ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු
Reply
 
Thread Tools
(#1)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 19,122
Join Date: Mar 2013
Location: EK Automobile
smile විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු - 11-02-2015, 10:19 PM

ගොඩ දවසකින් අලුත් ත්‍රෙඩ් එකක් පල කරන්න බැරි වුන නිසත්. කඩ වල රාක්ක පුරවලා තියන සීඑෆ්එල් බල්බ් ඉවර වෙන සීග්‍රතාවය දකින නිසත් මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනා.
තවමත් ගොඩක් ගෙවල්වල පාවිච්චි කරන්නේ සීඑෆ්එල් බල්බ්. ඒකට හේතු කීපයක්ම තියනවා. එකක් තමයි අඩු විදුලි පිරිමැස්ම ඒ වගේම වැඩි අායුකාලයක් තබිම, නියෝන් ආලෝකය ලැබිම වගේ දේවල්. ඒ වගේම පේමන්ට් එකේ බොහොම අඩුවට තියන සීඑෆ්එල් බල්බ් පාවිච්චි කරන පිරිසකුත් ඉන්නවා. ඔය බල්බ් වල කියපු වාසි වලට වඩා අවාසි වැඩි බව මේ වෙනකොටත් ඔයාලා දන්නවා ඇතිනේ. ලොකුම අවාසිය තමයි පරිසරයට සිද්ධ වෙන්නේ. සමහරුන්ට නම් පරිසරයට කෙල වෙලා ගියත් කමන්නෑනේ. ඒක් අපේ ශරිරවලට පවා සීඑෆ්එල් බල්බ් එච්චර හොද දෙයක් නම් නෙවෙයි. ඇයි සාක්කුවට. ඉතිං ඕකට විකල්පයක් විදිහට කරන්ට් එක අමු අමුවේ ගිලලා දාන පරණ සූත්‍රිකා බල්බ් පාවිච්චි කරනවද?

නැත මිත්‍රවරුනි නැත.

එහෙනම් මොකද්ද තියන විසදුම කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. විසදුම තමයි එල්ඊඩි.
පොදුවේ එල්ඊඩි බල්බ් වල මිනිස්සු දකින අවාසි මොනවද? ඇයි ඔයාලා එල්ඊඩි බල්බ් පාවිච්චි කරන්නේ නැත්තේ කියලා ඇහුවොත් මිනිස්සු කියන්නේ ඉක්මනින් දැවීයාම, මිල අධිකබව, ආලෝකය මද බව වගේ කතන්දර.

අද මම කියන්න යන්නේ ඔන්න ඔය ගැටලු මග ඇරගෙන කවදාවත් විසි කරන්නේ නැතුව හැමදාම එකම බල්බ් එකක් පාවිච්චි කරන විදිහ. මේක කරුණු කිපයක් යටතේ විස්තර කරන්නම්කෝ. එතකොට තෙරනේ විස්තරේ හොදට පැහැදිලි වෙයි.

1) බ්‍රෑන්ඩඩ් බල්බ් ගන්න එපා. ඒවා තමයි අස්ප ගනං. $$$$
දැන් උඹලා හිතනවා ඇතිනේ, එහෙනම් පේමන්ට් එකෙන් බල්බ් එකක් ගන්නද ටොමා මේ කියන්නේ කියලා. නෑත මිත්‍ර වරුනි. ඒකට තියන හොදම විසදුම තමයි බල්බ් එක ඇසෙම්බල් කර ගන්න එක.

දැන් උඹලා කියයි ඉතිං අපිට ඉලෙක්ට්‍රොනික් දැනුමක් නෑනේ කියලා. මේ වැඩේට එහෙම දැනුමක් ඕනි නෑ. බල්බ් වල +, - බලලා පාස්ස ගන්න පුලුවන් මුලු බල්බ් එකම හාදාගන්න ඕනි නම් ඊයං ඩොට් 20 ක් තියන්න වෙයි.

ඔය රූප වල පේනවා නේද ලස්සනට +,- ගහලා තියන්නේ. බල්බ් එකේ එක පැත්තක පාදයේ මුල ඍණ අග්‍රය ලකුණු කරලා තියන නිසා අදුන ගන්න ලේසී. සමහර ඒවගේ නම් +,- දෙකම ලකුණු කරලා තියනවා.

බල්බ් ටික පාස්සලා අමු අමුවේ ලැබෙන සර්කිට් එක පාස්ස ගන්න විතරයි තියන්නේ. ඔය සර්කිට් එකෙත් +, - අදුන ගන්න රතු හා කළු පාට වයර් තියනවා. ඒවා අර රව්මේ මැද තියන +,- මාක් කරපු තැන් වලට පාස්ස ගන්න විතරයි තියන්නේ.


2) ඉක්මනින් දැවී යනවද?
ඔන්න ඊලග ප්‍රශ්නේ. ගොඩක් අය කියනවා එල්ඊඩි බල්බ් ඉක්මනට පිච්චිලා යනවා කියලා. ඒකට හේතු තමයි මේවා.
සාමාන්‍ය එල්ඊඩී සිය ගානක් දාලා හදන බල්බ් වල එක බල්බ් එකක් පිච්චුනත් බල්බ් එකම හෝ ඒකේ පැත්තක් වැඩ නැතුව යනවා. ඒ නිසා මේ රූපේ තියනව වගේ බල්බ් ගන්න හෝ හදන්න මහන්සි වෙන්න එපා.

එස්එම්ඩී තියන බල්බ් ඉක්මනින් පිච්චිලා යනවා. ඒ වගේම වෙන වෙනම බල්බ් රීප්ලේස් කරන්නත් අමාරුයි ඒ නිසා එස්එම්ඩි ගන්නත් එපා. මේ පහල තියන්නේ ඒවා තමයි. මේවා මිල නම් අඩුයි. නමුත් ගන්න එපා.


එහෙනම් මොනවද ගන්නේ කියලා ප්‍රශ්නයක් හිතට එනවා නේද? ගන්න ඕනේ 1w led දාලා හදපු මෙන්න මේ වගේ බල්බ්.


දැන් සමහරු හිතනවා ඇති අපේ ගෙදර මෙයින් එකකුත් පිච්චුනානේ කියලා. ඒකට හේතුව තමයි අවිධිමත්ව බල්බ් එක ඇසෙම්බල් කර තිබීම හෝ පරිපථයේ දෝශ. ඔය අවිධිමත් ඇසෙම්බල් කිරීම කිව්වේ බල්බ් පාස්න කාරනයක්. අපි එල්ඊඩී බල්බ් පාස්සනකොට හීට් සිංක් කම්පව්න් කියන මෙන්න මේ ක්‍රීම් එකෙන් ඉතාම සුලු ප්‍රමාණයක් බල්බ් එකේ යට පැත්තේ තියලා පාස්සන්න ඕනේ.

ඕවා හීට් සිංක් එකයි, බල්බ් ඕක්කොම හයි කරන ප්ලේට් එකයි අතරත් ගාන්න ඕනේ.

ඒවගේම බල්බ් එකයි මතුපිටයි අතර හොදින් ස්පර්ශ වෙන විදිහට බල්බ් එක තද කරලා පාස්සන්න ඕනේ. එතකොට හීට් සිංක් එකට හොදට තාපය උරාගන්න නිසා බල්බ් එක රත් වෙලා පිච්චෙන්නෙ නෑ.

3) එලිය මදි කම.
මේ ගැටලුව ඇති වෙන්නේ ගොඩක් වෙලාවට එස්එම්ඩී වල. ඒ නිසා උඩ විස්තර කරා වගේ 1w led පාවිච්චි කරන්න. ඒ විතරක් නෙවෙයි ලාබෙට තියන ලුමිනස් (දීප්තිය) එක අඩු 1w led ගන්නෙ නැතුව ලුමිනස් එක වැඩි හොද බල්බ් එකක් තෝරලා ගන්න.
දැන් ඔය ඔක්කොම හරි කියමුකෝ. දැන් තියන ප්‍රශ්නේ තමයි කොහොමද එක බල්බ් එකක් අව්රුදු බර ගානක් පාවිච්චි කරන්නේ කියන එක. හරි විදිහට පාස්සපු බල්බ් එකක ආයුකාලය සීඑෆ්එල් එකකට සාපේක්ෂව ඉතාමත් වැඩී. ඒ නිසා ගේක පාවිච්චියේදී අව්රුදු 10 ක් වත් බල්බ් ටික ඔරොත්තු දෙයි. ඊට පස්සේ බල්බ් ටිකට කෙල වෙලා ගියත් මොකද. අලුත් බල්බ් ටිකක් අරං පාස්සනවා. ඒකට ඕනි නම් රුපියල් 100 ක් 150 ක් විතර යයි. (7w සදහා)

ඊලග ගැටලුව තමයි සර්කිට් එකේ එන්න පුලුවන් දෝශ. ගොඩක් වෙලාවට සර්කිට් එකේ කෙල වෙන්නේ කැපැසිටර් තමයි. එහෙම වුනොත් ඒ වෙනුවට අලුත් කැපැසිටර් එකක් හරියට +,- බලලා පාස්ස ගන්න විතරයි තියන්නේ. ඒකට ඕනි නම් රුපියල් 15 ක් යයි.

එල්ඊඩීබල්බ් අනිත් බල්බ් එක්ක සන්සන්දනාත්මකව බලද්දි මෙන්න මේ වගේ වාසි දකින්න පුලුවන්.


Reply With Quote
(#2)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 25,165
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
11-02-2015, 10:20 PM

එල එල පට්ට ත්‍රෙඩ්. ආසයි බන් හදන්න වෙලාවක් නැහැ මොන මගුලකටවත්
Reply With Quote
(#3)
Old
SAC911's Avatar
SAC911 SAC911 is offline
Senior Member
SAC911 is a glorious beacon of lightSAC911 is a glorious beacon of lightSAC911 is a glorious beacon of lightSAC911 is a glorious beacon of lightSAC911 is a glorious beacon of lightSAC911 is a glorious beacon of lightSAC911 is a glorious beacon of lightSAC911 is a glorious beacon of lightSAC911 is a glorious beacon of lightSAC911 is a glorious beacon of lightSAC911 is a glorious beacon of light
 
Posts: 2,026
Join Date: May 2011
Location: Kandy
Send a message via Skype™ to SAC911
11-02-2015, 10:21 PM

Bumo
Reply With Quote
(#4)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 19,122
Join Date: Mar 2013
Location: EK Automobile
11-02-2015, 10:22 PM

Quote:
Originally Posted by maxboysl View Post
එල එල පට්ට ත්‍රෙඩ්. ආසයි බන් හදන්න වෙලාවක් නැහැ මොන මගුලකටවත්
මම අව්රුදු 2.5 කට විතර කලින් ගෙදරටම හදලා දැම්මා මචං. තාම කිසි අව්ලක් නෑ. පිටකොටුවෙන් බඩු ටික ගත්තනම් ලාබයි.
Reply With Quote
(#5)
Old
nimesha95's Avatar
nimesha95 nimesha95 is online now
Senior Member
nimesha95 is just really nicenimesha95 is just really nicenimesha95 is just really nicenimesha95 is just really nicenimesha95 is just really nicenimesha95 is just really nicenimesha95 is just really nice
 
Posts: 1,279
Join Date: Feb 2009
Location: undisclosed location
11-02-2015, 10:23 PM

tfs machan, ape gedarath led thamai, pitakotuwen genath passala damma,
Reply With Quote
(#6)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 19,122
Join Date: Mar 2013
Location: EK Automobile
11-02-2015, 10:24 PM

Quote:
Originally Posted by nimesha95 View Post
tfs machan, ape gedarath led thamai, pitakotuwen genath passala damma,
එල එල මාත් කරේ එහෙම තමයි.
Reply With Quote
(#7)
Old
hiphoprock's Avatar
hiphoprock hiphoprock is offline
Senior Member
hiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to behold
 
Posts: 12,328
Join Date: Oct 2008
Location: Gampaha
11-02-2015, 10:26 PM

එල එල
Reply With Quote
(#8)
Old
richlife's Avatar
richlife richlife is offline
Senior Member
richlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud of
 
Posts: 13,287
Join Date: Oct 2012
Location: වැලිවේරිය...
11-02-2015, 10:27 PM

හප්පේ සෑහෙන දවසකින් දැක්කේ...
Reply With Quote
(#9)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 19,122
Join Date: Mar 2013
Location: EK Automobile
11-02-2015, 10:29 PM

Quote:
Originally Posted by richlife View Post
හප්පේ සෑහෙන දවසකින් දැක්කේ...
එලකිරි නම් එනවා මල්ලි. ත්‍රෙඩ් එකක් දැම්මේ ගොඩ දවසකින්.
Reply With Quote
(#10)
Old
මම බෙනා's Avatar
මම බෙනා මම බෙනා is offline
Senior Member
මම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to all
 
Posts: 5,859
Join Date: Sep 2012
Location: ලංකාවේ
11-02-2015, 10:30 PM

එල මචෝ..පට්ට..රෙප්
Reply With Quote
Reply

Bookmarks

Tags
අපි led දාමු, බල්බ් හදමු, බිල අඩු කරමු, ලෙඩ නැති එල්ඊඩී, bulb, cfl එපා, led, nb dia, rukaef

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06093 seconds with 9 queries