සූර්ය පැනල (Solar Panel)

Freeway90

Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    12115852_1044220058946256_9132091974516972225_n.jpg

    ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා යනු පිරමීඩාකාර මුදල් ජාවාරම් කරන ආයතනයකි. ලංකාවේ බොහෝ ප්‍රදේශවල සූර්ය පැනල (Solar Panel) අලෙවි කරමින් මොවුන් මෙම ජාවාරම සිදු කරයි. එම සූර්ය කෝෂ පද්ධතියක මිල 68,500/= කි.

    සාමන්‍යය වෙළඳපොලේ එම සුර්යකෝෂ පැනලයක මිල අඩු වටිනාකමකින් යුක්ත වන අතර ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් තුලින් මෙම සූර්ය කෝෂ පැනලය වැඩි මුදලක් ගෙවා මිලදී ගත යුත්තේ ඔවුන්ගේ පිරමීඩාකාර ජාවාරමේ සාමාජිකත්වය ලබාගැනීම සඳහාය.

    බැංකුවට මුදල් ගෙවා සති දෙකක් ඇතුලත සූර්ය පැනලය ගෙදරට ගෙනවිත් දෙන අතර ඉන් පසුව මොවුන්ගේ දෙදින වැඩමුළුවකට සහභාගී වීමට සිදුවේ. එහිදී ප්‍රකාශ කරන්නේ මෙම සාමාජිකත්වයෙන් අධික ප්‍රතිලාභ ලබාගැනීම සඳහා තමා හිතවත් පුද්ගලයන් සිය දෙනෙකුගේ නම් ලිපින සහ දුරකථන අංක ඔවුන් වෙත ලබා දිය යුතු බවත් පුද්ගලයන් දෙදෙනෙකු සූර්ය පැනල ලබාගෙන මෙහි සාමාජිකයන් කල යුතු බවය.

    එම දෙදෙනාද සම්බන්ධ වූ පසු ඔවුන්ද තවත් පුද්ගලයන් දෙදෙනා බැගින් සම්බන්ධ කර දිය යුතුය. එලෙස පිරමීඩාකාර ලෙස ව්‍යාපාරය ව්‍යාප්ත වන අතර නවක සාමාජිකයන්ගෙන් කොමිස් මුදලක් පැරණි සාමාජිකයාට හිමිවේ. මෙම ව්‍යාපාරයට වර්තමානය වනවිට ස්වාමින් වහන්සේලා විශාල ප්‍රමාණයක් සම්බන්ධ වී ඇති අතර ධර්ම ප්‍රචාරක කටයුතු වෙනුවට සිදු කරනු ලබන්නේ පිරමීඩාකාර ව්‍යාපාරය ප්‍රචලිත කිරිමයි.

    සූර්ය පැනලයට අමතරව මිල අධික අත් ඔරලෝසු සහ සියලු රෝග වලින් ආරක්ෂා විය හැකි "හිමාලයන් පලිඟු" නම්වූ ගෙල පළඳනාවද මෙම ජාවාරමට යොදා ගනී.

    නවීන පන්නයේ මෝටර් රථ, සුපිරි නිවාස සහ සුඛෝප භෝගී ජීවිත ගත කිරීමට කල යුතු වන්නේ තවත් පුද්ගලයන් සම්බන්ධ කරවීම බවයි ඔවුන් පවසා සිටින්නේ. මෙම ව්‍යාපාරය පැහැදිලිවම පිරමීඩ ව්‍යාපාරයක් බව පැහැදිලි නමුත් ශ්‍රී ලංකා මහා බැංකුව සිදු කරන්නේ මෙවැනි ආයතන පිලිබඳ පුවත්පත් දැන්වීම් පල කිරීම පමණි.

    මොවුන් සමාගම් මැදුරේ සමාගමක් ලෙස PV -67367 යටතේ ලියාපදිංචි කොට ඇතිඅතර ඉන් බලය ලැබෙන්නේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට මිස පිරමීඩාකාර මුදල් ජාවාරම් කිරෙමට නොවේ. කොළඹ 03 ඩුප්ලිකේෂන් මාවතේ ප්‍රසිද්ධියේ මෙම ආයතනය පවත්වාගෙන ගියත් පොලිසිය හෝ වෙනත් වගකිව යුතු පාර්ශවයන් මේ සම්බන්ධව නිහඬය.


    283774_452188411482760_556520781_n.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    ගම්පහ පැත්තෙත් මුන් කැරකෙනවා කියල යාලුවෙක් කීවා. හොටෙල් pakage එකක් free දෙනව කියලලු ඇම දාන්නෙ. විශේෂයෙන් පිරිමින්ට වඩා සල්ලි වලට පෙරේත ගෑණුලු මේ ඇම කන්නේ. දන්න කියන එවුන් දැනුවත් කරපල්ලා. :P