චීස් එළවළු පැස්ටා

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
චීස් එළවළු පැස්ටා

අද මම කියලා දෙන්න හදන්නේ මගේම සොයා ගැනීමක්..:oo:ඒ කිව්වේ මට හිතුනු විදිහට තමයි මම මේ කෑම එක හැදුවේ..:Pඅපේ ගෙදරනන් ඔක්කොම ඕනේම වෙලාවක රහ බලන්න කැමති කෑම විදිහට මේක නම් කරන්න පුලුවන්..:love:ඔයාලත් හදලා බලන්න කොහොමද කියලා..ඉතින් මම මේ කියලා දෙන්න යන කෑම තමයි-
චීස් එළවළු පැස්ටා:D

අවශ්‍ය ද්‍රව්‍ය:-

#ටිකක් ලොකු තරමේ කැරට් අල 2,
#සාමාන්‍ය තරමේ ලීක්ස් ගස් 2,
#ගෝවා ගෙඩියෙන් ගලවගත්තු කොල 2,
#බෝංචි කරල් 5,
#පොඩි ලොකු ළූනු ගෙඩි 1,
#සුදු ළූනු බික් 4-5,
#පොඩි අමු ඉඟුරු කෑල්ලක්,
#මාළු මිරිස් කරළක්,
#මධ්‍යම ප්‍රමාණයේ තක්කාලි ගෙඩියක්,
#කැමති වර්ගයක පැස්ටා පැකට් 1,
#කොත්මලේ ප්‍රොසෙස්ඩ් චීස් පොඩි පැකට් 1 1/2,
#ටොමෑටෝ සෝස් මේස හැඳි 3,
#ලුණු කුඩු අවශ්‍ය තරම්,
#කෑලි මිරිස් කුඩු මේස හැඳි 1-2,
#ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2,
#පොල් තෙල් ,එලවළු තෙල්,මාගරින්,සන් ෆ්ලවර්,සෝයා තෙල් හරි කන්න ගන්න ඕනෙම මගුලක්...:growl:


හදන හැටි:-

¥පැස්ටා ටික ලුනු කුඩු ටිකක් හා තෙල් මේස හැන්ඳක් සමග ගැඹුරු වතුරේ තම්බා ගන්න.

¥එය තැම්බුන පසුව (පොඩ්ඩක් හැන්ඳට අරන් බලන්න හරියට තැම්බිලාද කියලා..ගානට ඇවිල්ලනන් පැස්ටා කෑල්ල රබර් වගේ වෙනවා)නැවත ඇල් වතුරින් සෝදාගෙන වතුර පෙරා පසෙකින් තබන්න..

¥දැන් එලවලු සියල්ල කපා ගන්න.

¥සුදු ළූනු හා අමු ඉඟුරු තලා ගන්න.

¥චීස් ටික ග්‍රේට් කරගන්න.(ඒකට සිංහලෙන් කියන එක දන්නේ නෑ)

¥තෙල් ස්වල්පයක් ලිප තබාගෙන මුලින්ම සුදු ළූනු සහ අමු ඉඟුරු එයට දමා බැද ගන්න.

¥ඒවා බැදෙන විට එලවළු සියල්ල සැරින් සැරේ දමා තෙම්පරාදු කරගන්න.

¥දැන් ගම්මිරිස්,කෑලි මිරිස් කුඩු,ලුනු කුඩු ටිකක්(අපි පැස්ටා තම්බද්දිත් ලුනු දැම්මා මතකනේ..ඒ වගේම අපි චීස් දාද්දි ඒකෙත් ලුනු රස තියෙන නිසා ටිකක් පරිස්සමෙන් කරන්න ඕනේ වැඩක්) දමා ගන්න..

¥දැන් මේ එලවළු ටිකට ටොමෑටෝ සෝස් මේස හැඳි 3ක් පමණ එකතු කරන්න.

¥චීස් ටිකද එකතු කරන්න..


¥දැන් අපි තම්බගෙන පැත්තකින් තියලා තිබ්බ පැස්ටා ටික එකතු කරන්න.

¥අවසානෙයේ කපාගත් තක්කාලි ටික එකතු කර මිශ්‍රණය උඩින් යාන්තමට දුම දානකොට බාන්න..නිවෙන්නට පෙර රස බලන්න.
:D:D


dzt3yf.jpg



මෙක මම අපේ Cooking Mega Thread එකේ දාපු පෝස්ට් එකක්. මෙහෙම දාන්න හේතුව මේක දාලා තියෙන්නේ ඉස්සර වගේ Elakiri Talk කැටගරි එකේ නෙමේ නිසයි. Adminට කියලා වෙනම කෑම බීම වලට සෙක්ශන් එකක් කිරියේ දම්මව ගත්තා. ඉතින් ඒ ත්‍රෙඩ් එකේ අලුතින් රෙසිපි වැටෙන වැටෙන පිලිවෙලට ඒ පෝස්ට් එක කෝට් කරලා මෙහෙම අලුත් ත්‍රෙඩ් කුකින් සෙක්ශන් එකේ අරින්නයි අපි හිතාගෙන ඉන්නේ.:D:D:D
 
Last edited: