ඔන්න එකෝමත් එක පුංචිම පුංචි ගම්මානයක
ඔන්න එකෝමත් එක පුංචිම පුංචි ගම්මානයක හිටියලු පොඩි ළමයෙක් සුනිමල් කියල. මේ ළමය හැමදාම ඉස්කෝලෙ යනවලු. ඉතින් මේ ළමය අදත් උදෙන්ම නැගිටල ඉස්කෝලෙ යන්න පිටත් උනාලු. ඉතින් මේ ළමය පොත් බෑග් එකත් අමාරුවෙන් උස්සගෙන පාසල් වෑන් එකට ගොඩ උනාලු. මේ ළමය හිටපු පුංචිම පුංචි ගම්මානය පිහිටලා තිබුණෙ සුවිසල් කඳුකර වලින් වටවුනු මධ්‍යම කඳුකරයෙ.
ඉතින් මේ කඳුකරේ ඉතාමත් ලස්සනට ගස් වැල් මල් පළතුරු වලින් පිරිල තිබුණ. කුරුල්ලො, ලේන්නු වගේ ගොඩක් පුංචි පුංචි සතුන් මේ මල් පළතුරු ආහාරයට ගන්නවලු.
ඔන්න ඉතින් දවසක් ලේනෙක් අඹ ගෙඩියක් කන්න සූදානම් වෙනකොටම දැක්කලු මේ අඹ ගෙඩියෙ පුංචිම පුංචි පණුවෙක් ඉන්නව. මේ පණුව ඉපදුනු දවසෙ ඉඳන් වාසය කළේ මේ අඹ ගෙඩියෙලු. ඉතින් මේ පණුව කවදාවත් අවට ලෝකය දැකල තිබුණෙ නැල්ලු. එක දවසක් මේ පණුව කල්පනා කරාලු මම හැමදාමත් මේ අඹ ගෙඩියට වෙලා ඉඳල වැඩක් නෑ අඹ ගහේ එහෙ මෙහෙ තියෙන තවත් අඹ ගෙඩි බලන්න යන්න ඕනෙ කියල. මේ අඹ ගහ තිබුණෙ කැළෑවෙ මැද්දෙ තිබුන ලස්සනම ලස්සන ඇළ පාරක් ලඟලු. මේ ඇළ කොච්චර ලස්සනද කියනවනම් මේකෙ ගලාගෙන යන ජලය අමුතුම අමුතු ලා නිල් පාටකින් දිලිසෙනවලු.
මේ ලස්සනම ලස්සන ජලය ඇතුලෙ වාසය කරාලු හරිම නපුරු මාළුවෙක්. මේ මාළුවා කොච්චර නපුරුද කියනවනම් ඇළේ හිටපු හැම මාළුවෙක්ම මෙයාට බයයි. ඒත් කවදාවත් මෙයාට බය නොවුනු එක්කෙනෙක් හිටිය මේ ඇළේ. ඒ තමයි කක්කුට්ට.
ඉතින් මේ කක්කුට්ට දවසක් දා ඇළේ නාන වෙලාවක අහස කලු කරගෙන මහ වරුසාවක් ආවලු. මේ වරුසාව කොච්චර තදද කියනවනම් ඇළේ වතුර පාර තද වෙලා මේ කක්කුට්ටව වතුර පාරට ගහගෙන ගියාලු. ඉතින් මේ කක්කුට්ට ගහගෙන ගහගෙන ගහගෙන ගිහින් අන්තිමට මුහුදට වැටුනලු. මේ මුහුද ටිකක් රළුයිලු අද.
කොච්චර රළුයිද කියනවනම් එකම එක ධීවරයෙක්වත් අද මාළු බාන්න ගියේ නැතිලු. ඒත් මේ අය අතරින් එක ධීවරයෙක් මාළු බාන්න මුහුදට ඇවිත් හිටියලු.
මේ ධීවරය බොහොම අමාරුවෙන් මාළු බාල ගෙදර එනකොටලු මතක් උනේ බාපු මාළු ටික ගේන්න අමතක උනා කියල. මේ මාළු ටික තාම බෝට්ටුවේලු. ඒ මාළු ටික අතරෙ හිටියලු ටිකක් උස මහත මාළුවෙක්. මේ මාළුවා හිතුවලු මම මිනිහෙක්ගෙ ආහාරයක් වෙනවට වඩා හොඳයි මෙතනම මැරෙන එක කියල. ඒත් මේ වෙනකොට මෙයා පරක්කු වැඩිලු. ධීවරය එක පාරට ඇවිල්ල මෙයාගෙ නැට්ටෙන් උස්සල දෙකට කැපුවලු. ඒ පැත්තෙ මාර්කට් එකේ මේ ජාතියේ මාළු වැහි වැහැලලු.
ඉතින් මේ මාළු අරගෙන රට පුරා බෙදන අහින්සක මනුස්සයෙක් දවසක් මාළුත් අරගෙන යන්න පිටත් උනාලු. මෙයා මාළු සුපිරි වෙළඳ සැල් වලටත් බෙදා හරිනවලු ඉතාමත් සුළු මුදලට. ඉතින් මේ වගේ වෙළඳ සැල් රට පුරා තිබුණලු.
ඔන්න එක දවසක් සුපිරි වෙළඳ සැලකට හොඳට ඇඳ ගත්ත මහත්තයෙක් ආවලු. මෙයා සුපිරි වෙළඳ සැලෙන් උස මහත දෙකට කපපු මාළුවෙක්ගෙ බගෙකුයි අඹ ගෙඩි 10 කුයි ගත්තලු. මේ මහත්තයාගෙ නම සුනිමල්.
සුනිමල් ඉස්කෝලෙ ගියේ මධ්‍යම කඳුකරයේ තිබුණු පුංචිම පුංචි ගම්මානයක.
මේ ළමය හැමදාම ඉස්කෝලෙ යනවලු. ඉතින් මේ ළමය අදත් උදෙන්ම නැගිටල ඉස්කෝලෙ යන්න පිටත් උනාලු. ඉතින් මේ ළමය පොත් බෑග් එකත් අමාරුවෙන් උස්සගෙන පාසල් වෑන් එකට ගොඩ උනාලු......>>>>

Last edited: