූ අවස්තාවලදී ගොත ගැසීම අධික බැවින් පන්ති සගයින් කාවින්ද මදක් සන්සුන් කර සියලු විස්තර ඔහුගෙන් අසා දැනගත්තා. හැමදෙනාගේම අදහස උනේ ඒ සුභාෂ්ගේ පෙම්වතිය බවයි. සියල්ලන්ටම රහසින් සුභාෂ්ට පෙම්වතියක් සිටිනා ලෙසට ආරංචිය පන්තිය පුරාම පැතිරුනේ බොහොම සුළු කාලයකින්. කාවින්ද පසු උනේ සුවිශේෂී රහසක් සොයාගන්නා ලද පරීක්ෂකයකු තරමින් උද්දාමයෙන්. කාවින්දයාගේ මනෝ විකාරයට අනුව යෝජිත ශිෂ්‍යාව කව්ද යයි හෙට දවසේ සොයාගන්නා අරමුණින් පන්ති සගයින් පරීක්ෂණය දවසක් කල් දැමුනා..ඒ සියල්ලම අතරේ සුභාෂ් පසු උනේ බොහොම කලබලයෙන්. මින් පෙර කිසිදු දිනෙක විඳ නොමැති හැගීමක් සුභාෂ්ගේ යටිහිත තුල දෝංකාර දෙමින් පැවතුනා. විවේක කාලයෙන් පසු ඉගැන්වූ කිසිදු විෂයක් සුභාෂ්ගේ මනස තුල තැන්පත් උනේ නැහැ. ඒ හුරු පුරුදු ඇස්දෙක සුභාෂ්ගේ චිත්ත සන්තානයේ දැහැන් බිඳිමින් මතකය ඇතුලේ ජීවිතේ පුරාවටම හොල්මන් කරාවි කියල සුභාෂ්ට නිකමටවත් හිතුනේ නැහැ.. සුභාෂ්ට ඕන උනේ හැකි ඉක්මනින් ඒ ඇස්දෙක ආයෙත් දැකගන්න.

    කාලච්චේද හතරක් ගුරුවරු මාරුවෙමින් විෂය කරුණු ඉගැන්වුවත් විවේක කාලයෙන් පස්සේ සුභාෂ්ගේ හිත ඇතුලේ තිබුනේ ප්‍රශ්න කීපයක් පමණයි. එයා කව්ද? එයා මොන පන්තියේද ඉන්නේ? එයා කොහේද ඉන්නේ ? එයාගේ නම මොකක්ද? එයා මා දිහා බලන් ගියේ ඇයි ? මට එයාව හුරු පුරුදු බවක් දැනුනේ ඇයි ? කියන ප්‍රශ්න ටික සුභාෂ්ගේ මනස පුරා දුව ඇවිද්දා.. වෙනදාට පාසල අවසන්වූ වහා බයිසිකලය අරන් ගෙදර පදින සුභාෂ්ට එදා ගෙදර යන්න හදිසියක් තිබ්බේ නැහැ. ඉස්කෝලේ අරුණ වෙලාවේ ළමයි අතර සුභාෂ් හෙව්වේ ඒ ඇස්දෙකේ හිමිකාරිය. එත් එදින තුල ඇයව නැවත දැකගන්න සුභාෂ්ට වාසනාව තිබුනේ නැහැ. පසුදා උදෙන්ම පාසලට ඇවිත් ගේට්ටුව ගාව ඉඳල හරි ඇයව සොයාගන්න අදහසින් සුභාෂ් ගෙදර යන්න ගියා. එත් වෙනද තරම් හදිසියෙන් නෙවෙයි. බොහොම පාඩුවේ. වෙනදට රංචුව එක්ක තරඟයට බයිසිකලය පදින සුභාෂ් එදා ගෙදර ගියේ නොගිහින් බැරිකමට වගේ.



    පෙර කිසි දා ඔබ හමුවී නැති බව
    ඉදුරා කියත හැකි
    හමුවී ඇත්නම්
    ඒ පෙර සසරේ
    යුගයක වෙන්න ඇති


    නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
    සුපුරුදු ලෙස පෙනුනා
    කෙදිනක හෝ විඳ පුරුදු ඇති
    සුසුම් සුවද දැනුනා



    ''''''''''​



    ලිව්වේ බ්ලොග් එකට.. එළකිරි වාසීන් අමතක කරන්න බැරි හින්ද ඔන්න මෙතනත් පොස්ට් කරා.. ඉතුරු කොටස් අලුත් ත්‍රෙඩ් විදිහට දාන්න තමයි බලාපොරොත්තුව. ඇඩ්මින්වරු කව්රුහරි මේ ත්‍රෙඩ් එකටම අමුණලා දුන්නොත් ඉහතින් කියවන උදවියට ලේසි වෙයි. කතාවක් ලියද්දි පාඨක කමෙන්ට් ලොකු තල්ලුවක් හා හිතට දහිරියක් නිසා කියවන අය බම්ප් එකක් හරි දාගෙන යනවනම් ලොකු උදව්වක්.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හිමිට කියවන්නම් කියවලා අදහසක් දෙන්නම් ස්තුතියක් හරි නොදී ඉන්නේ නැහැ රේප් නම් දීලලු තියෙන්නේ
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ට නිදිමතේ පුරුද්දට මේ පැත්තෙ ආවේ...:(
    නිදහස් වෙලාවක කියවන්නම්... කියවන්න කලින්ම තේරුණා කතාව ලස්සන ඇති කියල...:cool:
    ස්තූතියි..!
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ලස්සනට ලියල තියෙනවා පොල් අන්කල් අනිත් ටිකත් දානකන් මග බලාගෙන ඉන්නවා අපි :):)
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    මගේ ඉස්කෝලේ කාලේ මතක් උනා බුග් ගාල පොල් මචෝ... :(
    කවදාවත් නොකිව්ව අදටත් ඉඳලා හිටලා මතක් වෙන ඒක පාර්ශීය ලවක් මටත් තිබ්බා හය්යෝ..............
    ලස්සනට ලියල තියෙනවා. :)
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මගේ ඉස්කෝලේ කාලේ මතක් උනා බුග් ගාල පොල් මචෝ... :(
    කවදාවත් නොකිව්ව අදටත් ඉඳලා හිටලා මතක් වෙන ඒක පාර්ශීය ලවක් මටත් තිබ්බා හය්යෝ..............
    ලස්සනට ලියල තියෙනවා. :)

    umbata umbe nowana umbema adarayak thibbada..:)
    bmp
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හිමිට කියවන්නම් කියවලා අදහසක් දෙන්නම් ස්තුතියක් හරි නොදී ඉන්නේ නැහැ රේප් නම් දීලලු තියෙන්නේ

    රෙප් මොකටද බන්. රචනා කලාව පොලිෂ් කරගන්න අවංක කමෙන්ට් අත්‍යවශ්‍යයි.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පට්ට නිදිමතේ පුරුද්දට මේ පැත්තෙ ආවේ...:(
    නිදහස් වෙලාවක කියවන්නම්... කියවන්න කලින්ම තේරුණා කතාව ලස්සන ඇති කියල...:cool:
    ස්තූතියි..!

    කියවල කමෙන්ට් එකක් දෙන්නකෝ.. :love::love:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලස්සනට ලියල තියෙනවා පොල් අන්කල් අනිත් ටිකත් දානකන් මග බලාගෙන ඉන්නවා අපි :):)

    අංකල් .. ඔන්න ඉතින් ඉතුරු කොටස් උඹලාට නැති වෙන්නයි යන්නේ..:lol::lol::lol:

    අන්කල් නෙවෙයි බන් සීය කියල හරි කමෙන්ට් එකක් දාල යන එක කොයිතරම් දෙයක්ද කියවල මාරුවෙනවට වඩා..:love::love:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මගේ ඉස්කෝලේ කාලේ මතක් උනා බුග් ගාල පොල් මචෝ... :(
    කවදාවත් නොකිව්ව අදටත් ඉඳලා හිටලා මතක් වෙන ඒක පාර්ශීය ලවක් මටත් තිබ්බා හය්යෝ..............
    ලස්සනට ලියල තියෙනවා. :)

    උඹේ කතාවද දන්නේ නැහැ මේ ලියන්නේ.. :shocked::shocked:මේ ලියන කතාවේ සැබෑ චරිත අදටත් ජීවතුන් අතර.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හිමිට කියවන්නම් කියවලා අදහසක් දෙන්නම් ස්තුතියක් හරි නොදී ඉන්නේ නැහැ

    හෙමිහිට කියවල අදහසක් දෙන්නකෝ..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඩින් පල්ලෙන් බැලුවා.ඔෆිස් යන්න පරක්කු වෙනවා.හවසට බලලා කමෙන්ට් එකක් දාන්නම් පොලා මාමෙ