මීලග ගොදුර ඔබේ දියණිය විය හැකියි - දැනුවත් &#3

meredean

Active member
  • Nov 22, 2008
    585
    145
    43
    මීලග ගොදුර ඔබේ දියණිය විය හැකියි - දැනුවත් &#3

    1, ඔබේ දියණියට වැඩිහිටි පිරිමින්ගේ උකුල උඩ වාඩිවෙන්න දෙන්න එපා, වැළදගන්න දෙන්න එපා, සිපගන්න දෙන්න එපා.

    2,පිටස්තරයින් ඉදිරිපිටදී කිසිම දියණියකගේ ඇදුම් මාරු කරන්නෙපා.

    3,මේ මගේ බිරිඳ, මේ මගේ පෙම්වතිය ලෙස විහිළුවටවත් දරුවාව හැදින්වීමට කාටවත් ඉඩදෙන්න එපා.

    4,පුංචි දියණිය යාලුවොත් එක්ක සෙල්ලම් කරනකොට ,ඇය ආශ්‍රය කරන යාලුවෝ ගැන හොදින් සැලකිලිමත් වෙන්න. ඔබ නොදන්නවා උනාට බොහෝ දරුවන් ලිංගිකව අපයෝජන වලට ලක්වී තිබිය හැක. ඔබේ දියණියටද ඔවුන්ගේ අත්දැකීම් වල වැරදි ප්‍රතිපල හිමිවිය හැක.

    5, දරුවා ප්‍රතික්ෂේප කරන , ගැවසීමට අකමැති,ඇසුරු කරන්න අකමැත්තක් දක්වන වැඩිහිටියන් ලගට යන්න කවදාවත් බල කරන්න එපා.

    6,බොහොම ක්‍රියාශීලීව,කෙළිදෙලෙන් කාලය ගත කරපු ඔබේ දරුවා ක්ෂණිකව වෙනස් වුනාද? නිහඬද? හැකි ඉක්මනින් දරුවා පිලිබදව අවධානය යොමු කර, දරුවාට ආදරය ලබා දී දරුවා පිලිබදව සොයා බලන්න. ඉවසිලිමත්ව දරුවාගෙන් ඒ පිලිබදව විමසන්න.

    7,දරුවා නරඹන කාර්ටුන් , චිත්‍රපට සහ පරිඝනක ක්‍රීඩා පිලිබදව විමසිලිමත් වන්න. ඔබද නොදැනුවත්වම ඒ හරහා දරුවා ලිංගික ක්‍රියාවන්ට යොමු විය හැක.

    8,අන්තර්ජාලය භාවිතා කර දරුවන් පිවිසෙන වෙබ් අඩවි පිලිබදව සොයා බලන්න

    9,දරුවාට තමන්ගේ සිරුරේ අවයව හොදින් පිරිසිදු කරගන්නා ආකාරය හොදින් උගන්වන්න. ගෙදර මෙහෙකරුට හෝ මෙහෙකාරියට දරුවාගේ අවයව අල්ලන්න ඉඩදෙන්න එපා.

    10,පිරිසක් ඉදිරියේ විනීතව සහ අචාරශීලිව හැසිරෙන හැටි දරුවාට පුරුදු කරන්න , ඇදුම් අදින ආකාරය සහ සියලු දේ.

    11,ඔයාගේ දරුවා කිසිම විටෙක කිසියම් කෙනෙක් පිලිබදව පැමිණිලි කලොත් නිහඩව ඉන්න එපා. වහාම ඒ පිලිබදව සොයා බලන්න.

    12,නිහඩව සිටීම යම්කිසි අපරාධයකට දිරිදීමක් විය හැකි අතර එවැන්නක් සිදුවුවොත් එය ඔබේත් දරුවාගේත් මුළු ජීවිත කාලයටම වදදෙන වේදනාවක්
    පමණක් උරුම කරාවී.​

    උපුටා ගත්තේ : http://salaada.blogspot.com/
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඈ..
    වැඩිහිටි පිරිමින්ගේ හෝ ගෑණුන්ගෙ උකුලෙ පිරිමි ලමයි වාඩි කෙරෙව්වට කමක් නෑ
    පිටස්තරයන් ඉදිරියේ පිරිමි ලමයෙක්ගෙ ඇඳුම් මාරු කලාට කමක් නෑ
    මේ මගෙ ගේ හස්බන්ඩ් වගේ පිරිමි ලමයව හඳුන්වන්න ඉඩ දුන්නට කමකුත් නෑ
    පිරිමි ලමයි සෙල්ලම් කරන යාලුවො ගැන හොයන්න ඕනෙත් නෑ
    පිරිමි ලමයි ප්‍රතික්ශේප කරන අය ගාවට යන්න බල කලාට කිසිම අවුලකුත් නෑ
    බොහොම ක්‍රියාශීලීව කෙලි දෙලෙන් ගත කරපු පිරිමි ලමයෙක් වෙනස් වුනොත් ඒ ගැන අවධානය යොමු කරන්න ඕනෙත් නෑ
    පිරිමි ලමයෙක් නරඹන කාටුන් චිත්‍රපට ගැන විමසිලිමත් වෙන්න ඕනෙත් නෑ
    අන්තර්ජාලය භාවිතා කර පිරිමි ලමයි පිවිසෙන වෙබ් අඩවි පිලිබඳ සොයා බලන්න ඕනෙත් නෑ
    තමන්ගේ සිරුරේ අවයව පිරිසිදු කරගන්නා අකාරය උගන්නන්න ඕනෙත් නෑ මෙහෙකාරයො ඒව ඇල්ලුවට ප්‍රශ්නෙකුත් නෑ
    පිරිසක් ඉදිරියේ විනීතව ආචාරශීලීව හැසිරෙන විදිහ පුරුදු කරන්න ඕනෙත් නෑ ඇඳුම් අඳින විදිහ පුරුදු කරන්න ඕනෙත් නෑ.
    පිරිමි ලමය කිසියම් කෙනෙක් ගැන පැමිණිලි කලොත් කිසිම ප්‍රශ්නයක් නෑ ඉග්නෝ කලෑකි.
    නිහඬව සිටීම මොනම විදිහකින්වත් අපරාධයකට දිරිදීමක් වෙන්නෙ නෑ එහෙම වුනාට පිරිමි දරුවාගේ මුළු ජීවිත කාලෙට මොකුත් වෙන්නෙත් නෑ ඔබගේ මුළු ජීවිත කාලෙටම මොකුත් වෙන්නෙත් නෑ

    මේව දකිද්දි අර අතුරුදහන් වෙච්ච රේඩියෝඇක්ටිව් කාරයව මතක් වෙනව සිඞ්හලු :sorry: :sorry:
    ඌ කිව්වෙ ඇත්ත ෆෙමිනිස්ට්ස්ට්ස් ල අනවශ්‍යය විදිහට සමාජ මතය වෙනස් කරනව :sorry: :sorry:
    ඌ හිටියනං අගේ තේරෙන්නෙ දැනුයි :baffled: :baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බොහොම වටිනා විස්තර ටිකක් බෙදාගත්තට ස්තූතියි..ඒ වගේම කියන්න ඕනේ මේ ටික ගෑනු දරුවන්ට විතරක් නෙමෙයි පිරිමි දරුවන්ටත් පොදුයි..ගොඩක් වෙලාවට දෙමව්පියෝ "ආ අපිට ඉන්නේ කොල්ලෙක්නේ..මෙකගේ මොනා පරිස්සම් කරන්නද" කියලා හිතනව..ඒත් අපයෝජනය කියන එකට බේදයක් නෑ..:)