හාවාගේ කතාවස්තුව - දුම සහතිකයක් නිසා කෙලව &#34

topkollek

Well-known member
  • May 22, 2014
    43,298
    1
    57,338
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හාවාගේ කතාවස්තුව - දුම සහතිකයක් නිසා කෙලව &quo

    දැනට මාස දෙක තුනකට කලින් මට තිබුන වාහනේ ආදායම් බලපත්‍රය අලුත් කරන්න. ඒකට දුම සහතිකයක් ගන්න මම තෝරගත්තෙ ඩ්‍රයිව් ග්‍රීන් කියන ආයතනය. හේතුව එයාලගෙ රිපෝට් එකේ "අපි වෙනුවෙන්ම" කොච්චර පෙට්‍රල් නාස්ති වෙනවද කියල පෙන්නන නිසා.

    මේ තියෙන්නෙ ඒ ගත්ත දුම් සහතිකය:
    2qumdr5.png


    මට පෙට්‍රල් ලීටරේකින් රුපියල් 3.23ක් පාඩු වෙනවලු. මොකද කරන්නෙ කියල ඇහුවම කිව්වෙ එන්ජින් ටියුනප් එකක් කරන්න කියල.

    ඉතින් මාත් ගියා එන්ජින් ටියුනප් කරනව කියල බෝඩ් එකක් ලොකුවට දාගෙන ඉන්න බාස් කෙනෙක් ගාවට. ස්පාක් ප්ලග්ස්, ෆුවල් ෆිල්ටර් අලුතෙන් දාල ඉන්ජෙක්ටර් සුද්ද කරගෙන වැඩේ කලා කියමු. එදායින් පස්සෙ ලීටරේට රුපියල් 3.23ක් ඉතිරි කරන හැටි හිත හිත මම සන්තෝසෙන් ගෙදර ආව.

    ඔහොම ඉතින් සන්තෝසෙන් ඉන්න අතරෙ ඒ සී එක ලෙඩ දෙන්න පටන් ගත්ත. වාහනේ අයිඩ්ල් තියෙනකොට ඒසී එකට ඉක්කාවක් හැදෙනව. ඒ වෙලාවට ඒසී වැඩ කරනවා නැතුව යනවා ආයෙ වැඩ කරනවා. මම ගියා ඒසී හදනව කියල ලොකු බෝඩ් එකක් ගහන් ඉන්න බාස් කෙනෙක් ගාවට.

    AC බාස් චෙක් කරල කිව්ව කම්ප්‍රෙසර් එක ගෙවිල කියල. රෙපෙයාර් කරන්නත් බෑලු. රීකන්ඩිෂන් එකක්ම තියන්න ඕනෙලු. ඔන්න ඉතින් රීකන්ඩිසන් එකක් තිබ්බ කියමුකො. ඒ වෙලාවෙ ලෙඩේ ආවෙ නෑ. සනීපයි වගෙ. ඉතින් මමත් සන්තෝසෙන් ගෙදර ආව.

    පහුවදා මහ දවාලෙ වාහනේ ඒසී දාගෙන නතර කරන් ඉන්න්කොට ඒසී එක ආයෙ ඉක්ක ගහන්න පටන් ගත්ත. මම කෙලින්ම ගියේ ඒසී බාස්ට කෙලින්න. ඌ කියපි ඒසී එක දැන් හොඳයි එන්ජිමේ වෙන ලෙඩක් ඇත්තෙ කියල. පරණ කම්ප්‍රෙසර් එකත් ආයෙ හයි කරන්න පුලුවන් තත්වයක තිබුනෙ නෑ බාස ඒක ගලවපු නිසා:sorry:.

    වෙන දවසක ඒක හදා ගන්නම් කියල හිතල මම ගෙදර ගියා. මට ටික දවසක් යනකල් ඔය වැඩේට අතගහන්න අමතක උනා, වැඩ වැඩිනෙ ;-).

    ටික දවසකට පස්සෙ ටවුන් එකේ කඩයක් ගාව නවත්තලා ඒසී එහෙම දාල විනාඩි 10-20ක් වගෙ ඉඳල යන්න හදනකොටම වාහනේ නැවතුනා. ඩෑශ් බෝඩ් එකේ ලයිට් නිවෙනව පත්තු වෙනව එක කෙලියයි. ස්ටාට් කරන්න හැදුව මෝටරේ වදින්නෙත් නෑ. ස්ටියරින් එකත් තදවෙලා. මළ කෙලියයි කිව්වලු:baffled:

    මමයි වයිෆයි වාහනෙන් බැහැල කල්පනා කලා මොකද කරන්නෙ කියල. මම වයිෆව යැව්ව ත්‍රීවීල් එකක ගෙදර, මම වාහනේ හදන් එන්නන් කියල. මොන බාස්වද ගෙන්නනෙ කියල ෆොන් එකේ නම්බර් හොයන අතරෙ මට සැක හිතුන බැට්‍රිය බැහැලද කියල.

    මම වයිෆට කතා කරල කිව්ව ගෙදර තියෙන මගේ මල්ටිමීටරේ හොයාගෙන ආපහු එන්න කියල. මල්ටි මීටරේ කියන්නෙ මොකක්ද කියල වයිෆ්ට පැහැදිලි කරන්නත් සෑහෙන වෙලාවක් වලි කන්න උනා. ඔන්න කොහොම හරි මල්ටිමීටරෙන් බැටරිය චෙක් කලාම වෝල්ටේජ් එක 5V ලු.

    ඔන්න ඉතින් මම ගියා පරන බැටරියත් උස්සන් බැටරි කඩේකට. කොච්චර කල්ද බැටරිය අරගෙන කියල උන් ඇහුවම මම කිව්ව අවුරුදු 2ක් කිට්ටුයි කියල. එතකොට උන් කිව්ව බැටරිය සවුත්තුයි කියල. මොනව කරන්නද සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවල අලුත් බැටරියක් ගෙනාව.

    බැටරිය ගෙනත් හයි කරන්න බලනකොට ඒකෙ ටර්මිනල් තියෙන්නෙ වැරදි පැත්තට. කඩේ එකා හරියට බලන්නෙ නැතුව දීල තියෙන්නෙ. මම බැලුවෙත් නෑ. ඔන්න ආයෙත් බැටරිය උස්සන් ගියා කඩේට, ඌ හරි බැටරියක් දුන්නා.

    අලුත් බැටරිය ගෙනත් හයි කලාම වාහනේ ටොයියා වගේ ස්ටාට් උනා. ඒසී එකේ ලෙඩෙත් හරි වගෙ, ඌත් වැඩ.

    ඔන්න ඉතින මමත් සන්තෝසෙන් ආපහු ගෙදර ගියා.:sorry:

    ගෙදර ගිය මම කල්පනා කලේ පරණ බැටරිය සවුත්තු උනේ ඇයි කියල. කෝකටත් ඕල්ටර්නේටරේ චෙක් කරන්න ඕනෙ කියල මල්ටිමීටරේ ගහල බැලුව.

    එන්ජිම අයිඩිල් තියෙනකොට වෝල්ටෙජ් එක 12ක් වගෙ. එන්ජිම රේස් කරන කොට 13.5-14ක් වගෙ වෙනවා. කිරි අප්පට බල්ලො පැනපි.

    මම ආයෙත් වාහනේ අරන් ගියා ඕල්ටර්නේටර් විසේසක්නියෙක් වන මහරගම සුදු අයියා බාස් ගාවට. පොර ඕල්ටනේටරේ වැඩ නැතිය කියල ඒක ගලවල බලන්න ඕනෙ කිව්ව.

    ඔන්න ඉතින් සුදු අයියත් මාව හාවා කරල රීකන්ඩිශන් ඕල්ටනේටරයක් දැම්මා ලු. ඔක්කොම හරි දැන් කියල ඌ ගානත් කපලා මාව ගෙදර එව්වා කියමුකො. මගේ හිතට හරි නෑ වගේ. මොකද ඌ ඕල්ටනේටරේ චෙක් කලේ ඇමීටරයක් බැටරියට සෙට් කරල. ඒකෙ 0 තමයි පෙන්නුවෙ. විසේසක්න සුදු අයියා මට කිව්වෙ මීටරේ බින්දුව නම් වැඩේ හරි කියල.

    ගෙදර ඇවිත් මම ආයෙ මගේ මල්ටිමීටරේ ගහල චෙක් කලා. අන්තර් ජාලෙ විස්තර හෙව්වා.. ඕල්ටර්නේටරේ වැඩ නෑ කියල මට හොඳටම ෂුවර්.

    පහුවදා වාහනේ අරන් ගෙවල් ලඟ ගරාජ් එකකට ගියා. එතන ඉන්න බාස්ට කිව්වා මට ඕල්ටර්නේටරේ වැඩද කියල විතරක් හොයල කියන්න කියල.

    බාස 10 යතුරකුත් අරන් ආව. අරින්න කිව්ව බොනට් එක. වාහනේ ස්ටාට් කරන්න කිව්ව. රේස් කරන්න කිව්ව. මමත් එහෙම කලා. දැන් මූ කියනවා ඕල්ටර්නේටරේ එළට වැඩ කියල. මම ඇහුව කොහොමද චෙක් කලේ කියල. "මේ යතුර ඕල්ටනේටරේට ඇල්ලුවම මැග්නට් එක වැඩ" කියල ඌ කිව්වා.:shocked:

    ඊ ලඟට මම ගියේ වෙන ඕල්ටනේටර් විසේසක්නයෙක් ගාවට. ගිහින් මම කිව්ව මේකෙ ඕල්ටනේටරේ චෙක් කරන්න කියල. බුවා උගෙ මල්ටිමීටරේ ගහල හරි විදිහට චෙක් කලා. මගෙ හිතටත් ටිකක් හොඳයි වගෙ.:rolleyes:
    ඊට පස්සෙ ඌ කියපි ඕල්ටනේටරේ වැඩ නැහැ ගලවන්න ඕනෙ කියල. ඔන්න ඉතින් කොහොම හරි අලුතෙන් රීකන්ඩිශන් ඕල්ටනේටරයක් දාන තැනට වැඩ සිද්ද උනා කියමුකො.:sorry:

    දැන් රෑ 7ත් පහු වෙලා. ඕල්ටනේටරේ එලියෙදි චෙක් කරලම හයි කලා. හයි කරල චෙක් කරද්දි ඒසී දැම්මම ඕල්ටනේටරේ වැඩ නැතුව යනවා. ඒ කියන්නෙ වෝල්ටේජ් එක මදි බැටරිය චාජ් වෙන්න.

    දැන් මට තේරුනේ මීට කලින් වතාවලත් ඔල්ටනේටරේ චෙක් කලේ ඒසී දාල කියල. ඕල්ටනේටර් බුවා කිව්ව ඒසී අයිඩ්ල් අප් සර්කිට් එකේ ප්‍රශ්නයක් වෙන්න ඕනෙ ඒක සඳුදට බලමු කියල. අද සෙනසුරාදා හෙට වහලා කිව්වා.

    ගෙදර ආපු මම වාහනේ සර්විස් රෙපෙයාර් මැනුවල් හොයාගෙන මුල සිට අගටයි අග සිට මුලටයි කියෙව්ව. "ඒසී අයිඩ්ල් අප්" කියන්නෙ මොකක්ද ඒක තියෙන්නෙ කොහෙද කියල හෙව්වා. මැනුවල් එකේ ගොඩක් විස්තර තිබුනා. සර්කිට් එකක් නොවෙයි ඒක වෑල්ව් එකක්. ඒක පාලනය කරන්න ප්‍රධාන පරිගනකයෙන්. හැබැයි මේ වෑල්ව් එක වැඩද කියල චෙක් කරන්න මට මල්ටිමීටරෙන් පුලුවන් කියල විස්තරේ තිබුන. ඔන්න ඉරිද උදේ පාන්දරම පටන් ගත්ත මම.

    ඔය වෑල්ව් එක තියෙන්නෙ එයා ෆිල්ටරේට යටින්. ඒක ගලවල ඔය වෑල්ව් එකට එන ප්ලග් එක ගලවන්න හදනකොටම ඒක නිකන්ම ගැලවිල මගේ අතට ආව.:dull::shocked: ඒක තද කරාට පස්සෙ ඕල්ටනේටරේ නියම විදිහට වැඩ කරන්න පටන්ගත්තා.

    මේ ප්‍රශ්න ඔක්කොටම මුල එන්ජින් ටියුනප් එකේදී ඒසී අයිඩ්ල් කොන්ට්‍රෝල් වෑල්ව් එකට යන ප්ලග් එක හරියට තද කරලා නැති එක.

    මෙන්න ගිය වියදම්

    ටියුනප් - රු 8250
    ඒසී කම්ප්‍රෙසර් දැමීම - රු 15250
    බැටරිය - රු 9250
    ඕල්ටනේටරය 1 - 9700
    ඕල්ටනේටරය 2 - 8700

    මුලු වියදම රු 51600 + හිතේ අමාරුව

    ෴ සිද්ධි රස්‌තු ෴
     
    Last edited:

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    okkoma balsa ohoma tamai bn. wahan agenanam etaram danne na. but oita hapan bike wala ledak awama. un puluwannam mulu bike ekema parts aluthen dai chassie eka nathuwa. dn inna eunta ledak awama hadanna terenne na. un hadanne kohoma hari aluth kellak dala wede goda danna
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය වගේ මක බාසලට නම් හෙන ගහන්න ඕනේ බං... කොච්චර වැඩ තිබ්බත් ඔය ගැරේජ් බාස්ලට වගතුවක් නැත්තේ ඔය වගේ වැඩ කරන නිසා තමයි... :angry::angry:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    oka tahama ape wahane api gedarama weda tika karanne.. hemadama duwanawa.. eth awlak na.. maga kedenne na..

    thamanta hekiyawak tiyenawanam ewa karanna.. ewa thaniyen karaganin ban..
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    tread එක කියවල අපිට මෙච්චර හිතේ අමාරු නම් බොට කොහොම හිතේ අමාරු ඇද්ද :dull::dull::dull: කාටත් හොද පාඩම් මේව :yes::yes::yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මාදොල තියෙන එල් ජී මෝටර්ස් එකට බයික් එක දැම්මා සර්වීස් එකට, එතන කවුන්ටරේ හිටිය කෑල්ල දිහා බල බල අහන අහන එකට හරි මල්ලි හරි මල්ලි කිවුවා, බලද්දි අලුත් බයික් එකේ එන්ජින් ඔයිල් දාන්න තියෙන මූඩියේ ඉඳන් මේකා අලුත් කෑලි දාලා...:sorry::sorry:
     

    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    බාසලා ගොඩක් උන් කරන්නෙ අපේ වාහන වලින් ටෙස්ටින් කරන එක. උන් හිතාන ඉන්නෙ අපිට සල්ලි නිකන් තියන් ඉන්න බැරිව වාහන අරන් තියෙන්නෙ කියලා. ඒ නිසා උන් බලන්නෙ කොහොමහරි ගානක් කෙළවන්න. ගොඩක් දෙනෙක් අහන්නෙම නෑ ලෙඩේ හැදෙන්න කලින් වාහනේට මොකෑ කලේ කියලා. ලෙඩේ ඉතිහාසය හෙව්වොත් හරි ලේසියි ලෙඩේ ගොඩ දාන්න. හැබැයි බාස්ට පාඩුයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,298
    1
    57,338
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බාසලා ගොඩක් උන් කරන්නෙ අපේ වාහන වලින් ටෙස්ටින් කරන එක. උන් හිතාන ඉන්නෙ අපිට සල්ලි නිකන් තියන් ඉන්න බැරිව වාහන අරන් තියෙන්නෙ කියලා. ඒ නිසා උන් බලන්නෙ කොහොමහරි ගානක් කෙළවන්න. ගොඩක් දෙනෙක් අහන්නෙම නෑ ලෙඩේ හැදෙන්න කලින් වාහනේට මොකෑ කලේ කියලා. ලෙඩේ ඉතිහාසය හෙව්වොත් හරි ලේසියි ලෙඩේ ගොඩ දාන්න. හැබැයි බාස්ට පාඩුයි.

    හැම බාසම බැලුවෙ එන ජොබ් එකෙන් උපරිම ගාන කපන්න මිසක් වැඩේ හරියට කරන්න නෙමෙයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,298
    1
    57,338
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාදොල තියෙන එල් ජී මෝටර්ස් එකට බයික් එක දැම්මා සර්වීස් එකට, එතන කවුන්ටරේ හිටිය කෑල්ල දිහා බල බල අහන අහන එකට හරි මල්ලි හරි මල්ලි කිවුවා, බලද්දි අලුත් බයික් එකේ එන්ජින් ඔයිල් දාන්න තියෙන මූඩියේ ඉඳන් මේකා අලුත් කෑලි දාලා...:sorry::sorry:

    :sorry::dull:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,298
    1
    57,338
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    oka tahama ape wahane api gedarama weda tika karanne.. hemadama duwanawa.. eth awlak na.. maga kedenne na..

    thamanta hekiyawak tiyenawanam ewa karanna.. ewa thaniyen karaganin ban..

    එන්ජින් ටියුනප් එකක් තනියෙම කරන්න බයයි බන්. ඒත් ඉගෙනගත්තොත් නරකක් වෙන්නෙ නෑ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,298
    1
    57,338
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ අම්බෝ..
    ඔක්කොමත් හරි + හිතේ අමරුවනම් මටත් තේරුණා..:sorry:
    +Rep

    tread එක කියවල අපිට මෙච්චර හිතේ අමාරු නම් බොට කොහොම හිතේ අමාරු ඇද්ද :dull::dull::dull: කාටත් හොද පාඩම් මේව :yes::yes::yes:

    අ monawa karannada kollo..... hithe duka niwenne nti unath menna +9 k... ochcharai ituru wela tyenne ;)

    ඔක්කොමත් හරි හිතේ අමරුවනම් මටත් තේරුණා..:sorry:

    හිතේ අමාරුව වැඩි උනේ වාහනේ තිබුන ඔරිජිනල් ඒසී කම්ප්‍රෙසර් එකයි ඕල්ටනේටරෙයි නැති උන එකට.:(:(