ලෝකේ බලවත් මිනිස්සු පොඩි කාලේ

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ලෝකේ බලවත් මිනිස්සු පොඩි කාලේ

    1. Elizabeth II
    මෙයා තමයි එක්සත් රාජදානියේ, කැනඩාවේ, ඔස්ට්‍රලියාවේ සහ නවසීලන්ත රැජින. පහල පින්තුරේ අරන් තියෙන්නේ එයාට වයස 18දි. ඒ වගේම තමයි මේ පින්තුරේ අරන් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ද කාලේ එයා හමුදාවේ වැඩ කරපු කාලේ 1945දී. එයාගේ සම්පූර්ණ නම Elizabeth Alexandra Mary.

    ZBqPQYe.jpg


    2. Barack Obama
    44වැනි ජනාදිපති ඇමරිකාවේ. ඇමරිකාවේ ජනපති වෙන්න කලින්,1980දි එයාගේ ඉස්කෝලේ යාලුවෙකුගේ ගෙදර ඉදගෙන සිගරට් එකක් බොන ගමන් එයා ඉන්නේ.

    wvlXLJN.jpg


    3. Hillary Clinton
    කලින් ඇමරිකාවේ රාජ්‍ය ලේකම් වෙලා හිටියා, ඒ වගේම 2016 ජනාදිපතිනි වෙන්න චන්දෙ ඉල්ලනවා. එයාගේ සම්පූර්ණ නම Hillary Diane Rodham, ඒ Bill Clintonව කසාද බඳින්න කලින්. මේ පින්තුරේ එයා ඉන්නේ photo shoot එහෙකටලු. 1969දි Wellesley Collegeහි ඉගනීම ලබන ගමන්.

    sf1fIzU.jpg


    4. Bill Clinton
    ඇමරිකාවේ 42දි ජනාදිපති. ගොඩක්ම දුර්ලබ පින්තුරයක් තමයි මේ පහතින් තියෙන්නේ මොකද මේ පින්තුරේ ඉන්නේ, 1963දී හිටපු ජනපති John F. Kennedy(දකුණු පසින්) සහ අනාගත තරුණ ජනපති Bill Clinton(වමින්) අතට අත දෙමින්.

    gO2BjsC.jpg


    5. Donald Trump
    2016දි ජනාදිපති තනතුරට චන්දෙ ඉල්ලනවා වගේම එයා ව්‍යවසායකක්. 1964දි New York වල හමුදා ඉස්කෝලෙදි ගත්තු පින්තුරයක් මේක.

    PUT5skz.png


    6. Dilma Rousseff
    බ්‍රසීලයේ ජනාදිපතිනි. මේ පින්තුරේ ඉන්නේ එයාව පොලිසින් අල්ලපු වෙලාවක ගත්තු පින්තුරයක්. ඒ දවස්වල බ්‍රසීලයේ හමුදා සර්වාධිකාරිත්වයට එරෙහිව කටයුතු කල නිසා තමයි එයාව අල්ලලා තියෙන්නේ.

    iS6FSVD.png


    7. Martin Luther King Jr.
    එයා ඇමති වරයෙක් වගේම සිවිල් හිමිකම් නායකයෙක් වෙලා ඉදල තියෙනවා. මේ එයා අවුරුදු 6දි.

    OzJ1DrX.jpg


    8. Vladimir Putin
    රුසියානු ජනපති. 1970, වයස 18දි එයාගේ ඉස්කෝලේට ගත්තු පින්තුරයක්.

    g8Xak5u.jpg


    9. Xi Jinping
    චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්.1983 කාලේ Xi Jinping, Zhengding ප්‍රාන්තයේ තිබුන පක්ෂයක අදිපති වෙලා ඉඳල තියෙනවා.

    zRtGnAj.jpg


    10. Angela Merkel
    ජර්මනියේ චාන්සලර් තමයි මේ. මේ පින්තුරේ එයා විශිශ්ට ලෙස පාසැල් කටයුතු කරපු නිසා Lessing Medal කියන පදක්කම් පිරිනමලා තියෙනවා 1971දි.

    3Pk7sXf.png


    11. John F. Kennedy
    35වැනි ඇමරිකාවේ ජනපති. මේ පින්තුරේ 1927දි ගත්තු එකක්. Kennedyට වයස අවුරුදු 10යි.

    cCOX3LC.jpg


    12. Joseph Stalin
    සෝවියට් දේශයේ කලියෙන් හිටපු නායකයෙක්. මේ 1902දී, Stalin වයස අවුරුදු 24දි.

    hW945Lo.jpg


    13. Fidel Castro
    කියුබා වල කලියෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා. 1957දී, Fidel Castro එළියේ සැහැල්ලුවෙන් ගතකරන අවස්ථාවක් තමයි මේ.

    IKADmeq.jpg


    14. George W. Bush
    43වැනි ඇමරිකානු ජනපති. 1947දී, George W. Bush ළදරු කාලේ අම්මගේ උකුලේ ඉන්න අයුරු.

    lSokU6L.jpg


    15. Shinzō Abe
    ජපානයේ අග්‍රාමාත්‍යවරයා. මේ පින්තුරේ හරි මැද්දෙන් ඔහු ඔහුගේ සීයාගේ උකුලේ වාඩි වෙලා ඉන්න අයුරු තමයි මේ.

    4Cida6p.jpg


    16. Oprah Winfrey
    වර්තමානයේ මාද්‍ය ප්‍රදාණිනියක්. 1971දි, වයස අවුරුදු 17දි Winfrey එයාගේ ගමේ තිබ්බ “Miss Fire Prevention” තරගයෙන් දිනපු අවස්ථාවේ ගත්තු පින්තුරයක්.

    vTPHoAC.jpg


    17. Albert Einstein
    සිද්ධාන්තමය භෞතික විද්‍යාඥවරයෙක්. මේ Einstein පින්තුරෙකට පෙනී සිටින ගමන්.

    cMlgCYq.jpg


    18. Bill Gates
    Windows ආයතනයේ සම ආරම්බකයා. 1977දි, Albuquerque පොලිසියෙන් Gatesව අල්ලපූ අවස්ථාවක ගත්තු පින්තුරයක්. අල්ලලා තියෙන්නේ වාහන ගමනා ගමනයට බාදා කළා කියලා.

    lZUcXis.jpg



    19. Steve Jobs
    Apple ආයතනයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ වගේම සම ආරම්බකයා. 1977දි apple II යනු පරිගනිකයේ ප්‍රථම දර්ශනය තිබුනේ San Francisco නගරයේදී. පළමු West Coast පරිගණක ප්‍රදර්ශනයේදී Jobs පෙනී සිටින පින්තුරයක් තමයි මේ.

    Fr21c02.jpg


    20. Mahatma Gandhi
    ඉන්දියාවේ නිදහස් ගමනේ ප්‍රධානියා. 1906දි Gandhi තරුණ කාලේදී පින්තුරයකට හිටපු අවස්ථාවක්.

    9lTlmwt.jpg


    21. Pope Francis
    කතෝලික පල්ලියේ 266වැනි පෝප් වහන්සේ. ඔහුගේ නම Jorge Mario Bergoglio. පෝප් වහන්සේ කෙනෙක් වුන නිසා ඔහුගේ නම පෝප් Francis නමට පත් වුනා. තරුණ කාලේ Buenos Aires වලදී ගත්තු පින්තුරයක්.

    c8RZ4H6.jpg




    වැරදි ඇති. :( හැමෝටම මේ දේවල් දැනගන්න තමයි දැම්මේ :):yes:
    මට උදව් කරපු KRipTER සහ rcccc අයියල දෙන්නට බොහොම ස්තුතියි!:rolleyes:

    source: buzzfeed
     
    Last edited:

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ela, thanks for sharing

    You must spread some Reputation around before giving it to Rosaine_Doll again.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    දන්නා ඒවත් තිබ්බා නොදන්නා ඒවත් තිබුනා :)
    අපිත් එක්ක බෙදා ගත්ත එකට ස්තුති
    11.gif