අස්ථි පද්ධතිය - 2 කොටස

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අස්ථි පද්ධතිය - 2 කොටස

    හරි කලින් thread එකේ අස්ථි පාඩමේ මුල් ටික කියලා දුන්න මතක ඇතිනේ. ඒක බලන්න බැරි උන කට්ටිය අස්ථි පද්ධතිය 1 ගිහින් බලලා එන්නකෝ.

    කලින් එකේ මම මුලින් කිව්ව ආක්ෂක සැකිල්ල හා ගාත්‍රා සැකිල්ල කියන්නෙ මොකක්ද කියලා ඒකෙනුත් ආක්ෂක සැකිල්ලෙ හිස්කබල කොටස පැහැදිලි කරා. ඉතින් අද ඒකෙ ඉතිරි කොටසක් වන කෂේරුව ගැන තමයි කියන්න යන්නෙ.




    කෂේරුව (Vertebrum)



    මොකක්ද මේ කෂේරුව කියන්නෙ? :confused:
    කොන්ද කියල කියන්නෙ සාමාන්‍යයෙන් අන්න ඒක.
    එතකොට මොකක්ද කෂේරුකාවක් කියල කියන්නෙ ?
    සමහරු නම් හිතන් ඉන්නෙ ඔය වචන දෙකම එකක් කියලා.:shocked:

    මේ යට ඉන්න පොරව දන්න අය ඇතිනේ මේකෙ ;)


    download.jpg


    හරි ඒකෙන් කමක් නෑ.

    images


    ඔන්න ඕකට තමයි කෂේරුව (කොන්ද) කියන්නේ.
    කොන්ද කියන්න් තනි අස්ථියක් නෙවෙයි අස්ථි 33කින් :yes::yes:තමයි කෂේරුව (කොන්ද) හැදිලා තියෙන්නෙ.


    පහල තියන පින්තූරෙ බැලුවොත් තවත් පැහැදිලි වෙයි.

    normalspine.gif




    ග්‍රයිවී කෂේරුකා කියන්නෙ බෙල්ල ආශ්‍රිතව තියන කෂේරුකා ඒව 7ක් තියනවා,
    උරස් කෂේරුකා කියන්නේ පපුව ආශ්‍රිතව තියන කෂේරුකා, ඒව 12ක් තියනවා.
    කටී කියන්නෙ ඉඟ ආශිතව තියන කෂේරුකා ඒවා 5යි,
    අන්තිමට තියන ත්‍රිකාස්තිය සහ අනුත්‍රිකාස්තිය තියෙන්නෙ උකුල ආශිතව.


    මෙතන ග්‍රයිවී,උරස් සහ කටී ප්‍රදේශ ආශ්‍රිතව තියන කශේරුකා එකිනෙක වෙන්ව තමයි තියෙන්නෙ. නමුත් ත්‍රිකාස්තියේ සහ අනුත්‍රිකාස්තියේ තියන කෂේරුකා සංයුත්ත වෙලා තමයි තියෙන්නෙ.
    රූපය බැලුවාම හොදට පැහැදිලිව ඒක බලා ගන්න පුලුවන්.


    එතකොට මේ
    ග්‍රයිවී,උරස් සහ කටී ප්‍රදේශවල තියන කෂේරුකා එකක් මත එකක් තමයි පිහිටලා තියෙන්නෙ,
    නමුත් වරදවා වටහාගන්න එපා
    ඒ සෑම කෂේරුකා 2ක් අතරම disc එක බැගින් තියනවා.
    මේ disc එක ජෙලටිනීමයයි. ඒ කියන්නෙ ජෙල් වගේ. :D
    ඒ disc එකෙන් තමයි කෂේරුකා 2ක් එකට ගැටීමෙන් වලක්වාගන්නෙ සහ කොන්දේ නම්‍යශීලීතාවට ලොකු හේතුවක් වෙන්නෙත් ඒ disc එකම තමයි.

    195c4adedabeb9f2ab8bf01e97a07c1b.500x489x1.jpg




    ගොඩක් අය අහල ඇති ඔය disc/plate එක පනිනවා කියලා,
    එහෙම වෙන්නෙ නියමාකාර ඉරියව්වෙන් නොසිට අධික බරක් එසෙව්වාම තමයි.
    එතකොට වෙන්නෙ ඔය disc එකේ තියන ජෙලය වටකරගෙන හිටපු පටකය පුපුරල ජෙල් එක එලියට පනින එක තමයි. :sorry::sorry:
    ජෙල් එක් එලියට පනින්නෙත් ගොඩාක් වෙලාවට කෂේරුවේ පසුපසින්
    ඒ කියන්නෙ ඉහල තියන රූපය බැලුවම ඔයාලට තේරෙයි කෙලින්ම සුෂුම්නාව (spinal cord) සහ සුෂුම්නා ස්නායු (spinal nerves) තෙමයි තෙරපෙන්නෙ.:shocked::shocked: එතකොට බුදු ගණන්


    මේ වෙලාවෙම බලාගන්නකෝ හරියට බරක් උස්සන හැටි

    Posture_4.jpg


    බරක් උස්සන් කොට කොන්ද නවන්නැතුව, දණහිස් නවල තමයි හරි විදියට නම් බරක් උස්සන්නෙ.


    32.jpg




    සමහරු හිතන් ඉන්නෙවනේ "මගෙ නම් කොන්ද කෙලින් කාටවත් නැවෙන එකෙක් නෙවෙයි මම"
    එහෙම හිතුවට අපි හැමෝගෙම වගේ කොන්ද කෙලින් නෙවෙයි තියෙන්නෙ.
    කෂේරුවේ වක්‍ර 4ක්ම තියනවා.


    4_spinal_curvew_adam.jpg



    පූර්ව දෙසින් බැලුවම මෙ වක්‍ර 4න්
    ග්‍රයිවී සහ කටී වක්‍ර උත්තලයි,
    උරස් සහ ත්‍රිකාස්තික වක්‍ර අවතලයි.
    හැබැයි මේ වක්‍ර 4න් අපි උපදිනකොට තියෙන්නෙ උරස් සහ ත්‍රිකාස්තික වක්‍ර 2 විතරයි.


    ඒ කියන්නෙ මේ වගේ

    baby%20spine.jpg



    ඉපදිලා මාස 3ක් විතර වෙනකොට ග්‍රයිවී වක්‍රය ඇතිවෙනවා.
    එතකොට තමයි දරුවට හිස කෙලින් තබාගන්න පුලුවන් වෙන්නෙ.


    a914c0_8384b9e95d424f879f23c88dde372632.jpg_srz_p_291_183_75_22_0.50_1.20_0.00_jpg_srz



    ඉපදිලා මාස 7ක් 8ක් වෙනකොට කටී වක්‍රයත් ඇතිවෙනවා දරුවට කඳ කොටස කෙලින් තබා ගන්න පුලුවන් එතකොට.

    a914c0_4bb7cefbecff4934a7cc409fbdaccf79.jpg_srz_p_323_193_75_22_0.50_1.20_0.00_jpg_srz



    මේන්න බලන්න වෙලා තියන වෙනස

    spinal_curvature.jpg



    ඔන්න ඔහොමලු කතන්දරේ. දැන් අපිට මොකටද මේ කෂේරුවක් ?:confused:


    1.මිනිසාට ඍජුව ඉන්න මේක අත්‍යවශ්‍යයි.
    2.සුෂුම්නාව ගමන් කරන මාර්ගය තියෙන්නෙ මේක ඇතුලේ.
    3.සුෂුම්නාව ආරක්ෂා කරන්න.
    4.දේහයේ චලන සිදුකරන්න. නැවෙන්න, දිගහැරෙන්නෙ , කැරකෙන්න, ඔය වගේ එක එක මගුල් නටන්න.
    5.කම්පන හා තිගැස්සුම් අවශෝෂණය කරන්න. අර කෂේරුකා අතර තියන disc එක නිකන් shock absorber එකක් වගේ තමයි.



    ඉතිරිය පසුවට, මතු සම්බන්ධයි :yes::D
     

    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    මේ වගේ Thread එකකින් අපේ ශරිරය ගොඩනැගිලා තියෙන ආකාරය පැහැඳිලි කරලා දුන්නට ගොඩක් ස්තුතියි...... මේ දේවල් කියවනකොට  දැනෙන්නෙ අපේ ශරිරය කියන්නෙ පුදුමාකාර නිර්මානයක් කියලයි......... ඒකෙ වටිනාකම ගොඩක් අය, හරියට තේරුම් අරන් නෑ නේද.........
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මේ වගේ Thread එකකින් අපේ ශරිරය ගොඩනැගිලා තියෙන ආකාරය පැහැඳිලි කරලා දුන්නට ගොඩක් ස්තුතියි...... මේ දේවල් කියවනකොට  දැනෙන්නෙ අපේ ශරිරය කියන්නෙ පුදුමාකාර නිර්මානයක් කියලයි......... ඒකෙ වටිනාකම ගොඩක් අය, හරියට තේරුම් අරන් නෑ නේද.........

    තව ගොඩාක් දේවල් තියනව සහෝ අපිට හිතාගන්නවත් බැරි තරම් පුදුම විදියට ක්‍රියාකරන්නේ මේ ශරීරය. :)