අමිලසිරි-වයෝවෘද්ධ-භික්ෂු-ආරාමය

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අමිලසිරි-වයෝවෘද්ධ-භික්ෂු-ආරාමය

    නිවන් දකින්නට නොව ජීවිත සුවපත් කරන්නට පෙරුම් පුරණා අමිලසිරි හිමියෝ

    මුලින්ම කියන්න ඕනේ මම කතෝලික උනත් මේ අමිලසිරි හිමියෝ කරන මේ පිං වැඩේ මම දැක්කේ ගිය සතියේ ට්‍රැවල් විත් චතුර වැඩසටහනෙන්. බොරු කියන්න ඕනේ නෑ මේක දැකලා මට ඇත්තටම ඇඩුනා. මම දැනට ලංකාවේ නැතත් මෙහෙම හරි පෝස්ට් එකක් දාලා මේ තැන ගැන දැනුවත් කරන්නේ අපිට පුළුවන් පුළුවන් විදියට මේ අයට ඇප උපස්ථාන උදව් කරන්න ඉදිරිපත් වෙමු. එහෙම අපි මේ භික්ෂූන් වහන්සේලාට උදව් කරොත් ඒක මේ හාමුදුරුවන්ට ලොකු උදව්වක් වෙයි.

    පිහිටක් නැති සරණක් නැති, සතුටක් ඇති මුහුණක් නැති
    මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ, හිතට දැනෙනෙව බුදුහාමුදුරුවනේ .........

    හබලක් නැති ඔරුවක් ඇති, මිනිසුන් වෙති වෙරලක් නැති

    නිවනක් නැති ගෙදරක් නැති, ගමනක් වෙති වෙහෙසක් නැති

    පොල්ගහවෙල නගරය පසුකර කුරුණෑගල දෙසට මද දුරක් යන විටදී මොරහැලකන්ද පාර හමුවේ. අපි ඒ මඟෙහි කිලෝමීටර තුන හතරක් ගියෙමු.

    “අමිලසිරි වයෝවෘද්ධ භික්ෂු ආරාමය.”

    පොල්ගහවෙල වැල්ලව ගමෙහි පිහිටි ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ රජමහ විහාරයෙහි පවත්වාගෙන යනු ලබන වයෝවෘද්ධ ගිලන් භික්ෂු නිවාසය සොයා ගිය ගමන තරමක් දුෂ්කරය. ඒ එම විහාරස්ථානයට යෑමට ඇති පටුමගෙහි ඇති කටුක බව නිසාය. කෙසේ හෝ අපි විහාරස්ථානයට පිවිසියෙමු. වේලාව මද්දහනට ආසන්නය. එහෙත් හාත්පස පරිසරයේ ඇත්තේ දැඩි නිසංසල බවකි. කුඩා සාමණේර වහන්සේ කඩිනමින් එහෙත් සන්සුන් ගමනින් යම් යම් කාර්යයන් හි නිරත වෙති.

    16.jpg

    Treating and caring a sick monk. The Buddha was the most compassionate teacher in the world. This is how He treated his disciples. The Buddha said that one who attends sick attends Him.

    33634_1536170457017_1617511410_1291178_155688_n.jpg

    ගිලන් භික්ෂුන් වහන්සේලා හා වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේලා සදහා කරවා ඇති ශාලාව

    33726_1536331421041_1617511410_1291471_6620751_n.jpg

    වයෝවාද්ධ හිමි නමක් සමඟ අමිලසිරි ගිලන් වැඩිහිටි නිවාසයේ නිර්මාතෘ පිංවත් අමිලසිරි හිමියන්

    37211_1533957001682_1617511410_1284675_8313131_n.jpg

    වයෝවෘද්ධ හිමි නමකට උපස්ථාන කරන භික්ෂුන් වහන්සේ නමක්

    39441_1533960001757_1617511410_1284688_5280776_n.jpg

    40723_1536170817026_1617511410_1291180_4776633_n.jpg

    රෝද පුටුවක තබා අවාසය තුලට වඩමවන වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ නමක්.

    44252_1536331101033_1617511410_1291468_606830_n.jpg

    සංඝොපස්ථානයට එහි ගිය පිරිසක් මහ සඟ රුවනට උපස්ථාන කරමින්

    58126_1536331221036_1617511410_1291469_89492_n.jpg

    62757_1533961641798_1617511410_1284693_703973_n.jpg

    75660_1606373732055_1617511410_1421751_546451_n.jpg

    උපස්ථානාඝාරයේ ඇතුලත දර්ශනයක්.

    75660_1606373772056_1617511410_1421752_2869692_n.jpg

    75660_1606373812057_1617511410_1421753_7559407_n.jpg

    සුළු සුළු මානසික රෝගී බවින් යුතු භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් වෙන කෙරුනු ආවාසය.

    as1107101-4.jpg

    රෝගී භික්ෂුන් වහන්සේ නමකට උපස්ථාන කරමින්

    as1107101-2.jpg

    හඟුරන්කෙත පුණ්‍යසාර හිමි

    as1107101-3.jpg

    අමිලසිරි හිමි

    අම්මලා තාත්තලා දරුවෝ උස් මහත් කර සමාජයට දායාද කරති. එම දරුවන්ගෙන් දෙමවුපියන් රක්ෂා කරන්නෝ ද හැදු වැඩු දෙමවුපියන් දෙස නොබලන්නෝ ද වෙති. එවිට යන එන මං නැතිව අසරණ වන්නේ දරුවන් වෙනුවෙන් අප්‍රමාණ දුක්විඳි දෙමවුපියෝය.

    මෙම ශෝචනීය කතන්දරයේම තවත් පැතිකඩකි. ඇතැම් වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේට ඇතැම් විට ජීවිතයේ තනි වන්නට සිදුවීම දරුවන් මෙන් ඇති දැඩිකළ ගෝල භික්ෂුන් වහන්සේ තම ගුරු හිමිවරුන් වයසට ගිය කල ඇප උපස්ථාන කිරීමෙන් වැලකුණු විට අසරණ වන්නේ ගුරු හිමිවරුන්ය. යන්නට එන්නට තැනක් නොමැතිව දුක්ඛිත ජීවිතයක් ගත කරන්නට සිදුවූ එවැනි වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේ වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන අමිලසිරි වයෝවෘද්ධ භික්ෂු ආරාමය සංවේදී හදවත් ඇති අයගේ නෙතට කඳුළක් එක්කරනු නොඅනුමානය.

    පැවිදි දිවියේදී අප්‍රමාණ වූ කටුක අත්දැකීම්වලට මුහුණ දෙමින් නන්නාඳුනන වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේ ගේ ජීවිත සැපවත් කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද මෙම භික්ෂු ආරාමය පවත්වාගෙන යනු ලබන්නේ මොදරවානේ අමිලසිරි තරුණ භික්ෂුන් වහන්සේ විසිනි.

    ඇඹිලිපිටියේ මොදරවාන ගම්මානයේ අට දෙනෙකුගෙන් යුතු ගොවි පවුලක පස්වැනියාව උපන් ඔහු පහළොස් හැවිරිදි වියේදී පැවිදි ජීවිතයට ඇතුළත් වූයේ දෙමවුපිය කැමැත්ත ඇතිවය. හෝමාගම දාම්පේ ශ්‍රී බෝධිවර්ධනාරාමයේ මාලඹේ මධුරසිරි හිමියන් යටතේ පැවිදි දිවියට ඇතුළත් වූ අමිලසිරි සාමණේරයන් වහන්සේ පිරිවෙන් අධ්‍යාපනයෙන් පසුව ;හීමාගම පාලි බෞද්ධ විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූහ.

    මේ අතරතුර වැල්ලව පන්සලේ විසූ පඤ්ඤානන්ද නායක හිමියන් රෝගාතුර වීමත් සමඟ උන්වහන්සේට ඇප උපස්ථාන කිරීමේ කාර්යයේ නිරත වූ අමිලසිරි හිමියෝ නායක හිමියන් අපවත් වීමෙන් පසු විහාරස්ථානයේ භාරකාරත්වයට පත්වූහ. ඒ එක්දහස් නවසිය අසූනවය වසරේදීය. විහාරස්ථානයේ කටයුතු කරගෙන යන අතරේදී 2002 වසරේදී වයෝවෘද්ධ භික්ෂු ආරාමය ආරම්භ කැරිණි.

    “මෙම භික්ෂු ආරාමය ආරම්භ කළේ භික්ෂුන් වහන්සේ හය නමකගෙන්. දවසක් මම කුරුණෑගල රජයේ රෝහලට ගියා. ඒ යන විට එහි බස් නැවතුම් පළේ භික්ෂුන් වහන්සේ නමක් අසුන්ගෙන සිටිනවා දුටුවා. මම රෝහලට ගොස් නැවත පැමිණෙන විටත් එම භික්ෂුන් වහන්සේ එතැනම සිටියා මම ළංවී තොරතුරු විමසුවා. එතකොට දැනගන්නට ලැබුණා යන්න එන්න තැනක් නැතිව රෝහලෙන් ටිකට් කැපුවට පස්සේ දින කිහිපයක් තිස්සේ, බස් නැවතුම් පළේ නතරව සිටින බව. ඒ වන විට ඒ හාමුදුරුවන් අංශභාග රෝගය වැළඳී තිබුණා. මම හිතාගත්තා මං මේ භික්ෂුන් වහන්සේ රැගෙන එනවා කියලා. වාහනයක් කතා කරගෙන විහාරස්ථානයට රැගෙන ආවා.

    පසුව දා මම නැවත කුරුණෑගල රෝහලේ භික්ෂු වාට්ටුවට ගියා. එහි වෛද්‍යවරුන්ට කිව්වා කාත් කවුරුවත් නැතිව අසරණ වූ භික්ෂුන් වහන්සේ ඉන්නවනම් මා ළඟට එවන්න කියලා. එවැනි භික්ෂුන් වහන්සේ හය නමක් හිටියා. මං ඒ අයව විහාරස්ථානයට රැගෙන ආවා.

    ඒ වෙනකොට පන්සලේ ඇඳන් තිබුණේ තුනයි. ඇඳන් නොමැති අයට බිම පැදුරු දාලා ඉඩ ලබා දුන්නා. පන්සලට ලැබෙන දානේ මදි. මම පොඩි හාමුදුරු නමක් සමඟ පිංඩපාතේ වැඩියා. එහෙම ගිහින් ලැබෙන දානය ගෙනත් මේ භික්ෂුන් වහන්සේ පෝෂණය කළා. ක්‍රමයෙන් භික්ෂුන් වහන්සේ ප්‍රමාණය වැඩි වුණා. රටේ විවිධ පළාත්වලින් භික්ෂුන් වහන්සේලා ආවා. මම මට පුළුවන් ආකාරයෙන් උන්වහන්සේට ඇප උපස්ථාන කළා.” අමිලසිරි හිමියෝ අතීතය සිහිපත් කරන්නාහ.

    විහාරස්ථානයට ලැබෙන දාන ප්‍රමාණය අඩුය. රෝගී භික්ෂුන් වහන්සේ වෙනුවෙන් එම දානය ප්‍රමාණවත් නැති තැන අමිලසිරි හිමියෝ පිණ්ඩපාතය වඩින්නට ඉටා ගත්තා. උන්වහන්සේ දිනපතා අවට ගම්වලට පිංඩපාතයේ වැඩියහ. ගම්වැසියෝ උන්වහන්සේ කරන කාර්යය පිළිබඳව අවබෝධ කරගැනීමත් සමඟ කෑම පාර්සල් සකසා තැබීමට තරම් කාරුණික වූහ.

    මේ අයුරින් වසර අටක්ම අමිලසිරි හිමියෝ පිණ්ඩපාතයේ වැඩි සේක. අදට ද වෙළෙඳපොළට ගිය විට එළවළු වෙළෙන්දෝ විහාරස්ථානයට එළවළු හාල් තුනපහ එකතු කර ලබා දෙති. ඇතැම් විට මුදල් දෙති. මුදල් ලැබුණු විට එම මුදල් වැය වන්නේ රෝගී භික්ෂුන් වහන්සේට අවශ්‍ය ඖෂධ ලබාගැනීම සඳහාය.

    “මේ වන විට භික්ෂුන් වහන්සේ හතළිහක් ඉන්නවා. අපට තියෙන පහසුකම් අඩුයි. එහෙම වුණත් මේ ස්වාමින් වහන්සේට අසරණ වෙන්න දෙන්න බැහැ. මේක ආරම්භ කරපු දවසේ ඉඳලා මේ වෙනකොට භික්ෂුන් වහන්සේ විසිහය නමක් අපවත් වෙලා තියෙනවා. දැනට ඉන්න භික්ෂුන් වහන්සේ අතර අංශභාග රෝගය වැළඳුණු අය, මානසික ආබාධ තියෙන අය වගේම, වයෝවෘද්ධභාවය නිසා රෝගී වූ අය ඉන්නවා. මේ හැම කෙනකු ගැනම හොඳ අවධානයෙන් ඉන්න ඕනැ.

    ඒ වගේම ඇතැම් භික්ෂුන් වහන්සේට දවසක් ඇර දවසක් වෛද්‍යවරයකු හවුවට ගෙන යන්න ඕනැ. ඖෂධ වර්ග මිලදී ගන්න ඕනැ. අපි මේ ස්ථානයට බාර ගන්නේ විශ්‍රාම වැටුප් හෝ වෙනත් කිසිම ආදායමක් නැති භික්ෂුන් වහන්සේලා පමණයි. දැනට ඉන්න අය අතර ඉන්නවා සිවුරු දෙකක් අතට අරගෙන විහාරස්ථානයෙන් එළියට බැහැලා ආව හාමුදුරුවරු. මේකත් ඇතැම් දෙමවුපිය දූදරු සම්බන්ධකම්වල තවත් එක් පැත්තක්. දැනට අපට තිබෙන ඉඩ පහසුකම් මදියි. එහෙම වුණත් අසරණ වූ භික්ෂුන් වහන්සේ නමක් අප ළඟට ආවොත් නැවත හරවා යවන්නේ නැහැ. පුළුවන් හැටියට බලා ගන්නවා.”

    වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේගේ ජීවිත සුවපත් කිරීම සඳහා කිසිදු ලාභ ප්‍රයෝජනයක අපේක්ෂාවෙන් තොරව සත්කාර්යයේ නිරතව සිටින අමිලසිරි හිමියෝ බොහෝ අපහසුතාවන්ට මුහුණ පාන්නාහ.

    රෝගීව සිටින භික්ෂුන් වහන්සේ නමක අපවත් වූ විට ඒ කටයුතු කිරීම සඳහා ඇතැම් විට කාගේ හෝ පිහිට පතන්නට සිදු වේ.

    එසේ නොමැති වූ විට මල් ශාලාවකින් ණයට ඒ අවශ්‍ය කටයුතු සිදුකර ගනී. විහාරස්ථානයට ආදායම් මාර්ග නැත. දුර බැහැර සිට පැමිණෙන දායකයකුගෙන් ලැබෙන මුදල ඇතැම් විට වෙන් වන්නේ රෝගී භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ඖෂධ හෝ පිටි වර්ග මිලට ගැනීම සඳහාය.

    “භික්ෂුන් වහන්සේ ක්ලිනික් දවසට රෝහලට රැගෙන යන්න ඕනැ. මේ අයව බස් එකේ එක්කගෙන යන්න බැහැ. සමහර වෙලාවට හඳුනන කාගේ හරි වාහනයක් ඉල්ල ගන්නවා. එහෙම නැති දවසට කුලියට වාහනයක් ගෙන්නා ගන්නවා. කුරුණෑගල රෝහලට යන්න එන්න රුපියල් එක්දහස් පන්සීයක් විතර ගන්නවා.

    පන්සලට එන පාර අබලන් නිසා වාහන අයිතිකාරයෝ එන්න කැමති නැහැ. වාහනවලට ගෙවන්න කාටහරි දායකයකුට ඇත්තම කියලා මුදල් ඉල්ලා ගන්නවා. සතියකට වතාවක්වත් වෛද්‍යවරයෙක් මෙතැනට ගෙන්න ගන්න තියෙනවා නම් හොඳ යැයි අමිලසිරි හිමි පවසන්නේ රෝගි භික්ෂුන් වහන්සේ ගැන උපන් කරුණාවෙනි.

    වයෝවෘද්ධ, ගිලන් භික්ෂුන් වහන්සේගේ ජීවිත සැපවත් කිරීමට වෙහෙසෙන අතරේම අමිලසිරි හිමි කුඩා සාමණේරයන් වහන්සේ රැසකගේ ද අනාගතය සැකසීමට බාරගෙන ඇත්තේය.

    “වයස අවුරුදු අටේ සිට ඉහළට කුඩා හිමිවරු විසිතුන් නමක් ඉන්නවා. මේ අය පිරිවෙන් යනවා. ඉගෙනීමට දක්ෂ අය මේ අතර ඉන්නවා. මේ අතරින් අට දෙනෙක්, විශ්ව විද්‍යාලයට තේරිලා ඉන්නවා. මේ අයට ඉගෙනීමට වියදම් කරන්න ඕනැ. බොහෝ අපහසුතා මධ්‍යයේ පොඩි හාමුදුරුවරු පිරිවෙන් යනවා. පොත්පත් ආදිය ප්‍රවේශමෙන් පරිහරණය කරන්නේ. පුංචි අයට සිවුරු මස්සවන්න ඕන. මම බොහොම අමාරුවෙන් අවුරුද්දට සිවුරු දෙකක් ලබා දෙනවා.

    වැලිකන්ද, පොළොන්නරුව අම්පාර ආදි ප්‍රදේශවලින් පැමිණ පැවිදි වූ කුඩා සාමණේර හිමිවරු මේ අතර වෙති. මේ හිමිවරුන්ට ඇත්තේ චීවර දෙකක් පමණි. ඇතැම් අයට පයලා ගැනීමට පාවහන් නැත. පිරිවෙන් යන්නට සිදුව ඇත්තේ කිලෝමීටර් හතරක් පහක් පමණ පා ගමිනිනි. තාමත් සෙල්ලම් වයසේ පසුවන කුඩා හිමිවරුන්ට බොහෝ අඩුපාඩුකම් ඇත්තේය.

    අප අවට දැවටි දැවටි සිටි කුඩා සාමණේරයන් වහන්සේ කෙනෙකු හා කතාබහ කරන අතරතුරදී උන්වහන්සේ කීවේ තමන් ඇපල් හා මිදි කෑමට කැමති බවය. අනෙක් කුඩා හිමිවරු ද හිස වනා, ලැජ්ජාවෙන් හිනැහෙමින් එය අනුමත කළහ.

    කඩවත කරඳගහමුණ පන්සලේ වැඩ විසූ හඟුරන්කෙත පුන්‍යසාර හිමි අනුතුන් හැවිරිදිය. ඇවිදීමේ අපහසුවෙන් පෙළෙන උන්වහන්සේ මාස කිහිපයක් තිස්සේම ගත කරන්නේ ඇඳ මතය. උන් වහන්සේ පමණක් නොව බොහෝ භික්ෂුන් වහන්සේ දවස ගත කරන්නේ ඇඳ මතය. කෑම කවන්නේ, නාවා පිරිසුදු කරන්නේ අමිලසිරි හිමියෝ හා කුඩා හිමිවරුය.

    “නායක හාමුදුරුවෝ උදේම අවදි වෙනවා. උදේට දානේ උයනවා. සමහර දවස්වලට දානේ ලැබෙනවා. ඒත් පන්සලේ උයනවා. අපිත් ලොකු හාමුදුරුවන්ට උදව් කරනවා. ලූනු සුද්ද කරලා දෙනවා; පොල් ගාලා දෙනවා. ඊට පස්සේ පන්සල අමදිනවා. රෝගි වුණු හාමුදුරුවන් පිරිසුදු කරනවා.” කුඩා හිමිවරු තරගයට මෙන් පවසන්නාහ.

    ගිලනුන් වෙනුවෙන් තම ජීවිතය කැපකර සිටින අමිලසිරි හිමියෝ තම වකුගඩුවක් ද පරිත්‍යාග කර ඇත්තාහ. උන්වහන්සේ එම පරිත්‍යාගයේ ද ජාති ආගම් භේද තැකුවේ නැත.

    “ඉස්සර ඉඳන්ම මගෙ කැමැත්තක් තිබුණා වකුගඩුවක් දන් දෙන්න ඕන කියලා. මම වකුගඩුව දන් දුන්නේ කතෝලික තරුණියකට. එම පරිත්‍යාගයේදී ඉන්දියාවට ගියේ මා ළඟ තිබු මුදලින්. මම ඒ අයගෙන් කිසිම මුදලක් අය කරගත්තේ නැහැ. කවදහරි දවසක මේ පරිත්‍යාගය කරන්න ඕන කියන බලාපොරොත්තුව තිබුණු නිසා මම ඊට අවශ්‍ය මුදල් ටික ටික එකතු කරලා තිබුණා. මම ඒ අයගෙන් ගමන් වියදම් ගත්ත නම් ඒක පරිත්‍යාගයක් වෙන්නේ නැහැ.

    වකුගඩුව දන් දීලා අවුරුදු පහක් විතර වෙනවා. මාස කිහිපයක් ඒ වෙනුවෙන් පරිස්සම් වුණා. මම දැන් බෙහෙත් බොන්නෙත් නැහැ. බුදුසරණින් මේ වනතුරු මට හෙම්බිරිස්සාවක් කැස්සක්වත් හැදිලා නැහැ. මගේ ඊළඟ බලාපොරොත්තුව අක්මාවෙන් කොටසක් දන්දීමයි.”

    ඔබ වහන්සේ මේ කරන හැම දෙයින්ම අවසානයට බලාපොරොත්තු වන්නේ කුමක් ද?

    “ශරීරයේ කොටස් දන්දීමෙන් මම තවත් කෙනෙකු ජීවත් වීමේ සතුට අත් විඳිනවා. අසරණ භික්ෂුන් වහන්සේට උපස්ථාන කිරීමෙන් උන්වහන්සේලා නිරෝගී බවෙන් සිටීම මම විඳිනවා.”

    වයෝවෘද්ධ භික්ෂු ආරාමය පවත්වාගෙන යනු ලබන විහාර භූමිය අක්කර හයක් පමණ වේ. එහෙත් එහි එක් පසෙක ඇත්තේ ප්‍රයෝජනයට ගත නොහැකි කන්දය. පන්සලටම කියා ළිඳක් නැත. ළිඳක් පිහිටා ඇත්තේ අසල්වැසි ඉඩමකය. ඒ ඉඩමේ සිට පන්සලට වතුර ගැනීම සඳහා මෝටර් තුනක් යොදා ඇත. මේ නිසා අධික විදුලිය බිලක් ද දරන්නට සිදුව ඇත. ඊටත් වඩා ප්‍රශ්නය වී ඇත්තේ ළිඳ පිහිටා තිබෙන ඉඩමේ අයිතිකරු එම ඉඩම විකුණා දමන්නට සූදානම් වීමය. එම ඉඩම විහාරස්ථානය සඳහා මිලට ගැනීමට තරම් අමිලසිරි හිමියන්ට වත්කමක් නැත. ඉඩම විකුණා දැමුවහොත් පන්සලට වතුර ද නැත.

    මෙවැනි දුෂ්කරතා රැසක් මධ්‍යයේ කිසිදු ලාභ ප්‍රයෝජනයකින් තොරව අනුන් වෙනුවෙන් කැපවී කටයුතු කරන අමිලසිරි හිමියන්ට නොව උන්වහන්සේ රැක බලාගන්නා රෝගි භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් නම් ආධාරයක් උපකාරයක් කිරීමට, කුඩා සාමණේර හිමිවරුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උදව්වක් කිරීමට සිළුමිණ පාඨකයිනි ඔබටත් ඉදිරිපත් විය හැකිය. එය මහඟු පුණ්‍ය කර්මයක් වනවා නොඅනුමානය. අමිලසිරි වයෝවෘද්ධ භික්ෂු ආරාමය, ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරය, වැල්ලැව පොල්ගහවෙල එහි ලිපිනයයි.

    %25E0%25B7%2584%25E0%25B7%2599%25E0%25B6%25A9%25E0%25B6%25BB%25E0%25B7%258A%2B%25E0%25B6%25B6%25E0%25B7%2590%25E0%25B6%25B1%25E0%25B6%25BB%25E0%25B7%258A1.jpg

    Code:
    http://www.silumina.lk/2011/07/10/_art.asp?fn=as1107101&p=1

    Code:
    http://amilasirihospice.blogspot.com/p/blog-page_11.html
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙන්න මිනිස්සු බුදු දහම ගැන ලොකු ලොකු පොස්ට් දාන වුන් පොඩ්ඩක් මෙවාත් බලන්න මොනවා හරි හෙල්ප් එකක් දෙන්න
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    නිසරු ත්‍රෙඩ් දහසක් මැද වැදගත් ත්‍රෙඩ් එකක්...

    මමත් අදයි මේ ගෙන දැනගත්තේ.. අපව දැනුවත්කළ ඔබට පින් සිද්ද වෙනවා... නිදුක් නිරෝගී සුවපත් වේවා... ඒ පින් ඔබගේ දෙමාපියන් ඇතුළු සියලු දෙනාට ලැබේවා...

    මේ අසරණ හාමුදුරුවරුන්ට සරණ වන හාමුදුරුවරුන්ට සියලු පින් අත්වේවා... ඒ පින් නිර්වාණයට හේතු වේවා...

    මේ වගේ දෙයකට උදව් කරලා ලැබෙන සැනසීම ජීවිත කාලයටම තියේවි... ඉක්මනින්ම මේ ගැන සොයාබලා කළහැකි උපරිම උපකාර කරන්න සිතා ගතිමි...

    තෙරුවන් සරණයි....

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔය තම්බින්ට බැන බැන කහන උන්..
    මේවට උදව් කරපල්ලා !
    අඩේ මේක පට්ට වටින නූලක්.
    ඔබට පින්.. :)
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    අර මරාගේ ඇට ලෙවකන නානසාරයට මේවා පෙන්නන්න ඕනා
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    අමිලසිරි-වයෝවෘද්ධ-භික්ෂු-ආරාමය

    Very Good Thread !!!

    REP ++
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොහොම ස්තූතියි මචන් අපිත් එක්ක බෙදාගත්තට. :) මෙහෙම තැන් තියනව කියලවත් දැනගෙන හිටියෙ නෑ.