අක්මාව_සුවපත්_කරන_ආහාර_වර්ග..

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අක්මාව_සුවපත්_කරන_ආහාර_වර්ග..

    අක්මාව සුවපත් කරන ආහාර වර්ග..


    අක්මාව ශරීරයට ඇතුළු වන විශ වර්ග ඉවත් කරමින්,
    හෝර්මෝන නිපදවමින් විශාල කාර්යභාරයක් ඉටුකරලනු ලබයි.
    එමෙන්ම ආහාර ජීර්ණයේදී ද දායකත්වයක් දක්වයි.
    මේ අක්මාව නීරෝගීව පවත්වා ගැනීම අප සැමගේ වගකීමකි. :yes::yes:


    01. බ්‍රොකොලි

    මේවායේ ඇති කොළ පැහැයට හේතු වී ඇත්තේ එහි අන්තර්ගත හරිතලව හා ප්‍රතිඔක්සිකාරකයනුයි. තන්තු බහුල ආහාරයක් වන මෙමඟින් ශරීරයේ විශ ඉවත් කරලනු ලබයි. එමෙන්ම එන්සයිම නිපදවීමේ ක්‍රියාවලියටද උපකාරී වේ.


    liv1.jpg


    02. බීට්රූට්

    මේවා මඟින් ඔබගේ රුධිරය පිරිසිඳුු කරලනු ලබන අතර අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි කරවයි. තන්තු වලින් පොහොසත් වගේම ප්‍රතිඔක්සිකාරක, යකඩ හා තවත් බොහෝ පෝෂ්‍ය පදාර්ථ වලින්ද අනූන වේ.

    liv2.jpg


    03. ධාන්‍ය

    මේවායේද විෂ බැහැර කරවන තන්තු බහුල වේ. ශරීරය තුළ ප්‍රොටීන නිපදවීමද සිදු කරයි.

    liv3.jpg


    04. දෙහි

    Vitamin C හා ප්‍රතිඔක්සිකාරක බහුල බැවින් අක්මාවේ ක්‍රියාකාරීත්වයට ආධාර කරයි. විෂ බැහැර කරවයි. ජීර්ණය හා බහිස්‍රාවය පහසු කරවයි.

    liv4.jpg



    05. ඇපල්

    ඇපල් මඟින් ශරීරයට පෙක්ටීන් මෙන්ම තවත් ශරීර අභ්‍යන්තරය පිරිසිඳු කරවන පදාර්ථයන් දායක කෙරේ.

    liv5.jpg


    06. බතල

    බතල වල බීටා කැරොටීන් අන්තර්ගත වේ. එමෙන්ම මෙය අක්මාවට හිතකර ආහාරයක් වේ.

    liv6.jpg


    07. ළූණු

    ළූණු වල අන්තර්ගත allicin නිසා එය ජීර්ණ පද්ධතියට හා අක්මාවට හිතකර වේ.

    liv7.jpg


    08. සුදුළූණු

    මෙමඟින්ද අක්මාවට බෙහෙවින් හිතකර allicin දායක කරයි. සුදුළූණු මඟින් රුධිරය පිරිසිඳු කරවනවා මෙන්ම පෝෂණය කරවයි. එය ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටද යහපත් වේ.

    liv8.jpg


    09. අලිගැටපේර

    අලිගැටපේර මෙන්ම ආමන්ඩ් හා walnuts වලද ශරීරයට අවශ්‍ය හිතකර මේද වර්ග අඩංගු වේ.

    liv9.jpg


    10. ගෝවා

    මේවාද ඔබගේ අක්මාවට යහපත් වේ.

    liv10.jpg


     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,524
    113
    Unknown
    මෙතන තියෙන ගොඩක් දේවල් අපි එදිනෙදා කන බොන දේවල් නේ :yes:
    බෙදා ගත්තට ස්තුත්යි
    +Rep ;)
     
    • Like
    Reactions: Chathuranga1