මීට වසර දෙසීයකට පමණ ප්රිථම 1815 මාර්තු මස 02 දින සවස 4.00 ට පමණ ඓතිහාසික සෙංකඩගල මහනුවර මගුල්මඩුව අභියස විශේෂ සිදුවීමක් විය. ඒ නම් අස්ගිරි මහා විහාරයේ අනුනායක වාරියපොල සුමංගල ස්වාමීන් වහන්සේ විසින් ඉංග්රීකසීන් ගේ කතිර කොඩිය( Union Jack Flag ) බිම දමා සිංහ කොඩිය එසවීමයි. සිදු වූ දෙයින් ඉංග්රීනසීන් විශ්මයට පත් වූහ. එංගලන්තයේ තුන්වන ජෝර්ජ් මහාරජානන් ගේ නියෝජිත ආණ්ඩුකාර තැන්පත් රොබට් බ්රනවුන්රිග් අත්සන් කරන්නට සකස් කරන ලද ගිවිසුම අතැතිව මගුල් මඩුවේ සූදානම්ව සිටි අතර එයට එක්ව සිටීමට නියමිත වූ සිංහල රදළයන් එකොලොස්දෙනද නොසන්සුන් වූහ. මේ වන විටත් ලංකාවේ කඳුරටින් දුර බැහැර ප්රංදේශයක බුලත්සිංහල ප්රසදේශයේ තවත් කඳු ඉස්මත්තක සිංහ කොඩිය එසැවීමට සූදානමක් වූහ. එහි අර්ථය නම් ගිවිසුම අත්සන් කිරීමෙන් පසු යොදාගන්නා ලද නැකතකට එය ඔසවා ඉංග්රී සීන් ගේ අධිරාජ්යි තැත පරාජයට පත්කිරීමට අවශ්යේ ශක්තිය ගැනීමයි.නමුත් ඉංග්රී සි හේවායා විසින් කඩිමුඩියේ ඉංග්රීපසි කොඩිය එසැවීම නිසා වාරියපොළ සුමංගල ස්වාමීන් වහන්සේ විසින් ක්රිීයාත්මක කරන්නට සැලසුම් කරන ලද ඒ අප්රීකට උත්සාහය ඵල රහිත විය.පසුව දළදා වහන්සේ සඟවාගෙන වනගත වූයේ එම උත්සාහයට වෙනත් ශක්තියක් ලබාදීමේ අදිටනිනි. එහෙත් ජාතියේ අවාසනාවට එයද අසාර්ථක විය. අවසානයේදී යාපනේ අඳුරු හිරගෙදරක ලගින්නට උන්වහන්සේට සිදු විය.
වසර දහස් ගණනාවක් තිස්සේ සිය ස්වාධීනත්වය ආරක්ෂා කර ගෙන සිටි සිංහලයන් ජාතියක් වශයෙන් සංවිධිත භාවයෙන් පිරිහීමකට ලක් වූයේ ඇයි දැයි යන්න ප්ර හේලිකාවකි. ඔවුහු ඉතිහාසයේ යුග ගණනාවක් තිස්සේ විවිධ සතුරු ආක්රකමණයන් හමුවේ අභීතව නැගී සිටිමින් දේශයේ ස්වාධීනත්වය වෙනුවෙන් දිවි දුන්හ. එහෙත් ඒ සිදුවීම් වඩාත් හොඳින් නිරීක්ෂණය කරන කල්හි වැටහී යන්නේ ඒ කිසිවක් සංවිධිතව ගොඩ නැගූවක් නොවන බවයි. වෙසෙසින්ම වසර පන්සීයක් ආපස්සට හැරී විමසන කල්හි මේ බැව් පසක් වෙයි.ඔවුහු සැම විටම ජාතියට ආරෝවක් පැමිණි කල්හි නැගී සිටිති. ආසාධාරණයක් වූ සැණින් ඇඟ රුහිරු කකියවමින් නිර්භීතව ඉදිරියටම එති. එහිදී සතුරාගේ ඊතලයකට හෝ බයිනෙත්තු උණ්ඩයකට හෝ පපුව විවර කරන්නට මැළි නොවෙති. කිසි දිනකත් සතුරන් පස්සේ හඹා ගොස් පසුපස්සෙන් පහර දී ඝාතනය කිරීමට තරම් සිංහලයා නිවට නොවීයයි කියති. ඉංග්රීබසීන්ට සේවය කළ මොනරවිල කැප්පෙටිපොළ සිය ප්රීතිමල්ලවයන් පරාජයට පත් කිරීමට ගිය ගමනේදී පළමු වරට ජාතියේ හෘද සාක්ෂිය අවබෝධ කරගත්තේය. එහිදී ඔහු ආපස්සට හැරී සිය අත තිබූ ආයුධ සියල්ල යළිත් ඉංග්රී්සීන්ට භාර දෙන්නටයයි කියා හරවා යැවූ බව කියති. මේ වෑයම් කිසිවක් උපක්රලමික නැත. කඳු සිඛර අස්සේ සැංගී සිට මහා කළු ගල් පෙරලා කළ ගරිල්ලා සටනක් ගැන කියන කල්හි එය උපක්රයමික සංග්රාසමයක් යැයි උදන් ඇණීමට හැකිද.නැත. සිංහල ජාතිය උපක්රපමිකව වැඩ කලේ නම් 1815 දී සිය ස්වාධීනත්වය අහිමි කරගන්නේ නැත.
අපගේ අවසාන නරපතියා වූ ශ්රීග වික්ර.ම රාජසිංහ වඩුගයෙකි. ඔහු සිය ඒකාධිපති බලයෙන් රදළ ආධිපත්යත විනාශ කලේය. ඉංග්රීේසීන් ගේ සටකපට රාජ දූතයා වූ ජෝන් ඩොයිලි ගැමියෙකු ලෙස හැසිරෙමින් කටේ පුරවා ගත් බුලත්විට ඇතිව කළ සූක්ෂම මෙහෙයුම තුළ අවසාන අවුරුදු කීපය තුළ රජු බේබද්දෙකු විය. රජ මාළිගයේ සැම තැනකම හිස් මත්වතුර බෝතල් වලින් පිරීයන්නට විය. රදළවරු එකින් එකා දංගෙඩියට යද්දී. මල්වත්තේ පරණාතල රතනපාල අනුනායක තෙරණුවන් ද දංගෙඩියට යද්දී රජු ඒ ඝාතනයන් දෙස මහත් අභිරුචියෙන් බලාසිටියේ යයි කියති. මේ කුමන්ත්ර ණයේ එක් පැත්තක බල අරගලයක් විය.ඉංග්රීනසීන් සමග ගනුදෙනු කොට රහස් ගිවිසුම් ගසා රජුට ද්රෝහී වීම නිසා පිළමතලව්වේ මහ අධිකාරම රජු අණින් දං ගෙඩියට දැක්කවූ පසු එම තැන් ගත් මොල්ලිගොඩ මහ නිළමේ ගේ සටකපට උපායෙන් ඇහැලේපොළ ද අනතුරට වැටිණ.ඇහැලේපොළ පවුලට මරු කැඳවීමට කුමන්ත්රාණය කළ මූලිකයා වූයේ මොල්ලිගොඩයි. රජු ඇහැලේපොළගෙන් බිඳවීමට නොයෙකුත් ගතු කී ඔහු රජු පත්තිරිප්පුවේ සිටින විට කුමාරිහාමි සහ දරුවන් රජ හමු වට කැඳවීය. එය රජ අණින් කරන ලද්දක් නොවීය. ඔවුන් දැකීමට රජු නොකැමති බව දැන්වූ විට මෙවැනි දුෂ්ටයන් ජීවතුන් අතර සිටින්ට ඉඩ නොහල යුතු යයි රජුට ඇසෙන්නට කීහ. හෙඳටම සුරා මතින් සිටි රජු ඒ හරි යයි කියා ආපසු මාළිගයටම ගිය බව කියති. ඇහැලේපොළගේ බලඋපායන් කෙරෙහි නොරිස්සූ මොල්ලිගොඩ රජු නැති අතරක් බලා කුමාරහාමි ඇතුළු පවුල වධකස්ථානයට කැඳවා දරුවන් කෙටවීමට අණ කළ බව ප්ර කටය. රජු මෙය දැනගත් වහාම මොල්ලිගොඩ කැඳවා තරවටු කළේය. එක් මොල්ලියක් ඇති කුළු ගොනෙකු ආම්බාන් කිරීමත් අමාරු කොට මොල්ලිගොඩක් ඇති කුළු හරකෙකු කෙසේ අවනත කරන්නටදැයි ඉන්පසු තමන් අසල සිටි තමන්ගේ දුක්ගන්නා නිළමේට පවසා ඇත.
ඇහැලේ පොළ කොළඹට පැනගොස් ඉංග්රී්සීන් සමග එකතු වී වඩුග රජා පැන්නවීමට හමුදා සමග බලන කන්ද තරණය කරන කල්හි මොල්ලිගොඩ නිළමේද සිය හමුදාව කැටුව එයට මුහුණ දීමට පැමිණෙමින් සිටියේය. එහිදී ඇහැලේපොළ විසින් මොල්ලිගොඩට හසුන් පතක් එවන ලද්දේය. එහි මෙසේ සඳහන් විය.
ගුණවත් මොල්ලිගොඩ සොහොයුරු තුමනි සොඳ -බලවත් වරද කලෙ මට වඩිග රජ තද
තෙරපත් කරලන්ට ඉංග්රීොසි හට මෙසඳ -කොහොමත් ඉඩ දෙනු මැනවි නොකරමින් යුද
එයට මොල්ලිගොඩ නිලමේ විසින් එවන ලද පිළතුරු පත මෙසේ විය.
බලවත් සොහොයුරනි ඇහැලේපොළර යුතු- ඉඩ හැර මම ඉඳිමිඔබ අදහසට සිතූ
මෙ විතර කල් පැවති අප ජාතියෙ දිමුතු – පුවතර නිදහස ඉවරයි මෙයින් මතු
රදළයන් රජු සහ ඉංග්රී සීන් අතර වූ න්යඩෂ්ටියේ බල අරගලය මේ අයුරින් නිමාවට පත් වෙමින් තිබුණි.රදළයන්ට එරෙහි වඩුග දෙමළ පීඩනය අවසන් කර ඉංග්රීේසීන් සෙවණේ රදළ බලය යළි නැගිට්ටවා ගැනීම මෙහි අරමුණ විය. වඩා හෙඳ යහපාලනයක් ඉංග්රීරසින් වෙතින් ඉටු වේවියැයි මේ රදළයන් සිතන්නට ඇත. ඒ අනුව 1815 මාර්තු මස 02 දින රාජාධිරාජසිංහයන් විසින් තැනූ ඓතිහාසික මගුල්මඩුවේදී රොබට්බ්රඒවුන්රිග් සහ උඩරට නිලමේ වරු දසදෙනෙකු මේ ගිවිසුමට අත්සන් ගැබූහ. නුවර කලාවිය දිසාවේ වන ගලගොඩ එහි සිටියත් එය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළේය. ඉංග්රීනසි ආණ්ඩුකාරවරයා දිනපතාම ගලගොඩ වලව්ට පැමිණ එය අත්සන් කිරීමට බල කලේය. එහෙත් ඔහු විසින් එය නැවත නැවතත් ප්රඩතික්ෂේප කරන ලද බව පුංචිබණ්ඩාර දොලපිහිල්ල මහතා ගේ ශ්රීත වික්ර ම රාජසිංහ රාජ්යත කාලය නම් ග්රනන්ථයේ සඳහන් වෙයි.නමුත් උඩරට ගිවිසුමේ මුද්රි ත පිටපතේ ගලගොඩගේ අත්සන සඳහන්ව ඇත. එය හොර අත්සනක් ද යන සැකය අප තුළ මතුවේ.
1815 උඩරට ගිවිසුමේ 02 03 සහ05 වන වගන්ති ඉතා වැදගත්ය. 02 වන වගන්තිය මෙසේය. ශ්රීත වික්රිම රාජසිංහ රජ්ජුරුවො රජ දරුවන්ගෙ ප්ර ධාන තවද මහත් ශීලාචාරවූ යුතුකම් කඩ කරන ස්වභාවකින ඒ රාජඟයට ඇත්තා වූ සියළුම අයිතිකම්ද ඊට වැදගත් බලයද නැති කර රජඟයෙන් බැහැර කරන්ඩ යෙදුනාය. එම ගෝත්රියද මවු පිය දෙපක්ෂයෙන් පැවත එන නොහොත් ආවහ විවාහයෙන් පැවත එන අනෙක ප්රටකාර වූ නෑදෑයින්ද හැම කල්ම සිංහාසනයෙන් දුරු කරන්ඩ යෙදුනා සහ සිංහලෙ ආන්ඩු කිරීමට දෙමල වර්ගයට ඇත්තා වූ සියළුම අයිතිවාසිකම් නැති කරන්ඩද විනාස කරන්ඩද යෙදුනු වග මෙයින් එලිදරවු කරනුයැ.(..and all claim and title of the Malabar race to the Dominion of the Kandyan Provinces is abolished and extinguished )
මෙම වගන්තිය අනුව සිංහලේ රටවල් ආණ්ඩු කිරීමට දෙමල වර්ගයාට ඇති අයිතිය ( ඉංග්රී සිපිටපතේ දක්වා තිබෙන්නේ මාලබාර්) යනුවෙනි) අවසන් කළ බව ඉංග්රී සි ආණ්ඩුව පිළිගෙන තිබේ. එසේම එම පුද්ගලයන් උදෙසා බලපැවැත්වූ මලබාර් නීතියද අහෝසි වී ඉංග්රීකසි ගොවැර්ණමේන්තුවේ නීතිය බල පැවැත්වෙන්ඩ යෙදෙන්නේයැයිද ගිවිස ගෙන තිබේ.එහෙත් 1818 ජාතික විමුක්ති අරගලයෙන් පසුව ඉංග්රීවසීන් මේ වගන්තිවල බලය ඒපාක්ෂිකව වෙනස් කර සියළුම බලතල රදලයන් ගේ බැහැර කෙට ඔවුන් සන්තක කර ගත් බව පැහැදිලිය.
1815 වසරේ ජූනි මස කෙළඹදී පැවැත්වීමට නියමිත වූ තුන්වන ජෝර්ජ් මහ රජතුමාගේ පස් පණස් ජන්ම දින සැමරුම් උත්සවයට ඇහැලේපොළ සහ මොල්ලිගොඩ යන නිලමේ වරුන්ද කණිෂ්ට පිලමතලව්වේට ද කණිෂ්ට මොල්ලිගොඩ නිලමේට ද ආරාධන කරනු ලැබිණ. මේ වන විටත් පිළමතලව්වේ ගෙන් හිස් වූ මහ අදිකාරම් ධූරයට මොල්ලගොඩ පත් කර තිබුණි. ඒ පතාග 500 ක වැටුප් දීමනා සහිතවයි. ( රන් පවුම් 37 සිලිං 10 ) ඉංග්රීවසීන් මේ නිලමේ වරුන්ට නවාතැන් ගැනීමට සුදු රෙදි වලින් සරසන ලද නිවාස සකස් කරන ලදහ.1815 ජූනි 05 ගැසට් පත්රළයේ මේ නිලමේ වරුන්ගේ පැමිණීම ගැන විශේෂයෙන් සඳහන් කර තිබේ. එහිදී හැත්තෑ හත් වන වියේ සිටි ඇහැලේපොළ සුදු අසකු අරා පැමිණ ඇති අතර ඉංග්රීසසි යුධ භටයන්ගේ ආචාර ගාලු මුවදොර පිටියේදී පරීක්ෂා කලේය. එහදී ආචාර වෙඩිමුර පවත්වන කල්හි නොකැමත්තෙන් මෙන් අසු පිටින් බැස්ස බවද සටහන් තබා තිබේ. මේ ගෞරව බුහුමාන ඉතා ටික කලකට විය. 1818 න් පසු ඇහැලේ පොළ මොල්ලිගොඩ පිළමතලව්වේ ඇතුළ රදළයන් සියල්ල මුරිසියට පිටිවහල් කරන ලද්දේය.
ශ්රී වික්රුම රාජ සිංහ සතුව තිබූ සිංහ කොඩිය වසර දහස් ගණනාවක් තිස්සේ සිංහල රාජ පරම්පරාවට අයත්ව තිබූ රාජකීය අභිමානය ප්රසකට කරවන ලද සංකේතයක් බඳු විය. බෝමුරේ අප්පුරාල ආරච්චිලාගේ ගෙදරදී සිංහලේ රජු අල්ලා ගන්නා ලද්දේ එක්නැලිගොඩ ප්රුමුඛ රදළවරුන් විසිනි.එහිදී රජුටත් බිසෝ වරුන්ටත් හිංසා කරන ලද පැවසේ. රජු පිටිවහල් කළ අතර සිංහ කොඩියත් රාජකීය කකුධ භාණ්ඩත් එංගලන්තයට යැවිණ. මේ භාණඩයන් දුටු ඉංග්රීටසීන් සිංහල ජාතියේ අභිමානය කුමක්දැයි වටහා ගත් බව නිසැකය.
1948 දී ලංකාවට නිදහස ලබා දෙනකල්හි ද මේ අභිමානවත් කොඩිය ඔසවා ඇත. එහෙත් නිදහස සමරන්නන්ට මගුල්මඩුව නම් මතක් වූයේ නැත. ලක් රජය ඉංග්රීෙසින්ට භාරදෙන ලද්දේ මගුල්මඩුවේදී අත්සන් කරන ද ගිවිසුමක් මගින් බව මතකයට නතා ගත නොහැකි විය.ඒ වෙනුවට වෙස්ටිමිනිස්ටර් පාර්ලිමේන්තුවත් ටොප්හැට් එකත් ටේල්කොටයත් පමණක් ඩී.එස්. සේනානායක මහතා සතු විය.1950 දී පමණ ඔහු විසින් ජාතික කොඩිය නිර්මාණය කිරීම පිණිස නිශ්ශංක විජේරත්න මහතාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත්කරන ලද්දේය. 1951 දී මෙම කමිටුව සිය නිර්දේශ ඉදිරිපත් කරන ලදී. සැබවින්ම සිංහ කොඩිය විකෘති කිරීමට සහ ලංකාව ජාතීන් වශයෙන් බෙදා වෙන් කිරීමට එදා තීරණය කරන ලදහ. සිංහ කොඩියේ ඉදිරිපසින් සිංහයා හිර කර පටි දෙකක් එල්ලා බෙදුම්වාදය ආරම්භ කරන ලද්දේ මෙලෙසය.
එහෙත් උඩරට ගිවිසුම අනුව දෙමල වර්ගයාට මේ ශ්රී ලංකා ද්වීපය තුළ යලිත් ආණ්ඩු කිරීමට බලයක් ලැබෙන්නේ නැත. එසේම බුද්ධශාසනය හා දේවාගම කඩ කළ නොහැකිව පැවැත්වීම අනිවාර්ය වේ.එම ගිවිසුම අපගේ පසු කාලීන නීති පොතට ද ඇතුළත් වී තිබේ. එහෙයින් මෙම ගිවිසුම් ප්රබකාරව ඇතිකර ගත් එකඟතාවයන් අදටත් වලංගුය.1951 සිට දැන් වසර හැටහතරක් ගෙවී ගොස් තිබේ. එදා සම්මත කරන ලද බෙදුම්වාදය මේවන විට කෙතරම් දුරට වර්ධනය ව ඇත්දැයි කල්පනා කළ යුතුය. ජාතීන් වශයෙන් බෙදුණු රට පක්ෂ වශයෙන් බෙදුණු සිංහලයා පාගා දමමින් දෙමළ මුස්ලිම් ජන වර්ග බලයට පත් කරමින් සිටී. අප නිදහස සමරන්නේ මෙලෙස බෙදී වෙන්වුණු රටක සිටය. වඩා යුක්ති ගරුක සමාජයක් සොයමින් වල්මත්ව සිටින සිංහල ජනතාවට ප්රරජාතන්ත්රෙවාදයද දැන් සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත් ව තිබේ. ඒවා පරිහරණය කරන්නේ අතලොස්සක් වූ බමුණු කුලයක් විසිනි. නීතිය අනුව ගියද නොගියද පක්ෂ වලට බෙදී සිටින සිංහලයා මෙකී බමුණු කුලය අනුමත කරති. ඔවුහු අනුගමනය කරති.1815 වර්ෂයෙන් පසු වසර දෙසීයක් ඉකුත්ව ගිය තැන බලලෝභී සිංහලයන් විසින් නැවතත් රට පාවා දී තිබේ. යහපාලනය සකස් කළ හැකි යයි කියන විජාතික බලවේගයන්ට මෙලෙස රට පාවා දී ඇත. එදා ඉංග්රීයසීන් විසින් මල්වතු සහ අස්ගිරි මහනායක තෙරවරුන්ටද මෙවැනි යහපාලනයක් ගැන මහ ලොකු කතා කීබව ඉතිහාසයේ ඇත. එහෙත් වර්ෂ කීපයක් ඉකුත්වන්නට පළමු ඔවුහු ගිවිසුම කඩකොට සිංහල සිරිත් විරිත් උල්ලංඝණය කරමින් හැසිරෙන්ට වන. අද සිදු වන්නේද එලෙස නොවේද. එසේ නම් සිංහලයන් ගේ උපක්රනමික භාවයේ විශාල අඩුපාඩුවක් තිබෙන බව අප තේරුම් ගත යුතුය.සිංහලයා පාර්ලිමේන්තුව තුළ ගාල් කර භේද භින්න කරන ලද බව ප්රපකාශ කළ යුතුය.එසේ නම් නිදහස පවතින්නේ පාර්ලිමේන්තුව තුළවත් යටකී බමුණු කුලයේ මග පෙන්වීමෙන් රැස්කරගන්නා පක්ෂ දේශපාලනය තුළත් නොවේ. සිංහල රට පාවා දීමට ගිවිසුම් අත්සන් කළ මගුල් මඩුව පදනම්ව ඇරඹෙන නව ජාතික විමුක්ති අරගලයක් මගින් යැයි අප තේරුම් ගත යුතුය.