ටෙම්පරි පියානෝ..

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ටෙම්පරි පියානෝ..


    KTjoqarLc.png




    මේ සිද්දියත් උනේ එක්දහස් නවසිය අනූ හය කාලේ කියල ටක්කෙටම මතක තියෙන්නේ අපි උසස්පෙළ කරේ ඒ කාලේ නිසා. දෙයියනේ කියල ඉගෙනගැනීම ඇරෙන්න අනෙකුත් සියලුම කුප්ප වැඩ, තක්කඩි වැඩ , හොර මගඩි වගේ සියලුම ගනයේ නරක වැඩ වලට ඉස්කෝලේ පුරා සුප්‍රසිද්ධියක් ඉසිලුවේ අපේ පන්තිය සහ අපේ සමගාමී කළා පන්තිය. සාමාන්‍ය පෙළ පන්තියේ එකට හිටපු එවුන් කලාවට තිබ්බ අධික හිතයිශී භාවය නිසා කළා විෂයන් තෝරා ගැනීමත්, ලොකු ලොකු වාණිජ අරමුණු තිබබ් එවුන් වානිජ්‍ය හා මුල්‍ය තොරාගනීමත් නිසා පන්ති දෙකකට වැටුනත් එක පතේ කාගෙන බීගෙන හිටපු අපේ එවුන් විෂය සමගාමී නොවෙන අනෙකුත් සියලුම දේ කරේ එකට. ඒ නිසා ඉස්කෝලේ ඇතුලේ විෂයානුබද්ධ නොවෙන වෙනත් ජඩ වැඩ, බලු වැඩ කරලා අහු උනාම කළා, වාණිජ, ගණිත කියල තේරෙන්නේ බේරෙන්නේ නැතුව ඉස්කෝල තහනම් උනේ රන්චුවේමයි. කළා සහ වාණිජ අංශය ගත්තාම පන්ති තහනම් වීමේ සහ විනය කඩවීම් සඳහා කප් එක උස්සන්න කරට කර තරඟ කරේ දහතුන වසර ජී පන්තිය සහ කළා පන්තිය. ඉස්සර කාලේ පොලිසි වල තිබ්බ කියන අයි. ආර්. සී. ෆයිල් එක වගේ ඉස්කෝලේ ඇතුලේ නිර්නාමිකව සිද්දවෙන ඕනෑම ගනයේ ශිෂ්‍ය භාවයට නොගැලපෙන කටයුත්තකදී ඉස්සෙල්ලම නම කියවෙන නම් ලිස්ට් එක ඇතුලේ මගේ නමත් ඉහලින්ම තිබුන කියල කනගාටුවෙන් උනත් කියන්න වෙනවාමයි.

    මගේ කලින් පොස්ට් වල ලියවෙච්ච බඩ තඩි එකාට උගේ කුළුඳුල් පෙම්වතිය උසස්පෙළ පන්තියට ආපු වෙලාවේම සෙන්ටිමෙන්ටල් වෙච්ච නිසා ඉස්කෝලේ ඇතුලේ සිද්දවෙච්චි ශිෂ්‍ය භාවයට අනුගත නොවෙන කටයුතු වලට සහභාගී වීම බඩ තඩි එකා ප්‍රතික්ෂේප කරේ දොළහ වසරට ආපු ගමන්ම. දොළහ වසරට අඩිය තියපු ගමන්ම බඩ තඩි එකා පවුලක් පන්සලක් උනාට යන්තම් සන්තම් නැන්දම්මාව සෙන්ටිමෙන්ටල් කරගත්තේ නම් හෙළුවෙන් යාම පොස්ට් එකට පාදක වෙච්ච විනෝද චාරිකාවේදී තමා. අපේ බඩ තඩි එකා කොයිතරම් රංගන කුසලතාවයෙන් පරිපූරණද කියනවනම් ට්‍රිප් එක අතරතුරේ නැන්දම්මට වැහි පින්නක් , දූවිල්ලක්වත් වදින්න දුන්නේ නැති තරම්. එහෙව් බෑනලා ලබන්න ඉතින් නැන්දම්මලා පින් කරලා තිබිය යුතුමයි. බඩ තඩියාගේ ආදරණීය භාරියාවට පින් සිද්දවෙන්න ඒක එහෙම නොවෙන්න මේ ලියවෙන කථා මීට බොහොම වෙනස් විදිහකට ලියවෙන්න තිබුනා. සාමාන්‍ය පෙළ කරනකම්ම අයි. ආර්. සී ෆයිල් එකේ උඩින්ම නම ලියවිලා තිබුන අපේ බඩ තඩි එකා දොළහ වසරට ගොඩ උන ගමන්ම පවුල් පන්සල් වීම නිසා වසරේ හොඳම ශිෂ්‍යයා සම්මානය ලැබීමට සියලු සුදුසුකම් සපිරුවත් ඉස්කෝලෙන් ඒ කාලෙනම් හොඳම ශිෂ්‍යයා කියල සම්මානයක් දුන්නේ නැහැ.

    එක්දහස් නවසිය අනූ හතරේ මුල් කාර්තුවේ සමාදම් වෙච්ච සිල් පද අකුරටම රකින අපේ බඩා ගැන ලියන්න මසුරං කතා කොයිතරම් තිබුනත් " තෝ මම ගැන ලියලා ලංකාවට එන්න නෙවෙයි " කියල ඊයේ පෙරේදත් තර්ජනය කරපු නිසා බඩාව උක්ත කරලා මුකුත්ම ලියන්න විදිහක්ම නැහැ. බඩා කොයිතරම් සුපීරියර් පොරක්ද කියනවනම් සාමාන්‍ය පෙළ කාලේ අංශභාර සර් ඉස්සරහට අත් දෙකෙන් මුණ වහගෙන ඇවිත් කට විතරක් පෑදෙන්න අත් දෙක මෑත් කරලා සර්ට දිව ඇදල පන එපා කියල ගෙදරම දුවන්න තරම් එඩිතර වෙච්ච පොරක් අපේ බඩා. සැර කරත් මුත්තරා පහවෙන තරම් සැර පරුෂ අංශභාර සර් ඉස්සරහට ඇවිත් දිව ඇදල දුවන්න කොයිතරම් එඩිතර භාවයක් බඩාට තියෙන්න ඇතිද. අපේ බඩා කසාද බැඳලා කාලයක් ජීවත් උනේ අංශභාර සර්ගේ ගෙදරට ඉස්සරහ ගෙදර හෙවත් නැන්දම්මාගේ ගෙදර වීම දිව ඇදීමට ලැබිච්ච දඬුවම වෙන්න ඇති. හැමදාම උදේට හවසට බඩා දකින සර්ටත් සර් දකින බඩාටත් මොනවා හිතෙන්න ඇතිද. එහෙව් ගුරුවරු නොහිටියානම් පොලිසියේ ශාඛාවක් ඉස්කෝලේ ඇතුලේ දාන්න වෙන්න තිබ්බ අපේ එවුන්ගේ විනය රකින්න. ගණිත, විද්‍යා, කළා, වාණිජ සියලුම අංශවල ඉන්න හොර සිල් ගතපු හිවල් රංචුවේ ජාතකය හොඳ හැටි දැනගෙන හිටපු පාසල් පරිපාලනය අනූ හය වසර සඳහා ශිෂ්‍ය නායක කම් නොදී ඉන්නත් අපුරුවට වගබලාගත්තා.මේක ලියන අතරේ බඩ තඩි එකාගේ සීන් කෝන් මතක්වෙන නිසා පොස්ට් එක ටිකක් වෙන පැත්තක ගියා වගේ. එත් මේ ලියවෙච්ච හැම දෙකම තියෙන්නේ අපේ සහෝදර ශිෂ්‍ය සමාගමේ හැදිච්චකම.

    මේ ලියන්න යන සිද්දියට අවසානයේ පූර්ණ අනුග්‍රහය දක්වපු ඉස්කෝලේ හිටපු ආරක්ෂක තනතුර දරපු පුද්ගලයාව මෙතැනදී හඳුන්වන්න ඕනෙමයි. අපේම එකෙකුගේ ආදරණීය පියාණන් කෙනෙක් වුන ආරක්ෂක නිලධාරියා ශ්‍රී ලංකා පොලිසියේ කාලයක් සේවය කරපු නිලධාරියෙක් නිසා මුළු ගුරු මණ්ඩලයේම කනෙන් රින්ගුවත් ආරක්ෂක නිලධාරී අන්කල්ගේ කනෙන් රිංගන එක අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියාවක්ම උනා.

    අපේ එවුන්ගේ ජාතකය උප්පැන්නේ ඉඳන්ම දැනගෙන හිටපු සිකුරිටි අංකල් අන්දන්න උත්සහ දැරීම හිල් කූඩෙන් වතුර අදිනවා වගේ වැඩක්. ඇත්තටම ඉස්කෝලෙන් කලින් යන්න ගෙදරින් ලියුම් අරන් ඇවිත් ඉස්කෝලෙන් අවසර ගත්තත් සිකුරිටි අන්කල් කවදාවත් අපිට මහත්මා විදිහට ගේට්ටුවෙන් අවේලාවේ ඉස්කෝලෙන් එලියට යන්න දුන්නේම නැහැ. ඒ හින්ද ඇත්තටම නීත්‍යානුකුලව කලින් ගෙදර ගියත් සිකුරිටි අන්කල් දන්නා අඳුනන එවුන් කලින් ගෙදර ගියානම් ඒ පරණ පුරුදු විදිහටම තාප්පෙන්ම තමයි. අංශ භාර සර් හෝ නියෝජ්‍ය විදුහල්පති තුමෙක් ගේට්ටුව ලඟට ඇවිත් මේ ළමයට එලියට යන්න දෙන්න කියලා කිව්වේ නැති උනොත් සිකුරිටි අංකල් මලාට අපිට ගේට්ටුව නම් ඇරියේ නැහැ . සාපෙළ කාලේ තාප්පෙන්ම ඉස්කෝලේ ආව ගිය අපේ බඩාට යන එන එක ගැන උසස්පෙළ කරනකම්ම ප්‍රශ්නයක් තිබ්බේ නැත්තේ උසස්පෙළ කරන්න ආපු ගමන්ම නාස් ලනුව වැටිච්ච නිසයි. ඔන්න ආයෙත් බඩා මතක් වෙලා පොස්ට් එක කැලේ පනින්නයි යන්නේ.


    ඉස්කෝලේ වෙලාවේදී බඩගින්නක් ආවත් අපේ එවුන් කාගේ හරි බත් පැකට් එකකට වැඩේ දුන්නේ අමුතුම තාලෙකට. මලාට කන්න දෙයක් ගේන්නේ නැති අපේ එවුන් හැමදාමත් බඩගින්න නිවාගත්තේ කාගෙන් හරි හොරකම් කරපු බත් පාර්සල් එකකින්. හවස පන්ති තියෙන සහ හවස ප්‍රැක්ටිස් තියන ළමයින්ට එයාලගේ ගෙවල් වලින් දවල් වෙද්දී බත් මුලක් නම ගම ලියල සිකුරිටි අන්කල්ගේ සිකුරිටි කුටියෙන් තියන එක සාමාන්‍ය දෙයක්. දවල් වෙද්දී සිකුරිටි පොයින්ට් එක බත් කඩයක් ගානට බත් පාර්සල් වලින් පිරෙන්නේ දෙමාපියන්ගේ දරුවන්ට ඇති සෙනෙහස කියාපාන්න වගේ. මේ වැඩේට අපේ එවුන් යොදාගන්නේ සිකුරිටි අංකල් පුද්ගලිකව අඳුනන්නේ නැති ඩයල් එකක්. සිකුරිටි අන්කලුත් පොලිස් කාරයෙක් නිසා ඇන්දිල්ල ලේසි නැති උනත් කාලාන්තරයක් තිස්සේ අපේ එවුන් බත් පාර්සල් මගඩිය නම් දෙයියනේ කියල ඉස්කෝලෙන් එලියට එනකම්ම කරන් ගියත් කීප වතාවක් වැඩේ මාට්ටු වෙන්න ගිහින් පන එපා කියල දුවල තමා බේරුනේ. වැඩේ කෙරෙන තියරිය නම් මෙහෙමයි. ඉස්සෙල්ලම බත් පාර්සල් සෙල්ලමට කැමති සිකුරිටි අන්කල් පුද්ගලිකව අඳුනන්නේ නැති බඩගිනි එකෙක් සොයාගන්න අපේ එවුන් ඌව සිකුරිටි පොයින්ට් එකට යවන්නේ ඌට ගෙදරින් එවපු බත් එක අරන් එන්න. මුල් මුල් කාලේ සිකුරිටි අන්කල් බත් ගන්න එන එවුන්ගේ ජාතකය ඇහුවේ නැහැ. අයිතිකාරයට ඇවිත් තමුන්ගේ බත් පාර්සලය තෝරාගෙන යන්න ඕනෑම කෙනෙකුට අවසර තිබ්බා.

    අපේ එවුන් බත් එක ගේන්න යවන හොර ගෙඩියා රංගන ශිල්පයේ දක්ෂතා උපරිමයටම පෙන්වමින් බත් පාර්සල් කීපයක් තෝරා බලා කොල්ලෙකුගේ නමක් සහිත එකක් තෝරාගෙන එන්නේ කිසිම චකිතයක් පෙන්වන්නේ නැතුව. එහෙම උස්සන් එන බත් පාර්සලේ කොතන හරි මුල්ලක තියල ලිහුව ගමන් තත්පරෙන් වාෂ්ප වෙන්නේ කාපු එකෙක් හොයාගන්න නැති වෙන්නයි. මස් මාළු, බිත්තර වලට තිබ්බේ පුදුම ඉල්ලුමක්. බිත්තරේ එක කටට ගිලින එවුනුත් හිටියේ නැතුවම නෙවෙයි. පසු කාලීනව බත් පාර්සල් අතුරුදහන් වීම ගැන ඉහලට පැමිණිලි ලැබීම නිසා බත් පාර්සල් ගැන ආරක්ෂාව තරකරන්න සිකුරිටි අන්කල් පියවර ගතපි. ඊට පස්සේ අපේ එවුන්ට සිද්ද වුනා වෙනයම් වූ විශේෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරලා බත් පාර්සල් ව්‍යාපාරය කරගෙන යන්න. අපේ එවුන් මර්දනයට එරෙහිව ගත්තු ක්‍රියාමාර්ගය වුනේ හවස පන්ති යන කව්රුහරි හොයාගෙන උගේ නම කියල බත් පාර්සලේ සිකුරිටි අන්කල්ගේ අතින්ම අරන් ඒමයි. අපි තව කාලයක් ඉස්කෝලේ හිටියනම් බත් පාර්සල් නිකුත් කරන්න හැඳුනුම්පත ඉල්ලන තැනට එන්නත් තිබ්බ බත් බිස්නස් එක. අපේ එවුන් කවදාවත් එකම එකාගේ බත් පාර්සලේ හැමදාම හොරකම් නොකර එක එක ළමයින්ගේ බත් පාර්සල් ඉස්සුවේ මනුස්සකමටවත්, බඩගින්න හඳුනන හින්දවත් නෙවෙයි, හැමදාම එකම රහට එකම අතින් උයන කෑම කන එක කිසිම ගතියක් නැති නිසයි. අපේ බඩ තඩි එකාට නම් සාමාන්‍ය පෙලින් පස්සේ කෑම ගැන කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැත්තේ උසස්පෙළට ආපු ගමන් සෙන්ටිමෙන්ටල් වෙච්ච ලව් එක එක්ක ෆුල් පැකේජ් එකම ලැබුන නිසයි. උදේට ඉස්කෝලේ එන බඩාට ඉන්ටවල් එකට කන්න කෑම එක පවා ප්‍රියම්භිකාවිය ගෙදරින් අරගෙන ආපු නිසා ඉන්ටවල් එකටවත් බඩාට පන්තියෙන් නෝ හෙල්ලුම්. වාසනාව තමා ඉතින්.

    මෙකී නොකී දක්ෂතාවලින් පරිපුර්ණ අපේ එවුන් සෙට් එකේ කළා පන්තියේ හිටි එකෙකුගේ ලව් එකක් ඉස්කෝලෙට සෙන්ටිමෙන්ටල් උනේ මේ අතරවාරයේ කාලේ තමයි. ගැහැණු දැරිවිය සාමාන්‍යපෙළ කරන වයසේ හිටි නිසා අපේ එකාට කොහෙත්ම සමාවක් නොලැබෙන තත්වයක් තමා ඒ වෙද්දී තිබ්බේ. ගෙවල් වලින් දෙමාපියන් ගෙන්වලා අපේ එකාගේ කෙරුවාව දෙමාපියන්ට කියා පාන්නයි පාසල් විනය කමිටුවේ තීරණය වෙලා තිබ්බේ. ගැහැණු දැරිවිය බාල වයස් නිසා කේස් එක හයිකෝර්ට් තත්වෙටම හෙවත් විදුහල්පති තුමා ගාවටම ගෙනිහින් තිබ්බ නිසා කිසිම සමාවක් නැතුව ගෙදරින් අම්ම හෝ තාත්තා එක්කන් එන්න අපේ එකාට නියම වෙච්චි. හයිකෝර්ට් නඩුවක් නිසා හිතවත් දන්නා කියන ගුරුවරුත් වැඩේ ගොඩින් බේරන්නේ නැතුව කර අරින්න ගත්තු නිසා අපිට සිද්ද උනා විකල්පයක් හොයන්න. ගෙදර ගියොත් තෝ නසී මග හිටියත් තෝ නසී ගේමක් නිසා අපේ එවුන් සෙට් වෙලා වැඩේ ගොඩින් බේරන්න ප්ලෑනක් ඇන්දා කියමුකෝ. සැලසුම වුනේ තාත්තා කෙනෙක් සල්ලි වලට ගැනීම.

    පෙම් පලහිලව් සහ විනය ගැන කියද්දී දැන් මේක කියවෙන උදවියගේ හිතේ මැවෙන ප්‍රශ්නයක් තමයි බඩ තඩි එකාගේ පෙම් පලහිලව්ව ගැන ඉස්කෝලෙට ප්‍රශ්නයක් උනේ නැත්තේ ඇයිද කියන එක. ඒ ප්‍රශ්නයට උත්තරය මෙන්න මේකයි, බඩ තඩි එකා එක්ක සෙන්ටිමෙන්ටල් වෙච්චි ප්‍රියම්භිකාවිය උසස්පෙළ කරන ගැහැණු ළමයෙකු වීම එක හේතුවක් සහ විශේෂිතම හේතුව උනේ බඩ තඩි එකාගේ වසවර්ති වැඩ නවත්තන්න පොලිසියෙන් දාලවත් බැරි තත්වෙක එකෙක් නිසා ප්‍රියම්භිකාව කිසිම ආයාසයකින් තොරවම බඩ තඩි එකා ඉන්ටවල් එකටවත් පන්තියෙන් එලියට නොයන තැනට ගාල් කරගෙන ඉන්න නිසාත් ගුරුවරු තඩියාගේ ප්‍රේමයට කිසිම බාධාවක් එල්ල නොකිරීමයි.


    ටවුම පුරා හොයලා හොයලා තාත්තල කීප දෙනෙක්ම කුලියට ගන්න ඩීල් වුනත් ඉස්කෝලෙට යන්න වෙන කේස් එකක් නිසා හුඟක් තාත්තල වැඩේ භාරගැනීම ප්‍රතික්ෂේප කරාම තමා අපිටත් වැඩේ බරපතලකම තේරුනේ. එත් අපේ එකාගේ වාසනාවටද අවාසනාවටද දන්නේ නැහැ අන්තිමේ තාත්තා කෙනෙක් සෙට් වුනේ ටිකක් වැඩි මිලකට. යන්තම් හෙට්ටු කරලා කරලා ගාන දෙපැත්තටම සාධාරණ වෙන්න එකඟ වෙලා හරියටම වෙලාවට ඉස්කෝලෙට එන පොරොන්දුව පිට ඇඩ්වාන්ස් එකකුත් දීල අපේ එවුන් එතනින් ආවේ විදුහල්පති තුමා එක්ක කතා කරන්න ඕන දේවල් පවා වෙනම පන්තියක් දාල කුලියට ගත්තු තාත්තට උගන්වලයි. ඊට අමතරව ඉස්කෝලෙට ඇඳන් එන්න අලුත් සරමක්, කමීසයකුත් ටෙම්පරි තාත්තට අරන් දෙන්න අපේ එවුන්ට සිද්ද උනා.

    තාත්තව ඉස්කෝලෙට එක්කන් එන්න වෙලාව නියම වෙලා තිබ්බේ දවල් එකොළහයි තිහට වගේ. වැඩේ අකුරටම සැලසුම් කරලා තිබ්බ නිසා අපි කාටවත් වැඩිපුර හිතල සැක සංකා ඇතිකරගන්න දෙයක් තිබ්බෙම නැහැ. ඉන්ටවල් එකෙන් පස්සේ අපේ එකාගේ තාත්ත ඉස්කෝලෙට එන වෙලාව ලංවෙද්දි වැඩේට සහයෝගය පළකිරීමක් වශයෙන් දන්නා කියන එවුන් පීරියඩ් එකක් කට් කරලා එලියට පැනගෙන විදුහල්පති කාර්යාලය අවට ගැවසෙන්න ගත්තේ වැඩේ සිද්දවෙන ආකාරය ගැන සජීවීව දැකගැනීමේ අරමුණෙන්.

    වෙලාව දවල් එකොළහයි කාල වෙද්දී ඔන්න ටෙම්පරි පියානෝත් ඉස්කෝලෙට වාර්ථා කරා. අප්පේ බලන්න එපයි මෑන්ස්ගේ ලස්සන. අලුත් සරමයි කමිසෙයි ඇඳලා, කොන්ඩෙ පීරලා, රැවුල කපලා, ඒ මදිවට මූනෙ පවුඩර් හිටං උලාගෙන. කුලියට ගත්ත කියල නිකමටවත් හිතන්නවත් බැහැ. අපේ හිතවත් සිකුරිටි අන්කලුත් ටෙම්පරි තාත්තගේ ඉසේ සිට පාදාන්තය දක්වා පොලිස් ස්කෑන් පාරක් දාල අමුත්තන්ගේ ලේඛනයේ ශිෂ්‍යයාගේ නම සහ පැමිණි කෙනාගේ නම එහෙමත් සටහන් කරගෙන ටෙම්පරි පියානෝව විදුහල්පති කාර්‍යාලය ලඟට යැව්වේ එහෙම දේවල් නිතර ඉස්කෝලේ සිද්දවෙන නිසා. විදුහල්පති හෝ පන්ති භාර ගුරුවරුන් හමුවෙන්න නියම වෙන දෙමාපියන් දිනපතා ඉස්කෝලෙට පැමිණීම සාමාන්‍ය දෙයක්.

    අපේ එවුන් ගේට්ටුව ආසන්නයේ සහ විදුහල්පති කාර්යාලය අවට අනවශ්‍ය අයුරින් ගැවසීමත් සිකුරිටි අංකල්ගේ ඉවට ඒ තරම් ඇල්ලුවේ නැති වග අපිටත් තේරුනේ " තමුසෙලා මේ පැත්තේ කැරකෙන්නේ ඒ තරම් හොඳකට නම් වෙන්න බෑ පුතෝ " කියල කීප වතාවක් සිකුරිටි අංකල් අපේ එවුන්ට කියපු නිසා. කලින් කීප වතාවක් කිව්වා වගේම පොලිස් කාරයෙක් වෙච්චි අපේ සිකුරිටි අංකල් බොහොම බුද්ධිමත් ඉව තියන මනුස්සයෙක්. එහෙව් මනුස්සයෙකුගේ පුතණ්ඩියා වෙච්චි එකා නම් ඒ අහලකින් වත් තියන්න බැරි එකෙක්. ඒ පුතණ්ඩියා තමයි බූලාගේ වික්‍රමය සීන් එකේදී පාරේ යන එකෙකුට කෝච්චියේ ඉඳන් පොල්ලකින් ගහල අපි හැමෝටම ඇතෙක් බරට පරිප්පු නැවක්ම බාලා දීපු සමාදර අනුග්‍රහයකයා.

    හයි කෝර්ට් විනය පරීක්ෂණයට නියමිත හෝරාව ලං වෙච්චි නිසා පෙම් පලහිලව්වට චූදිතයා වෙච්චි අපේ එකාත්, උගේ ටෙම්පරි තාත්තත් විදුහල්පති තුමාගේ කාර්යාලය ඇතුලට කැඳවුනා. රහස් පරීක්ෂණ කලාවේ අගතැන්පත් අපේ එවුනුත් අහු මුළු වලට වෙලා සීන් කෝන් එක ගැන ඇහැ ගහගෙන හිටියත් විදුහල්පති තුමාගේ කාමරය ඇතුලත සිදුවෙන දේ ගැන අපිට අවබෝධයක් තිබුනෙම නැහැ. මේ සියල්ල අකුරට නූලට සිද්දවෙන අතරතුරේ තමයි අපිට කොන්ඩෙ කෙලින් වෙලා ඇඟේ මයිල් ඉස්මයිල් වෙලා කමීස කලිසම් ඇඟට ඇලෙන්න දාඩිය දාලා මුත්තරා බර වෙන දෙයක් සිද්ද වුනේ.


    නිකමට සිකුරිටි අංකල් ඉන්න දිහා බැලුවාම තමයි දැක්කේ පෙම්පලහිලව්වට චූදිතයා වෙච්චි අපේ එකාගේ ඇත්ත අම්මා සිකුරිටි අංකල්ගේ පොතේ නම ගම සටහන් කරනවා. තැන් තැන් වලට වෙලා සීන් කෝන් එක ගැන ඇහැ ගහගෙන හිටපු අපේ එවුන් භයෙන් බිරාන්ත වෙලා එකිනෙකා එක්ක ඇස් වලින්, අතින් පයින් ,ඔලුවෙන් කතා කරේ දැන් මොකද කරන්නේ කියන එකට උත්තර සක්කරයා ගාව වත් නැති නිසා. අපේ එවුන් බිරාන්ත වෙලා බලන් හිටියේ තව තත්පර කීපයකින් වෙන්න යන මහා භයානක අනතුරෙන් මොකක් වේවිද කියල හිතාගන්නවත් බැරුව. එකම පීල්ලේ මුහුණට මුහුණ හැප්පෙන්න යන සෙනග පිරිච්ච සීග්‍රගාමී කොච්චි දෙකක් හැප්පෙන්න ඔන්න මෙන්න වගේ දැනීමක් තමයි හැමෝටම තිබ්බේ. අපේ එකාගේ අම්මා ඇවිත් ඉස්සෙල්ලම හමු වුනේ ගුරු කාමරේ හිටපු අංශභාර ගුරුතුමාව. ඒ දෙබස මෙහෙමයි..

    සර් මම ........... ගේ අම්මා.. අද එකොළහයි තිහට ඉස්කෝලෙට එන්න කියල තිබුන එකයි ආවේ..

    ආ එහෙමද.. ඔන්න පුතණ්ඩියාගෙ හපන්කම් අහන්න තාත්තත් ආව නේද දැන්..

    මොකක්.. නැහැ තාත්ත මේ ගැන දන්නේ නැහැනේ සර්..

    වෙන්ඩ බෑ .. අර දැන් පුතණ්ඩියා එක්ක ප්‍රින්සිපල්ගේ කාමරේ ඉන්නේ එහෙමනම්..

    අංශභාර සර් මේ අන්දබූත කතාවෙන් අන්දමන්ද වෙලා ඊළඟට කරන දේ කල්පනා කරද්දී අපේ එකාගේ මවු තුමිය කිසිම අවසරයක් නැතුව විදුහල්පති කාමරයේ සැලුන් දොර පෙරලාගෙන ඇතුලට ගියේ අප්පොච්චියි පුතණ්ඩියාවයි දෙන්නවම එක කටට ගිලින කේන්තියෙන්. එතනින් එහාට වෙච්චි දේ ගැන අහන් ඉන්න අපේ එවුන්ටත් ලොකු එඩිතරකමක් තිබ්බේ නැති තරම්. අපේ එවුනුත් හිස් ලූ ලූ අත ටික දුරක් දුවලයි ආපහු හැරිලා බැලුවේ.

    ඒ එක්කම ප්‍රින්සිපල්ගේ කාමරයේ සැලුන් දොර දෙපලු කරගෙන සරමේ කොනක් අතින් අරන් උසේන් බෝල්ට් මීටර් සීය දුවන තරම් වේගයෙන් එලියට මතු උනේ ටෙම්පරි පියා.. ප්‍රින්සිපල්ගේ කාමරේ සැලුන් දොර දෙපලු කරගෙන එලියට මතුවුන ගමන් අති දක්ෂ ආකාරයෙන් එම වේගයෙන්ම අංශක අනූවේ වංගුවක් දකුණට ගතපු ටෙම්පරි පියා ධාවන කුසලතාවය උපරිමයටම ප්‍රයෝජනයට අරගෙන නැවතත් ඉගිල්ලුනේ ප්‍රධාන ගේට්ටුව පැත්තට. සීන් කෝන් එක කොයිතරම් ත්‍රාසජනකද කියනවනම් පියාගේ නික්මයාමෙන් නැවතත් පාඩුවේ වැහෙන විදුහල්පති කාමරයේ සැලුන් දොරට පලු දෙක එකතු කරන්න ලැබුනේ නැති තරම්. නැවතත් උසේන් බෝල්ට්වම මතක් කරමින් සැලුන් දොර දෙබෑ කරගෙන ධාවනයට ප්‍රවිෂ්ඨ උනේ අපේ විදුහල්පති තුමා.

    ඕකා අල්ලන්න .. ඔය මිනිහව අල්ලන්න..

    විදුහල්පති තුමා කෑගහල කිව්වේ අපේ සිකුරිටි අන්කල්ට. එත් උසේන් බෝල්ටවත් අල්ලන්න බැරිවෙන තරම් වේගෙන් සරම කරට අරන් දුවපු අපේ ටෙම්පරි පියා ගේට්ටුවෙන් පැනගත්තේ අපේ වාසනාවට. පියා ගේට්ටුවෙන් එලියට පැනගත්තු ගමන් අපිත් පන එපා කියල හිස් ලූ ලූ අත දුවල මිසින් උනේ පියා පස්සේ දුවපු ප්‍රින්සිපල් සර් අපිව දැක්කොත් ඊළඟට වෙන දේ අමුතුවෙන් කාටවත් ඇඟිල්ලෙන් ඇනලා කියන්න ඕන නැති නිසා.

    පෙම් පලහිලව්වටයි, ටෙම්පරි පියානෝගේ සීන් එකටයි දෙකටම වැරදිකාරයා වෙච්චි අපේ එකාට දැඩි දඬුවම් හිමි වුනත් සහයෝගය දක්වපු අනික් උන්ව පාවල නොදීපු නිසා අනික් එවුන්ට දඬුවම් හිමිවුණේ නැහැ. එත් කේස් එක හැන්ඩ්ල් කරපු ගුරුවරුන් ටක්කෙටම දැනගෙන හිටියා ටෙම්පරි පියාගේ කේස් එකට සහය දීපු සෙට් එකට දඬුවමක් දීගන්න බැරි වුනා කියලා. අපේ ටෙම්පරි බුවා ප්‍රින්සිපල්ට අහු උනානම් දෙයියනේ කියලා ඒ අහින්සකයාව පොලිසියට භාරදෙන එක අනිවාර්යයි. එහෙම වුනානම් අපි රොත්තකගේ ඉස්කෝලේ කාලෙකට තහනම් වීමත් අනිවාර්යයි. ඊට අමතරව පොලිසි ගිහින් පොලිසියෙන් බඩ පිරෙන්න කාලා එන ටෙම්පරි පියාගෙන් සහ උගේ ගෝල බාලයින්ගෙන් අපිට පාරේ තොටේදී බඩ පිරෙන්න කන්න වෙන එකත් ඉර හඳ පායනවටත් වඩා බුදු ෂුවර් .

    අපේ බඩා උසස්පෙළට ආපු ගමන්ම අනංගයාගේ ඊතල පහරට ලක්වෙච්ච නිසා මේ සිදුවීම් එකකටවත් බඩා නම් සම්භන්ධ නැහැ. බඩ තඩි එකාව එහෙව් තාලෙට හීලෑ කරලා බලාකියා ගත්තු පිනෙන් අපේ බඩාගේ අඹේනිය සහ හත් මුතු පරම්පරාවම නිවන් දකිනවා සත්තයි. හයි ස්කූල් ස්වීට් හාර්ට්ලා වෙච්චි අපේ බඩා සහ ප්‍රියම්භිකාවිය දරු දෙන්නෙක් හදාගෙන සන්තෝසෙන් ජීවත් වෙන එක අපි හැමෝටම හොඳ ආදර්ශයක්. එක්දහස් නවසිය අනූ හතරේදී උසස්පෙළ පන්තියේදී සමාදන් වෙච්චි සීලය අදටත් අපේ බඩා පන වගේ රකින්නේ පණ දෙවැනි කරගෙනයි.

    සිකුරිටි අන්කල්ට නිකමට හිතෙන්න ඇති මේ දුවන් එන මුස්සයා සහ අපි අතර සහසම්භන්ධයක් ඇති කියලා. මොකද අපිත් සැක හිතෙන ආකාරයෙන් ඒ අවට කැරකීම කලින් ඉඳන්ම සිකුරිටි අන්කල්ගේ අවදානයට ලක්වෙලා තිබ්බ නිසා. දුවන් එන එකා අල්ලලා ඉස්කෝලේ ඇතුලේ දාගත්තොත් මුන් රොත්තටම කන්න වෙයි කියල හිතිලා අපි ගැන අනුකම්පා හිතිලා වෙන්න ඕන සිකුරිටි අන්කල් ටෙම්පරි පියාව ඇල්ලුවේ නැත්තේ. සිකුරිටි අංකල් තත්පරෙන් ගේට්ටුවේ ලොක් එක දැම්මනම් අපි ඔක්කොම ගස්. එහෙම බැලුවාම අපේ නිර්දෝශීභාවයට ප්‍රධාන අනුග්‍රහය සිකුරිටි අන්කල්ගෙන්. සිකුරිටි අංකල් දීර්ඝායු වේවා කිව්වා ඔන්න..

    බැලුවාම සිකුරිටි අංකල් අපේ බඩාගේ ඥාතිලු. ඒ ප්‍රියම්භිකාවගේ පැත්තෙන්ලු . බලමුකෝ එකෙත් හැටි.. බඩා හොර සිල් අරන් හෙමිජ්ජ වගේ හිටියට මේ හැමතැනටම යටින් යටින් සම්බන්ධයි.

    අපි ටෙම්පරියට තාත්ත කෙනෙක් හොයා හොයා ටවුම පුරා ඇවිදිද්දී අපේම එකෙක් තමයි ගෙදරටම ගිහින් චූදිතයාගේ මවු තුමියට එකොළහයි තිහට ඉස්කෝලෙට එන්නයි කියල පණිවිඩේ දීල තියෙන්නේ. ඒ මදිවට ඌ අපේ එකාගේ අම්මට කියල තියෙනවා පුතාට නොදන්වාම එනවනම් හොඳයි කියල. උපදේශය අකුරටම පිලිපැදපු චූදිතයාගේ මව හෙවනැල්ලටවත් නොදැනෙන්න වෙලාවටම ඉස්කෝලෙට වාර්ථා කරපු නිසා තමා සුපිරියට සැලසුම් කරපු ගේම් එක හත්පොලේ ගාගෙන නිමා වුනේ. කව්රු කොහොම කිව්වත් උසේන් බෝල්ටත් වඩා වේගයෙන් දුවල තමුන්ගේ මලල ක්‍රීඩා හැකියාව පෙන්නපු ටෙම්පරි තාත්තට ඒ ගෞරවය හිමිවිය යුතුයි. අපේ රටේ පවතින පාලනයේ තියන දුර්වලකම තමයි සුදුස්සාට සුදුසු තැන නොලැබීම. ඒ කාලේ ඒ මනුස්සය ඔලිම්පික් යැව්වනම් ඒ උන්නැහේ දුවනවා කාල් ලුවිස්ලාට, බෙන් ජෝන්සන්ලාට වලිගෙවත් අල්ලන්න බැරි වෙන්න. පස්සේ කාලෙක මට ඊට වඩා සුපිරි දිවිලි ශූරයෙක් හමු වුනා. අන්න දිවිලි. ට්‍රෙන් කරලා ගත්තනම් උසේන් බෝල්ට් කැලේ .


     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    නියමෙට ලියලා තියනවා...මට හිනාව නවත්ත ගන්න බැරි උනා..අම්මා අහනවා තොට පිස්සුද තනියම හිනා වෙන්නේ කියලා... මටත් ඔය වගේ සීන් නම් අම්බානක තිබිලා තියනවා... හරියටම අපේ පන්තියේ හිටපු එවුන් වගේම ටිකක් තමයි උබලගේ පන්ති වලත් ඉදලා තියෙන්නේ... මේවට දෙන්නේ නැති rep මොකටද ?
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පේ.. එක හුස්මටම කියෝගෙන ආවා...
    මම මුලින් හිතුවේ පියානෝ එකක් ගැන කියන කතාවක් කියලා..:lol:
    වෙනදා වගේම තමයි.. කියන්න දෙයක් නෑ ලස්සනට ලියල තියෙනවා..

    model-1.jpg


    "අපි ටෙම්පරියට තාත්ත කෙනෙක් හොයා හොයා ටවුම පුරා ඇවිදිද්දී අපේම එකෙක් තමයි ගෙදරටම ගිහින් චූදිතයාගේ මවු තුමියට එකොළහයි තිහට ඉස්කෝලෙට එන්නයි කියල පණිවිඩේ දීල තියෙන්නේ. ඒ මදිවට ඌ අපේ එකාගේ අම්මට කියල තියෙනවා පුතාට නොදන්වාම එනවනම් හොඳයි කියල."

    අම්මප මේ වගේ බුවෙක්නම් හැම ඉස්කෝලෙකම වගේ ඉන්නවම තමයි..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේවා යට ගිහිල්ලනේ..:sorry: ඉන්ඩ මාමේ කියවලා කමෙන්ට් එකක් දාන්නම්..:cool:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ලොල් යකෝ. අපිත් එක පාරක් ටෙම්පරි අයිය්ටෙක්ව සෙට් කල ඉස්කෝලෙට
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මපා අයියේ අර ගිහිල්ල දීපු එකා හම්බවුනේ නැද්ද පොඩ්ඩක් සලකන්න..:growl::growl:

    ලොකුම කේස් වුනේ නැතත් අපි තමා පීරියඩ් කට් කරලා රෙකෝඩ් තිබ්බේ.. :cool:(කවදාවත් පන්තියන එන්නෙ නැති උන් ඇරුනම:dull:)

    අපේ නම් හිටියේ ඇන්ටිලා දෙන්නෙක් ගේට්ටුව ගාව. තාප්පෙන් පනින්න ගියාම ගොඩක් වෙලාවට සංගීතය කරන සර් කාරයට මාට්ටුවෙනවා. ඒ නිසා විසඳුම් දෙකයි. එක්කෝ ගේට්ටුවෙන්. නැත්නම් ඔක්කොටම පේන්න පිට්ටනිය හරහ දුවලා එතනින් තාප්පෙන්.:cool: (එතනින් පැන්නම ෂෝට්කට් භාවිතා නොකලොත් ගස්.:baffled:)

    අපි කරන්නෙ ගේට්ටුව ගාව කැරකි කැරකි ඉඳලා ඇන්ටිල දෙන්න පොඩ්ඩක් එහාට මෙහාට වුනාම ගේට්ටුවෙන් දුවන එක.:cool:

    අපේ පන්තියෙන් තමා ඉස්කෝලෙ ලොකුම පන්ති කට් කිරිල්ලෙ රෙකෝඩ් එක තිබ්බෙ. ඒ දවසක් එසෙම්බ්ලි එකක් තිබ්බ වෙලාවක වැහැලා එසෙම්බ්ලිය බාගෙට නවත්තලා හැමෝම පිට්ටනියෙ තියන පැවිලියන් එකට වෙලා හිටියෙ. පිනා, ගුරුවරු හැමෝම වගේ විතරක් නෙමේ කලාප අධයක්ෂකත් හිටිය මතක විදියට.අපි ඉතින් එසෙම්බ්ලියත් කට් කරලා කොහේහරි හිටියෙ. :P එදා උගන්නන්නෙත් නෑ කියල දැනගත්තම කට්ටියම පනින්න ලෑස්තිවුනා..:yes:

    අන්තිමට මහ වැස්සේ ඉස්කෝලෙම ළමයි ටිකයි ගුරුවරු ටිකයි පිනයි බලාගෙන ඉන්නකොට එවුන් ටිකක් පිට්ටනිය දිගේ තෙමි තෙමී දුවලා තාප්පෙන් පනිනවා.. :lol::lol: මොනව හිතුනද දන්නෑ බලන් හිටපු උන්ට..:baffled: අපි මාට්ටුවුනේ නම් නෑ හැබැයි..:cool:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හොඳම හරිය කියලා නෑ නේ...

    අරූගේ අම්මට ගෙදරටම ගිහින් මුට්ටිය බාපු එකාට මොකද කරේ අන්තිමට

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අම්මපා අයියේ අර ගිහිල්ල දීපු එකා හම්බවුනේ නැද්ද පොඩ්ඩක් සලකන්න..:growl::growl:

    ලොකුම කේස් වුනේ නැතත් අපි තමා පීරියඩ් කට් කරලා රෙකෝඩ් තිබ්බේ.. :cool:(කවදාවත් පන්තියන එන්නෙ නැති උන් ඇරුනම:dull:)

    අපේ නම් හිටියේ ඇන්ටිලා දෙන්නෙක් ගේට්ටුව ගාව. තාප්පෙන් පනින්න ගියාම ගොඩක් වෙලාවට සංගීතය කරන සර් කාරයට මාට්ටුවෙනවා. ඒ නිසා විසඳුම් දෙකයි. එක්කෝ ගේට්ටුවෙන්. නැත්නම් ඔක්කොටම පේන්න පිට්ටනිය හරහ දුවලා එතනින් තාප්පෙන්.:cool: (එතනින් පැන්නම ෂෝට්කට් භාවිතා නොකලොත් ගස්.:baffled:)

    අපි කරන්නෙ ගේට්ටුව ගාව කැරකි කැරකි ඉඳලා ඇන්ටිල දෙන්න පොඩ්ඩක් එහාට මෙහාට වුනාම ගේට්ටුවෙන් දුවන එක.:cool:

    අපේ පන්තියෙන් තමා ඉස්කෝලෙ ලොකුම පන්ති කට් කිරිල්ලෙ රෙකෝඩ් එක තිබ්බෙ. ඒ දවසක් එසෙම්බ්ලි එකක් තිබ්බ වෙලාවක වැහැලා එසෙම්බ්ලිය බාගෙට නවත්තලා හැමෝම පිට්ටනියෙ තියන පැවිලියන් එකට වෙලා හිටියෙ. පිනා, ගුරුවරු හැමෝම වගේ විතරක් නෙමේ කලාප අධයක්ෂකත් හිටිය මතක විදියට.අපි ඉතින් එසෙම්බ්ලියත් කට් කරලා කොහේහරි හිටියෙ. :P එදා උගන්නන්නෙත් නෑ කියල දැනගත්තම කට්ටියම පනින්න ලෑස්තිවුනා..:yes:

    අන්තිමට මහ වැස්සේ ඉස්කෝලෙම ළමයි ටිකයි ගුරුවරු ටිකයි පිනයි බලාගෙන ඉන්නකොට එවුන් ටිකක් පිට්ටනිය දිගේ තෙමි තෙමී දුවලා තාප්පෙන් පනිනවා.. :lol::lol: මොනව හිතුනද දන්නෑ බලන් හිටපු උන්ට..:baffled: අපි මාට්ටුවුනේ නම් නෑ හැබැයි..:cool:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:


    හප්පා ඉස්කෝලෙ යන කාලෙ පීරියඩ් කට් කරපු හැටිනම් මහා කුජීතයි නේහ්..:lol:

    අපි එකපාරක් ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරන්න හිතාගෙන වෙන පන්තියකට වෙලා හිටියා.. අපි උසස් පෙළ කළේ 12A එකේ.. 12B එක ආර්ට් ක්ලාස් එක.. ඒක තිබුණෙ අපේ පන්තිය ළඟම නිසා අපි ඊට ටිකක් එහා තිබුණු 12C පන්තියට රිංගගෙන හිටියා.. අපේ පන්ති තිබුණේ දෙවෙනි තට්ටුවේ... ඉතින් කොරිඩෝ එකෙන් වෙන් උනේ කොට තාප්පෙකින්..

    ඒ පීරියඩ් එකේ 12C පන්තියෙත් සර් කෙනෙක් හිටියෙ නැති නිසා අපි ඒ ක්ලාස් එකට වෙලා ඇම්ඩ කොලුවගෙ වැඩ ගැන සාකච්ඡාවක් දාගෙන හිටියා...:P
    ඉංග්‍රීසි පීරියඩ් එක ඉවර උන ගමන ආයෙත් අපේ පන්තියට යද්දියි දැක්කෙ ඉංග්‍රීසි මිස් ආර්ට් ක්ලාස් එකට උගන්නන්න යනව....

    ඒ කියන්නෙ අපි අපේ පන්තිය ගියොත් අනිව මාට්ටු වෙනව කියන එක... එකෙක් දෙන්නෙක් නම් ජයසිකුරු මෙහෙයුමේ සෙබලු වගේ අර කොට තාප්පෙ ඉස්සරහ කොරිඩෝව දිගේ බඩ ගාගෙන ගිහින් අපේ පන්තියට රිංග ගත්තා...

    ඒත් පස් හය දෙනෙක් ඔය වැඩේ කරන්න ගියොතින් එහෙම ආර්ට් ක්ලාස් එකේ කෙල්ලොන්ගෙ ටිකිරි හිනා නිසා අපිව කොහොමත් මාට්ටු වෙනව..:frown:

    ආයි අපි හිටිය 12C එකට ගියාම උන්ට ඒ පීරියඩ් එකත් ෆ්‍රී.. ඉබ්බ දියේ දැම්මාම ඇන්නෑවේ කිව්වලු..!
    අපි ඒ පීරියඩ් එකත් කුණුහරුප කතා කියන්නම ගෙවල දැම්ම..
    ඔන්න විනාඩි 40කට පස්සෙ ඉස්කෝලෙ ඇරෙන්න කලින් අන්තිම පීරීයඩ් එකත් පටන් ගත්තා...
    හුටාහ්.! ඇම්ඩන්ගෙ ලෝකෙ හිටිය අපි ඉංග්‍රීසි මිස් පන්තියට එනකම්ම දැක්කෙ නෑ..:no:

    ලාස්ට් පීරියඩ් එකේ 12C එකට ඉංග්‍රීසි තිබිල තියෙන්නේ... C එකේ උන් අපිට ඒක කිව්වෙත් නෑ.. පීරියඩ් දෙකක් තිස්සෙ අපිට ආතල් සපයපු උනුත් අන්තිම පීරියඩ් එකේ අපෙන් ආතල් ගන්න බලන් ඉඳලා... උන් දන්නව ඉංග්‍රීසි වලට තියෙන අපේ කැපවීම නිසමයි අපි මෙතන හිටියේ කියල...:dull:

    වෙලාවට ඉංග්‍රීසී මිස් ආව ගමන් ගුඩ් ඉවීනින්ග් කියන්නත් කලින් සිංහලෙන්ම 12C එකේ කොල්ලන්ට අමතන ගමන්, කලින් පීරියඩ් එකකදි ආර්ථික විද්‍යාව සර්ගේ ප්‍රස්ථාර වලින් හැඩ වෙලා තිබුණු කලු ලෑල්ල මකන්න පටන් ගත්ත අනිත් පැත්ත හැරිලා..:lol:

    ඔය අතරේ පන්තියේ පිටිම පස්සෙ හිටපු අපි සෙට් එක අරුන්ගෙ පුටුත් පාගගෙන අර කොට තාප්පෙන් එළියට පැන ගත්තා කොටුවට පැනපු වල් ඌරෝ රැලක් ආපහු කොටුවෙන් එළියට දුවනව වගේ...:baffled:

    ටීචර්ට ගුඩ් ඊවිනින්ග් කියනකං ඔක්කොම හිටගෙන හිටිය නිසා පන්තිය පිටිපස්සෙන් උන මිෂන් එක ඒ හැටි පැහැදිලිව පෙනුනේ නෑ කියලයි හිතන් හිටියේ... ඒත් අන්තිමට ආව එකා මුන කජු ලෙල්ල කරන් ආපු විදිහ නිසා මොකක් හරි අව්ලක් වෙලා කියල තේරුණා..:eek:

    අපි පිස්සු බල්ලො වගේ අපේ පන්තියට දුවන් ආවට පස්සෙ අරූගෙන් සීන් එක ඇහැව්වම කියපි..
    "අඩෝ.. මම පැන්න විදිහ දැකල මිස්ට හිනා ගියා බං... මම පනිනකොටම පුටුව පෙරලුනානේ"
    කියල...
    පස්සෙ ආරංචි උන විදිහට ඉංග්‍රීසි මිස් හිතල තියෙන්නෙ උංගෙම පන්තියේ එකෙක් ක්ලාස් එකෙන් පැන්න කියලා..
    හැබැයි ඉතින් පුටුව පෙරල ගත්ත එකා තමයි අන්තිමට දවසේ බයිට් එක උනේ...:lol:
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ


    බලන් යනකොට හැම ඉස්කොලේකම වගේ නසරාණියෝ සෙට් එකක් ඉඳලා තියනවා නේ :P



    gPuCpCR.png
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේක එක කොටසින් ඉවර කරල වෙලාවට..:cool:
    ඒ උනාට කෝ යකෝ අනිත් කතාවෙ ඉතුරුවා..:growl:
    බාගෙට නැවැත්තුවෙ මොකෝ..:frown: