වෙලෙන්දියකගේ_පහන් වැලක් යට....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙලෙන්දියකගේ_පහන් වැලක් යට....

    අනන්තයේ දිලිසෙනා තාරුකා....
    වසන්තයේ දැක ගනිමි කියා...
    ගිමන් නොවී සුසුමන් සිද බිදලා....
    තුටින් ඉගිල්ලී ඔහේ ගියා.......

    බලාගෙනයි නපුරුයි ලද අවමන්...
    අවවාදය නෑසෙනා කරම්.....
    තියාගෙනයි හිටියේ මා අභිමන්...
    අවලාදය නිති බැහැර කරන්....

    කිරිල්ලියක සේ පියඹා යන්නට
    සිහින මැව්ව කාලය බොදවී....
    වෙලෙන්දියකගේ පහන් වැලක් යට....
    පැයෙන් පැයට රුපියල් මැවුනී.....

    අතින් අතට ගුලිවී තෙරපෙද්දී....
    මල්වර නැකතේ පැතූ පැතුම්...
    දෙගුරුන්ගේ රූපයත් දවාලයි......
    මටත් අහිමි මේ කිළුටු සිතින්....

    ඉහට වහල නැති ලොවක් මටත් ඇති...
    පුදුමයි දහවල රැයට වඩා......
    සාප කරන් ඉර යට සිටි මහතුන්...
    සදු හමුවේ එති පහස පතා......

    සිතේ ඇතත් සුබ දිවියක නටඹුන්...
    කෙසේ ලබන්නද රජ මැදුරූ......
    සිතක් නොමැති සිරුරක රැදවෙන්නම්...
    මේ දිවියෙන් නික්මෙනා තුරූ......

    domestic-violence.jpg


     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජොසී;19161195 said:
    කොහෙන්ද ඉස්සුවෙ කියලත් දාන්න. :)
    ඇයි මේකේ අපිට හිතෙන දේවල් ලියන්න බැරිද දැං ? උස්සපුවා දාන්න විතරද ඔට්ටු :eek:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    කිරිල්ලියක සේ පියඹා යන්නට
    සිහින මැව්ව කාලය බොදවී....
    වෙලෙන්දියකගේ පහන් වැලක් යට....
    පැයෙන් පැයට රුපියල් මැවුනී.....

    :(

    සිතේ ඇතත් සුබ දිවියක නටඹුන්...
    කෙසේ ලබන්නද රජ මැදුරූ......
    සිතක් නොමැති සිරුරක රැදවෙන්නම්...
    මේ දිවියෙන් නික්මෙනා තුරූ......
    (මේ ටික තේරුනේ නැහැ)
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඇයි මේකේ අපිට හිතෙන දේවල් ලියන්න බැරිද දැං ? උස්සපුවා දාන්න විතරද ඔට්ටු :eek:
    මේ දවස් වල කට්ටිය උස්සලා දානවා වැඩියි. ඒකයි එහෙම කීවෙ. ඇත්තටම කියෙව්වෙ වත් නෑ හරියට. දැං තමා කියෙව්වෙ. Good one bro. Patta.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොසී;19161244 said:
    මේ දවස් වල කට්ටිය උස්සලා දානවා වැඩියි. ඒකයි එහෙම කීවෙ. ඇත්තටම කියෙව්වෙ වත් නෑ හරියට. දැං තමා කියෙව්වෙ. Good one bro. Patta.

    උඹ සංකපාලයාගේ ත්‍රෙඩ් මීට කලින් බලලා නැද්ද බං. මූ දාන ත්‍රෙඩ් වලින් 95 % ක්ම තියෙන්නේ කවි නිසදැස්.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    උඹ සංකපාලයාගේ ත්‍රෙඩ් මීට කලින් බලලා නැද්ද බං. මූ දාන ත්‍රෙඩ් වලින් 95 % ක්ම තියෙන්නේ කවි නිසදැස්.
    මම කිරියෙ කවි බලලම නෑ බං. මේ කියෙව්වාමයි එකක්.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Niyamai sankayo..:love::love:

    Umba ara ara sharamikayange neethiya sammatha karaganna hadana video eka dakala neh meka liwwe?:)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජොසී;19161195 said:
    කොහෙන්ද ඉස්සුවෙ කියලත් දාන්න. :)

    :lol::lol:Ane josi..sankayawa Api echchara ganan gaththe nathi unata :P meka surendra pereratath sindu liwwa Honda lyrics writer kenek..:love: surendrage "hindi wage" sinduwa ahala balanna tikak..meka liwwa sinduwak..:)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කිරිල්ලියක සේ පියඹා යන්නට
    සිහින මැව්ව කාලය බොදවී....
    වෙලෙන්දියකගේ පහන් වැලක් යට....
    පැයෙන් පැයට රුපියල් මැවුනී.....

    :(

    සිතේ ඇතත් සුබ දිවියක නටඹුන්...
    කෙසේ ලබන්නද රජ මැදුරූ......
    සිතක් නොමැති සිරුරක රැදවෙන්නම්...
    මේ දිවියෙන් නික්මෙනා තුරූ......
    (මේ ටික තේරුනේ නැහැ)

    E kiyanne sapa sampath pirunu duk karadara nath jeewithayak gatha karanna hithuwata eka haba nowena heenayak witharai.
    "Sithak nomathi siruraka randawannam"kiyanne thaman gana kisima adarak,hangeemak nathi..raagaya pamanak balaporoththuwena minissu ekka marenakanma ganudenu karannan kiyana ekai..:)
     
    • Like
    Reactions: Dinushasankalpa

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොසී;19161244 said:
    මේ දවස් වල කට්ටිය උස්සලා දානවා වැඩියි. ඒකයි එහෙම කීවෙ. ඇත්තටම කියෙව්වෙ වත් නෑ හරියට. දැං තමා කියෙව්වෙ. Good one bro. Patta.
    අනේ මස්සිනේ ළිදේ පැනහං කෝ..............
     
    • Like
    Reactions: Dinushasankalpa

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජොසී;19161244 said:
    මේ දවස් වල කට්ටිය උස්සලා දානවා වැඩියි. ඒකයි එහෙම කීවෙ. ඇත්තටම කියෙව්වෙ වත් නෑ හරියට. දැං තමා කියෙව්වෙ. Good one bro. Patta.

    :lol: උඹ මෙච්චරකල් එලකිරියේ නෙවෙයිද හිටියේ. :lol::lol:
     
    • Like
    Reactions: Dinushasankalpa