ජෑම් පාං ගෙඩිය..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ජෑම් පාං ගෙඩිය..

    නිවාඩු දවසේ පස්ස පැත්තට එළිය වැටිල කලිසම ගිණි ගන්නකං දොයිය ගන්න එක මටනම් සාමාන්‍ය දෙයක්..
    ඕෆ් එකට කලින් දවසේ ඔෆිස් එකේ නයිටියකුත් සෙට් වෙන නිසා
    (නයිට් එකක් හොඳේ..:lol:) කොහොමත් නිදා ගන්නකොට පාන්දර එක දෙක විතර වෙන එකත් ඒකට එක හේතුවක්.. එහම මිසක් කම්මැලි කමක් එහෙම නෙමෙයි ඕං.. :P
    (කලින් දවසේ වෙලාසනින් නිදා ගත්තත් පහු වෙනිද උදේට අම්ම ඇහැරුවෙ නැත්තන් ආයි රෑ වෙනකන් උනත් එක දිගට නිදා ගන්න එක මට මහ කජ්ජක් නෙවෙයි..:rofl: ඒක වෙනමම කතාවක්...
    )

    රස්සාවක් කළත් ගෙදර එකම දරුවා උන මම
    තාමත් අපෙ අම්මගෙ චූටි පුතා... ඒකෙන් ලැබෙන වාසි ගොඩක් අතරෙ අම්බානක ආවාසිත් නැතුවම නෙමෙයි...;)

    ඔන්න ඉතින් අම්ම එදත් අලුයම 9 ට විතර සෙත් කවියක් එහෙම කියල මාව ඇහැරවන වැඩේ පටන් ගත්තා...

    "චූටි පුතා..!
    නැගිටින්නෙ නැද්ද ළමයෝ.. බලන්න වෙලාව කීයද කියලා.. ඔහොමත් නිදා ගන්න සිරිතක් තියෙනවද..? 10ටත් කිට්ටුයි වෙලාව..."
    ඒ කියන්නේ ශුවර් එකටම වෙලාව 8 ට විතර ඇති.. මමනෙ දන්නේ අම්මගෙ හැටි...:baffled:

    තව මොන මොනවදෝ කියනව ඇහුණත් ඒව ඇහුණේ හීනෙන්ද නැත්තං හැබැහින්ද කියල හොයා ගන්න බැරි නිසා එහෙන් මෙහෙන් අහු උන බෙඩ් ශීට් එක අස්සෙ මම ආයේ හොඳට ගුළි උනා..

    "චූටි පුතා..!!
    මම ආයිනම් තේක රත් කරන්නේ නෑ.. දැන් දෙපාරක් රත් කළා... මම ආයි කතා කරන්නේ නෑ හොඳේ... ":frown:

    හප්පටසිරි.. උදේ පාන්දරම තේක රත් කරන එකත් මළ ඇණයක්.. :dull:එක්කො තව ටිකක් දොයියගෙන අම්මගෙන් තවත් සෙත් පිරිතක් අහන ගමන් වෙනද වගේම තේක හිඳෙනකන්ම රත් කර ගන්නවා..:lol:

    එහෙම හිතාගෙන කොට්ටෙකුත්
    කකුල් දෙක අස්සෙ ගහගෙන මොකාදෝ එකා වගේ උදේට තියෙන නින්දෙයි සැප නින්දෙයි අතර වෙනස හොය හොය ගුලි වෙවී ඉන්නකොටම කලාතුරකින් අපේ ගෙවල් පැත්තෙ ඇහෙන චූන් පාන් ත්‍රී වීල් එකේ සද්දෙත් ඇහුණ හීනෙන් වගේ...

    sleep01.jpg


    චූන් පාන් අයිය අපේ පැත්තට ත්‍රී වීල් එක හරවන්නේ පාන් ඉතුරු උනොතින් විතරයි... ඒකත් නිකන් කනාවට වගේ හැරුණොත් මිසක් මිනිහා හිතලනම් මේ පැත්තට එන්නෙ නෑ කියල මම හොඳටම දන්නවා..:oo:

    "අම්ම්ම්මේඒඒඒ..."

    "මොකද ළමයෝ බෙරිහන් දෙන්නේ...? මේ ළමයටනම් පිස්සු හොඳටම...":angry:

    අම්මත් කුස්සියේ ඉඳන් මොකද්දෝ අටමගළයක් බිම අත ඇරියා මගේ සද්දෙට... නිදාගෙන හිටිය මම මේ තරම් සද්දෙට ළතෝනි ගහන්නෙ හීනෙන්ද කියල හිතා ගන්න බැරි වෙන්න ඇති සුවර් එකටම...

    "තව පොඩ්ඩෙන් අලුත්ම පිඟානත් කැඩෙනව.."

    මළ මගුළයි.. ඕක කැඩුනනම් එහෙම මගේ ඕෆ් ඩේ එක ෆුල් මාවලස් වෙන එන එකනම් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි...:rofl:

    "අම්මේ මට ජෑම් පාන් ගෙඩියක් අරං දෙන්නකෝ...":P

    "මේ මොන විකාරයක්ද උදේ පාන්දරම.. පොඩි එකෙක්ද ජෑම් පාන් ඉල්ලන්න...?"

    "අනේ අම්මේ.. එකක් අරං දෙන්නකෝ.. ගොඩ දවසකින් කෑවෙ නෑ... අනේ..."

    මමත් පෙරවන් හිටිය රෙද්ද අස්සෙ ඉඳන්ම කෙඳිරි ගගා ජෑම් පාන් ගෙඩියක් ඉල්ලුව අම්මගෙන්...:rolleyes: චූන්පාන් ඩක්කුවේ හෝන් එකත් දැන් ළඟ ළඟම ඇහෙනව...

    "පාන් කාරයා ආවොත් ඔන්නඔහෙ ජෑම් පාන්
    ගෙඩියක් ගෙඩියක් අරං දෙන්න..."

    අම්මටහුඩු..! ඒ කියන්නෙ අද තාත්තත් ගෙදර.. විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ... උදේ වැස්ස නිසා නිවාඩුවක් දාල වගේ... හැබැයි ඉතින් ඒ කියන්නෙ
    මට අනිව ජෑම් පාන් ගෙඩියක් හම්බ වෙනව කියන එක..:cool:

    "ඔයා තමයි මට බැන බැන මෙතන අලි බබ්බු හුරතල් කරන්නේ.. ජෑම් පාන් ඕනෙනම් සල්ලි දෙන්න.. තාත්තල පුතාල ගෙදර ඉන්නකොට මට තමයි අතින් පාඩු වෙන්නේ... මං උදේට කන්න හදලත් ඉවරයි.. අද පාන් ගන්නෙත් නෑ..."

    ඔන්න අම්මා ආයි ප්ලාස්ටික් බාල්දියක් දැම්මා...:eek:

    "පඩි ගත්තාම වැඩිපුර රුපියල් 20ක් දෙන්නම්.. අනේ මට අද ජෑම් පාන් ගෙඩියක් අරං දෙන්නකෝ..."
    මම බෙඩ් ශීට් එක අස්සෙ ඉඳගෙනම ආයෙත් බෙරිහන් දුන්න...

    "මේ ඔයා ඕක ගන්න යද්දි මට කිඹුල බනිස් ගෙඩියකුත් අරං එන්න..."
    crocodilebread1.jpg


    ඔන්න ඉතින් තාත්ත හදන්නෙ හත් පොළේම ගා ගන්න.... අම්මට තද උනොත් එහෙම මට ජෑම් පාන් ගෙඩියත් නෑ...
    තාත්තටත් මේ අස්සෙම කිඹුලෙක් කන්න ඕනෙ උනානේ...:baffled:

    "ඒ පාර තව එකක්.. මේ ඔය දෙන්න
    ගෙදර ඉන්නකොට මටයි කරදරේ... පාන් කාරයා ඇවිත් මෙතන නැවැත්තුවොත් විතරක් අරං එන්නම්... මේක හරි කෝළමක්නේ..."
    අම්ම බොරුවට අකමැත්තක් පෙන්නුව උනත් පුතාගෙ ආසාව ඉටු කරනව කියල මම දන්නවා...:love:

    ඒ කියන්නේ වැඩේ හරි... මට ජෑම් පාන් ගෙඩියක් අරන් දෙන ගමන් තාත්තත් කොහොමහරි කිඹුළෙකුට විද්දා පැත්තක ඉඳන්..:lol:
    කොහොමහරි කමක් නෑ මට අද ජෑම් පාං ගෙඩියක් හම්බු වෙන්නයි යන්නේ...:P
    ඒත් දැන් කොස්සකට තියෙන්නෙ චූන් පාන් අයියගෙ "high ස්පීඩ්" එක..:oo:

    ඒ යකා ත්‍රී විල් එක පදින්නේ මුළු ගමම උගෙන් පාන් හොරකන් කරන්න පිටිපස්සෙන් පන්නගෙන එනව කියල හිතාගෙන... ඒ යන යෑමට සී.බී.ආර් එකක ගියත් ඌව අල්ලගන්න අමාරුයි...

    මේ යකා පාරෙ යන වෙලාවක සාමාන්‍යෙන් හදිස්සියකට ගෑනු කෙනෙකුට එහෙම පාන් ගෙඩියක් ගන්න වෙන්නෙම නෑ...:no:

    බුවාගෙන් පාන් ගෙඩියක් ගන්න නම් අනිවා අපි කවුරු හරි මග රැකල ඉඳල
    මහා හයියෙන් "ඒයි...හෝයි....පාං...පාං... ඩෝ...." කියල කෑ ගැහැව්වට පස්සෙ තමයි මූ පාරෙ රෝද පාර හිටින්න බ්‍රේක් පාරක් ගහල ඔලුව දාල පිටිපස්ස බලන්නේ... :angry:

    IMG_7193.JPG


    ඒ වගේම සපෝට් එකට හයියෙන් අප්පුඩි ගහල, විසිල් ගහල, අත පය උස්සගෙන, රතු පාට කොඩි වනලා පාන් අයියගෙ අවධානෙ ගන්නත් අහළ පහළ කොල්ලො කුරුට්ටො සෙට් එකක් ඉන්නම ඕනේ..:lol:
    නැත්තන් චූන් පාන් අයියගේ ෆෝ ස්ට්‍රෝක් තී වීල් එකේ සද්දෙ විතරයි ලාවට ඇහෙන්නෙ ඈතට ඈතට යනකොට... අපි ඉතින් තවත් කිලෝ මීටරයක් විතර පයින් යන්න ඕනේ මූ ත්‍රී වීල් එක නවත්තපු තැනට යනකං හති දාගෙන... ඔන්න ඔයවගේ හේතු නිසා ගෑනු කෙනෙක්හරි වයසක කෙනෙක්හරි ටවුන් එකට පයින් ගිහින් ආවත්
    ලේසියෙන් මුගෙන් පාන් ගන්නෙ නැති සීන් කෝන් එකකුත් තිබුණා...:rolleyes:

    කොහොමහරි එදා මගේ වෙලාවටම මුගෙ බිස්නස් අල වෙච්ච නිසාද කොහෙද
    මියුසික් එකත් දාගෙනම අපේ ගේ ගාවටම ඇවිත් නවත්තන සද්දෙත් මට ඇහුණා. තප්පර ගාණකින් ආයේ ඉගිළෙන සද්දෙත් ඇහුණා..

    "ආහ්.. මෙන්න පොඩි එකාගෙ ජෑම් පාං එක..."

    නිතරම හැඩි වෙලා තියෙන මගේ කාමරේ ඇඳ ගාවටම ඇවිත්,
    අම්ම ජෑම් පාං ගෙඩියක් දික් කරගෙන ඉන්නව හිනාවකුත් දාගෙන...:eek:

    මටත් හරි සන්තෝසයි... :cool:
    ඇයි ඉතින් හෙන කාලෙකට පස්සෙ
    නේ ජෑම් පාං ගෙඩියක් කන්න ලැබුණේ..
    රන්වන් පාට
    , උඩින් සීනි කැට ඉහිරුණු ජෑම් පාං ගෙඩියක් අම්මගෙ අතේ ඉඳගෙන මගේ දිහා කන්න වගේ බලන් ඉන්න හැටි දැකල නිදිමතත් ස්වර්ගස්ථ උනා...:lol:

    %E0%B6%A2%E0%B7%91%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A.jpg


    කලින් දවසේ රෑ පෙරවන් හිටිය රෙද්ද බිම වැටිල, නිදි මර ගාතේ පෙරෝගෙන තියෙන්නෙ ඇඳට දාල තිබුණ බෙඩ් ශීට් එක කියල තේරුණේ ඇඳෙන් බහිනකොටම, බිම වැටුණ රෙද්ද කකුලෙ පැටලිලා වැටෙන්න ගියාමයි..

    කොහොමහරි මූන කට එහෙම හෝදන් ඇවිත්, කෙඳිරි ගාල කෙඳිරි ගාල අම්මට
    කියල ආයෙත් තුන්වෙනි පාරටත් නිවිච්ච තේක රත් කරගෙන මගේ ජෑම් පාන් ගෙඩියත් අරං සාලෙට ඇවිත් ඉඳ ගත්තා...

    අම්මටනම් දැන් හිනා යනව මගේ සිඟිති හැසිරීම දැකල..:P තාත්තනම් කිඹුලට වැඩේ දීල ඉවරයි ඒ වෙද්දිත්...:eek:

    ඔන්න ඉතින් හා හපුරා කියල ජෑම් පාං ගෙඩියට වග කියන්න ගත්තා සැටියේ කොනක ඉඳගෙන..

    කනව කනව ඒත් කෝ යකෝ මේකෙ ජෑම්...:(

    e987c8.jpg


    "ඒ පාර මොකද මූන දෙක කරගෙන... හයියද..?"
    මගේ මූන වෙනස් වෙනව දැකලද කොහෙද අම්මත් එහෙම ඇහැව්ව...

    "මේකෙ ජෑම් නෑනෙ අප්ප..."

    2cpwacl.jpg


    "කොහොමත් චූට්ටයිනේ දාන්නේ.. තව ටිකක් කනකොට හම්බ වෙයි.."
    තාත්තත් කට කොනකට හිනාවක් දාගෙන කොලොප්පමට වගේ කිව්ව...:(

    බාගයක්ම කෑව ඒත් ජෑම් නෑ යකෝ..:growl:

    2m2x99c.jpg


    අයියෝ.. උදේ පාන්දර යුද්ධ කරල, කෑ ගහල
    කෑ ගහල ඉල්ල ගත්ත ජෑම් පාං ගෙඩියේ ජෑම් නෑ කියහංකෝ...:angry:

    20a8o08.jpg


    දන්නවනම් මමත් කිඹුලෙක් ඉල්ල ගන්නවා...:oo:

    ජෑම් පාං කියල ඉල්ල ගත්ත නිකං පාන් ගෙඩිය කාල තේක බිව්ව ඉතින් චූන් පාන් අයිය ඇතුළු බේකරියෙ මාමගෙ පරම්පරාවටම දීර්ඝායුෂ පතන ගමන්...:baffled:

    චූන් පාන් අයියා ලෙල්ලට තියල පාගල යනව ඇත්තෙ සමහර විට උගෙන් ජෑම් පාං ගත්ත උන් පස්සෙන් එලවයි කියල බයටද දන්නෙත් නෑ කියලත් මට හිතුනා... එක අතකට පව් කියලත් හිතෙනවා..:frown:
    ඔව් ඔව්.... පව් කියල හිතුනේ මේ මං ගැනම තමයි...:(

    DSC_00051-259x300.jpg


    -
    -
    -
    -
    -
    -
    -
    කට්ටිය මගෙන් අහන්න එපා ඒ ඇයි දැන් උඹ ඕක අපිට කියන්නෙ කියලා...;)
    අද දවසේ කරන්න ඒ හැටි වැඩක් තිබුණෙත් නැති එකේ, මට වෙච්ච ඇබැද්දියක් ගැන නිකමට වගේ ලියල දැම්ම..
    කම්මැලි නැතුව කියවන්න පුලුවන් වෙන්න ඕනෙ නිසයි ටිකක් වටේ ගියේ..:P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    hafoiiii :lol:
    oya jam pan ekata seeni patawanwa henata bt jam chuttai.
    ube eke nm jamuth na :lol:
    kawoth sugar wadi wenne ekenma :lol:

    ඔව් යකෝ.. මටනම් එපා උනා...:frown:
    චුට්ටක් නිකං දාපං රතු පාටටවත් පේන්න..:(

    චූන් අයියා පාන් ගෙන කොට පැංචියෝ උඩ පනිනවාලු

    :eek::eek::lol:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    man nam jam pan kanna kemathi ne.appiriyawak enawa.:eek::eek::eek:
    mata hambela thiyena ewaye bagayak kanakota athulen jam tika eliyata enawa.rahakuth nathiwama nemeyi.eth kemathi ne.:baffled::baffled::baffled::baffled:

    choon paan karayo arala yanawa thama.:lol::lol:
    ape paththata apu palaweni paan karayath lellata paganawa.:):)
    pagilla wediwela podi gattak udin gihin pitipasse dora arila pan tika maha pare.eth u eka danne ne.kollo wagayak dekala kegahala uwa nawaththala thiyuenne.:lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජෑම් පාන් වල කොච්චර ජෑම් ගෑවත් රස්නෙට ජෑම් දියවෙනවා.. ඒක නොදන්න තෝ ජෑම් පාං කන්න එපා.. පැණිපොල් පාං කාපං..:frown:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    ජෑම් පාන් වල කොච්චර ජෑම් ගෑවත් රස්නෙට ජෑම් දියවෙනවා.. ඒක නොදන්න තෝ ජෑම් පාං කන්න එපා.. පැණිපොල් පාං කාපං..:frown:
    ඒ උනාට ජෑම් තියෙනවා.. ‍:dull:;)තෝ දන්න ජෑම් පාන්:)
     
    • Like
    Reactions: richlife

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    lol meh ena ekage paan gannath yanna oni jet ekak aran lambogini ekak thibbath amaaruyi. මයිකල් ශු මාකර් අවා උටත් ගන්න බැරි උනා :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    lol meh ena ekage paan gannath yanna oni jet ekak aran lambogini ekak thibbath amaaruyi. මයිකල් ශු මාකර් අවා උටත් ගන්න බැරි උනා :(

    යකෝ බලන් යද්දි හෝමාගම කියන්නේ පට්ට ඒරියා එකක්නේ. අර දත් කිඹුලා කියන විදිහට ලෝකේ හොඳම Co-op city එක, ලෝකේ හොඳම සති පොල, ලෝකේ හොඳම food city එක හෝමාගම. දැන් බලාගෙන යද්දි ලෝකේ හොඳම ඩ්‍රයිවින් පුලුවන් එකත් හෝමාගමද සහෝ?? එතකොට ශූමාකර්ට උගන්වන්නේ උඹලගේ චූන් පාන් මල්ලිද???

    පට්ටයි ඈහ්.... :D:D:rofl: