ඩිජිටල්_මායාව

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඩිජිටල් මායාව මුලාවකි
කොම්පියුටර් සහ ඉන්ටර්නෙට් දරුවන්ගේ කුසලතා වැඩුමට රුකුලක් නැති බව එළි වේ.


woodleywonderworks.jpg


පරිගණක හෝ අන්තර්ජාලය ඇසුර නිසා සිසුන්ගේ අද්‍යාපන සහ කුසලතා මට්ටම් දියුණු නොවන බව ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවකින් පෙන්වා දී තිබේ. ලෝකය රටවල් 70 ක සිසුන්ගේ ඩිජිටල් හැකියාව විමසා බැලීමෙන් පසුව පසුගිය සැප්තැම්බර් 15 වෙනිදා මෙම වාර්තාව ( OECD PISA report on digital skills ) ඉදිරිපත් කරනු ලැබුයේ , ප්‍රංශයේ ( OECD - Organization for Economic Co-operation and Development ) ආයතනයෙනි.මෙය ලොව පුරා මහජනයාගේ ආර්ථික සහ සමාජ තත්වය දියුණු කිරීමට සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනයේ යෙදෙන කීර්තිමත් විද්වත් ආයතනයකි .

ලොව පුරා රටවල ප්‍රථමික අධ්‍යාපනය ලබන සිසුන්ගේ ගණිත, විද්‍යා සහ කියවීමේ කුසලතා වැඩිම පිළිබඳව විශේෂ විමසා බැලීමක් ( PISA - The program for International Student Assessment ) මෙම ආයතනයෙන් මෙහෙයවයි. දැන් ප්‍රසිද්ධ කර තිබෙන්නේ එහි නවතම වාර්තාවයි.

නිරන්තරයෙන් පරිගණක සහ අන්තර්ජාලය භාවිතා කරමින් අධ්‍යාපන කටයුතුවල යෙදෙමින් උසස් ප්‍රතිපල ලබා ගත හැක්කේය යනුවෙන් මුල්බැසගෙන තිබු මතය නිවැරදි නොවන බව තම සමීක්ෂණයෙන් පෙනීගොස් ඇති බව OECD ආයතනයේ අධ්‍යක්ෂ ඇන්ඩ්රියාස් ශිලෙෂර්, බ්බිසි ( BBC ) පුවත් සේවයට කීය.

පොදුවේ ගත්විට පරිගණක හා අන්තර්ජාලය පාදක කරගෙන අධ්‍යාපන කටයුතුවලට දිරිදීම නිසා සිසුන්ගේ කියවීමේ හැකියාව, ගණිත සහ විද්‍යා දැනුම භාවිතා හුරුව ඉතා අඩුවී තිබේ. මේවාට අමතර වශයෙන් පරිගණක ආශ්‍රිත නවීන තාක්ෂනය භාවිතා කිරීම සිසුන්ගේ කුසලතා මොට කිරීමට බලපානේ කුමන ආකාරයටදැයි යන්න මෙම සමීක්ෂණ වාර්තාවෙන් නිශ්චිතව පෙන්වා ඩි තිබුනේ මෙසේයි.


  1. පාසලේදී නිරන්තරයෙන් පරිගණක භාවිතා කරන සිසුන් ඉතා පහල ප්‍රතිපල පෙන්විය.
  2. පරිගණක සහ අන්තර්ජාලය ආශ්‍රිත යටිතල පහසුකම් අධ්‍යාපනයට යොදා ගැනීමට මහා ධනයක් වැයකර ඇති රටවල සිසුන්ගේ කියවීමේ හැකියාව , නිර්මාණාත්මක භාෂා භාවිතය මෙන්ම ගණිත, විද්‍යා දැනුම භාවිතය පහල මට්ටමකට වැටි තිබේ.
  3. සතියකට දෙවරක් පමණක් පරිගණක භාවිතා කරමින් අධ්‍යාපන කටයුතුවල නිරතවන්නන් කිසිසේත්ම පරිගණක භාවිතා නොකරන අයට වඩා හොඳ ප්‍රතිපල පෙන්විය.
  4. දකුණු කොරියාව , ෂැන්හයි සහ චීනයේ පාසල්වල පරිගණක භාවිතය, අන් රටවලට වඩා අඩු වුවත් ඒ රටවල සිසුන් උසස් අධ්‍යාපන කුසලතා පෙන්විය.
  5. සාමාන්‍ය මට්ටමේ පාසල් වලදී පරිගණක භාවිතා කරන රටක් වන සිංගප්පුරුවේ සිසුන් අන් කවර රටක සිසුන්ටත් වඩා හොඳ කුසලතා මට්ටමක් පෙන්වීය.
මෙම සමීක්ෂණ වාර්තාව මෙතෙක් කාලයක් ලොව කිසිඳු ආයතනයක් පල නොකළ ආකාරයේ එකකි. මන්ද එය සම්පුර්න එකක් සේම සමීක්ෂණ මෙහෙයවූ ආකාරය ඉතා විද්‍යාත්මක බැවිනි. ඒ නිසා නුතන තාක්ෂණයේ පිහිට අධ්‍යාපනයට යොදා ගන්න කවුරුන් නමුත් මෙම වාර්තාවෙන් ඉස්මතු කර පෙන්වන කරණා ගැන අවධානය යොමු කිරීම වටී.


නුතන පරිගණක තාක්ෂනය සහ යෙදුම් අධ්‍යාපන මෙවලම් සේ යොදා ගත යුතු නැති බවට කිසිදු ඉඟියක් මෙම වාර්තාවෙන් ගෙනහැර පාන්නේ නැත. ඉන් කියවෙන්නේ මෙය පරිස්සමෙන් කලයුත්තක් බවයි. සිසුන්ගේ නිර්මාණාත්මක හැකියාව දියුණු කිරීම අධ්‍යාපනයේ මුලික අරමුණකි. අන් අයගේ අභාෂය ලබා ගැනීමට ඉඩදීම එතනට ඕනෑ කෙරේ. එහෙත් අනුකරණයෙන් කුසලතා වැඩෙන්නේ නැත. මෙම සමීක්ෂණය මෙහෙයවූ ප්‍රධානියා වන ඇන්ඩ්රියාස් ශිලෙෂර් අවධාරණය කර සිටින්නේ අන්තර්ජාලය හරහා ගොස් සිසුන්ට ඉගැනුම් මෙවලම් සොයා අභාෂය ලබා ගන්නට හුරු කිරීම කල යුතු වුවත් සිසුන් අනුකාරකයින් බවට පත් නොකිරීමට ගුරුවරු වගබලා ගත යුතු බවයි.



========================================
මේ මාසේ එනම් ඔක්තෝම්බර් 2015 විජය පරිගණක සඟරාවේ පල උන ලිපියක් පන දාගෙන ටයිප් කලේ දරුවන් ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි කියල හිතුන නිසා. මේ ලිපිය ලියලා තියෙන්නේ චන්දිමා දිසානායක.

මෙම සමීක්ෂණ වාර්තාව සම්පුර්ණයෙන්ම අත්තක්. ඇත්තටම ඉන්ටර්නෙට් තිබ්බේ නැත්නම් මම හොඳ පොත් පත් කියවන කෙනෙක් වෙන්න තිබ්බ. ඉස්කෝලේ යනකාලේ ගොඩක් පොත්, පත්තර ගොඩාක් මම කියෙවුවා. පොත් ප්‍රදර්ශන මගහරින්නේ නැහැ. එත් දැන් මේ ඉන්ටර්නෙට් නිසා හැම දෙයක්ම නැති වෙලා ගියා. පොතක් කියවපු කාලයක් මතක නැහැ.

දෙවැනි කරනේ තමයි අද කාලේ ගොඩක් සිසුන් කරන්නේ මොනවා හරි assignment එකක් දුන්නම ඉන්ටර්නෙට් එකෙන් සම්පුර්ණයෙන්ම කොපිය ගහනවා. කොපි පේස්ට් . ඔන්න තියන තත්වේ. තමන් විසින් ලියපු දෙයක් නැහැ. යුනිවර්සිටි එකේ සිසුන් කරපු ප්‍රොජෙට් අරන් බලන්න. එහෙම පිටින්ම ඉන්ටර්නෙට් එකෙන් උස්සල දාන්නේ. දියුණු රටවලනම් ඒවා හොයල බලල රිජෙක්ට් කරනවා. එත් ලංකාවේ විශ්වවිද්‍යාල වලනම් එහෙම දකින්න නැහැ.

 
Last edited:

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මහන්සි නොබලා ටයිප් කරලා බෙදාගත්තට ස්තූතී :) උඹ මේ හොද වැඩක් කරාමද කොහෙදෝ නේ. ;)
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මහන්සි නොබලා ටයිප් කරලා බෙදාගත්තට ස්තූතී :) උඹ මේ හොද වැඩක් කරාමද කොහෙදෝ නේ. ;)


    අනේ පලයන් බන් යන්න. 90 % හොඳ වැඩ අපි කරන්නේ
    . ;)
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඉතිං ඇත්ත තමා බං..:cool:

    උඹ තවම විජය පත්තරය කියවනවද..:eek:

    ඌ ඔය විජය පත්තරේ නෙවෙයි bro බලලා තියන්නේ. විජය පරිගණක සගරාව කියලා තියන්නේ ලොකු එව්න්ට ගහන magazine එකක් අන්න ඒක.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඌ ඔය විජය පත්තරේ නෙවෙයි bro බලලා තියන්නේ. විජය පරිගණක සගරාව කියලා තියන්නේ ලොකු එව්න්ට ගහන magazine එකක් අන්න ඒක.


    bro කියන්නේ සගරාවක් ද , නැත්නම් පත්තරයක් ද බන්

    ජෝක් ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහන්සි නොබලා ටයිප් කරලා බෙදාගත්තට ස්තූතී :) උඹ මේ හොද වැඩක් කරාමද කොහෙදෝ නේ. ;)
    මූ හොඳ ත්‍රේඩ් දානවා.. ඉඳලා හිටලා කඩේ යනවා එක එකාට.. හැබැයි හොඳ එකා බං..:cool:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Ela machan honda article ekak...
    Thanks for sharing.. :yes:
    (You must spread some Reputation around before giving it to Anti BBS again)

    Kathaawa aththa thama.
    Sameekshana nathuwath eeka therenawa.
    Computers walin balaporoththu wena hama deema karanna ba.
    Mokak hari waasiyak thiyana oonaama thanaka, mokak hari awasiyakuth thiyana eka mama hama weleema dakka deyak.

    Mata nam pothak kiyawaka deyak mathaka thiya ganna pramanayata wada net eke article ekakin deyak mathaka thiyana pramanaya adui.
     
    Last edited:

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,490
    970
    113
    හොද ත්‍රෙඩ් එකක් විවාද ජනකයි. ඔක ඇත්ත තමයි.